"ඉක්මනට එන්නකෝ!"
"පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි"
"හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?"
"මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?"
"එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?"
"ඔයයි මමයි තමා ඉන්න ලොකුම සත්තු දෙන්න"
"අපි හොඳ වෙලාවට උදෙන් ආවෙ නේද? ගස් වල පිනි ඉර එළිය වැටිල දිලිසෙන ලස්සන..."
"හ්ම්ම්. spring එක නිසා ගස් වල කොලත් හරි ලස්සනයි නේ?"
"මම වගේද? හි හි..!"
"ඔයා ඊට වැඩිය ලස්සනයි!"
"පචයා..!!"
"පච කියන්නෙ තෑගි ගන්නද? ආ මේ, මෙතනින් තව චුට්ටක් ඉස්සරහට යද්දී තමා අර දොළ පාර හම්බෙන්නෙ"
"පච කියන්නෙ තෑගි ගන්නද? ආ මේ, මෙතනින් තව චුට්ටක් ඉස්සරහට යද්දී තමා අර දොළ පාර හම්බෙන්නෙ"
"ඔය සද්දෙ ඇහෙන්නෙ ඒකෙ නේද?"
"ඔව් ඔව්, දැන් ලඟයි."
"හානේ අර පේන්නෙ. ඔන්න මම දුවනව. ඉක්මනට එන්නකෝ"
"මේ කෙල්ලත් එක්ක බෑ අප්පා"
"ෂා මාර ලස්සනයි නේ. වතුර හරිම පැහැදිලියි. ඉර එලිය වැටිල දිලිසෙන ලස්සන! මේක ගැඹුරද?"
"නෑ වැඩිම උනොත් අඩි තුනක් විතර ඇති. ඒ උනාට අපි යන්න ඕනෙ දැන් ආපු පාරෙ උඩහට."
"මට අර මැද්දෙ තියෙන ගල් ටික උඩ වාඩි වෙන්න ඕනෙ."
"ඉතින් යන්න."
"මට බයයි. අනේ මාව එක්ක යන්නකෝ. මගේ හොඳ වස්ස නේ?"
"මොකා?"
"අනේ අනේ. එක්ක යන්නකෝ....."
"හප්පේ, එන්ඩ ඉතින්. කෝ අත දෙන්න. මගේ අත තදින් අල්ලගන්න."
"ඇති යන්තන් දැන්වත් අතින් ඇල්ලුව!"
"ඔයා ඉතින් ඔය මාව අවුස්සගන්න තමයි හොඳේ?"
"හි හි !"
"මාර සිරික්කිය මෙයාගෙ. කෝ ඔන්න මම අඩිය තියන තැන් වලට අඩිය තිය තිය එන්න. බලාගෙන ප්‍රවේසමෙන් වාඩි වෙන්න. ඔය ගල් ලිස්සනව."
"ම්ම් දැන් හරි. අපි වටේටම වතුර ගලාගෙන යන හැටි. හරිම ලස්සනයි නේ?"
"හ්ම්ම්."
"අර බලන්නකො අර මාළු. පාට පාට."
"බය නැතුව කකුල් වතුරට දාගෙන ඉන්න. මාළු කොටන්නෙ නෑ"
"ඒ උනාට මට බයයි. අර ඈතින් පේන කන්ද මොකද්ද?"
"දන්නෑ"
"අපි දෙන්න ඒ කන්ද උඩ චුටි පැලක් හදන්, ලුනුයි බතුයි කකා ඉමු"
"ලුණු වැඩිය කන එක ඇඟට හොඳ නෑලු"
"මැට්ටා!!"
"අනික අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙනව ' පුතේ උඹ වැඩිය උඩ යන්ඩ හදන්ඩ එපා කියල'. ඒක නිසා මම වැඩිය ඔය උස තැන් වලට කැමති නෑ"
"ඔයත් එක්ක බෑ අනේ........මොකද්ද ඒ සද්දෙ?"
"මොකද්ද?"
"ඔය ඇහෙන්නෙ. මියුසික් එකක් වගේ."
"ආ ඔව්මයි."
"ඔයාගෙ ගාවින් එන්නෙ."
"මගේ?"
"ඔව්, ඔයාගෙ සාක්කුවෙන්! ඔයාගෙ ෆෝන් එක!!"
"ආ!!"
"ඔයාට කිව්වනෙ අනේ ඕක ඕෆ් කරන්න කියල."
"මට අමතක වෙලා"
"ඔයාට මම කියන කිසි දෙයක් මතක නෑ"
"ඉන්න මම ආන්සර් කරල බලන්න.........හෙලෝ?"
"හෙලෝ ????? හෙලෝ තමා!!! ඈ බොල පොලොස් කොට්ටෝරුවො, තෝ තාම නිදිද???!!!!"
"අප්පටසිරි!. අඩේ සොරි මචන්, නින්ද ගියා."
"මොකද බඩුවක් වත් හීනෙන් දැක්කද? තව පැයකින් කෝච්චිය අද්දනව. ඉක්මනට වරෙන්. අපි පරක්කු උනානං බලන්න තිබ්බ මුගෙ දේශනාව."
"හරි හරි මම ටාර් ගාල එන්නං!"
"Happy Valentine's Day!"
image: http://www.wunderground.com/blog/flclicker/comment.html?entrynum=91