මේ දවස් වල ලන්ඩන් වල හැම තැනම ගිනි. රෝමෙ ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ලන්ඩන් ගිනි ගනිද්දී නං අපි ගෙදෙට්ට වෙලා ටිවී එකේ නිව්ස් බලනව. ඉරිදා යාලුවෙක් ගෙ ගෙදර ගියා කෑමකට. ගිහින් ආපහු එද්දී එක ටවුන් එකක් පහු කරද්දි හෝ ගාල ඔලුව වහගත්තු, මුකවාඩම් බැඳ ගත්තු කොල්ලො පිරිල. ඊට කලින් දවසෙත් පොලිසියත් එක්ක ගහගත්තු කතාවක් පත්තරේ දැක්ක නිසා තේරුනා මේ සෙට් වෙන්ඩ යන්නෙත් ඒ වගේ එකක් කියල. ගෙදර ඇවිත් නිව්ස් බලද්දී අපි මීට ටිකකට කලින් පහු කරගෙන ආපු තැන ලොකු වලියක්. මේ දවස් වල ටිවී පත්තර වලින් සමහරවිට ඔයගොල්ලොත් දකින්න ඇති මේ සිද්දි ගැන. දැන් දවස් 3 ක් එක දිගට වලි. මුලින් තිබ්බෙ ලන්ඩන් වල විතරක් උනාට, ඊයෙ වෙද්දි ලිවපූල්, බමින්ග්හැම් වගේ නගර වලටත් මේක ව්‍යාප්ත වෙලා තියෙනව. මේකට හේතුව පොලිසියෙන් කොල්ලෙක්ට වෙඩි තියල ඌ මැරිල. කතාවේ හැටියට පොර ගාව පිස්තෝලයක් තිබ්බලු. කොල්ලගෙ ගෙදර මිනිස්සු නං කතා කරන්නේ හරියට ඌ හෙට අනිද්ද බුදු වෙන්ඩ හිටිය එකෙක් ගානට. ඒ උනාට පත්තර වල යන විස්තර කියෙව්වම තේරෙනව ඌ පාතාල නායකයෙක් කියල.
මෙහෙ කොල්ලො කල්ලි හැදිල ඉන්නේ උන් ජීවත් වෙන ප්‍රදේශය අනුව. මැරිච්ච කොල්ල ඔය වගේ කල්ලියක නායකයෙක්. ඔය කල්ලි අතර බොහොම දරුණු වලි යනව. එව ඔය නිකන් අපේ රොටරි වත්තෙ වලිය වගේ ඒව නෙවෙයි. මිනී මරාගන්න වලි. කොහොම උනත් දැන් ලන්ඩන් පුරා වෙන කොල්ලකෑම් ඔය මැරිච්ච කොල්ලට සම්බන්දයක් නෑ. මේක පටන් ගත්තෙ නං පොලිසියෙන් කරපු වෙඩි තැබීමට විරෝධය දක්වන්න තිබ්බ විරෝධතාවයක් දුරදිග ගිහින් පොලිසියත් එක්ක ගහගෙන. නමුත් දැන් වෙලා තියෙන්නේ තැන් තැන් වල ඉන්න මදාවියො කල්ලි ගැහිල, පොලිසියට ගහල, කඩවලුත් කුඩු කරලා ඒවයේ බඩු කොල්ල කන එක. ගොඩක් මේ විදිහට ප්‍රහාරයට ලක් වෙන්නෙ ඇඳුම් කඩ, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කඩ, ස්වර්ණාභරණ කඩ ආදිය. හප්පා බලන්ඩ එපැයි කට්ටිය එල්.සි.ඩි. ටි වී, අලුත් ඇඳුම්, සපත්තු එහෙම උස්සගෙන දුවන විදිහ! මටත් මේ iPad 2 එකක් ගන්ඩ ඕනෙ වෙලා තියෙනව. ගිහිල්ල සෙට් උනා නං නිකන් ම ගොඩ දාගන්ඩ තිබ්බ. මෙහෙ පොලිසියටත් වෙලා තියෙන්නෙ හරියට අර " ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී " වගේ වැඩක්. මුන්ට ගැහුවොත් එහෙම උන් ඊට පස්සේ මානව හිමිකම් නඩු දානව වන්දි ඉල්ලල. ඒවට වැරදි කාරයො වෙන පොලිස් කට්ටියට රස්සාවත් නැතුව ගෙදර යන්ඩ වෙනව. අනික් අතට මිනිස්සු දිගට හරහට බනිනව මෙච්චර කඩ කුඩු කරද්දි, ගිනි තියද්දි පොලිසිය නිකන් බලාගෙන ඉන්නව කියල. එහෙම බලාගෙන ඉන්නෙ ඒ මිනිස්සුන්ට වෙන කරන්ඩ දෙයක් නැති නිසා. ගිහින් ගැහුවොත් නඩු දායි විසමානුපාතික බලයක් පාවිච්චි කලා කියල. මෙහෙ තියෙන්නෙ මාර නීති නේ. හොරෙක් ගෙදරකට පැනල තුවාල උනොත් හරි අන්ඩක් කැඩුනොත් හරි, හොරාට පුළුවන්ලු ගෙදර අයිති මිනිහට විරුද්ධව නඩු දාන්ඩ මිනිස්සුන්ට අනතුරු දායක ලෙස තමන්ගේ ගෙදර තියාගත්ත කියල! අන්න ඒකට ලංකාව. හොරුන්ගෙ අඬු කඩන එක විතරක් නෙවෙයි, මේ වගේ උද්ගෝෂණ කරන්ඩ ආවනම් පලවෙනි දවසෙම ජීව උණ්ඩ දාල වෙඩි තියල එකෙක්ව එලනව. ඊට පස්සෙ ඉතින් ආයේ උද්ඝෝෂණ කරද්දි උන් දෙපාරක් හිතයි නේ. මේ සුද්දන්ට කොහෙන්ද ඉතින් ඒ තරං මොලයක් !! අපේ අය්යලගෙන් ඇහුව නං වලහ හාවා කරන එකේ ඉඳන් කියල දෙයි!.