Monday 14 October 2013

ෆින් මැක්කූල් සහ තවත් ගල් කතාවක්!

මතකද එක පාරක් සල්ලි දීල ගල් බලන්න ගියපු හැටි ගැන ලිව්ව? ඒක බලල නැත්තං මෙතනින් ගිහින් බලන්න. ඒ වගේ පාප මිත්‍රයොං ගෙන් මට ඉතින් අඩුවක් නෑනෙ. ඒක නිසා ඔන්න තව පාරක් සල්ලි දීල ගල් බලන්න යන්න සෙට් උනා. කලින් පාර වගේ මේ ලඟ පාත තියෙන ගල් එහෙම නෙවේ, ප්ලේන් එකේ හරි, ෆෙරී එකේ හරි නැගල මූදෙන් එහා ගිහින් බලන්න වෙන ගල්! හැබැයි ඒ ටික දැක්කම නං හිතුන මේ දුර ගෙවාගෙන ආපු එක වටිනව කියල.


මේ ටයිල් අල්ලල වගේ තියෙන ගල් තියෙන්න උතුරු අයර්ලන්තෙ, Giant's Causeway කියන මුහුදු වෙරලෙ. මේ නිර්මානය කරපු ගල් වඩුව තමයි, ස්වභාවධර්මය. නමුත් මේ නම වැටෙන්න හේතු උනු, ඒ වගේම අයර්ලන්ත වැසියන් අතර ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තියෙනව. ඒ ජනප්‍රවාදයට අනුව මේ ගල් නිර්මානය කරල තියෙන්නෙ අතීතයෙ හිටපු ෆින් මැක්කූල් කියන යෝධයා විසින්. මේ ෆින් මැක්කූල් දවසක් ඒ කාලෙ ස්කොට්ලන්තයෙ හිටපු බෙනැන්ඩොනර් කියන යෝධය ගෙන් ගේම ඉල්ලුවලු. ඉල්ලුව විතරක් නෙවේ, වලියට බෙනැන්ඩොනර්ට අයර්ලන්තයට එන්න පුලුවන් වෙන්න මේ විදිහට ගල් කුලුණු බස්සල පාලමකුත් හදල දුන්නලු. ( හරියට අර හනුමා ඉන්දියාවෙ ඉඳන් ලංකාවට එන්න හදපු පාලම වගේ).




කොහොම හරි ඉතින් ඔහොම් හදපු පාලම් දිගේ දවසක් බෙනැන්ඩොනර් ඇවිත් වලියට. මිනිහ එනව දැක්කම තමා ෆින් මැක් කූල් ගෙ බොක්ක කූල් වෙලා තියෙන්නෙ. මොකද මේ බෙන් කාරය මැක් කූල්ට වඩා සෑහෙන විසාල ලු. ඉතින් මැක් කූල් කාරය බයේ දුවල ගිහින් හැන්ගිලා. මැක් කූල් ගෙ වයිෆ් මේක දැකල බැලුවලු මේ මොන විකාරයක් ද කියල. මොනව උනත් ඉතින් තමන්ගෙ මිනිහනෙ. ඒ වෙලාවෙ ඉතින් මැක් කූල් ගෙ නෝනගෙ හැඳි මිටේ නුවණට මරු අදහසක් ඇවිත්! (ගොඩක් දිග මිටක් වෙන්ටැති ).නෝන කරල තියෙන්නෙ මැක් කූල්ව බබෙක් වගේ අන්දල නලව නලව හිටියලු. ඉතින් බෙන් ඇවිත් ගෙදරට කඩා වැදිල කෝ මැක් කූල් කියල ඇහුවම, නෝන ඊට හයියෙන් ඇඟට කඩා පැනල කිව්වලු " මිනිහ ගෙදර නෑ මට මේ ළමය නලව ගන්න දීල පව් නොදී යනව කියල". එතකොට බෙන් දැක්කලු ළමයගෙ සයිස් එක. පොඩි එකා මේ වගේ නං, තාත්ත කොයි සයිස් ඇතිද කියල හිතපු බෙන් පණ එපා කියල ආයෙම ස්කොට්ලන්තෙටම පැනල දිව්වලු. යන ගමන් මැක් කූල් හදපු පාලමත් කඩා දාමින් තමයි දුවල තියෙන්නෙ. අදටත් ස්කොට්ලන්තෙ වෙරල අයිනෙ දුපතක මේ වගේම පාෂාණ පිහිටීමක් තියෙනව.ඒ විතරක් නෙවේ, දුවද්දි කලබලේට බෙන් ගෙ එක සපත්තුවකුත් ගැලවිලා. මේ තියෙන්නෙ ඒ සපත්තුව. ඕකෙ ෆොටෝ එකක් ගන්න බැරි උන නිසා ගුගලෙන් හොයල තමා දැම්මෙ.

http://en.wikipedia.org/wiki/File:Giants_boot_Dec2004_SeanMcClean.jpg
ජනප්‍රවාදයේ ඔහොම සඳහන් උනත් භූ  විද්‍යාඥයො කියන්නෙ වෙනම කතාවක්. මීට අවුරුදු මිලියන හැටකට විතර කලින් මේ ප්‍රදේශය හරහා ගලාගෙන ගියපු ලාවා ප්‍රවාහයක් හදිසියේ ඝනීභවනය වීම නිසා ඇති උන බැසෝල්ට් කුළුණු විදිහට තමා මෙව්වා හඳුන් වන්නෙ. මැටි පස් තියෙන තැන් වල පායන කාලෙට පොලොව ඉරි තලල යනව දැකල ඇති. මේකත් ඒ වගේම ඉරි තැලීම් වලින් නිර්මාණය උණු පාෂාණ පිහිටීමක්.

උතුරු අයර්ලන්තයේ මේ වගේ ස්වභාවධර්මයෙන් නිර්මාණය වෙච්ච නිර්මාණ වගේම, මිනිසුන් අතින් වෙච්ච් නිර්මාණත් සෑහෙන්න බලන්න තියෙනව. වැඩියම තියෙන්නේ නටබුන් වුනු  බලකොටු, වරායවල් වගේ දේවල්. හොඳකට තියෙන්නෙ මේ ඔක්කොම තියෙන්නෙ Causeway Coastal Route කියල හඳුන්වන, බෙල්ෆාස්ට් නගරයෙන් පටන් අරන් ලන්ඩන්ඩෙරි වෙනකල් දිවෙන මුහුද අයිනෙන් වැටුන පාර දිගේ. ඒ පාරේ හැම සංචාරක ආකර්ෂණයක් ඉස්සරහම මේ වගේ පුවරුවක් සවි කරලා තියෙනව.



එතනට වෙනකල් පහු කරගෙන ආපු ආකර්ශනත්, ඉස්සරහට තියෙන එව්වත් මේ පුවරු වල සඳහන් කරලා තියෙනව හරියට උමං දුම්රිය සිතියමක් වගේ. කලින් කිව්වා වගේ මාර්ගය දෙපැත්තෙම ලස්සන භුමි දර්ශන වගේම පරණ නටබුන් වෙච්ච බලකොටු තියෙනව මේ වගේ.





මේ දර්ශන පහුකරගෙන යන පාර වැඩිය වාහන බහුල නැති නිසාත්, වේග සීමා කැමරා බොහොම අඩු නිසාත්, ටිකක් නිදහසේ පාගල යන්න පුළුවන්. එහෙම යන වෙලාවක තමා එක පාරට අනික් සීට් එකේ හිටපු මගේ මිත්‍රය හොල්මනක් දැකල වගේ කෑ ගැහුවෙ.

" අන්න! අන්න! අර අර!!"

මිනිහ අතින් පෙන්නපු දිහා බලන ගමන් "මොකද්ද? මොකද්ද? " කියල අහනකොටම තමා මම පහු වෙමින් තිබ්බ නාම පුවරුව දැක්කෙ.

"Ballintoy Harbour "
" හරවපං! හරවපං! හරවපං! "

යු ටර්න් එකක් ගහල ආයෙම ඇවිත් බෝඩ් එක ගහල තිබ්බ පාරට හැරෙව්ව වරායට යන්න. මගේ පපුව පලවෙනි පාරට තමන්ගෙ පෙම්වතිය බලන්න යන පෙම්වතෙක් ගෙ වගේ ගැහෙන්න ගත්ත. යකඩ දුපත් වල පයික් වරාය!! ග්රේජෝයි පරම්පරාව වසර ගණනාවක් තිස්සෙ පාලනය කරපු, ඇති ශූර මුහුදු සටන් කරුවන්, දැවැන්ත යුධ නෞකා වලට ප්‍රසිද්ධ, පයික් වරාය!! මම දෑහින් දැක ගන්නයි මේ යන්නෙ. වෙස්ටෙරෝස් රාජධානියෙ කුඩාම ජනාශ්‍රිත ප්‍රදේශයතව ටිකින් මගේ ඉස්සරහ!! මේක කියවන කව්රුහරි ඉතිහාසය ගැන කියවන කොහෙදිවත් වෙස්ටෙරෝස් රාජධානිය ගැන හෝ, යකඩ දූපත් ගැන හෝ අහල නැත්තං පුදුම වෙන්න එපා. ඒව ඇත්ත ලෝකයේ තිබ්බ තැන් නෙවේ. George R R Martin ලියපු A Song of Ice and Fire කියන ප්‍රභන්ධයේ තමා ඔය කියන චරිත සහ ස්ථාන එන්නෙ. 

2011 දී HBO සමාගම විසින් මේ කතා පොත් අලලා කතා මාලාවක් නිර්මාණය කළා Game of Thrones කියල. ඒකෙ ගොඩක් රූපගත කිරීම් කලේ උතුරු අයර්ලන්තයේ. ඒ පොතේ එන යකඩ දුපත් වල පයික් වරාය විදිහට ගත්තෙ මේ Ballintoy කියන පරණ වරාය. කතාව බලපු අයට මතක ඇති දෙවෙනි කතා මාලාවෙ එන මේ දර්ශන පෙළ. මේකෙ Theon ඇවිත් ගොඩ බහින වරාය දර්ශන රූගත කරල තියෙන්නෙ Ballintoy වරායෙ.


මේකතා මාලාව කොච්චර ජනප්‍රිය උනාද කියනව නං උතුරු අයර්ලන්ත සංචාරක මණ්ඩලය වෙනම සංචාරක උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරල තියෙනව මේ කතා මාලාවෙ පසුබිම්තල වලට ගත්තු තැන වලට යන්න උපදෙස් ඇතුව. කඩාගෙන බිඳගෙන ආවට, වරාය දැක්කම මට හිතුන CGI තාක්ෂනය සහ පසුතල නිර්මාණය මගින් මේ තැන කොච්චර වෙනස් කරලා තියෙනවද කියල. උඩ විඩියෝවෙ තියෙන එව්වයෙන්, ගොඩනැගිලි ටික විතරක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම වරායට ඇතුල් වෙන තැන.




මෙතන ඇත්තටම ඉස්සර ඉඳන් ධීවරයන් පාවිච්චි කරපු වරායක්. දැන් නම් සංචාරක ආකර්ෂණයක් විතරයි මම දන්න විදිහට. මෙහෙ ගොඩක් තැන් වල හරි හමං වෙරලක් නැති නිසා මිනිස්සු මාළු අල්ලන්න සෑහෙන වෙහෙසක් අරගෙන තියෙන බව තමා පෙනුනෙ. මේ වගේ වරායවල දැක්කෙ අඩුවෙන්. වැල් පාලම් වලින් ගිහින්, ප්‍රපාතයන් අද්දර බෝට්ටු පහත් කරල ඉස්සර ධීවරයො මාළු බාන්න ගිය තැන් අපි දැක්ක. වසරේ වැඩි කාලයක් දැඩි සීතලත්, හුළඟත්, වැස්සත් නිසා ඇතිවෙන බාධක මායිම් කරන්නෙ නැතුව ඔවුන් තමන්ගෙ ජීවිකාව ගෙනියන්න කරලා තිබ්බ මහන්සිය පුදුම සහගතයි.

සටහන අවසාන කරන්න කලින් තව වීඩියෝ එකක් දෙන්නන්. Leap Year කියන රොමැන්ටික් කොමඩි එක නොබලපු අය ඉන්නව නං පහල ලින්ක් එකෙන් බලන්න. අයර්ලන්තයේ ලස්සන තවත් හොඳට බලාගන්න පුළුවන් මේ ෆිල්ම් එකේ.

මෙන්න ෆිල්ම් එකට පාර.



39 comments:


  1. //මගේ පපුව පලවෙනි පාරට තමන්ගෙ පෙම්වතිය බලන්න යන පෙම්වතෙක් ගෙ වගේ ගැහෙන්න ගත්ත.//
    මුහුදුට හොඳ අත්දැකීම් තියෙනවනේ. දෙවෙනි පාරට පළමුවෙනි පෙම්වතී හරි පළමුවෙනි පාරට දෙවෙනි පෙම්වතී හරි බලන්ට යනකොට මොනා වෙනවද දන්නේ නෑ නේද? හී හී...

    හරිම ලස්සන තැනක්. අනේ මටත් යන්ට තිබ්බා නම් හොඳයි කියලා හිතුණා..:(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, මම කියල තියෙන්නෙ පලවෙනි පාරට පෙම්වතිය මිසක් කීවෙනි පෙම්වතියද කියල නෙවේ! :D

      Delete
    2. පළවෙනි පාරට දෙවනි පාරට කියල නැහැ අනේ , මුහුදුට පෙම්වතිය බලන්න යනකොට පපුව ගැහි ගැහිලු යන්නෙ අනිත් පෙම්වතියක්ව මුණ ගැහේවි කියලා :)

      කොහොම උනත් හරිම ලස්සන බලන්න වටිනම තැනක්. ඊර්ශ්‍යා හිතෙනව ඔයා ගැන.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හී හී සෝන්යා දාන්ට පහක්.

      හැබැයි මට මෙන්න මෙහෙමත් හිතුණා. 'පෙම්වතිය' කියලා තියෙන්නේ එයා බොහොම විශිෂ්ට ගනයේ කෙනෙක්ද දන්නේ නෑ. ඔය තරම් පපුව ගැහෙන්නේ එයා තාම දැකලා නැද්ද දන්නේ නෑනේ. ඉතින් බය ඇති මෙයා දැක්ක හැටියේ, එයා දුවයි කියලා.

      ආ...එන අවුරුද්දේ අපි මාස හයක් ඔය රටේලු. ඊරිසියා වෙන්ට එපා අපි ඔයාවත් ඔය යන තැන්වල ගෙනියන්නම්කෝ...:D

      Delete
    5. @සෝන්යා

      // පපුව ගැහි ගැහිලු යන්නෙ අනිත් පෙම්වතියක්ව මුණ ගැහේවි කියලා :)// අන්න ඔයාට තේරුණා! අත්දැකීමෙන් කිව්ව වගේ!!

      @ පොඩ්ඩි

      අද උදේ නිව්ස් වලට කිව්ව ලබන අවුරුද්දෙ මේ පැත්තට සුළි සුළං, භූමි කම්පා එහෙම එනවයි කියල. මට දැනුයි වැඩේ තේරුනේ. :D මෙයා උදැල්ලත් අරන් එයි ද දන්නෙ නෑ ;)

      Delete
  2. නියමයි බං. ගූගල් එකෙනුත් බලලයි පිපාසෙ නිවාගත්තෙ. අපරාදෙ උඹේ ලඟ පොටෝඑකක් ගන්න ගැජට්ටුවක් තිබුනෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය සපත්තුවෙ ෆොටෝ එක විතරයි රාජ් නෙට් එකෙන් ගත්තෙ. අනික්ව මම ගත්තු එව්ව තමා එකක් ඇරෙන්න.

      Delete
  3. මාර ලස්සනයි බං   

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්හාන්

      Delete
  4. මගෙ හිතේ ඔය සපත්තුවේ පින්තුර මන් ගාව අති. අර වැල් පාලම ගනයි, යොධයගේ ආච්චි ගැනයි, උගේ ඔර්ගන් එක ගනයිත් ලියපන් ඊලග එකේ.

    ReplyDelete
    Replies
    1. වැල් පාලම ගැනත් ලියන්න ගිහින් කම්මැලි හිතුන. ඔය Ballintoy වල එක පින්තුරයක් උඹගෙ එකක් තමා. ලියපන්කො කම්මැලි නැතුව උඹේ බ්ලොගේ ඒ කතා ටික!

      Delete
    2. යෝධයාගේ ඕර්ගන් එක ගැන ලියන්ට කිවුවෙ, මොන ඕර්ගන් එකද බං? ;)

      Delete
    3. මේ උගෙ මවුත් ඕර්ගන් එක බන් ! :D :D

      Delete
  5. මේ සමාර ලොකේසන් මම ගොඩක් ඔ්‍ය පරණ ඉංගිරිස් පිලුම් වල දැකල තයෙන ගතියක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. මටත් නිකන් Robin Hood එකේ දැකපු පසුතලයන් මතක් උනා. ගොඩක් තැන් වල තියෙන බළකොටු වල නටබුන් දැක්කම දැකල හුරු ගතියක් දැනෙනව

      Delete
  6. අඩේ මචන් උබත් නියම රස්තියදුකරයෙක්නේ ..........

    ReplyDelete
    Replies
    1. හැබැයි අර විදුර තරං රස්තියාදු ගහන්න නං හම්බෙන්නෙ නෑ.

      Delete
  7. ඔහේ ඉතින් Drowned God වහන්සේ වැද පුදා ගත්තද?

    ReplyDelete
    Replies
    1. What is dead may never die!! (unless you are beyond the wall) කියල ආව :D

      Delete
    2. ... but rises again, harder and stronger! :D

      Delete
  8. මාර ලස්සනයි බං. මුහුදු මට හිතෙන දෙයක් උඹට කියන්නද? ඔය බ්‍රිට්ටෝ ලංකාව, තායිලන්තය, ඉන්දියාව, මාල දිවයින, තුර්කිය වගේ රටවලට ඇවිල්ලා ලස්සනයි කියලා මැරෙන්න හැදුවට, උන්ගේ රටේම (දූපත්වලම) පුදුමාකාර ලස්සන දේවල් තියෙන බව උන්ට අමතක වෙනවද බං?

    අරවගේ විස්තර හුඟක් අඩංගු පුවරු සීගිරියෙත් තියෙනවා උඹ දැකලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ඩූඩ්.. BBC 2 TV එකේ යනවා documentary සීරීස් එකක් COAST කියලා, ඒක දැක්කහම හිතෙනවා මුන්ගෙ වෙරළ කොච්චර ලස්සනද කියලා..

      Delete
    2. මේ ඒක නෙවෙයි, උඹලා අයර්ලන්ඩ් වලින් කා එකක් රෙන්ට් කලාද, නැතිනම් ෆෙරී එකකින් එහා පැත්තට අරන් ගියාද?

      Delete
    3. @ඩුඩ්
      ඕකට හේතුව මම හිතන්නෙ අනික් පැත්තෙ තණකොළ කොළපාට කතාව වෙන්නැති. හැම රටකටම විශේෂිත උණු ලස්සනක් තියෙනව. සුද්දොන්ට අවුරුද්ද පුරාම රස්නෙ තියෙන, ඉර පායලා තියෙන මුහුදු වෙරළවල් දැක්කම ආස ඒකයි. මම මෙහේ දැකපු තව දෙයක් තමා කෑලෑ වල සත්තු අඩු එක. ලංකාවෙ වත්ත පහලට ගියත් කොච්චර සත්තු දකින්න පුලුවන්ද. ඒක නිසා නිවර්තන කලාපීය රටවල තියෙන ෛජව විවිධත්වයටත් සුද්දො ආසයි. අවුරුද්දම අව්වට කර වෙන අපි, ඒ/සී කරලා වගේ දේශගුණයක් තියෙන අව්වට කළු වෙන්නෙ නැති පළාත් වලට ආසයි! හෙහ් හෙහ්! නෑ එහෙන් හයර් කළා ඩුඩ්. මෙහෙ ඉඳන් ගිහින්, ෆෙරී එකේ ඕක දාගෙන යන්න ගියා නං සෑහෙන්න කාලෙ නාස්ති වෙනව.

      @ බුරා
      මමත් ඕක බලනව. ඒ වගේම Country File එකෙත් ලස්සන තැන් පෙන්නනව. මාර ලස්සන තැන්. බලන්න යන්න වෙලාව තමා හොයා ගන්න නැත්තෙ

      Delete
    4. @ඩුඩ් & මුහුදු
      මම නං හිතන්නෙ මෙහෙම දෙයක් බං ,,
      අපිට දැකල දැකලම එපා වුනු මෙව්වා වෙන එවුන්ට අලුත් ,, සුද්දෝ ඔය පරිසර දැකලම උන්ට එපා වෙලා ඇති ,, එහෙව් එකේ ඉතින් උන්ට අපේ රටේ පරිසර පද්ධති මසුරං.අපිටත් ඕකනෙ , ඔය තණකොළ ඔහොම පට්ටෙට පෙනෙන්නෙ අපි ඉන්න රටවල් වල නිවර්තන දේශගුණයක් තියන නිසා.මොකද එව්වගේ ස්ටෙප්ස් පරිසර දකින්න අමාරුයි. එත් ලංකාව විශේෂයි , මොකද ලෝකේ හැම පරිසර / දේශගුණ පද්ධතියක්ම ලංකාවේ තියෙනව. ... ඒ අතින් අපි වාසනාවන්තයි ...

      Delete
  9. නියම ප්ලේස් එකක් නේ.. අපිට ඉතින් මෙහෙම බලන්න තමයි වෙන්නේ.. කෝම වුනත් විස්තරේට තෑන්ක්ස්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් !

      Delete
  10. patta pot eka...
    ane matath yanna ona....

    ReplyDelete
  11. අයර්ලන්තේ හරි ලස්සනයි කියල ෆිල්ම් වලින් තමයි දැකල තියෙන්නේ. අර PS I Love You එකෙත් තියෙන්නේ... ඔය ගල් වෙරළ බලන්න යන එකත් බකට් ලිස්ට් එකේ තියෙනවා.

    පෙමවතිය පලවෙනි පාරට දකින්නේ කොහොමද අනේ? මුලින් දැකල පස්සේ නේ පෙම්වතිය වෙන්නේ... ඒ කිව්වේ සයිබර් එකෙන් හරි පෑනේ මිතුරු වගේ එකකින් හරි සෙට් වෙච්ච එක්කෙනෙක්ද? :P

    PS: අර පොත් ටික කියවල ඉවරද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බලන්න යන්න. උතුරු අයර්ලන්තේ බලන්න ඕන ඔක්කොම ටික තියෙන්නෙ ඔය මම කියල තියෙන පාර දිගට. Giant's Causeway එක කිට්ටුව නැවතුනා නං ගොඩක් එව්ව බලන්න යන්න පුළුවන් ලේසියෙන්ම. තව වෙලාව තිබ්බ නං මටත් GOT එකේ ඔක්කොම පසුතල ටික බලන්න යන්න තිබ්බ.

      මම මේ කියල තියෙන්නෙ පෙම්වතිය පලවෙනි පාරට 'දකිනව' නෙවේ, පලවෙනි පාරට 'පෙම්වතිය' බලන්න යන, ඒ කියන්නෙ ඉතින් වැඩේ හරි ගියාට පස්සෙ හම්බවෙන පලවෙනි දවස! හෙහ් හෙහ්!! කලින් කොච්චර දැකල තිබ්බත් එදාට වෙනස් නෙ! හැබැයි ඔයා කියන එකත් හරි.

      පොත් වල දැන් යන්නෙ Storm of Swords. මේ දවස් වල වැඩි හරියක් මම ඉන්නෙ Westeros වල තමා :). පොත් ටික ඉක්මනට කියවල ඉවර කරන්නත් ලෝබයි. මොකද කියවල ඉවර කරපු මගේ යාළුවො දැන් හුල්ලනව ඊළඟට වෙන්නෙ මොනවද බලන්න තව අවුරුදු ගානක් ඉන්න වෙනව කියල.

      Delete
  12. මමත් හරිම ආසයි සංචාරක සටහන් කියවන්න.

    උපරිමයෙන් රස වින්දා ...

    බෙහෙවින්ම ස්තුතියි අපත් සමඟ බෙදාගත්තාට.

    ReplyDelete
    Replies
    1. මගෙත් වැඩි මනාපයක් තියෙන්නෙ සංචාරක සටහන් කියවන්න සහ ලියන්න තමා :)

      Delete
  13. මාරම පට්ට ප්ලේස් එක බං .. ෆොටෝස් ටික දැක්කහම ආසාවේ බෑ ...:)
    මටත් මාර ආසාවක් තියනවා අයර්ලන්තේ පැත්තේ ඇවිදින්න ,, මට ඔය පිස්සුව ගැහුවේ A/L කරන කාලේ ෆේමස් ෆයිව් රුපවාහිනියේ ගිය tv සීරිස් එක බලල ...ඒකෙ ලොකේෂන් අයර්ලන්තේ නෙවේ හැබැයි ස්විස්ටර්ලන්තේ මගේ හිතේ ,,, එත් ඉතින් එක ළඟ රටවල් නෙ :::)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ Robin Hood එකෙන් දැකල තිබ්බ stonehenge බලන්න යන්න මගෙත් ඔය වගේ ආසාවක් තිබ්බ. පෝස්ට් එකේ කියල තියෙන අනෙක් ගල් කතාව ඒක

      Delete
  14. මොකු බං දැන් ලියන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. දැන් ඉස්සර තරං ලියන්න වෙලාවක් නෑ අටම්. ආයෙ වෙලාවක් ලැබුනම ලියන්න ගන්න ඕන.

      Delete
  15. Great information
    Invite travelers coming to srilanka most popular safari destination yala national park
    holidays srilanka

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!