Monday 31 January 2011

මුහුදු කොල්ලකරුවෙකුගේ ආගමනය.....

මේ පටන් ගන්නෙ මගේ දෙවෙනි බ්ලොග් එක. පලවෙනි එක පටන් ගත්තේ මීට අවුරුදු කීපයකට කලින්. හැබැයි ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. අනික ඒක බොහොම ටෙක්නිකල් බ්ලොග් එකක්. බල්ලෙක්වත් ආවේ නෑ කොමෙන්ට් දාන්න. පස්සේ ඒක එහෙම්ම නැවතුනා. එත් බ්ලොග් කියවන එක නං අත ඇරියේ නෑ. ආයෙත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ ලඟදි කියවපු බ්ලොග් එකක් නිසා. අපි හැමෝටම බ්ලොග් එකක් පටන් ගන්න කික් එකක් දෙන බ්ලොග් එකක් තියෙනවා. ගොඩ දෙනෙක් පලවෙනි පොස්ට් එක දාද්දි කියනව අහවල් බ්ලොග් එක දැකල තමයි මටත් බ්ලොග් එකක් පටන් ගන්න හිතුනේ කියල.

ඒ වගේ, මගේ දෙවෙනි බ්ලොග් ගමනට දිසාපාමොක් උනේ අපේ රංග ගේ බ්ලොග් එක. මම ඒක දැක්කේ ලඟදි. හැබැයි දැක්ක වෙලේ ඉඳන් මැරතන් කියවිල්ලක් කියෙව්වා. ඉතින් අපේ රංග ලොක්කට පින්සිද්ද වෙන්ඩ ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්ත. කියන්ඩ කතා ගොඩක් තියෙනවා. ඉඩ තියෙන හැටියට ලියන්නන්. කට්ටිය ඉතින් බැකප් ඒක දීල, පිකප් කරලා ගන්ඩ හොඳේ? 

ආ, මම කොහොමද මුහුදු කොල්ල කාරයෙක් උනේ? ඔය පැත්තකින් තියෙන මගේ ගැන විස්තරේ කියෙව්වනන් හොගත්තහැකි. ආයෙත් ඉක්මනින් හම්බුවෙමු. 

9 comments:

  1. මේ මම නිසා ලියන්න ආව තුන් වැනියා. ඉතුරු දෙන්න දිගටම ලියනව. උඹටත් එසේම කරන්නට ලැබේවා. දිගටම ලියපන්.

    ReplyDelete
  2. ජය වේවා.....දිගටම ලියමු....
    අපි...ඔව් ඔව් අපි ඉන්නවා නෙවැ කියවන්න....

    සුභ පැතුම්....දිගටම ලියමු....

    ReplyDelete
  3. රංග - බොහොම ඉස්තුතියි මේ පැත්තේ ආවට. තවත් අයත් රංග නිසා බ්ලොග් පටන් ගෙන තියෙනවා කියල අහන්නත් සතුටුයි.

    ReplyDelete
  4. හසියා - බොහොම ඉස්තුතියි සහෝදරයා දිරි ගැන්වීමට.

    ReplyDelete
  5. පටන් ගන්න ලේසියි, දිගටම ගෙනියන්න අමාරුයි.
    ඒ සඳහා ධෛර්යය, කාලය ලැබේවා්
    -කකා

    ReplyDelete
  6. කසු - සහතික ඇත්ත. සිංහලෙන් ටයිප් කරන එකට තාම හුරුවෙන නිසා කාලය තමයි ගොඩක් හරහට හිටින්නෙ. බොහොම ඉස්තුතිය් දිරි ගැන්වීමට.

    ReplyDelete
  7. එල එල, දිගටම ලියන්න. කමෙන්ට් එකක් දාන්න බැරි වුනත් අනිව කියවනව

    ReplyDelete
  8. ඔයාගෙ පෝස්ට් ටික මමත් එක හුස්මට කියෙව්වා. හොඳට ලියනවා. මමත් රංග නිසා තමයි බ්ලොග් ලියන්න පටන් ගත්තේ. මමත් ඉස්සර ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්වා. බලු බල්ලෙක් නැහැ ඒක බලන්න. මමම ලියලා මමම බල බල හිටියා. :D

    ReplyDelete
  9. රංග - ස්තුතියි මේ පැත්තේ ආවට.

    කොට ජිවිතේ - හික් හික්. ඔයත් එහෙනං මම කාපු කට්ටම කාල තියෙනව.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!