පොඩි කාලෙ ඉඳන් කියවපු පොත් වල, එහෙමත් නැත්තන් බලපු චිත්‍රපටි වල එක එක විදිහේ මුහුදු කොල්ලකාරයන්ගේ චරිත අපිට හම්බවෙනව. මට මෑතකදිම හම්බ උන ඒවගේ චරිතය, මයිකල් ක්‍රයිටන් ( ජුරාසික් පාක් පොතේ කතුවරය ) ලියපු Pirate Latitudes පොතේ එන චාල්ස් හන්ටර්. හැබැයි ඔහු නියම මුහුදු කොල්ලකාර චරිතයක්ම නෙවෙයි. මේ දවස් වල හැමෝගෙම ප්‍රියතම කොල්ලකාරය ඉතින් ජැක් ස්පැරෝ නෙ. ඒත් එදත් අදත් මුහුදු කොල්ලකාරයන් ගැන කියවෙද්දී මට මතකයට එන චරිතය තමයි ට්‍රෙෂර් අයිලන්ඩ් පොතේ හිටපු ලෝන්ග් ජෝන් සිල්වර්. ඇත්තෙන්ම ඊට පස්සේ කාලෙක මුහුදු කොල්ලකාර චරිතවල බාහිර පෙනුම ආභාසයට අරන් තිබුනේ ලෝන්ග් ජෝන් සිල්වර් ගේ පෙනුම. නමුත් මේ හැම එකක්ම ප්‍රබන්ද චරිත.
මේ චරිත වලට වස්තු බීජය වෙච්ච, ලෝකේ ප්‍රධාන මූදු මාර්ග, වරායවල් සහ නාවික හමුදාවන් පවා භීතියට පත් කරපු එක් සැබෑ මුහුදු කොල්ලකාරයෙක් හිටිය. ඔහු තමයි 'බ්ලැක් බියර්ඩ්' හෙවත් 'කළු රැවුලා'.බ්ලැක් බියර්ඩ් ගේ ඇත්ත නම මොකද්ද කියන එක කවුරුවත් දන්නේ නෑ. මොකෝ ඇත්ත නම් කියල මංකොල්ලකන්නේ නෑනෙ. නමුත් ගොඩක් පිළිගන්න විදිහට ඔහුගේ ඇත්ත නම එඩ්වඩ් ටීච්. ඉපදිලා තියෙන්නේ එංගලන්තේ බ්‍රිස්ටල් නගරයේ. 1600 ගණන් වල අගභාගයේ ඉපදුනු බ්ලැක් බියර්ඩ්, මුලින් ම රැකියාව පටන් අරගෙන තිබ්බෙ Privateer කෙනෙක් විදිහට. Privateer කියන්නෙත් Pirate කෙනෙක් තමයි. හැබැයි වෙනසකට තියෙන්නෙ Privateer කෙනෙක් කියන්නෙ කොල්ලකන්න ලයිසන් තියෙන කොල්ලකාරයෙක්. වෙනත් වචනවලින් කිව්වොත් කුලී හේවායෙක්.
ඒ දවස් වල ඔය ප්‍රන්ශේ, එංගලන්තේ, ස්පාඥඥය වගේ රටවල්, තමන්ගේ කොලනි ව්‍යාප්ත කරගන්න වලි කෑවනේ. ඒ දවස් වල ඉතින් ඔය රටවල් අතර යුද්ධ ඇති වෙනව. මේ වගේ යුද්ධ කාල වල සතුරු රටේ නැව් වලට පහර දෙන්න, ඒව කොල්ලකන්න කුලී නවිකයින්ව යොදා ගන්නව. 18 ශතවර්ෂයේ මුල් භාගයේ, ඇති වුන ප්‍රංශය සහ එංගලන්තය අතර යුද්ධයේ දී එඩ්වඩ් ටීච් Privateer කෙනෙක් විදිහට කටයුතු කරලා තියෙනව. නමුත් ප්‍රශ්නය පැන නගින්නෙ මේ යුද්ධය අවසාන වෙනවත් එක්කම. එංගලන්තය කරන්නෙ තමන් යටතේ හිටපු privateers ල ගේ සේවාවන් නවත්තනවා විතරක් නෙවෙයි 50, 000 විතර වෙච්ච තමන්ගේ නාවික හමුදාවත් 15, 000 කට විතර බස්සනව. ඉතින් යුද්ධෙ කාලේ වැඩ කරපු කුලී හේවායොන්ට රැකියා නැතුව යනව. ඉතින් මේ අය මොකද කරන්නෙ, යුද්ධය නැති උනත් තමන්ට පුරුදු රැකියාව දිගටම කරගෙන යනව. හැබැයි, දැන් ඔවුන් නීතියෙන් දඬුවම් ලැබියහැකි කොල්ලකාරයෝ.
මේ කාලය වෙද්දි බහමාස් ආශ්‍රිත New Providence දූපත ආශ්‍රිතව මුහුදු කොල්ලකාර සමාජයක් ගොඩ නැගෙනව. එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක් බියර්ඩ් තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්නෙත් ඔය දූපත ආශ්‍රිතව. උපතින්ම උත්තුංග දේහයක් සහ නායකත්ව ගති ලක්ෂණ තියෙන ටීච්, වැඩි කල් යන්න කලින් කුඩා සුලුප්පු (කුඩා රුවල් නැවක්) 2 ක් යොදා ගෙන කොල්ලකන්න පටන් ගන්නව. නමුත් තාමත් ඔහු එතරම් ප්‍රසිද්ද කොල්ලකාරයෙක් නෙවෙයි. ඔහුගේ නැගීම පටන් ගන්නේ 1717 නොවැම්බර් මාසේ දවසක.
ඈතින් යන විශාල රුවල් නැවක් දකින ටීච් ඒ නැව ලුහු බඳින්න තමන්ගෙ සගයන්ට අනකරනව. ප්‍රමාණය හා හැඩය අනුව එය වහලුන් අරගෙන යන නෞකාවක්. මේ වගේ නෞකා හොඳට සන්නද්ධ සහ වේගයෙන් යාත්‍රා කරන්න පුළුවන් ඒව. ඉතින් ටීච් ගේ කණ්ඩායම ප්‍රශ්න කරනව ඒ වගේ නැවක් කොල්ලකන්න ගිහින් තමන්ට ඉල්ලගෙන කන්න වෙන එකක් නැද්ද කියල. නමුත් ටීච් ගේ අදහස වෙන්නෙ, මාස ගානක් මුහුදෙ ඉඳල නැවේ කළමනා සෑහෙන දුරට හිස් වෙලා, මිනිස්සු ලෙඩ හැදිලා හෝ මැරිලා බොහොම අසරණ තත්වයෙන් ඇත්තේ ඒක නිසා කොල්ලකන්න ලේසි වෙයි කියන එක. ටීච් ගේ අදහස හරි බවට ඒත්තු යන්නෙ ඔවුන් ඒ නැව අල්ලගත්තට පස්සෙ. වැඩි කරදරයකින් තොරවම, ගමන් විඩාවෙන්, ලෙඩ රෝග වලින්, ආතතියෙන් පෙළෙමින් සිටින ඒ නැවේ කාර්යමණ්ඩලය ටීච් ගේ කොල්ලකාර කණ්ඩායම යටත් කරගන්නව. ටීච් කියන්නෙ දරුණු මංකොල්ල කාරයෙක් කියල මම කලිනුත් කිව්වනෙ. තමන්ගෙ පෙනුම පවා දරුණු කරගන්න ටීච් සැහෙන උත්සහයක් දරනව.
ඔහු නිතරම පිස්තෝල හතරක් ඉනේ ගහගෙන ඉන්නෙ. ඒ විතරක් නෙවෙයි, තොප්පියට ගිනි නූල් 4 ක් සවි කරල ඒවාට ගිනි දල්වනව. ටීච් ට බොහොම ගන, දිග කළු රැවුලකුත් තිබිල තියෙනව. ටිකක් හිතල බලන්න. උස මහත, මූණ පුරා කළු රැවුල වැවිච්ච, යකෙක් වගේ මිනිහෙක් ඔලුව වටේ පත්තුවෙන ගිනි නූල් හයි කරගෙන, පිස්තෝල රොත්තකුත් ඉනේ ගහගෙන එන දර්ශනය කොහොමද කියල. එක දවසක් ඔහු තමන්ගෙ නැවේ තවත් මිනිහෙකුට කිසිම හේතුවක් නැතුව දණහිසට වෙඩි තියනව. හේතුව ඇහුවම ඔහු කියන්නෙ, තමන් මේ වගේ වත් ඉඳල හිටලා කරේ නැත්තන් නැවේ එවුන්ට තමන් කව්ද කියල අමතක වෙයි කියල. ඉතින් අර නැවේ නැවියෝ විරෝධයක් නැතිවම යටත් වෙච්ච එක පුදුමයක් නෙවෙයි. බලද්දී ඒ නැව La Concorde කියල ප්‍රංශෙට අයිති නැවක්. කාලතුවක්කු වලින් සන්නද්ධ මේ නැව අත්පත් කරගන්න ටීච් ඇතුළු කොල්ලකරුවො, නැවේ කාර්යමණ්ඩලය තමන්ගෙ සුලුප්පුවක පටවල අරිනවා.
ටීච් නැව අලුතෙන් නම් කරනව Queen Anne's Revenge කියල. ඔහු කුලී හේවායෙක් විදිහට සටන් කරපු Queen Anne 's War සිහිපත් වෙන්න එහෙම කරන්න ඇති. එඩ්වඩ් ටීච් හෙවත් බ්ලැක් බියර්ඩ් ගෙ නම කැරිබියන් දුපත් හරහා වැටුණු මුහුදු මාර්ග ඔස්සේ පැතිර යන්නේ විදුලි වේගෙන්. QAR නැවත්, තවත් සුලුප්පු කිහිපයකුත් යොදාගෙන ටීච් පොඩි මුහුදු කොල්ලකාර හමුදාවක් හදනව. නම ඇහුවත් නැවියන් බයෙන් සලිත වෙන ටීච් ඊට පස්සෙ ගොඩක් නැව් යටත් කරගන්නෙ කිසිම සටනක් නැතුව. මම හිතන විදිහට එඩ්වඩ් ටීච් කියන්නේ පසනල් බ්රැන්ඩින් හොඳට දැනගෙන හිටපු පොරක්. තමන්ගේ දරුණු කම රූපයෙන්, ක්‍රියාවෙන් පෙන්වල, ඒ ප්‍රසිද්දිය උපරිමයෙන් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔහු හැබෑ හපන් කමක් දක්වල තියෙනව. මෑත කාලෙ හිටපු අපි කවුරුත් දන්න ත්‍රස්තවාදියෙක් වෙන බින් ලාඩන්, කෙහෙල් ගහට කෙටුවේ ඇමරිකාවෙ වල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ගහලනෙ.
ඒවගේ වැඩි කාලයක් යන්න කලින් එඩ්වඩ් ටිචුත් කෙහෙල් ගහකට කොටනව.ඒ 1718 මැයි මාසෙ. ටීච් ඇතුළු ඔහුගෙ මුහුදු කොල්ලකාර කණ්ඩායම, ඒ වෙනකොට එංගලන්තෙ කොලනියක්ව තිබු ඇමරිකාවෙ චාර්ල්ස්ටන් වරාය වටලනව. ඒක වටලල ඔවුන් යන එන හැම නැවක්ම කොල්ලකනව විතරක් නෙවෙයි, සමහර නැව් කප්පිත්තන්ව ප්‍රාණ ඇපකරුවන් වශයෙන් අරගෙන බෙහෙත් බඩු ඇතුළු නොයෙකුත් දේවල් වලට මේ ප්‍රාණ ඇපකරුවන්ව හුවමාරු කරනව. ටීච් ඇතුළු කොල්ලකාර කණ්ඩායමේ වැටලීම නිසා චාර්ල්ස්ටන් නගරයේ ආර්ථිකය බලා ඉද්දි කඩන් වැටෙනව. ඔවුන් නැවත ඔලුව උස්සන්නෙ ටීච් ට ඇති වෙලා ගියාට පස්සෙ. මේ සිද්දියත් එක්ක එංගලන්තෙ රජය දැනගන්නව තව දුරටත් ටීච් ට ඕන විදිහට නටන්න දුන්නොත් තමන්ට යන එන මං නැති වෙන බවට. ඔවුන් ටීච් ව අල්ලන්න බාර දෙනව ලුතිනන් මේනාර්ඩ් කියල නැවියෙකුට . ඔය චාර්ල්ස්ටන් සිද්දියෙන් පස්සෙ ටීච් ට තමන්ගේ Queen Anne 's Revenge නැව අහිමි වෙනව. ඒ ඒක වැලි පරයක ගැටීමෙන්. හැබැයි ඕක අනතුරක් ද, නැත්තන් ටීච් ඕන කමින් නැව මුහුදුබත් කරාද කියන ඒක අදටත් විවාද වෙන මාතෘකාවක්. ඒක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ඩ පුළුවන්.
කොහොමහරි මේනාර්ඩ් ට 1718 නොවැම්බර් මාසෙදි ටීච් ව කොටු කරගන්න හම්බවෙනව. දරුණු සටනකින් පස්සෙ මේ කොල්ලකාරයව සහ ඒ වෙනකොට සැහෙන්ඩ අඩු වෙලා හිටපු ඔහුගෙ කණ්ඩායම පරද්දන්න ලුතිනන් මේනාර්ඩ් ට හැකි වෙනව. මේ සටන අවසානෙ කළු රවුලා හෙවත් එඩ්වර්ඩ් ටීච් සදහටම දෙනෙත් පියාගන්නවා. හැබැයි ඒ කඩු පහරවල් විසි එකකුත්, වෙඩි උණ්ඩ පහකුත් දරාගත්තට පස්සෙ. මේ කොල්ලකාරයාගේ ශක්තිය හිතාගන්න මම හිතන්නේ ඒකම ඇති. ටීච් ව මැරුවට පස්සෙ ලුතිනන් මේනාර්ඩ් කරන්නෙ ඔහුගෙ බෙල්ල කපල තමන්ගෙ නැවේ ඉස්සරහ එල්ලල, සිරුර මුහුදට විසි කරනව. ජනප්‍රවාදයෙ තියෙන්නෙ ඔහුගෙ කවන්ධය දියේ ගිලෙන්න කලින් නැව වටේ කිහිප සැරයක් පීනුව කියල!!!!
//'බ්ලැක් බියර්ඩ්' ඉපදිලා තියෙන්නේ එංගලන්තේ බ්‍රිස්ටල් නගරයේ.//
ReplyDeleteමට පේන විදියට ගොඩාක් මුහුදු මංකොල්ලකාරයෝ දැනට ජීවත්වෙන්නේ එංගලන්තේ......:D
"ට්‍රෙෂර් අයිලන්ඩ්" මම කියවලා තියන ලස්සනම ලස්සන පොතක්.
රසවත් පෝස්ට් එකක්. මුහුදු කොල්ලකාරයෙක් තමන්ගේ කෙනෙක් ගැන මේ විදියට ලියලා අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි...:)))
17-18 සියවස් කියන්නෙ මුහුදු කොල්ලකන්ට විතරක් නෙවෙයි රටවල් කොල්ලකන්ටත් ලයිසන් දුන්නු කාලෙ.. පාප්වහන්සෙ ලෝක ගෝලෙ ඉරක් ඇදලා ඒකෙන් බටහිර ස්පාඤ්ඤයින්ටත් නැගෙනහිර පරංගින්ටත් කොල්ලකන්ට බෙදලා දුන්නු කාලෙ.. කළු රැවුලා නීතිවිරෝධීව මුහුදු කොල්ල කෑවා, නාවික හෙන්රි නීත්‍යනුකූලව මුහුදු කොල්ල කෑවා (කාලා රජ්ජුරුවන්ට පංගුවක් දුන්නා), එච්චරයි වෙනස.. කළුරැවුලත් රජ්ජුරුවන්ගෙ පංගුව ගානට බේරලා කරලා තිබ්බනං තව චිරාත් කාලයක් අපූරුවට කොල්ලකමින් ජීවත්වෙන්ට තිබුනා (කොහෙද ඉතිං අපි වගේ උපදේශකයො ඒ කාලෙ ඉන්ට නැතුව ඇති).. :)
ReplyDeleteඅහලා තියෙනවද ශාන් ලාපයට් කියන මූදුකොල්ලකාරයා ගැන.. හැබැයි එයා ෆික්ෂන් එකක්..
ඇයි ඒ කාලේ පාප් වහන්සේලාට වෙන වැඩක් තිබුනේ නැතිලුද?......:D:D:D
ReplyDeleteඒ කාලේ පාප් වහන්සෙලත් ලේසි පාසු කට්ටිය නෙමේ, එයාල ගැනත් පොත් ලියවෙලා තියෙනව.
ReplyDeleteහොඳ කතාවක්... මේවා හොද වැඩ.. දැනුම වැඩි කරගන්න....
ReplyDeleteගොඩක් රසවින්දා මචං. මමත් ආසම මුහුදු කොල්ලකාරයා තමයි ලෝන් ජෝන් සිල්වර්
ReplyDeleteපොර ලේසි පහසු පොරක් නෙවෙයිනේ...
ReplyDeleteමම නම් මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.... ආසාවෙන් කියෙවුවා...
ReplyDeleteහයියෝ මං හිතුවා අවුරුදු 20ක්වත් රාජකාරි කරන්න ඇති කියලා, බැලුවහම මාස 6යිනේ අප්පා.........
ReplyDeleteමොනවා වුනත් හොඳම හොඳ පෝස්ට් එකක්....... අදමයි මං හිතන්නේ මං මේ පැත්තේ ආවේ.......... පරණ ඒවාත් කියවන්ට තියෙනවා.......... එහෙනං ගිහින් එන්නම්
පොඩ්ඩි - ඔව් ඔව්. ගොඩක් කට්ටිය දැන් ඉන්නෙ එහෙ තමයි. පරම්පරා ගතව එන රස්සාවක් නෙ. මේ දවස් වල කොල්ලකන එක ටිකකට නවත්තල උයන්ඩ ඉගෙන ගන්නවලු!
ReplyDeleteබුරා - ඒකනෙ, උඹල වගේ උපදේශකයෝ හිටියනං පොරට මෙහෙම වෙන්නෙ නෑ. ඔය කොල්ලකෑම් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුනෙ යටත්විජිත වාදයෙම කොටසක් විදිහටනෙ. මම අදත් හිතන දෙයක් තමයි, යටත්විජිතකරණය සිද්ද උනේ නැත්තන් අද ලෝකය කොයි වගේ තැනක් වෙයි ද කියල. ඒක නෙවෙයි, මට ඊ මේල් එකක් එවන්ට. kollakaraya@gmail.com
ReplyDeleteobserver - අපිටත් කිව්වනං ඔය පොතක් දෙකක් ගැන විස්තර.
ReplyDeleteඅභීත - බොහොම ඉස්තුතියි. මේ කාලෙ ඉතින් අපිට බිස්නස් කරන්න දැනුමත් ඔයාගෙ බ්ලොග් එකෙන් ලැබෙනවනෙ. :)
ReplyDeletebloggadol - මම මේ ලඟදි ආයෙම හම්බවෙලා ට්‍රේෂර් අයිලන්ඩ් කියෙව්ව. ආයෙම පොඩි කාලෙට ගියා. මම හිතන්නේ ඊට පස්සේ හම්බ උන කිසිම මුහුදු කොල්ලකාර චරිතයක් ඒ කිට්ටුවටවත් ඇවිල්ල නෑ.
ReplyDeleteprasanna86k - ඒකනෙ කියන්නෙ. අදත් පොර ගැන කතා වෙන්නෙ මිනිහ අපූරු චරිතයක් උන නිසා.
ReplyDeleteරෙෂාන් - යු ටියුබ් එකේ blackbeared ගහල බලන්ඩ. හොඳ වටිනා වාර්තා වැඩසටහන් ගොඩක් තියෙනව.
ReplyDeleteRanDil - යුද්ධයෙන් පස්සේ ටීච් වෙන කොල්ලකාරයෙක් ගේ දෙවනිය විදිහට කාලයක් වැඩ කරලා තියෙනව. මම ඒ ටික ලිව්වෙ නෑ. හැබැයි මාස 6 කින් මිනිහ ශතවර්ෂ ගානක් කතා කරන්ඩ නමක් තියල ගිහින් තියෙනව. කොල්ලකාර කණ්ඩායමට සාදරෙන් පිළිගන්නව. :)
ReplyDeleteරාජ්‍ය අනුග්‍රහය ලැබුනෙ ඉතිං කොල්ලකන දෙයින් පංගුවක් රාජ්‍ය භාණ්ඩාගාරයට ආපු නිසා.. පල්ලියේ අනුග්‍රහය ලැබුනෙ ආගම පැතිරවීම සිදුවුන නිසා..
ReplyDeleteයටත්විජිතකරණයේ යහපත් ප්‍රතිඵලත් තියෙනවා.. උදාහරණයක් විදියට ලංකාව බටහිරට යටත්වෙලා තිබ්බෙ නැත්තං බොහෝවිට අරාබි ආක්‍රමණවලට අහුවෙන්න තිබුනා.. පරංගින්ගෙ හා ලන්දේසින්ගෙ නාවික බලය නිසා තමා ඒ දේ වුනේ නැත්තෙ.. නැත්තං අපටත් ඉන්දුනීසියාවක් මැලේසියාවක් වෙලා ඉන්ට තිබ්බා..
පලි: අන්න මං මේල් එකක් දැම්මා..
ස්තුතියි දැනුම බෙදුවට
ReplyDeleteලස්සන කතාව බන්
ReplyDeleteබොහොම හොඳයි ..ඔය වගේ ඉතිහාසගත පරම්පරාවක් හැමෝටම නැහැ . ඔය බ්ලැක් බියර්ඩ් කෙනෙක් ඉන්නවා නේද 4 වෙනි පයිරේට් කතාවේ . අන්ජලිකගේ තාත්ත . මට ඉස්සර ඕකුන්ව පෙන්න බැහැ . ඒත් දැන් නම් දෙන්නෙක් මගේ කැමැත්ත දිනාගෙන . ජැක් සහ මේ ලියන ඔබ තුමා
ReplyDeleteබුරා - යටත් විජිත කරණයෙන් ගොඩක් යහපත් ප්‍රතිපලත් ලැබුන අනිවාර්යෙන්ම. මම අදහස් කලේ කිසිම යටත් විජිතවාදයක් ක්‍රියාත්මක උනේ නැත්තන් අද ලෝකෙ කොච්චර වෙනස් තැනක් වෙන්න තිබ්බද කියල.
ReplyDeleteසුජීව - යු ආ වෙල්කම්! :)
ReplyDeleteItalyDilan - බොහොම ඉස්තුතියි. Pirates of the Caribbean 4 ෆිල්ම් එක බලන්ඩ. ඒකෙ මෙයා ඉන්නව.
ReplyDeleteBindi - ඔව් ඔව්. මම ෆිල්ම් එක බැලුවෙ මේ පෝස්ට් එක දැම්මට පස්සෙ. කලින් දන්නව නං ඒ ගැනත් ලියනව පෝස්ට් එකේ. අනේ ඔය මුහුදු කොල්ලකාරයො දරුණුවට හිටියට හරි අහිංසක කෂ්ටිය!
ReplyDeleteදැං කොහේද කොල්ලකාරයො, කොල්ලොකාරයො මිසක්. :)
ReplyDeleteදැනට දශක කීපයකට පෙර, අපි මේ ඉන්න අරාබි එමීරය , ඕමානය වගේ රටවල ඉඳල තියෙන්නෙත් මුහුදු කොල්ලකාරයෝ. ඒ මේ රටවල් වල තෙල් හොයාගන්න කලින්. පොඩ්ඩක් හොයලා බැලුවොත් මල්ලිට මේ සබන්ධයෙන් හොඳ කතා ටිකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ....!
ReplyDeleteනවම් - තාමත් ඔය ඉන්නෙ සෝමාලියාව පැත්තෙ. හැබැයි ඉතින් උන්ගෙ මුන්ගෙ වගේ ගතියක් නෑ :)
ReplyDeleteදුමී - බොහොම ඉස්තුතියි ඔත්තුවට. කොන්ද සනීපද? :)
ReplyDeleteමටත් මතක් වුනේ සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයො ගැන. ඒක නෙවෙයි, මොකද දන්නෙ නෑ මුහුදු කොල්ල කාරයා (pirate) කියන වචනය pirated software වගෙ යෙදුම් වල පාවිච්චි කරන්නෙ නේද?
ReplyDeletehenryblogwalker aka Dude
Dude - මටත් ඕක ඉස්සර තිබ්බ ප්‍රශ්නයක්. මම හිතන්නෙ තමන්ට අයිති නැති ඒව හොරෙන් ගන්න නිසා වෙන්න ඇති
ReplyDeleteමැද පෙරදිග විතරක් නෙමේ අප්‍රිකාවේ උතුරු සීමාවේ රටවල්, තුර්කිය හෙම මේ Pirate නැත්නම් privateer business එකේ හිටියා. මේ කට්ටිය නැව් විතරක් නෙමේ යුරෝපයේ නගර, ගම් හිටන් මංකොල්ල කෑව. ඉතාලියේ ඉදන් නෙදර්ලන්තය හෝ සමහර විට අයිස්ලන්තය දක්වා දුර ගියා කියල තමා කියන්නේ. මේ අය ඊට අමතරව මිනිස්සුන්වත් වහල්ලු හැටියට අල්ලන් ආවා.විශේෂයෙන්ම තරුණ ගැහැණු, පිරිමි අයව. මෙයාලව අරන් ගිහින් වෙන්දේසි කරපු එක තමා බිස්නස් එක. සමහර අයව කප්පම් ගෙවලා බේරගන්න ඉඩ තිබුනා. අනිත් අයට ඉතින් ජීවිත කාලෙම වහල්ලු තමා. ලස්සන් ගැණු අයව නම් සල්ලි කාරයෝ අන්තපුර වලට ගත්තා. අනිත් ගෘහ සේවිකාවෝ හැබැයි ඕන වැඩක් කරන්න ඕන.
ReplyDeleteඅම්මෝ!!! මුහුදු කොල්ලකාරයෝ කරලා තියන වැඩ. අන්තඃපුරවලට ගෑනු උදවියත් අල්ලගන ඇවිත්...:D:D:D
ReplyDeleteමගේ කතාව - මම වැඩිය කියවල තියෙන්නෙ ඉතින් ඔය බටහිර රටවල් වල යටත් විජිත වල මුහුදු මාර්ග වල කොල්ලකාපු කොල්ලකාරයො ගැන තමයි. මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවෙ ඒ අය ගැන මගේ දැනුම අඩුයි.
ReplyDeleteපොඩ්ඩි - අම්මෝ කරලා තියෙන වැඩ නේද? ෂිකේ! මටත් ඒ කාලේ ඉන්න තිබ්බෙ. :)
ReplyDelete