Thursday 5 January 2012

බඩු, කෑලි සහ පාරවල්




මුණු පොතේ තිබුණු 'පට්ට කෑල්ලක් සහ සාමාන්‍ය කෙල්ලක් අතර වෙනස' යන ඇනලිසිස් එක දැක මට මෙය ලියන්නට සිත් විය. අපි පොඩි කාලේ කෑලි හිටියේ නැත. බඩු හිටියෙත් නැත. පාරවල් හිටියෙත් නැත. හිටියේ ගෑනු ළමයි පමණය. ගෑනු ළමයි, කෑලි, බඩු, පාරවල් බවට පත් වෙන්නට ගත්තේ ටික ටික ලොකු වෙද්දීය. කොල්ලකාරයාට ගෑනු ළමයෙක් ගේ බැල්මට් එක මුලින් ම වැටුනේ 5 වසරේදීය. බර්ගර් නමක් තිබූ, කැරලි සහිත කොණ්ඩයක් ඇති සුදු කෙල්ලෙක් දවසක් පන්තියේදී  කොල්ලකාරයාගෙන් ගානක් අසාගත්තාය. බෝධි අංකුරයක් මෙන් සිටි කොල්ලකාරයාද, මේ පිනින් මටත් ගණන් ගොඩ යේවා කියා ගාන කියා දුන්නේය. වැඩේ වැරදුනේ එතැන් සිටය. කෙල්ල ඊට පසු හැම සතියකම  කොමල හිනා දමන්නට පටන් ගත්තාය. වැඩේ හරියට තේරුනේ නැතත්, කෙල්ලන් හා කොල්ලන් කතා කිරීම ආනන්තරිය පාපකර්මයක් බව ටෙලි නාට්‍ය වලින් කොල්ලකාරයා ඉගෙන ගෙන තිබුනේය. වැඩේ තවත් දෙල් උනේ කෙල්ල එක සතියක පැමිණ කොල්ලකාරයාට ලස්සන පෑනක් තෑගි කිරීමත් සමගය. ඒකත් රැගත් කොල්ලකාරයා ගෙදර ගියේ පරාණ බයෙන් ය. ගෙදර ගිය ගමන් කලේ පෑන හැන්ගිමය. ( ඒක මගදී විසි කරන්නට බැරි උනේ මොකෝ කියා තාම හිතා ගන්නට බැරිය). ඊලඟ සතියේ පටන් කොල්ලකාරයා ඒ කෙල්ල දිහා බැලුවේවත් නැත. ඒ ආනිසංසයෙන් ඊට අවුරුදු ගානකට පසු කොල්ලකාරයා කෙල්ලන් දිහා බලන්නට පටන්  ගත්  පසුත්, කිසිම කෙල්ලක් කොල්ලකාරයා දිහා බැලුවේ නැත.

කර දඬු මෝරන විට කොල්ලන්ට ඇති වූ ලොකුම උණ උනේ 'බඩුවක්' දා ගැනීමය. ඒ කාලේ අප හිතා හිටියේ ඒක හරි ලොකු වැඩක් කියාය. බෙල්ලේ ගලක් ගැට ගහන් ගඟක මුදක පනින ඒක ඊට වඩා සුව දායක බව දැනගත්තේ පසුවය. අපේ සෙට් එකෙන් මුලින්ම කෙල්ලෙක් හෙවත් බඩුවක් හෙවත් කෑල්ලක් දාගත්තේ හසිතයාය. මිනිහා පළවෙනියට කෙල්ලත් එක්ක 'ඩේට්' එකකට ගොස් පැමිණි පසු, ඌ එහෙම ගිහින් කලේ මොනවාදැයි දැනගැනීමට අපේ පන්තියේ සිටි අබේට ඕනෑ විය. ඒ දවස් වල පන්තියේ මොකක් හරි කතාවක් පතුරවන්නට ඕනෑ නම් කරන්නට තිබුනේ අබේට කතාව පැවසීමය. අනිවාර්යෙන්ම කතාව කියා අවසානයේ 'මචං උඹට විතරයි මේක කිව්වෙ. වෙන කාටවත් කියන්න එපා' යන කොටසද එකතු කල යුතුය. එවිට පහුවෙනිදා උදේ වන විට මුළු පන්තියේම කොල්ලෝ එක එකාට හොරෙන් කතාව දැනගෙන සිටිති. හසිතයාද වැඩ වරද්දා ගත්තේ අබේට ඔය අවසාන වාක්‍ය කියන්නට ගිහින්ය. පහුවෙනිදා කතාව පමණක් නොව, මෙතන කියන්නට බැරි කාඩ් එකක් ද හසිතයාට වැටි තිබුනේය. හැබැයි නම් තැබීමේ මංගල්‍ය සිදු වුයේ එදා හවස නුගේගොඩ හන්දියේදීය. ඒ හසිතයා කෙල්ලත් එක්ක යන විට  දෙනෝදාහක් ඉස්සරහ කොල්ලන් 20 -30 පමණ අලුත් කාඩ් එක කියා හසිතයාට කෑ ගැසිමෙන්ය. ඒක ඇසූ කෙල්ලට අසූ හාරදාහට තද වී, අපි ඔක්කොටම ඔරවා භුමිතෙල් පාරක් කෑ ගැරඬියක සේ අන්තර්ධාන වුවාය. එපමණක් නොව 'හැම මගුලම යාළුවන්ට ගිහින් කියනවා' යයි හසිතයාට දෝස්මුරේ දමා දවස් ගානක් යනතෙක් කතා නොකර සිටියාය. ඒකෙන් අපට ලයිව් ඇක්ෂන් මුවි එකක් අසා ගැනීමේ අවස්ථාව නැතිවී ගියේය.

මේ බඩු කතා කියනවිට මට මතක් උනේ අපිට සාමාන්‍ය පෙළ වානිජ්‍ය ඉගැන්වූ ගුරුතුමියය. 'ඕගොල්ලොන්ට බඩු කිව්වම නිකන් කිචි වගේ නෙ, ඒක නිසා අපි භාණ්ඩ කියමු " කියා බඩු යන වචනය ඇය වානිජ්‍ය  ශබ්දකෝෂයෙන් හැලුවාය. ඒ උනාට පන්තියේ හැම එකාගේම බඩු කේස් ඇය දැන සිටියා පමණක් නොව කොල්ලන්ට මොලේ කොලොප්පන් කරගන්නේ නැතුව අධ්‍යාපන කටයුතු කරගන්න උපදෙස් ද දුන්නාය. අපේ කොල්ලෙකුගේ අක්කා කෙනෙක් වරක් 'මොකද මල්ලි මේ ඕගොල්ලො ගැණු ළමයින්ට කතා කරන හැටි' කියා ඇසු විට අපේ එකා කීවේ 'බඩුවට බඩුව නොකියා අහවල් එකක් කියන්නද' කියාය. බලාගෙන යද්දී ඌත් වැරදි නැත. කොල්ලන් කෙල්ලන්ට මොන මොන නම් කීවත්,  කෙල්ලන් කොල්ලන්ට මොන මොන නම් වලින් කතා කරනවාදැයි දන්නේ කෙල්ලන්ම පමණය. බඩු කතා කියද්දී, මතකෙට එන කතා ගොඩක් තිබුනත් එව්වා ලියන එක දැන් ටිකක් භයානකය. කිසිම දාක බ්ලොග් එකක් නොබලයි කියා හිතු අපේ පන්තියේ එවුන්ට මගේ බ්ලොගය මාට්ටු වී ඇත. ඒ නිසා මේ දවස් වල පරණ කතා අදින්නේ බොහොම පරෙස්සමෙන්ය. මොකද බැරි වෙලාවත් මගේ පට්ටන්දර කියන්නට උන් බ්ලොගයක් පටන් ගතහොත් මට පාරේ යන්නට රෙදි උවමනා නොවන්නට ඉඩ ඇති නිසාය.

72 comments:

  1. හපොයි දෙයියනේ, පරණ ඇටසැකිලි ඔහොම්ම කබඩ් අස්සෙම තිබුනාවෙ.. ඕවා දැන් ඇද්දොත් එකක් හිතට දුකයි, අනෙක තමා ඉතිං උඹ කිවුවා වගේ රෙදි ඇදන් පාරේ යන්නට බැරි වීම, ඒ නිසා යට ගිය දේ යටම ගියාවෙ..

    පලි: කවුද බොලාට O/L වාණිජ්‍යය කරේ බං, කටු බැල්ලිද.?? හැබැයි උන්දෑනං ඔහොම උපදෙස් දුන්නා කියලා හිතන්න අමාරුයි.. :)

    ReplyDelete
  2. @ Bura
    කෙල්ලන්ට බඩු කියනවා වගේ ටීචර්ස්ලාට කියන්නේ බැල්ලී කියලාද?
    කටු බැල්ලී, මස් බැල්ලී, සුදු බැල්ලී,....

    @මුහුදු
    වෙල් රිට්න්!

    ReplyDelete
  3. ඊයෙද කොහෙද දත් ගැනත් ලියැවිලා තිබුනා....

    ReplyDelete
  4. උඹට වෙච්ච ආනිසංසෙම තමයි බං මටත් උනේ,
    මට කැමති උන්ට මම ලොකු එක දීගෙන ඉඳලා ඉස්කෝලෙන් අස්වෙද්දීත් "බඩුවක්" හිටියේ නැහැ

    ඔය එක එක සිද්ධි අක්කලට මාට්ටු උනාට පස්සේ ඒ කාලෙම මගේ රෙදි ටිකනම් ගලවලා දැම්මා උන්දලා ටික එකතුවෙලා
    එකෙක්නම් කමක් නැහැ තුන්දෙනෙක් එකතු උනාම හිතා ගන්න පුළුවන්නේ

    ReplyDelete
  5. //කර දඬු මෝරන විට කොල්ලන්ට ඇති වූ ලොකුම උණ උනේ 'බඩුවක්' දා ගැනීමය.//

    ඊට පස්සෙත් ඉතින් ඒ උණේම තමා...:D

    ReplyDelete
  6. //පාරේ යන්නට රෙදි උවමනා නොවන්නට ඉඩ ඇති නිසාය.//

    මගේ කොල්ලා නම් දවසක් චැට් කරාගන්ට බැරි උනත්, අඬන හරීම හොඳ කොල්ලෙක්. එයා දන්නවනම් ඉතින් මම මෙහෙම ලීවා කියලා, එයාට වෙන්නේ අර කොල්ලකාරයා කියලා තියන දේම තමයි.

    ඔය කියනවා වගේ බෝධි අංකුරයක් කොහෙද තියෙන්නේ?

    ReplyDelete
  7. @කකා,

    හපොයි හැමෝටම නෙවෙයි.. මේක ස්පෙෂල් කේස් එකක්.. :D

    ඇයි කකාලගෙ කාලෙත් ඉස්කෝලෙ එහෙම නමකින් ටීචර් කෙනෙක් හිටියද..??

    ReplyDelete
  8. mamath methena pora wennata sitha gna anwashya ewa nokiyami.

    බඩුවට බඩුව ‍๧‍නාකියා අහවල් එකක් කියන්නද kiyana eka nam fatta...

    ReplyDelete
  9. "අපි පොඩි කාලේ කෑලි හිටියේ නැත." සෑහෙන වයසක මනුස්සයෙක් වගේ.... :)

    ඔය කෑලි හා බඩු කියන එකේ තේරුම ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනවා නේද?

    මුලින් ලොකු එක දී දැන් ලොකු එක බැලීම මටත් පොදුයි....

    කතාව නම් ලස්සනට ලියලා තියනවා...

    ReplyDelete
  10. එලම පෝස්ට් එකක්. මීට වැඩිය යමක් ලියන්න නොයන්නේ මගේ අතීතය දන්න වුන් බ්ලොග් පටන් ගත්තොත් ඇති විය හැකි තත්වය සිතා බලා දුර දක්නා නුවනින් කල්පනා කර බලාය.
    henryblogwalker the Dude

    ReplyDelete
  11. 'ලොකු එක' මට නං අලුත් කතාවකි.

    කෙල්ලො කොල්ලොන්ට කියන්නෙ 'mugs' කියාය.

    ReplyDelete
  12. කොල්ලෝ නම් ඔහොම්මය....

    9 වසරේදී කොල්ලෙකුට යාලු වෙන්නට බෑයි පැවසූවිට ඌ මට "උබ බඩුවදැයි" ඇසුවා තාමත් මතකය.... එදා එය මම මගේ ප්‍රියතම ගුරුවරියකට පවසා පන්තිය ඉදිරියේ වීරවරිය වී, ගුරුතුමිය ගියපසු අනික් කොල්ලන්ගෙන් බැනුම් ඇසුවා මතකය ....

    ReplyDelete
  13. අදයි මේ පැත්තෙ ආවෙ.. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... මරු පෝස්ට් එක :D

    //මොකද බැරි වෙලාවත් මගේ පට්ටන්දර කියන්නට උන් බ්ලොගයක් පටන් ගතහොත් මට පාරේ යන්නට රෙදි උවමනා නොවන්නට ඉඩ ඇති නිසාය.//

    මේ බ්ලොග් එක ලියන කෙනාගෙ පට්ටන්දර එසේ මෙසේ නොවන බවයි මෙයින් පේන්නෙ...;)

    කොහොම වුනත් හොදයි.. දිගටම ලියන්න..

    ReplyDelete
  14. ඈ බන් බොට උසස් පෙළයි සාමාන්‍ය පෙලයි ටැපලුනාද.
    කවුද ඔය කියන ගුරුතුමී?

    පරන බඩු කේස් නම් ඕනිම නැත.......

    ReplyDelete
  15. පරණ බඩු කේස් නො අදින තාක් කල් යහපති. රෙද්දක් ඇඳං ඒවා ලියන්නට බැරිය. ඔතනදී අපි "ඕකි බඩුව බං" කිව්වෙ නම් උන් කෙල්ලක් වීම නිසා විතරක්ම නෙවේය.

    ReplyDelete
  16. බුරා
    නෑ මචෝ. මේ අර කොමස් සෙක්ෂන් එකේ හිටපු සුදු, මහත ලස්සන මැඩම් ;). ඒ දවස් වල ගුරුවරු මදි වෙලා O/L වලට ඉගැන්නුව.

    ReplyDelete
  17. කකා

    තෑන්ක් යු! :D

    ReplyDelete
  18. Roshan

    දත් ගැන ලියල තිබ්බෙ ගෑනු ළමයෙක් වෙන්නැති.

    ReplyDelete
  19. ලොකු පුතා

    අක්කල 3 දෙනෙක් ? බුදු අම්මෝ.හොදි ඕන්නෑ :D

    ReplyDelete
  20. පොඩ්ඩි

    නෑ, ඇත්ත තේරෙද්දී ඒ උණ ටිකක් බහිනව :D

    ReplyDelete
  21. දෙවෙනි පොඩ්ඩි,

    පොඩ්ඩි කිව්වට ඔයාගෙ පින්තුරෙ ඉන්නෙ හරි ලොකු එක්කෙනෙක් නෙ. අංකුර දැන් නෑ. දැන් තියෙන්නෙ බෝ ගහක්!:D :D

    ReplyDelete
  22. prasanna86k

    මාළුව නහින්නෙ කට නිසා කියල කියනවනෙ. ඒ නිසා මුකුත් නොකියන එක හොඳා! :D

    ReplyDelete
  23. හරි

    මට හිතුන කවුරුහරි ඔහොම කියයි කියල. කෑලි හිටියේ නෑ කිව්වේ එහෙම කතා කලේ නෑ කියල. :)

    ReplyDelete
  24. Dude

    ඒක නං ශරීරයට ගුණ දායකය.

    ReplyDelete
  25. Observer

    mugs නං අපිටත් අලුත් කතාවකි. හැබෑටම ඔබා කාටවත් ලොකු එක දීල නැද්ද? :D :D

    ReplyDelete
  26. Sammani

    //9 වසරේදී කොල්ලෙකුට යාලු වෙන්නට බෑයි පැවසූවිට// කෙල්ලෝ නම් ද ඔහොම්මය :D :D

    මොනව උනත් කොල්ල මාරු කතාව කියල තියෙන්නෙ!

    ReplyDelete
  27. හිතුවක්කාරී

    සාදරෙන් පිලිගන්නවා නැවට. අපොයි ඔව්. ඒ කතා බ්ලොග් එකකින් ආවොත් මම එදාට මේ බ්ලොගේ නවත්තනව :D

    ReplyDelete
  28. නිශ්

    අපෝ නෑ. අර බුරාට කිව්ව වගේ ගුරුවරු මදි වෙලා තමා අපේ පන්ති වලට උගන්නන්න ආවේ. උඹ කලින් කමෙන්ට් එකක කියලත් තියනව එයා ගැන. :D

    ReplyDelete
  29. නවම්

    ඔව් ඔව්. කෙල්ලක් වීම නිසා පමණක් ම නොවේය. ඇතැම්විට බඩුව වෙනුවට වෙන වෙන නාම පදද යොදනු ලැබේ :D

    ReplyDelete
  30. කිවුවත් වගේ අපි කෙල්ලන්ට ඔහොම කිවුවට කෙල්ලො අපිට මොනා කියනවා ඇත්ද?

    ReplyDelete
  31. ඕක භාෂාවෙ පරිණාමයත් එක්ක ඇතිවෙන දෙයක්. බඩුව කියනඑක ආපු මුල් කාලෙ තරම් අපහාසාත්මක තත්වයක් ඇන් නෑ. "මාර බඩුවක්" වගේ අදහසකින් තමයි ඒකාලෙ ඕක පටන් ගත්තෙ. දැන් ඉන්න කොල්ලො නං තමන්ගෙ කෙල්ල හදුන්වන්න පවා බඩුව කියනඑක යොදාගන්නවා. කෑල්ල කියන්නෙත් සමාන වචනයක්.

    ReplyDelete
  32. Dinesh

    කෝ මේ උඩ කමෙන්ට් දාපු අය මුකුත් කියල නෑනෙ :D

    ReplyDelete
  33. රාජ්

    ඒක සහතික ඇත්ත. කොල්ලො එහෙම කතා කරන්නෙ කිසිම අපහාසාත්මක අදහසකින් නෙවෙයි. සමහර වෙලාවට ඒකට කවුරුහරි මොනාහරි කිව්වහම හිතෙනව මොකද්ද කියපු වැරදි වචනෙ කියල.

    ReplyDelete
  34. @මුහුදු කොල්ලකාරයා,

    මට හිතෙන්නේ ඔයත් ඇස් දොස්තර කෙනෙක් මුන ගැහුනොත් හොඳයි. ඔය බෝ පැල අපි නම් ඩොලෙරෙකටවත් ගනන් ගන්නේ නෑ.

    ReplyDelete
  35. @මුහුදු,

    ආ එයාද..? එයා නං ඔහොම කතා කියනවා තමා.. :D

    ReplyDelete
  36. ඔව් ඔව් නොලියන එක හොඳයි . ඒ කාලේ බඩුත් මෙව්වා කියවනවා ඇතිනේ . අර අන්තිම කෑල්ල තමයි නියම .

    ReplyDelete
  37. @Dinesh,

    අපි නම් කොල්ලන්ට පාවිච්චි කරන්නේ Geek, Nerd, Bully වගේ වචන. ඔයිට වඩා හොඳ ලස්සන ඒවා සමහරු පාවිච්චි කරනවා ඇති.

    ඔන්න කෝකටත් කියලා තේරුමුත් පහලින් දැම්මා කොල්ලන්ට පේන්ට. :D:D:D

    Geek a peculiar or dislikeable person,
    Bully a person who is habitually cruel or overbearing, especially to smaller or weaker people. (Small or weaker people ….meaning women)
    Nerd a foolish, inept, or unattractive person.

    ආදරේට නම් ඉතින් sugar plum, muffin, wombat, poodle, babe, honey, pumpkin, sugar, මගේ පණ, පැටියෝ වගේ ඒවත් කියනවා… හී හී හී හී

    Just kidding……………………………!!!!!!

    ReplyDelete
  38. සිරිකත පත්තරේ "ඔබේ පුතා මෙතනද" කියල දැම්මට පස්සෙ කටු බැල්ලීගෙ සාදර අනුග්‍රහයෙන් ඉස්කෝලෙන් සහතිකයක් දීල ගෙදරම එව්ව මතක් උනා.

    ReplyDelete
  39. බුරා - එයා තමා! එයා තමා! :)

    ReplyDelete
  40. bindi - අන්තිම කෑල්ල ඉතින් ඇත්තම ඇත්ත :)

    ReplyDelete
  41. පොඩ්ඩි - Wombat??? Seriously?? I mean seriously?? :)

    මොනව උනත් පොඩ්ඩි ට හොඳට අත්දැකීම් තියෙනව වගේ ;)

    ReplyDelete
  42. ඉන්දික - තේරුනේ නෑ :-?

    ReplyDelete
  43. මුහුදු,

    ඒක දිග කතාවක් මචං. අපි ඔක්කොම ගුණරත්න මහත්තයගෙ කාලේ උන්නු උන් තමයි. ඒත් මගේ හොඳ ක්‍රියාකාලපෙ සහ උසස් දක්ෂතා නිසා එතුම මට ගේ කිට්ටුව ඉස්කොලේකට මාරුවක් හදල දුන්න. ඒකට මුල් උනේ සිරිකත පත්තරේ දාල තිබ්බ ෆොටෝ එකක්! වෙලාවක ලියන්නං කියල හිතුනත් ආයි ඔය පරණු කුණු මොකටද කියල නිකන් ඉන්නව.

    ReplyDelete
  44. @ඉන්දික,

    ඒ දවස්වල ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටපු අපට අල පරිප්පු ගුණේ කියන්නෙ අල්ලන්නෙම නැති කේස් එකක්.. මොන හේතුවකටද මන්දා පොරට හොස්ටල් එකේ ළමයි පේන්න බෑ, හැමදාම වැරැදිමයි හොයන්නෙ, දෙකේ කොලේට දාලාමයි කතාකරන්නෙ.. සමහර විට අපි ශිෂ්‍යත්වෙ පාස් වෙලා ගම්වලින් ආපු සාමාන්‍ය පවුල්වල ළමයි නිසා වෙන්ටැති.. ඇත්ත අපිත් දස වැඩ කලා තමා, ඉස්කෝලෙ කොස්ගස්වල තිබ්බ වරකා ඔක්කෝම බෑවෙ අපි, අඹ ගස්වල අඹ ටික ඔක්කෝටම ගේම දුන්නෙ අපි, ඔෆිස් එක ඉස්සරහා තැඹිලි ගහේ තැඹිලි බෑවෙත් අපි, ඒත් ඉතිං කොල්ලො ඒ වගේ වැඩ නොකර කවුරු කරන්නද..!!??

    ReplyDelete
  45. මම ගියේ කොලඹින් ඈත මිශ්‍ර ඉස්කෝලෙකට .හැබැයි කෙල්ලන්ට බඩු කියලා නම් කොල්ලෝ කියනවා ඇහිලා නෑ මට , එහෙම මතකෙකුත් නෑ . ඒකි , මේකි කියලා කිව්වා , තව ඔය කෙල්ලන්ට කොල්ලො එක එක නම් එහෙමත් දාගන්නවනේ ඒවයිනුත් අමතල තියෙනවා ( මට කිව්ව නම අහන්න එපා හරිද ? :) ) අපි දෙගොල්ලම එකිනෙකාට නිතරම මචං කියාහත්තු ගමන්ම තමයි . සුහදතාවය ආරක්ෂා වෙන්න .ඕනෙ වලියකට , ජොලියකට සෙට් වුන අපි මචං ලා ටිකක් හිටියා ඒ ලෙවල් ක්ලාස් එකේ . ඒ සෙට් එකේ කොලු මචං ලා එක්ක රතිඤා පත්තු කරන්නත් ගිහින් තියේ ප්‍රිෆෙක්ට්ස් ල පත් කරනවට විරෝධතා දක්වන්න .තව අපි එකිනෙකාට අඩෝ කියලත් ආමන්ත්‍රණය කලා කොටින්ම මම හරි අමාරුවෙන් ඔය මචං/අඩෝ කතාව නවත්තගෙන හිටියේ කැම්පස් එකේදි මොකෝ අපේ සමහර ගෑණු ඉස්කෝලවට ගිය බැචියන්ට ඕවා හරීම අරහං වචන ඒ දවස්වල . ඔයිට අමතරව කොල්ලො කොල්ලො උන්ට කතාකරගන්න වෙනම වචන සෙට් එකක් තිබ්බා .ඒව ටිකක් මෙතන ලියන්න අමාරුයි.තාමත් ඒකාලේ කොලු මචංලා ( සමහරු දැං පියවරු එහෙමත් වෙලා ) දැක්ක හැටිය නිකම්ම අඩෝ /මචං බාසාවට එන්ටර් වෙනවා කට්ටියම දන්නේම නැතුව :)

    ReplyDelete
  46. ඔයාලා කෙල්ලන්ට බඩු කිව්වට අපි නම් හරිම ගරු නම්බු දීලා තමයි කතා කරන්නේ..(මහත්තයා,,අර දරුවා..හි.හි )..

    ReplyDelete
  47. මොකා..!!?? අත දරුවා..!!??

    ReplyDelete
  48. අපේ ගයානය වෙසක් කාර්ඩ් එක කෙල්ලගෙ ගේ ගාව තිබු බෝදියට විසි කිරීම මතක් උනා...

    ඕක හැම එකාටම වෙන දේ බන්.. මුලදි ගින්දර වගේ ලියාගෙන යනවා.. පස්සෙ පස්සෙ කට්ටිය අදුරගෙන වෙස් මූන එලියට එද්දි ලියන්න 3 - 4 පාරක් හිතන්න වෙනවා

    ReplyDelete
  49. ඉස්කෝලෙ කතා ටික එල කිරි. හික් හික් කමක් නෑ බන් පරණ වාඩියේ කතන්දරත් ටික ටික ලියපන්...

    ReplyDelete
  50. හික්ස්.... කොල්ලන්ට වරදින තැන තමයි ඔය 'බඩු' කේස්.... හැබැයි ඉතිං බොක්කෙන් නැතුව , සුහද සිතින් කරනවානං ඕනි එකක් හොඳයි!!! ;)

    ReplyDelete
  51. ඉන්දික

    ඔව් ඔව්. ගිය දේවල් ගියාවේ...

    ReplyDelete
  52. බුරා

    හප්පා බොලා වගේ වතු පාළුවො ටිකක්!! :D

    අපි කොඳු කඩාගෙන සාත්තු කරපු අර සිංහරාජ ආකෘතියෙ ගස් වලට වැඩ දෙන්න ඇත්තෙත් බොලා තමා!!

    ReplyDelete
  53. TG

    මම ඇහුවමයි බඩුව කියනව ඇහිල නෑ කියල. පිරිමි ඉස්කෝලෙකට ගියපු නිසාද මන්ද මමත් කැමති නෑ ගෑනු ළමයි මචං කියල මට කතා කරනවට. මොකද ඒ කාලෙ අපිට කෙල්ලෝ කියන්නෙ අමුතු සත්තු ජාතියක් නෙ. ( තාමත් ටිකක් එහෙම තමා. සතාව තාම අඳුරගන්න ගන්න ට්‍රයි කරනව!)

    ReplyDelete
  54. පුංචි කුමාරිහාමි

    අන්න බුරා මොනාද කියනව ඔයාට :)

    ReplyDelete
  55. පිස්සා

    ඒක තමා බන්. මුලදී අත දිග ඇරලා ලිව්වට දැන් නං ලියන්න කලින් 10 පාරක් විතර හිතනව.

    ReplyDelete
  56. ගුණේ

    ඔව් ඔව්. ටික ටික ලියනව. දන්න කියන එවුන් ගෙන් ගුටි කන්නෙ නැතුව ලියන එක තමා වැඩේ.

    ReplyDelete
  57. ජංජාල චාමර

    //බොක්කෙන් නැතුව සුහද සිතින්// හෙහ් හෙහ්! මට ගුණදාස කපුගේ ගෙ උන්මාද සිතුවම් සින්දුව මතක් උනා

    ReplyDelete
  58. හික් හික්.. වතුපාලු කතා ඔක්කොම කිවුවෙ නෑ බොල, අර ප්‍රයිමරිය පැත්තෙ තාප්පෙ අයිනෙ තිබ්බ ගෙවල්වල කෙහෙල්කැන් හොරෙන් කපපුව එහෙම.. ;)

    අපි ඉස්කෝලෙට ආපුම කාලෙ සිංහරාජෙ බොහොම සශ්‍රීකව තිබුනා.. අපි ඒ දවස්සොල ඕක අස්සෙ රොබින්හුඩ් කරනවා.. බාලදක්ෂ ජම්බෝරියක් තිබිලා ඕක අස්සෙ වැල්පාළං එහෙමත් ගැහුවා මතකයි.. ඒත් පස්සෙ කාලෙක ඒක ටිකක් වැහැරිලා ගියා, කාගෙවත් උනන්දුවක් නැතිව.. අන්තිමේදි අපි අස්වෙන්න කිට්ටුව තමා ආයෙමත් මට්ටමකට ආවෙ..

    ReplyDelete
  59. ඔය වැල් පාලං ගහපු එක මටත් යාන්තමට මතකයි. ඒ දවස් වල අපි මොකද්ද පරිසර සංවිධානෙකට සෙට් වෙලා හිටිය. ඒකෙන් තමා ඕක නඩත්තු කරේ. ඉතින් පීරියඩ් කට් කරන්න ඕන උනාම කලේ ඕකෙ මොකක් හරි වැඩක් තියෙනව කියල එන එක. පස්සෙ ඉතින් ලොකු වෙද්දි නං එච්චර කට්ට කන්නෙ නැතුව පීරියඩ් කට් කරන්න ඉගෙන ගත්ත. :D

    ReplyDelete
  60. "සංරක්ෂණය සදහා පා නගමු" තමයි ඒ සමිතියෙ නම, මාත් ඕකෙ පන්ති නියෝජිත වෙලා හිටියා කාලයක්.. අප්පා සමිති නං කීයක කියලා හිටියද බං, පන්ති කට් කරන්න කියාපු ක්‍රමේ.. අන්තිම කාලෙ වෙනකොට අපි ඉස්කෝලෙත් නෑ, ඇයි ඉතිං අර සමිතියෙ වැඩේට 'අර බාලිකාවට' යන්න ඕන, මේ සමිතියෙ වැඩේට 'මේ බාලිකාවට' යන්න ඕන, කීයක් නං රාජකාරිද.. මං හිතන්නෙ ප්‍රින්සිපල්ට වත් තිබ්බෙ නෑ එච්චර රාජකාරි.. :D

    ReplyDelete
  61. දැනුයි දැක්කෙ.. උදේ පාන්දර 5:41ට නෙට් එන්න බොට නින්ද යන්නැති ලෙඩක්වත් තියෙනවද..?? :)

    ReplyDelete
  62. අඩේ අප්පා, උඹලත් ඒකෙ හිටියයි? මාත් හිටියනෙ:D

    අපොයි 5.41 වේලාවක්ද? බොලා පාන්දර 2 ටත් කමෙන්ට් කරන්නෙ :D :D

    ReplyDelete
  63. සිකේ.... හොඳටම පරක්කුයි... කමන්නැ... වැදගත් කතාවකුත් තියෙනවා කියන්ඩ... පිරිමි ළමයි විදිහට අපිට එකතු වෙලා කරන්ඩ ලොකු වැඩක් තියෙනවා. කවරදාටත් වඩා එහි අවශ්‍යතාවය අදටයි දැනෙන්නෙ. වැඩිය කියන්ඩ බෑ. මේ දවස් වල වගේ දකුණු අත රිදෙනවා.

    ReplyDelete
  64. දකුණු අත රිදෙනවා කිවුවා..!! ඇයි මේ දවස්සොල ඒ අතෙන් බර වැඩ කරනවද..?? :D

    ReplyDelete
  65. උඔලා තමා දවසකටවත් මිනිස්සු. ඇවිල්ලා බලපං.... යාලුවට වෙලා තියෙන දේ.....

    ReplyDelete
  66. මොනාද බං, කියන දෙයක් තේරෙන්න කියහං.. ඇවිල්ලා බලාන්ට කිවුව නිසා බැලුවා.. උඹ කියලා තියෙන්නෙ අර පෝස්ට් වලට කාටුන් අදින් සීන් එකක් ගැනනෙ.. උඹ ඒකටද සපෝර්ට් එක ඉල්ලන්නෙ..?? :)

    ReplyDelete
  67. අත...අත.., දකුණු අත

    ReplyDelete
  68. මංකොල්ලකාරයෝ මේ අකුරු ටිකක් ලොකු කරමුද... වයසක අපිට පෙන්නේ නැහැ නොවැ

    ReplyDelete
  69. වර්ණා

    ඔන්න ලොකු කලා. පහුගිය දවසක ටෙම්ප්ලේට් එක හදන්න ගිහින් මේක ඔක්කොම එක එක එව්ව වෙලා තිබ්බෙ. දැන් හරි!

    ReplyDelete
  70. බලපං මං කණ්නාඩියක් ගත්තා විතරයි.... ඕහ්... සැලරී....(අයියො සල්ලි...)

    ReplyDelete
  71. ඔය ඉතින් අර වයසක මිනිස්සුන්ට තියෙන මොලේ මේ තරුණ කොල්ලොන්ට නෑ නෙව! අකුරු ටිකක් ලොකු කරන්ට කිව්ව නං ඉවර නෙ!

    ReplyDelete
  72. ආ ඒ කතාවලින් වැඩක් නෑ.. අලුත් කතාවක් දාපිය, පරණ බඩුවලට පෙර පෙර ඉන්නැතුව.. :p

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!