Tuesday 15 March 2011

කතන්දරගෙ ගෑනු බොස්ල ගැන කතාවට අතුරු කතාවක්

අද කතන්දර දාල තිබ්බ 'ගෑනු බොස් ලා හෙවත් බොසීලා' පොස්ට් එක දැකල තමයි මට මේක දාන්න හිතුනෙ. කතාවෙ ගෑනු බොස් කෙනෙක් ම කියනවනේ ගෑනු එක්කෙනෙක් යටතේ වැඩ කරන එක අමාරුයි කියල. හැබැයි මම නං ඕක හරිද නැද්ද කියල දන්නේ නෑ, මොකද මට තාම ගෑනු බොස් කෙනෙක් අහු වෙලා නෑ. හැබැයි දන්න කීප දෙනෙක් නං කියල තියෙනව එක පිරිමි බොස් කෙනෙක් යටතෙ වැඩ කරනවට වඩා අමාරුයි කියල. මම මේ කියන්ඩ යන්නෙ ගෑනු බොස් ලා ගැන තියරියක් නෙවෙයි. ගෑනු අය ගැනම වෙන තියරියක්. හැබැයි තියරියක් කිව්වට මේක හයිපොතිසිස් එකක් විතරයි. මටත් වෙන කෙනෙක් කියපු එකක්. කැමති කෙනෙක් ඉන්නවනං ඕක රිසර්ච් කරල තියරි එකක් රෙජිස්ටර් කරන්න පුළුවන්. මේකයි කතාව, මොනවහරි වැඩක් කරගන්ඩ ඕන උනාම, ඔප්ෂන් එකක් තියෙනවනන් නිතරම පිරිමි එක්කෙනෙක් ගාවට යන්ඩ ගෑනු කෙනෙක් ගාවට නැතුව!! ඒ කියන්නෙ දැන් ඔය බැංකුවක, තැපැල් කන්තෝරුවක වගේ පෝලිමක ඉන්න කොට නිතරම පිරිමි කෙනෙක් ඉන්න කවුන්ටර් එකක පෝලිමකට සෙට් වෙන්ඩ.  දැන් මේක කියවන ගෑනු අය පොඩ්ඩක් ඉවසල වදාරන්ඩ. වැරද්දක් කියනව නෙවෙයි, ඕගොල්ලො උනත් එහෙම පෝලිමේ ඉන්ඩ උනොත් පිරිමි කෙනෙක් ඉන්න පෝලිමකට සෙට් වෙන එක ඇඟට ගුණයි. වෙන මොකවත් නිසා නෙවෙයි, ගෑනු අය ගොඩක් වෙලාවට අකුරට වැඩ කරනව. ඒක නිසා ෆ්ලෙක්සිබිලිටි එක අඩුයි.

මට ඕක අහන්න ලැබුනට පස්සේ මම ඕක ක්‍රියාවට නැගල බැලුව කීප සැරයක් ම. 'ගොඩක් වෙලාවට' කතාව ඇත්ත. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකේ වටේ මත් එහෙමයි කියල තමයි මට තේරුනේ. අපිට එක සැරයක් ප්‍රොජෙක්ට් එකකට රට ගිහින් ඉන්න උනා ටීම් එකටම මාස කීපයක්. අපි නැවතිලා හිටියෙ හොටෙල් එකක. මාස ගානක් හිටියට හැම මාසෙකම අන්තිමේ හොටෙල් එක අපිට බිලක් කඩනව. අපි ඒක මාසෙන් මාසෙට ගෙවන්ඩ ඕනෙ. ඉතින් ඔය වැඩ භාර වෙලා තිබ්බෙ මට. ඉතින් හොටෙල් එකට යන මුළු ගානම වගේ මම ට්‍රැවලර්ස් චෙක්ස් වලින් තමයි ගෙනිහින් තිබ්බෙ. ඉතින් මාසෙකට සැරයක් මම බැංකුවට ගිහින් ට්‍රැවලර්ස් චෙක්ස් කෑෂ් කරල හොටෙල් එකට සල්ලි ගෙවනව. ඔය බැංකුවෙ කොල්ලෙක් හිටිය ගියහම නිතරම ඔය වැඩේ කරල දෙන. දවසක් ගියාම එදා මු නෑ. එතන ඉන්නෙ කෙල්ලෙක්. මම ඉතින් වෙනද වගේ ගිහින් ට්‍රැවලර්ස් චෙක්ස් ටික දුන්න කෑෂ් කරල දෙන්න කියල. කෙල්ල මගෙන් ඉල්ලුව චෙක්ස් ගත්ත රිසිට් එක කෝ කියල. අර කොල්ල කවදාවත් එහෙම එකක් මගෙන් ඉල්ලුවෙ නෑ. මම කිව්ව ඒක මගේ ගාව නෑ කියල. ඒක නැතුව මෙච්චර ලොකු ගානක් කෑෂ් කරන්න බෑ කියල මෙන්න එයා කියනව. මගේ ගාව කලින් චෙක්ස් කෑෂ් කරපු රිසිට් තිබ්බ ඒ බ්‍රාන්ච් එකෙන්ම දීපු ඒවා. මම ඒව පෙන්නල කිව්ව මේ මම මෙතනින් කලිනුත් කෑෂ් කරගෙන තියෙනව කීප පාරක් ම, හැබැයි ඔහොම එකක් ඉල්ලුවෙ නෑ කියල. ට්‍රැවලර්ස් චෙක්ස් ටික මගේමද කියල ඔප්පු කරන්න ඒක ඕනෙමයි කිව්ව. වැඩේ කියන්නෙ හදිස්සියකට වෙන එකෙකුට බැංකු යන්ඩ උනොත් කියල මම ඔය චෙක්ස් පිටිපස්සේ අත්සන් කරල නෙවෙයි තිබ්බෙ. ගෑනි දැක්ක මම අත්සන් දෙකම ඒක වෙලාවෙ ගහනව. ඒකයි දැන් මේ ගේම ඉල්ලන්නෙ. අර කොල්ල ඉන්න දවස් වලත් ඕක ඔහොම කරාට ඌ නෙවෙයි කවදාවත් මට ඔහොම බාල්දියක් දැම්මෙ. පස්සෙ මම කිව්ව මැනේජර් ට කතා කරන්ඩ ඕනෙ කියල. පොරට කතා කරල තමයි යන්තන් වැඩේ ගොඩ දාගෙන ආවේ.


ඊට පස්සෙ අපි ප්‍රොජෙක්ට් එක ඉවර කරල ආයේ ලංකාවට එන ගමන් ට්‍රාන්සිට් එකක් තිබ්බ. අපි ඒ රටේ දවස් දෙකක් නැවතිලා එන්ඩ ප්ලෑන් කරන් හිටියෙ මොකද, මාස කීපයක් එක දිගට කට්ට කාපු නිසා පොඩි විවේකයක් ගන්ඩ. ඉතින් දැන් අපි ප්ලේන් එකෙන් බැහැල ඉමිග්රේෂන් කවුන්ටර් ගාවට ආව. මම ඉතින් මගේ හයිපොතිසිස් එක අනුව පිරිමි කෙනෙක් ඉන්න කවුන්ටර් එකක පෝලිමට සෙට් උනා. මාත් එක්ක ට්‍රාන්සිට් රටේ නවතින්ඩ ආපු තව එකෙක් හිටිය. පොර මට එහා තිබ්බ පෝලිමට සෙට් උනා. ඒකෙ සෙනග ටිකක් අඩුයි. ඌ මට කතා කරා ඒකට එන්ඩ කියල. මම බැලුව කවුන්ටරේ. ඉන්නෙ ගෑනු කෙනෙක්. මම ඌට ඔලුවෙන් පෙන්නල කිව්ව බෑ කියල. ඌ දන්නවා මගේ තියරිය. ඌ මට කින්ඩි හිනාවක් දාල ඒ පෝලිමේම  හිටිය. දැන් ඉතින් කට්ටිය අඩු නිසා ඌ මට කලින් කවුන්ටරේ ට ගියා. පාස්පෝර්ට් එහෙම චෙක් කරල මම දැක්ක අර ගෑනු කෙනා මගේ යාලුවගෙන් ප්‍රශ්න අහනව. ඌ කවුන්ටරේට යද්දී මගේ පෝලිමේ මට ඉස්සරහින් කීප දෙනෙක් හිටිය. කොහොමහරි මම මගේ කවුන්ටරේට යද්දිත් අරූ හරස් ප්‍රශ්න වලට උත්තර දෙනව. මම ඉමිග්රේෂන් එකෙන් ඇතුලටත් ඇවිත් තව ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ඌ ඇතුලට ආවේ.

"උඹේ තියරිය හරි තමයි බං". ඌට මල.
"මොනවද බං උඹෙන් ඔච්චර ඇහුවෙ?"
"කොහෙ ඉඳන් ද ආවෙ?, මොකටද එහෙ ගියෙ? මොනවද එහෙ කලේ? ඇයි ලංකාවට යන්නෙ නැතුව මෙහෙ නවතින්නෙ?. ඔය වගේ අනන් මනං ගොඩක් ඇහුව බං!!"
ඌයි, මායි හිටියෙ එකම ප්‍රොජෙක්ට් එකේ, ආවෙ එකම ප්ලේන් එකේ. තියෙන්නෙ එකම රටේ පාස්පෝර්ට්. හැබැයි මගෙන් නෙවෙයි කවුන්ටර් එකේ පොර වචනයක්වත් ඇහුවෙ!
ඔන්න ඔහොමයි තියරියෙ රිසල්ට්ස් මෙච්චර කාලෙකට. මේක කිව්වේ කාන්තා පාර්ශවයට කිසිම මඩ ගැසීමේ චේතනාවකින් නෙවෙයි. මම කලින් කිව්ව වගේ කාන්තාවො කරන වැඩේ අකුරටම කරන නිසා විකල්ප විසඳුම් ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි. අනික හැමෝම මෙහෙම නෑ.  දැන් ඉතින් මේක කියවන කාන්තාවො, මෙතන කාන්තා විමුක්තියේ දෝංකාරය ඇති කොරන්ට එහෙම හදන්ඩ එපා! එහෙම උනොත්
මේ
බ්ලොග් එකත් නිකන් ලුවී වැන්ඩස්ට්‍රාටන් ගේ ෆිල්ම් එකක් වගේ වෙයි.!!

22 comments:

  1. සහතික ඇත්ත අම්මපා!

    ReplyDelete
  2. ඔව් බන් ගැණු ගොඩක් වෙලාවට ප්‍රායොගික නැ.. ඒකයි ඔක්කොටම හේතුව..

    ReplyDelete
  3. ටක්කෙටම ටකේ ඇත්ත කතාව,එයාර්පෝර්ට් කතාව නම් ඇත්තමයි මමත් ඒක අත්දැකීමෙන් දන්නවා,ඕනම රටක ඔහොම තමා ගෑණියෙක්ගෙන් වැඩක් කරගන්න තියන අමාරුව,කොහෙත් එකයි

    ReplyDelete
  4. ම්ම්ම්... මමත් ඉතින් ගැහැනු කෙනෙක් නේ අයියා,, එ උනත් ඔයා ඔය කරන තියරි එක ට තමයි මමත් කැමති..අනික එක තමයි හරි... මම ඉස්සර හිතන් උන්නේ කෙල්ලෙක් හන්දා කොල්ලො උදව් කරනවා කියලා බලද්දි මේක වෙනම කතාවක් නේ...

    ReplyDelete
  5. හොඳ පොයින්ට් එක.
    මාත් ට්‍රයි කරල බලන්න ඕනෑ.
    මේ දවස්වල පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඊ-මේල් ගහල ඇතිවෙලා තියෙන්නේ. මේ දක්වා කන්ට්‍රෑක්ටර් ගේ සයිඩ් එකෙන් ඩීල් කරපු සේරම කාන්තා පරාණ. මට නෝ චොයිස්.

    ReplyDelete
  6. ඉංතේරුවෙන්ම මාරායා ඕකට විරුද්ධයි...
    මංනං කොතන උනත් කැමති කාන්තා පාර්ෂවයේ කෙනෙක් ඉන්න පෝලිමකට සෙට් වෙන්න තමයි...කියනවට විස්වාස කරහං..නැත්තං ඒත් විස්වාස කරහං..මේ වෙනකල්නං මට පාඩුවක් වෙලා නැහැ.සමහර තැන්වල දැන් පෝලිම් නැහැ..ඈත තියා දකින කොට අඩගහලා වැඩේ කරලා දෙනවා..ඒ තරමට ෆිට් ජාතියක්නේ බං කාන්තාවෝ කියන්නේ...ඕනනං මං එක පොයින්ට් එකක් කියන්නං කරලා බලහං..

    තමන් කර ගන්න ගිය වැඩේ ගැන මුකුත්ම කතා නොකර වෙන දෙයක් ගැන කතා කරන ගමන් වැඩේ බාර දීහං..කෙලින්ම අරයා වැටෙන්නේ ඒ කතාවේ අවදානයට..දන්නෙම නැතිව අපේ වැඩේ කරල දීලා තියෙයි.

    උදාහරණයක් හැටියට මං ඊයේ ගියා මෙඩිකල් රිපෝට් එකක් ගන්න..ටික වෙලාවක් රස්තියාදු වෙවී ඉන්නකොට තමා චූටි මිසී කෙනෙක්ගේ කොණ්ඩ කටුවක් ටිකක් එහෙ මෙහෙ වෙලා තියෙනවා මං දැක්කේ..ඉතිං හිමිහිට ඇගිල්ලෙන් ඒක පෙන්නුවා..කෙල්ල කොණ්ඩේ අතගාලා බලලා ඒක හදා ගත්තා..මට හිනා උනා..මොකක්ද කර ගන්න තියෙන්නේ කියලා ඇහැවුවා..මං ෆෝම් එක දුන්නා..තප්පර ඊට විනාඩි පහකට පස්සේ මම එළියට ආවා අර ලමයට යන්නං කියාගෙන මගේ අතේ මට ඕන කරන මෙඩිකල් රිපෝට් එකත් තිබුනා.
    හැබැයි මාව පරීක්ෂා කරපු කෙනෙක්නං නැහැ.
    (මේවා මෙහෙම කියාදෙන එක හොඳද මංදා..?)

    ReplyDelete
  7. සහතික ඇත්ත අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මමත් ඔය තියරිය දරුනුවට අනුගමනය කොරනවා.

    ReplyDelete
  8. sameerausa - අත්දැකීම් තියෙනවා වගෙයි :)

    ReplyDelete
  9. Naveen Madhawa - මම හිතන්නේ ඕකට හේතුව ගැහැණු මොළයෙ වයරින් පිරිමි මොළයෙ වයරින් වලට වඩා වෙනස්.

    ReplyDelete
  10. ItalyDilan - ඉමිග්රේෂන් එකකදී ඇතුල් වෙන්ඩ දෙන්න බෑ කිව්වා දවසට තමා කෙල වෙන්නෙ.

    ReplyDelete
  11. නිම්ශා - කොල්ලො කෙල්ලන්ට බොහොම කැමැත්තෙන් උදව් කරන එක වෙනම තියරියක්. :)

    ReplyDelete
  12. kathandara - අපෝ ඊ-මේල් ගහල නං කිසි වැඩක් කරගන්ඩ බෑ. මම නං දැන් කරන්නේ කෝල් කරන එක. හැබැයි ඉතින් ඔඩිට් ට්‍රේල් එකක් තියාගන්ඩ ඊ-මේල් නොගහ බෑ.

    ReplyDelete
  13. රංග - ඒකනෙ කිව්වේ :)

    ReplyDelete
  14. මාරයා - මේක 100% හරියන තියරියක් නෙවෙයි කියල කිව්වේ ඒක තමයි. හැබැයි රජෝ, ඔය වෙන කතාවක් අල්ලන් වැඩේ බාරදෙන එක එච්චර හොඳ නෑ. මොකෝ ගෑනුන්ට වැඩ දෙකතුනක් එක පාරට කරන්ඩ පුළුවන්. හැබැයි පිරිමි අපිට එක පාරට අවධානය යොමු කරන්ඩ පුළුවන් එක වැඩකට විතරයි. ඒක නිසා අන්තිමට කරගන්ඩ ගිය වැඩේ හරියට කියන්නෙ නැතුව මොකක් හරි අහන්ඩ අමතක වෙලා එන්ඩ පුළුවන්.

    ReplyDelete
  15. නිශ් - උඹටත් සීන් වෙලා තියෙනවා වගේ.

    ReplyDelete
  16. මාරයාගේ තියරි එකත් වැඩ කරනවා ඇති, හැබය් Mrs Observer සහ මම පාවිච්චි කරන්නෙ නම් මුදු කොල්ලකාරයාගේ තියරිය. අපිට ආණ්ඩුවෙ, පුද්ගලික අංශෙ කන්තෝරු වලදි විශේෂයෙන්ම එයාර් පෝර්ට් වලදී 99% වාගෙ මුදු කොල්ලකාරයාගේ තියරිය වැඩ කරලා තියෙනවා, ඔය කිලෝ කීපයක් බර වැඩි වුනාම එහෙම.

    ReplyDelete
  17. තව එකක් ඔය පීටරට එහෙම යන කෂ්ටිය කවුන්ටර් වලදි මග හරින්න ඕනෙ තව කාණ්ඩයක් තමා, ආසියාතිකයන්, විශේෂයෙන්ම කහ පාට හම තියෙන ආසියාතිකයො.

    ReplyDelete
  18. Observer - කිලෝ කීපයක් බර වැඩි උනේ නැත්තන් ඉතින් අපි ලංකාවේ නෙවෙයි නේ! හික්. ආසියතිකයන්ගේ කතාවත් සම්පුර්ණ ඇත්ත. අපේ එවුන්ම නේ අපට කෙලවන්නෙ..

    ReplyDelete
  19. I have to try this out

    ReplyDelete
  20. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  21. කතාව සහතික ඇත්ත, බොසියෙක් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි, ආයෙ හැම දෙයක්ම නූලට තිතට ඕනෙ. ෆ්කෙල්සිබිලිටි එක බින්දුවයි. ඩිපාර්ට්මන්ට් එකම කෙළවෙලා යන්න ඔන්න මෙන්නෙ තියල මේ මනුස්සය වෙන පැත්තටක මාරු කරල දැම්ම, දැන්නං හරිම ස්මූත් වර්ක් ෆ්ලෝ එක.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!