ඉස්සර ඉස්කෝලෙදි අපි රචනා ලියනව 'මට ලොතරැයියක් ඇදුනොත්' කියල. එහෙම නැත්තන් මම 'කෝටිපතියෙක් උනොත්' කියල. ඉතින් අපි රචනාවට ලියන්නෙ ඔය ලොකු ගෙයක් හදන හැටි, කාර් එකක් ගන්න හැටි ( ඒ දවස් වල දන්න ගණන් ම කාර් ජාතිය බෙන්ස්) ඕව තමයි. ඒ දවස් වල ඉතින් ඉන්ටනෙට්, iPhone, iPad තියා මම හිතන්නෙ අපේ ගෙදර ලැන්ඩ් ෆෝන් එකක් වත් තිබ්බෙ නෑ. ඒක නිසා අපේ සිහින බලාපොරොත්තු සසිරි බර මෙසිරි ලකේ වර්ග කිලෝමීටර් 65000 ඇතුලට සීමා උනා. හැබැයි දැන් ඉතින් ලොකු වෙලා, ගොඩක් දේවල් අහලා, දැකලා, කියවලා, රට රටවල් වල ඇවිදලා ඒ මදිවට ලෝකෙත් දියුණු වෙලා එක යායක් වෙලා තියෙන මේ කාලෙ, එක දවසක් හවස් වරුවක බකන් නිලා ගෙන ඉන්න වෙලාවක මට හිතුන අර පොඩි කාලෙ ලියපු රචනාව දැන් ලිව්වොත් මොනව ලියයි ද කියල (දැන් ඉතින් හිතන්න එපා මූට මේවගේ ඒවද හවස් වෙද්දි හිතෙන්නෙ කියල. උපන් රටෙන් හැතැක්ම දාස් ගානක් දුර රටක තට්ට තනියම ඉද්දි ඉතින් ඔය වගේ මෝල් අයිඩියා තමයි ඔලුවට එන්නෙ).
පටන් ගන්න කලින් මට තේරුන එක දෙයක් තමයි, දැන් කාලෙ තියෙන ඉස්තරම් සැප සම්පත් විදින්න කෝටියක් කොහෙත්ම මදි කියන එක. ඒක නිසා මාතෘකාව 'මම බිලියන පතියෙක් උනොත්'. එකත් රුපියල් එහෙම නෙවෙයි, අන්කල් සෑම්ගෙ ඩොලර් හරි එලිසබත් ආච්චිගෙ පවුම් වලින් හරි.

මම බිලියනපතියෙක් උනොත් මුලින් කරන්නෙ ඉන්න තැනක් ගොඩ දාගන්න එකය. සුද්දගෙ රටේ ඉන්න එකේ ඔන්න ඔහෙ ලන්ඩනයේ One Hyde Park හරියෙන් penthouse ෆ්ලැට් එකක් ගන්නවාය. මේ හරියෙ ෆ්ලැට් එකක් සාමාන්යෙන් පවුම් මිලියන 20 ක් විතර වෙන නමුත් ගිය අවුරුද්දෙ නං එක ෆ්ලැට් එකක් පවුම් මිලියන 120 කට ද විකිනිලා තිබ්බේය.
මේ තියෙන්නෙ ඔය කියන හරියෙ ගුවන් චායාරූපයක්ය. ටිකක් ගස් කොලන් තිබ්බට මොකද නගරෙ මැද්දෙ තියෙන නිසා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ඔතන හරියන්නෙ නැත. නිවාඩුවට ගිහිල්ල ඉන්ඩ මටම කියා පුද්ගලික දූපතක් ගන්නවාය. ඔය ග්රීසිය පැත්තෙන් යුරෝ මිලියන 5 ක් - 6 ක් වියදන් කරාම අක්කර 25 - 30 ක දූපතක් ගතහැකිය. සමහර එව්ව එක්කර සීයටත් එහාය. ඕව ගැන වැඩිදුර විස්තර මේ වගේ සයිට් එකකින් ගන්න පුළුවන් නිසා තැන තැන ඇවිද ඇවිද බ්රෝකර්ලාගේ ගැට වලට අහු වේවි ලත වෙන්නට ඕනෑ නැත. දූපත් කොහොමත් තියෙන්නේ ඩොටේය. ඒක නිසා ඒවාට යන්ඩ මටම කියා ප්රයිවට් ජෙට් එකක් ගන්ඩ වෙනවාය. දූපතේ රන්වේ එකක් හැදුවොත් ඒක ටිකක් කචල්ය. ඒක නිසා ප්රයිවට් ජෙට් එකෙන් දූපත ලඟම තියෙන එයාපොර්ට් එකට ගිහින්, එතනින් දූපතට යන්ඩ yacht එකක් ගන්නවාය. ලෝකේ හැම දෙයක් ම අලුත් වෙන එකේ පරණ රුවල් නැව් වල කොල්ලකන මුහුදු කොල්ලකරයින්ට දැන් තැනක් නැත. දැන් ඉන්න එවුන්ට ඇත්තේ yachts ය. මටත් අලුත් වෙන්නට කාලේ හරිය. දැන් ඊට පස්සෙ ගෙදර ඉඳන් එයාපොර්ට් එකටයි, ඊළඟට එයාපොර්ට් එකේ ඉඳන් yacht එකටයි පයින් යන්ඩ බැරිය. කාර් දෙකක්වත් අඩුම ගානෙ ඕනෑය. කාර් කියලත් නිකම්ම කොරොල්ල අරන් බැරිය. මම හිතාන ඉන්නේ Rolls - Royce Phantom එකක් ගන්ටය. අනිත් කාර් එක වශයෙන් Bugatti Veyron එකක්වත් ගන්ට ඕනෑය. දැන් ගෙදරත් හරිය. ගමනාගමන ප්රශ්නෙත් හරිය.අඩු ගෙදරට බල්ලෙක් විතරය. දැන් ඉතින් බිලියන පතියෙක් උනාම ඔය ඔය එක එක බල්ලො ගෙනත් ගෙදර තියාගෙන බැරිය. එකට හරියන්නෙ මේ වගේ බල්ලෙක්ය.

මුට කියන්නේ Tibetan Mastiff ය. පොඩි එකෙක් පවුම් 850 - 1000 විතර වෙනවාය. මාස 11 ක් වයස එකෙක් නම් ලඟදි පවුම් 950,000 කට වෙන්දේසි වෙලා තිබ්බාය..
බිලියන පතියෙක් උනාම ස්ටේටස් එක මේන්ටේන් කරන්ඩ ඕනෑය. ඒකට ඔය ගොල්ෆ් වගේ පොෂ් ගේමක් ඉගෙන ගන්ට යන්ඩ ඕනෑය. හැබැයි මට නම් ඔය ගොල්ෆ් පෙන්නන්ඩ බැරිය. බෝලයක් හිලකට දාගන්ඩ මොකට ඔච්චර නහිනවාදැයි මට නම් හිතා ගන්නට බැරිය. තව සමාජ සේවයද කරන්නට ඕනේය. ඔය දකුණු අත දෙන දේ වම් අතට නොදැනෙන්නට දුන්නේ ඉස්සර කාලයේය (මම කියන්නේ දානය හෙවත් දීම ගැනය). පොෂ් වෙනකොට එහෙම බැරිය. එතකොට දෙනකොට අඬබෙර ගහල, ටී.වී, රේඩියෝ වලට කියල දෙන්නට ඕනෑය. දැන් රචනාව ඇති වගේය. මම කඩේ යන්ට ඕනෑය. ගේ හරියේ කන්න දෙයක් නැත. පාන් ගෙඩියක් වත් ගේන්ඩ ඕනෑය. එන ගමන් බැංකුවටත් යායුතුය. අද ගෙවල් කුලී ගෙවන්ටත් ඕනෑය.........

sources: Flat photos: http://www.dailymail.co.uk/news/article-1301918/The-140m-flat-World-record-price-Central-London-penthouse.html
http://urove.net/cata.html
http://dogpicturesonline.blogspot.com/2011/02/tibetan-mastiff-dog-breeds-images.html