Monday 12 December 2011

බයිස්කෝප් කියුම්!

චිත්‍රපටි බලන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට හිතට වදින චිත්‍රපටියක් බලපුවම ඒකෙ තියෙන සමහර දෙබස් කෑලි කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම ඔය වගේ පණ්ඩිත දෙබස් කෑලි,  වාක්‍ය ඛණ්ඩ වලට කැමතියි. ( ඒ වගේ දෙබස් දෙන්ඩත් දන්නව!). ඒකට වැඩියමත් හේතුව මම හිතන්නෙ ඔය වාක්‍ය රචනාවකින් දෙන්න පුළුවන් පණිවිඩයට වඩා ප්‍රභල පණිවිඩයක් පොඩි දෙබසකින් දෙන්න පුළුවන් වීම. මට හිතුන ඒ වගේ චිත්‍රපටි බලද්දී හිතට වැදුණු දෙබස් ඛණ්ඩ කීපයක් ආයෙම මතක් කරන්ඩ. මුලින්ම spoiler alert එකක් දාල ඉන්ඩ ඕනෙ මේ චිත්‍රපටි බලපු නැති කවුරුහරි ඉන්නව නං ඔන්න කතාව එලි උනා කියල මට බනින්න එපා. පුළුවන් තරං කතාව කියන්නෙ නැතුව දෙබස් විතරක් කියන්න බලන්නං.
මම සිංහල චිත්‍රපටි බලල තියෙන්නෙ නං අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් මම හිතන්නෙ. ඒකට හේතුව මේකයි. දැන් ඔය සිදුහත් කුමාරය ගිහි ගෙයින් නික්මෙන්න කලින් සතර පෙරනිමිති දැකලනේ ගිහි ගෙය කල කිරුනෙ. මට හොඳ ෂුවර් එකක් තියෙනව, මයිත්‍රී බෝධි සත්වයො ගිහි ගෙයින් නික්මෙන්නෙ සිංහල ෆිල්ම් එකක් බලල කියල. මට දැම්ම අභිනිෂ්ක්‍රමණය කරන්න අදහසක් නැති නිසා මම වැඩිය සිංහල ෆිල්ම් බලන්නෙ නෑ. හැබැයි බලපු ඒවයෙන් හොඳට හිතට වැදුණු දෙබස් ඛණ්ඩයක් තමා මේක,

සුරිය අරණ.

ෆිල්ම් එක බලල නැති අයට: මේකේ ජැක්සන් ඇන්තනි රඟපානව වැද්දෙකුගේ චරිතයක් (සේදිරිස්). වනවාසී හාමුදුරු නමක් සමග නෝක්කඩුවක් ඇති උනාට පස්සෙ, එදා රැ බීගෙන ඇවිත් ගිනි මැලයක් ඉස්සරහ ඉඳන් කියනව මෙහෙම
"හාමුදුරුවොන්ගේ පින් පව් වෙනයි, අපේ පින් පව් වෙනයි!. උන්දලා මැරුණම යන්නෙ නිවන්!! අපි යන්නෙ අපායේ!! යකෝඕඕඕඕඕව්!!!! මොන මගුලෙ හරි යන්නෙ මැරුණට පස්සෙ! එතකන් තොපිට කන්න දෙන්නෙ මගෙ අහවල් එක විකුනලද බොලව්!! "

ඔය ෆිල්ම් එකේ තව හිතට වැදුණු දෙබසක් තමා, සේදිරිස් තමන්ගෙ පුතාව (ටිකිරව)   එක්කන් යනව දඩයම් කරන්න උගන්නන්න. එක්ක ගිහින් මුවෝ රංචුවක් ඉන්න තැනකදී දුන්නෙන් විදින හැටි කියල දීල කියනව විදින්න කියල. පොඩි එකා මානනව. එතකොට යන දෙබස මෙහෙමයි:

සේදිරිස් : තෝ මොකාටද ඔය මානන්නේ?
ටිකිර : අර පැටිය එක්ක ඉන්න එකාට.
සේදිරිස්: පැටිය එක්ක ඉන්නෙ උගෙ අම්මනෙ බොල! ඌ මැරුණම පැටිය කිරිබොන්නෙ තොගෙ අම්මගෙන් ද? මානපිය අන්න අරහෙට!
මම හිතන්නෙ වැද්දන්ගේ සතුන් දඩයම ගැන කියන්න ඕන සියලුම දේ මේ දෙබස් ඛණ්ඩයෙන් කියවෙනව කියල.  



Invictus

සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච, පටන් ගනිද්දිම අවසානය මේකයි කියල දැනගෙන හිටියත් ඒ අවසානයේ තීව්‍ර බව අඩුවක් නැතුව දැනෙන්න සලස්වන ෆිල්ම් එකක්. මේකට පාදක වෙන්නෙ නෙල්සන් මැන්ඩෙලා ඔහුගේ පලවෙනි ධුර කාලය ඇතුලත, දකුණු අප්‍රිකානු රගර් කණ්ඩායමේ නායකයත් සමග එකතු වෙලා, දකුණු අප්‍රිකාවට රගර් ලෝක කුසලානය දිනා දෙන්න සහ ඒ මගින් ජාතික සමගියක් ඇති කරන්න දරන වෑයම. මේකෙ එක තැනක තියෙනව නෙල්සන් මැන්ඩෙලා ට දැනගන්න ලැබෙනව, කළු මිනිසුන් කණ්ඩායමක් විසින් පවත්වන රැස්වීමක් ගැන. ඔවුන් මේකෙදි කතා කරන්නෙ පහුගිය අවුරුදු ගානක් තිස්සෙ තමන් ව පාගගෙන හිටපු සුදු මිනිස්සුන්ගෙන් ඒ පලිය ගන්න හැටි.  බහුතරය වන කළු ජාතිකයින් ගේ චන්ද වලින් බලයට ආවත්, තමන් සුදු මිනිසුන්ගේ වර්ණ භේද වාදය නිසා හිරබත් කැවත්, මැන්ඩෙලා මේක දැනගත්ත ගමන් නැගිටල කාර්යාලයෙන් එලියට බහිනව මේක නවත්තන්න යන්න. ඒ වෙලාවෙ, ඔහු හා ඔහුගේ ලේඛම් වරිය වන බ්‍රෙන්ඩා අතර අපුරු දෙබසක් වෙනව,

බ්‍රෙන්ඩා : Where are you going? You're risking your political capital, you're risking your future as our leader!

මැන්ඩෙලා: The day I am afraid to do that is the day I am no longer fit to lead.

අනේ අපිටත් මෙහෙම නායකයො හිටියනං!


Goodwill Hunting
මේ චිත්‍රපටියෙ විල් හන්ටින් කියන්නෙ ඉතාම දක්ෂ තරුණයෙක්. නමුත් ඔහු රස්තියාදුකාරයෙන්. තමන්ට උපතින් ම ලැබුණු විශ්මිත ඉගෙන ගැනීමේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව තමන්ගෙ යාළුවන් සමග තක්කඩිකම් කරමින් ඉන්නව. ඔහුට මුණ ගැහෙනව ෂෝන් කියන බොහෝ ඇසු පිරු තැන් ඇති වියපත් මිනිසෙක්ව. ගහට ගහක් මොරටුවෙ දී හම්බෙනව වගේ, මේ ෂෝන් විල් ගෙ ජීවිතය වෙනස් කරන්න දායක වෙනව. අපි ගොඩක් වෙලාවට. කියවපු, අහපු දේවල් අනුව හිතනව අපි පුද්ගලයෝ ගැන, රටවල් ගැන විස්තර දන්නව කියල. හරියට ලංකාවට පය ගහල නැති සුද්දො BBC එකෙන් CNN එකෙන් නිව්ස් බලල ලංකාව ගැන ඔපිනියන් දෙනව වගේ. මේ විල් කාරයත් බොහොම දේවල් දන්න නිසා හැම දෙයක් ගැනම මේ වගේ ඔපිනියන් දෙන්න යනව. ෂෝන් ඇඳපු චිත්‍රයක් දැකල විල් ෂෝන් ගෙ ජිවිතේ ගැන අර්ථකතනයක් දෙනව මහා ලොකු දැනුමැත්තෙක් විදිහට.  මේ ඊට පස්සෙ ඔවුන් දෙන්න අතර යන සංවාදය. ෂෝන් කියන්නෙ යුද්ධයක සටන් කරපු, තමන් ගෙ බිරිඳ පිළිකාවකින් මිය යනව බලන් ඉඳපු මනුස්සයෙක්. මේ දෙබස මම හිතන්නෙ අපි දන්නව කියල හිතාගෙන ඉන්න දේවල් ගැන වෙනස් විදිහකට හිතන්න පෙන්වල දෙනව. මේ දෙබස ටිකක් දිගයි.

ෂෝන්: Thought about what you said to me the other day, about my painting. Stayed up half the night thinking about it. Something occurred to me... fell into a deep peaceful sleep, and haven't thought about you since. Do you know what occurred to me?
විල්: No.
ෂෝන්: You're just a kid, you don't have the faintest idea what you're talkin' about.
විල්: Why thank you.
ෂෝන්: It's all right. You've never been out of Boston.
විල්: Nope.
ෂෝන්: So if I asked you about art, you'd probably give me the skinny on every art book ever written. Michelangelo, you know a lot about him. Life's work, political aspirations, him and the pope, sexual orientations, the whole works, right? But I'll bet you can't tell me what it smells like in the Sistine Chapel. You've never actually stood there and looked up at that beautiful ceiling; seen that. If I ask you about women, you'd probably give me a syllabus about your personal favorites. You may have even been laid a few times. But you can't tell me what it feels like to wake up next to a woman and feel truly happy. You're a tough kid. And I'd ask you about war, you'd probably throw Shakespeare at me, right, "once more unto the breach dear friends." But you've never been near one. You've never held your best friend's head in your lap, watch him gasp his last breath looking to you for help. I'd ask you about love, you'd probably quote me a sonnet. But you've never looked at a woman and been totally vulnerable. Known someone that could level you with her eyes, feeling like God put an angel on earth just for you. Who could rescue you from the depths of hell. And you wouldn't know what it's like to be her angel, to have that love for her, be there forever, through anything, through cancer. And you wouldn't know about sleeping sitting up in the hospital room for two months, holding her hand, because the doctors could see in your eyes, that the terms "visiting hours" don't apply to you. You don't know about real loss, 'cause it only occurs when you've loved something more than you love yourself. And I doubt you've ever dared to love anybody that much. And look at you... I don't see an intelligent, confident man... I see a cocky, scared shitless kid. But you're a genius Will. No one denies that. No one could possibly understand the depths of you. But you presume to know everything about me because you saw a painting of mine, and you ripped my f***ing life apart.

Gladiator

කවුරුහරි කැමතිම චිත්‍රපටිය මොකද්ද කියල ඇහුවොත් හරියට එකක් කියන්න බැරි උනත්, ඒ කැමතිම චිත්‍රපටි ගොන්න අතරෙ අනිවාර්යෙන්ම තියෙන චිත්‍රපටියක් තමා ග්ලැඩියේටර්.  මරණ මංචකයේ ඉන්න එවකට රෝම අධිරාජ්‍යයා, තමන්ගේ පුතාට උඩින්, තමන්ගෙ හමුදාවෙ ඉන්න දක්ෂ ජෙනරාල් කෙනෙක් වන මැක්සිමස් ට පාලනය භාර දෙනව. නමුත් බලතන්හාවෙන් පෙලෙන ඔහුගෙ පුතා රජකම පැහැර ගන්නව විතරක් නෙවෙයි, මැක්සිමස් ගෙ බිරිඳ, දරුව ඇතුළු මුළු පවුලම ඝාතනය කරනව. හමුදාවෙන් නෙරපිලා වහල් සේවයට වැටෙන මැක්සිමස් ගෙ එකම අරමුණ වෙන්නෙ මේකට පලි ගන්න එක.  ග්ලැඩියේටර් කෙනෙක් විදිහට තමන්ගෙ වහල් ජීවිතය ගෙවන මැක්සිමස් ට අවසානයේ තමන්ගෙ සතුරා මුණ ගැහෙනව. ඒ රෝමයේ කොලෝසියම් එකේ දී පැවැත්වෙන ග්ලැඩියේටර් තරඟයකදී. ඒකෙදි මැක්සිමස් ගෙ අතිශූර සටන් දකින රෝම අධිරාජ්‍යයාට තේරෙනව මේ ඉන්නෙ නිකම්ම නිකන් වහලෙක් නෙවෙයි කියල එක. ඔහු සටන් භූමියට බැහල මැක්සිමස් ගෙන් අහනව මෙතරම් හොඳින් සටන් කරන ඔහු කව්ද කියල. මැක්සිමස් කියන්නෙ තමන් ග්ලැඩියේටර් කෙනෙක් කියල. ඒ වෙලාවෙ අධිරාජ්‍යයා ඔහුට අණ කරනව වහාම තමන් ගෙ නියම නම හෙළි කරන්න. ඒ වෙලාවෙ ඔහු කියන මේ වදන් මම හිතන්නෙ ග්ලැඩියේටර් බලපු කෙනෙකුට අමතක වෙන එකක් නෑ.     

මැක්සිමස් : My name is Maximus Decimus Meridius, commander of the Armies of the North, General of the Felix Legions, loyal servant to the true emperor, Marcus Aurelius. Father to a murdered son, husband to a murdered wife. And I will have my vengeance, in this life or the next.        


චිත්‍රපටිය බලල වසර ගානකට පස්සෙ ඇත්තටම කොලෝසියම් එක ඇතුලට ගිහින් ප්‍රේක්ෂකාගාරයේ ඉහල මහලක ඉඳන්, මැද තියෙන අංගනය දිහා බලාගෙන ඉද්දි මට මේ වචන ඒක ඇතුලෙ දෝංකාර දෙනව වගේ ඇහුන. 

ලියන්න තව ගොඩක් තිබුනත් පොස්ට් එක දැනටමත් දිග වැඩි නිසා මෙහෙම නවත්තනව. කියවන අයට හිතට වැදුණු දෙබස් තියෙනවනම් කමෙන්ට් වල දාන්න

image:http://archive.epica-awards.com/pages/results/2008/2008agency01306.html

35 comments:

  1. චිත්‍රපටීය - ගරිල්ලා මාකටින්

    ජැක්සන් - මහා පරාක්‍රමබාහු ....ම් එයා තමයි කවි සිලුමිණ ලිව්වේ ?

    කමල් - නැ .සර් ඒ දෙවෙනි පරාක්‍රම බාහු

    ජැක්සන් - අම්මට හුඩු පරාක්‍රම බාහුලා දෙන්නෙක් හිටියද ?

    කමල් - නැ සර් 9ක් හිටිය
    -----------------

    කමල් - සර් මම ප්‍රශ්නයක් අහන්නද ?

    ජැක්සන් - උත්තරේ මේකයි , මම නැට්ටුවෙක් නෙවෙයි ඩාන්සර් කෙනෙක් , දේශපාලඥයෙක් නෙවෙයි , පොලිටිසියන් කෙනෙක්

    ----------------

    ඉංග්‍රිසි /හින්දි චිත්‍රපටි වල ආසා කරපු දෙබස් කොතෙක් ඇතත් දැන් හරියටම මතක නැ .

    ReplyDelete
  2. ගරිල්ලා මකටින් තවත් කැල්ලක් ,

    කමල් - සර් , මම හරි ආසයි රාජ්‍යතාන්ත්‍රිකයන්ට

    ජැකා - අයිසේ , රාජ්‍ය තාන්ත්‍රිකයො වැඩ කරන්නේ ඊලඟ පරම්පරාව බලාගෙන , දේශපාලඥයො වැඩ කරන්නේ ඊලඟ ඡන්දේ බලාගෙන , අපි දේශපාලඥයෝ අයිසේ , දේශපාලඝ්නයෝ . තමුසෙගේ ඔය රහබොරු අපිට කියන්න එපා , ජනතාවටම කියනව

    ReplyDelete
  3. මටත් මතක එකක් තියේ... ඒ i robot මූවි එකේ.

    එකේ තියෙනවා ai computer system එකක්. ඒකෙන් තමා විල් ස්මිත්ට කියන්නේ...

    // my logic is undeniable// කියලා....

    ReplyDelete
  4. හොද එකතුවක්. ගාමණී එකෙත් හොද දෙබස් ටිකක් තිබ්බා.. ජය..

    ReplyDelete
  5. ඔයා දාල තියෙන ඒවා අතරින් Good will hunting සහ ගරිල්ලා මාකටින් දෙබස් ගොඩක් ලස්සනයි.
    මම ආසම චිත්‍රපටි 2 ක දෙබස් මෙන්න :

    Angelica: What were you doing in a Spanish convent, anyway?
    Jack Sparrow: Mistook it for a brothel. Honest mistake.

    (:D :D)

    Spoon boy: Do not try and bend the spoon. That's impossible. Instead... only try to realize the truth.
    Neo: What truth?
    Spoon boy: There is no spoon.
    Neo: There is no spoon?
    Spoon boy: Then you'll see, that it is not the spoon that bends, it is only yourself.

    ReplyDelete
  6. මෙන්න පොඩ්ඩි කැමති එකක්....

    ෆිල්ම් එක The Notebook -2004

    "Young Noah: So it's not gonna be easy. It's going to be really hard; we're gonna have to work at this every day, but I want to do that because I want you. I want all of you, forever, every day. You and me... everyday….”

    පොඩ්ඩිට හිතෙන්නේ මේක පොඩ්ඩිට කියන එකක් වගේ....:D

    ReplyDelete
  7. මමත් හි‍ටු කියල බලනව. ඒත් දෙතුන් දොහකට පස්සෙ මෙලෝ මළ දානයක් මතක නෑ. ගූගල් කරල දාන්නත් කම්මැලියි අප්පා....

    ReplyDelete
  8. අම්මො ගොඩක් තියෙනවා... ඇවටාර් එකේ සෙට් එකක්ම තියෙනව හිතට වදින.

    There's no green there. They killed their Mother, and they're gonna do the same here.

    We're goin' up against gunships with bows and arrows.


    සිංහල ෆිල්ම් ගැන එහෙම කියන්න එපා බන්... හොඳ ඒව තියෙනවා.

    ReplyDelete
  9. August Rush
    ===========

    Wizard: You know what music is? God's little reminder that there's something else besides us in this universe, a harmonic connection between all living beings, every where, even the stars.

    --------------------

    August Rush: The music is all around US, all you have to do is listen... I believe in music... The way that some people believe in fairy tales.

    --------------------

    Wizard: What do you want to be in the world? I mean the whole world. What do you want to be? Close your eyes and think about that.
    August Rush: Found.



    Legends of the Fall
    ===================

    One Stab: I thought Tristan would never live to be an old man. I was wrong about that. I was wrong about many things. It was those who loved him most who died young. He was a rock they broke themselves against however much he tried to protect them... Some people hear their own inner voices with great clearness and they live by what they hear. Such people become crazy, or they become legends.



    The Notebook
    ============

    Noah: I am nothing special; just a common man with common thoughts, and I've led a common life. There are no monuments dedicated to me and my name will soon be forgotten. But in one respect I have succeeded as gloriously as anyone who's ever lived: I've loved another with all my heart and soul; and to me, this has always been enough.

    --------------------

    Allie: Do you think our love, can take us away together?
    Duke: I think our love can do anything we want it to.

    -------------------

    Young Noah: Stop thinking about what everyone wants, stop thinking about what I want, what your parents want! What do YOU want Allie?

    ReplyDelete
  10. මෙන්න මේක 'නොම්මර 17' ෆිල්ම් එකේ විජය කුමාරතුංග කියන කෑල්ලක්..

    "මම තමයි නොම්මර 17..."

    :D :D :D

    ReplyDelete
  11. "Houston we have a problem"
    මතක් වුනා.

    මගේ බ්ලොගේ රීඩර් එක වෙනස් කළා, සොරි 'මුදු කොල්ල කාරව' ඇඩ් කොරන්න අමතක වෙලා, පෝස්ට් ටිකක් මිස් වෙලා .දැන්ම ගිහින් ඇඩ් කර ගන්න ඕනේ.

    ReplyDelete
  12. බුවා - මරු දෙබස් ටික. :D මම මේක බලල නෑ. හොයාගෙන බලන්ට ඕනෙ.

    ReplyDelete
  13. prasanna86k - මමත් ඕක බැලුවට කතාව එච්චරම මතක නෑ.

    ReplyDelete
  14. sAm - බොහොම ඉස්තුතියි.

    ReplyDelete
  15. niroshini - ජැක් ස්පැරෝ ගෙ දෙබස් නං මසුරන්!

    ReplyDelete
  16. පොඩ්ඩි - නිකන් ඇස් දොස්තර ඔයාට කියනව වගේද? :D :D

    ReplyDelete
  17. නවම් - හපෝ මටත් ඔහොමයි ගොඩක් වෙලාවට. සමහර වෙලාවට ෆිල්ම් එකේ බාගයක් යද්දි තමා මතක් වෙන්නෙ මේක කලින් දැකල තියෙනව කියල. :D

    ReplyDelete
  18. පිස්සා - Avatar එකේ ඔය bows & arrows කතාව මටත් මතකයි. හපෝ සිංහල ෆිල්ම්ස් තියෙනව හොඳ එව්ව. හැබැයි ඉතින් වැඩියෙන් තියෙන්නෙ අර වගේ එව්ව තමා. විශේෂයෙන් මේ දැන් හැදෙන එව්ව.

    ReplyDelete
  19. සිත්තමි - ඔය තියෙන්නෙ දීල ඇට්ටි, කුරුම්බැට්ටි, කලටි ඔක්කොම හැලෙන්ඩ! :D :D :D

    ReplyDelete
  20. බුරා - "පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ..... ඈත ඉගිල්ලී පාවේ ඔහෙ ලෝකයේ...... "

    ReplyDelete
  21. Observer - "Houston, Oba has a problem!" :D

    ReplyDelete
  22. මරු...
    සුරිය අරණේ තිබ්බ ඒ කොටස මටත් මැවිලා පෙනුනා මේක කියෙව්වට පස්සේ.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. Forrest Gump: What's the matter, Momma?
    Mrs. Gump: I'm dyin', Forrest. Come on in, sit down over here.
    Forrest Gump: Why are you dyin', Momma?
    Mrs. Gump: It's my time. It's just my time. Oh, now, don't you be afraid, sweetheart. Death is just a part of life. It's something we're all destined to do. I didn't know it, but I was destined to be your momma. I did the best I could.
    Forrest Gump: You did good, Momma.
    Mrs. Gump: Well, I happened to believe you make your own destiny. You have to do the best with what God gave you.
    Forrest Gump: What's my destiny, Momma?
    Mrs. Gump: You're gonna have to figure that out for yourself. Life is a box of chocolates, Forrest. You never know what you're gonna get.
    Forrest Gump: [narrating] Momma always had a way of explaining things so I could understand them.
    Mrs. Gump: I will miss you, Forrest.
    Forrest Gump: [narrating] She had got the cancer and died on a Tuesday. I bought her a new hat with little flowers on it. And that's all I have to say about that.

    --------------------------------------------------------------------------------

    ReplyDelete
  25. බලපු ‍ෆිල්ම්වල හිතට ගිය දෙබස් අනන්තයි ඉතින් ඒ ඔක්කොම මතකතියාගන්න මේ මොළගෙඩියෙ ඉඩ නෑනෙ.

    ReplyDelete
  26. ලොකු පුතා - ඕකෙ තව හොඳ කෑල්ලක් තියෙනව අර සුද්දෙක් අලියෙක් වෙඩි තියල මරා දාපු තැනට ඇවිත් සේදිරිස් කියන ටික. මට ඒ ටික මතක නෑ.

    ReplyDelete
  27. යසිරු - හප්පා, forrest gump, shawshank redemption වල එහෙම කොච්චර තියෙනවද?. ස්තුතියි මතක් කලාට.

    ReplyDelete
  28. රෝස කුමාරි - අපේ මොලගෙඩි වලත් ඉඩ නෑ. එකටනෙ IMDB එක තියෙන්නෙ. :D :D

    ReplyDelete
  29. උඹ IMDB මතක් කරපු එක එළ, ඒකෙන් මෙන්න මේ කෑල්ල හොයාගන්න පුළුවන් වුනා.. ඕක මං ආසම කෑල්ලක්, ඔක්කොම ටික මතක නැතිව හිටියෙ.. ෆිල්ම් එක 'Stardust', one of my fav.. :)

    Yvaine: "You know when I said I knew little about love? That wasn't true. I know a lot about love. I've seen it, centuries and centuries of it, and it was the only thing that made watching your world bearable. All those wars. Pain, lies, hate... It made me want to turn away and never look down again. But when I see the way that mankind loves... You could search to the furthest reaches of the universe and never find anything more beautiful. So yes, I know that love is unconditional. But I also know that it can be unpredictable, unexpected, uncontrollable, unbearable and strangely easy to mistake for loathing, and... What I'm trying to say, Tristan is...I think I love you. Is this love, Tristan? I never imagined I'd know it for myself. My heart... It feels like my chest can barely contain it. Like it's trying to escape because it doesn't belong to me any more. It belongs to you. And if you wanted it, I'd wish for nothing in exchange - no gifts. No goods. No demonstrations of devotion. Nothing but knowing you loved me too. Just your heart, in exchange for mine..."

    ReplyDelete
  30. //So yes, I know that love is unconditional. But I also know that it can be unpredictable, unexpected, uncontrollable, unbearable and strangely easy to mistake for loathing//

    OH MY GOD....:D:D:D

    ReplyDelete
  31. බුරා - ඇඬේනව මචෝ!. බොක්කට වදින දෙබසක්

    ReplyDelete
  32. පොඩ්ඩි :

    //OH MY GOD.....//

    Yes, can I help you??

    ReplyDelete
  33. සිරා ලිපිය මචන්, ලගදි ආව බබර වළල්ලෙත් එල දෙබස් ටිකක් තියෙනව. Bourne Identity වල Jason Bourne කියන මේ ටික නම් කට පාඩම්.

    “I can tell you the license plate numbers of all six cars outside. I can tell you that our waitress is left-handed and the guy sitting up at the counter weighs two hundred fifteen pounds and knows how to handle himself. I know the best place to look for a gun is the cab of the gray truck outside, and at this altitude, I can run flat out for a half mile before my hands start shaking. Now why would I know that? How can I know that and not know who I am?”

    ReplyDelete
  34. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  35. Barbossa - We should be the ones to set her free.And in her gratitude,she will see fit to grant us boons.
    Jack Sparrow - Whose boons? Your boons?

    ඒ එකක්...

    Barbossa - If you have a better alternative,
    please, share.

    Jack Sparrow - Cuttlefish.


    Let us not, dear friends,


    forget our dear friends, the cuttlefish.


    Flipping glorious little sausages.


    Pen them up together, they'll devour
    each other without a second thought.


    Human nature, isn't it?


    Or fish nature.


    So, yes. We could hole up here
    well provisioned and well armed.


    Half of us would be dead
    within the month.


    Which seems quite grim to me,
    any way you slice it. Or...


    As my learned colleague
    so naively suggests,


    we can release Calypso, and we
    can pray that she will be merciful.


    I rather doubt it.


    Can we pretend she's anything
    other than a woman scorned


    Iike which fury hell hath no? We cannot.


    We are left with but one option.


    I agree with, and I cannot believe
    the words are coming out of me mouth...


    ...Captain Swann. We must fight.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!