මම කලින් කොටසෙදි කිව්වනෙ වලිය පටන් ගත්තු හැටි.එක බැලුවෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්න.ඉතින් ඔන්න අර පොර බඩාට අරහෙම කියල කිව්වලු 'උඹ පොඩ්ඩක් හිතපන්,උඹලගේ පැත්තට කවුරුහරි ඇවිත් උඹලට හූ කියල ගියොත් මොකද හිතෙන්නෙ ? ' කියල.
කොහොමහරි ඔය වෙලාවෙ පන්ති පටන් ගත්තු නිසා උන්ටික ගියා. හැබැයි කියල ගියේ ඊ ළඟ සතියෙ ඇවිත් අපිට ගේම දෙනව කියල. මොකද එදා හවස බැහැල්ලු. එදා හවස උන්ට මළ ගෙදරක යන්ඩ තියෙනවලු!!
අපි A/L කරන්ඩ ආපු ගමන්මනෙ මේ වලිය දාගත්තෙ. රොටරියේ ක්ලාස් යන්ඩ පටන් ගත්ත විතරයි. එක නිසා අපි කවුරුවත් ඔය රොටරි වත්ත ගැන වැඩිපුර දැනන් හිටියේ නෑ.ඊළඟ සතියෙ ඉස්කෝලෙ ගියාම කොල්ලො එනව පෝලිමේ.
'අඩෝ උඹල රොටරි වත්තත් එක්ක වලියක් දාගත්තලු නේද?'උදේ ඉස්කෝලෙ ගේට්ටුව ගාවදිම එකෙක් ඇහුව.
තව ටික වෙලාවකින් වලි හොයාගෙන යන එකෙක් එනව හම්බු වෙන්ඩ..
'මචන් කවද්ද ඊළඟට වලිය සෙට් වෙන්නෙ?'
ඊට පස්සෙ තවත් එකෙක් එනව,
'අඩෝ ඕකුන් එක්ක වලියට යන්ඩ එපා බන්.අර අගමැතිතුමාගේ ඉස්කෝලෙ අහවලා බස් එකක් පුරෝල ගෙනාව ඕකුන්ට ගහන්ඩ . කොහෙද, උන්ගෙ අම්මල තාත්තලත් බහිනවලු වලියට රෙද්ද උස්සගෙන'
ඒ අස්සෙ අපේ පංතියෙම එකෙක් එනව දුවගෙන,
'මචන්, එදා උඹට ගහපු එකාට කියන්නෙ පද්මෙ ලු.රොටරි වත්තෙ පද්මෙ කිව්වම නොදන්න එකෙක් නෑලු'
'වෙන්ඩ බෑනේ බන්. මම දැනන් හිටියෙ නෑනෙ!'
'යකෝ, මැට්ට නොවී අහපන්. ඌ ජීවිතේම වලි වලින් ගෙවන එකෙක්. උඹ ඔතනට යන්නෙ ඉගෙන ගන්ඩ. ඔය වලිය තව ඇදුනොත් උඹටමයි පාඩු . '
'දැන් මට මොකද්ද කරන්ඩ කියන්නෙ ?'
'පද්මෙට එදා උඹ ඔක්කොම ඉස්සරහ සද්දෙ දාපු එකට ඌට මළ පැනල ඉන්නේ. ඌට ඕනෙ උඹට දෙකක් නෙලන්ඩ. ඊළඟ පාර ඌ ගහන්ඩ ආවම කට වහගෙන ඉඳපන්. ටිකක් කන්ඩ වෙයි. හැබැයි වලිය ඊට පස්සෙ ඉවරයි.'
මේක මාර ආණ්ඩුවක් නෙ. වලිය සෙට් උනේ වෙන එකෙකුට, හු කිව්වේ වෙන එවුන් (මමත් ටිකක් විතර කිව්ව) දැන් එත් මුළු වලියම මගේ පිට.
' ඒ මොන ලැජ්ජ නැති වැඩක් ද බන්?'
'උඹට ඔයිට වැඩ ලැජ්ජාව නැති වෙනව මේක ඇදුනොත්. මම හසිතයටත් කතා කරා. ඌත් කැමතියි. කරන්ඩ දෙයක් නෑ. ටිකක් කාපන්. මේ වලිය ඉවර කරන්ඩ තියෙන එකම විදිහ ඕක.'
ඕන දේකට ලඟින් ඉන්නව කියල හිතපු සෙට් එක මෙහෙම කියද්දී මොනවා කරන්ඩද? හැබැයි හදවතින් නැතුව මොලෙන් කල්පනා කෙරුවම තේරෙනව උන් කියන්නෙ ඇත්ත කියල. අපිට ඕනෙ නං 20 හොයාගත්තහැකි. එත් වත්තෙ එවුන්ට 100 - 200 අරන් වලියට එන එක එච්චර දෙයක් නෙවෙයි.අනික මේක දිගින් දිගට ඇදුනම වෙන්නෙ වලියට යනව මිසක් ක්ලාස් යන්නෙ නැති එක. ඒත් එහෙම කියල අරුන්ට සෙකන්ඩ් වෙන්ඩ පුලුවන්ද? බලමු.
හවස ඉස්කෝලෙ ඇරිල යද්දි අපේ සෙක්ෂන් එකේ එකෙක්ව හම්බුනා බස් එකේදී.
'මට ආරංචියි උඹ පද්මෙ එක්ක වලියක් දාගත්ත කියල.මචන් ගිය සුමානෙ ඕකා නුගේගොඩ හන්දියේදී කොල්ලෙක් ව බස් එකකින් ඇදල අරන් බල්ලෙක් ට වගේ ගැහුව බන්'
අනේ ඇත්තට අර අන්දරේ කිව්ව වගේ මට උනේ 'නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට' වගේ වැඩක් නෙ. මුන් එකෙක්වත් නිකමටවත් දෙමු මචන් ගේමක් කියන්නෙ නෑනෙ.
ඔය කයි කතන්දර මැද්දේ සතිය ගෙවිල ගිහින් පන්තියන දවස ආව.අද තමයි රාජ කෑමක් කන්න යන දවස.පන්තියට නං ගියා අවුලක් නැතුව. හැබැයි රොටරියට හැරෙන පාර ගාව අරුන්ගෙන් දෙන්නෙක් ඇවිත් ඉන්නව මම දැක්ක අපි අද පන්ති එනවද බලන්න.
මම ඉතින් පන්තියෙ වාඩි වෙලා ඉන්නව. වටේ ඉන්න එවුන් මතක් කරලා දෙනව මොනවා උනත් කට *ක වහගෙන ඉඳපන් කියල. ඔය අතරෙ අපේ ඉස්කෝලෙ අපේ පන්තියෙ ඉන්න බෙයා එනව ක්ලාස් එකට.බෙයා මේ ක්ලාස් එකට එන එකෙක් නෙවෙයි.බෙයා කියන්නෙ අපේ වයසේ හිටියට වැඩ කිඩ අතින් අපිට සෑහෙන්ඩ ඉස්සරහින් හිටපු පොරක්.කොළඹට නුදුරු පළාතක ඉඳන් ඉස්කෝලෙ ආපු බෙයාට ඒ හරියෙ පාතාලේ එවුන් එක්කත් සම්බන්ද කන් තියෙනව කියල තමයි අපිට ආරංචි.
'මොකෝ බන් උඹ මෙහෙ?උඹත් මෙහෙ ක්ලාස් එන්ඩ ගත්තද? 'මම බෙයා ගෙන් ඇහුව.
'නෑ බන්, මම අද උඹලගේ වලියට ආවෙ. පොඩි භාන්ඩෙකුත් ගෙනාව. ' බෙයාගේ එක අතක පොත් දෙකක්,අනික් අතේ සිලි සිලි බෑග් එකක්. පොර එහෙම කියන ගමන් බෑග් එක ඇරල පෙන්නුවා. ලන්චක්කුවක්!!
'බොට පිස්සුද ?පොලිසියෙන් නැවත්තුවනන් එහෙම.අනික අද අපි ගහන්න යන්නෙ නෑ.'
'මොකක් ?'
'ඇයි උඹට ඉස්කෝලෙදි කවුරුවත් කිව්වේ නැද්ද?මුන්ගේ උපදේශය අනුව අද මමයි හසිතයි ලොවෙත් නැතිවෙන්ඩ කාල වලිය ගොඩ දාන්ඩ ඉන්නෙ '
ඒක අහපු බෙයාගේ මූණ නිකන් පරල වෙලා ගියා.අඩු ගානෙ එකෙක් හරි දැන් වලියට ඉන්න නිසා මටත් ටිකක් සැටිස්. ඒ උනාට ඉතින් මේ වලියට එකෙක් තියා බස් එකක් ආවත් බැරි වග මම දැනන් හිටිය. එදා ක්ලාස් එකේ වැඩ කෙරුවත් හිතේ තිබ්බෙ වලිය ගැන. ඔන්න දැන් ක්ලාස් එක ඉවර උනා.අපි ටිකත් පහලට බැහැල ඇවිත් රොටරියේ ගේට්ටුව පැත්තට යනව.එතකොටම වත්ත පැත්තේ ඉඳල ආපු සෙට් එකක් රොටරිය පහු කරගෙන ඉස්සරහට ගියා. පද්මෙයි, එදා අපිත් එක්ක වලියට ආපු එවුන් 3යිත් ඒ අතර ඉන්නව මම දැක්ක. එතන 20 - 30 විතර ඉන්ඩ ඇති. සමහර එවුන් අතේ පොලු, ටියුබ් ලයිට් එහෙමත් තිබ්බ. අද නං කනව මාස ගානක් ඉස්පිරිතාලෙ ඉන්ඩ.
දැන් ඉතින් අපි අර රොටරියෙ ඉස්සරහින් වැටිච්ච පාර දිගේ ඉස්සරහට යනව. අරුන්ටික ගිහින් පාර කෙලවර නැවතිලා බලාගෙන ඉන්නව. ඒ වෙලාවෙ ක්ලාස් ඇරෙන වෙලාව නිසා පාරෙ කට කපල සෙනග.මේ මොන නවනින්ගිරාවක් වෙන්ඩ යනවද මන්ද.අපි කිට්ටුවට යද්දී පද්මෙ සෙට් එකෙන් ගැලවිලා ඉස්සරහට ආව.ඌට ගේම තියෙන්නෙ මාත් එක්ක. මම පද්මෙ ඉස්සරහ නැවතුනා. යාළුවො ටික මාව පහුකරල ගියා. මොකද ඉස්සරහ හසිතයව පිළිගන්ඩ පද්මෙ ගෙ සෙට් එක හිටිය. පද්මෙ එක පාරට ඉස්සරහට පැනල අත දිග ඇරලා දුන්න එකක් මට.හැබැයි කලින් සැරේ මතක නිසා මේ පාර මම රෙඩි වෙලා හිටියෙ.මිනිහ ගහනවත් එක්කම මම අත ඇල්ලුව ඒක බ්ලොක් කරන්ඩ.එතකොට තමයි මගෙ රෙදි ගැලවෙන වැඩේ උනේ.මම ඒ අතින්ම තමයි පොත් ටිකයි,කවකටු පෙට්ටියයි අල්ලගෙන හිටියෙ.ගහපු පාර කෙලින්ම වැදුනෙ ඒ ටිකට.ඒව උඩින්ම විසි වෙලා ගිහින් බිම වැටුන.කවකටු පෙට්ටිය කෑලි කෑලි වලට ගියා. ඒ විතරක් නම් මදෑ, ඒ ටික වැටුනෙ පාරෙ ගියපු අපේ පංතියෙ කෙල්ලෙක් ගෙ කකුල් දෙක ගාවට. කෙල්ලයි එයාගේ යාළුවොයි ඉද්ද ගැහුව වගේ නැවතුනා. ඒ කෙල්ල ඒ දවස් වල මගෙ ට්‍රයි එකේ හොඳම යාලුව. ට්‍රයි එක මේ ක්ලාස් එන්නෙ නෑ. දැන් ඉතින් නාවට අවුලක් නෑ . ෆීල්ඩ් රිපෝර්ට් එකක් යනව අනිවා. අනේ අම්මප සවලක් තිබ්බ නං හාරගෙන යනව ඔස්ට්‍රේලියාවට යනකන්. මට කෙළවෙන හැටි මම කලිනුත් කියල තියෙනවනෙ. වැදුනෙ පොත් ටිකට උනාට කට්ටිය හිතුවෙ මට කන රත්වෙන්ඩ වැදුන කියල. එතකොටම පිටිපස්සෙන් කවුදෝ කියනව ඇහුන ' හා හා, මෙතන ගහන්නේ නෑ' කියල. හැරිල බලද්දි එතන තාප්පෙ පෝස්ටර් අලව අලව ඉන්න මනුස්සයෙක්. මිනිහ බලන් හිටියෙ පද්මෙ දිහා. බලන් හිටපු විදිහෙන් තේරුනේ මිනිහ පද්මෙව දන්නව කියල. මිනිහව දැක්කම පද්මෙ මෙල්ල උන බවක් පෙනුන.
පද්මෙ හැරිල එයාගෙ සෙට් එක හිටපු දිහාට ගියා. උන්ටික චට පට ගාල හසිතයට දෙක තුනක් නෙලනවයි, අපේ එවුන් ඒක බේරන්ඩ දඟලනවයි මම එතකොටයි දැක්කෙ. හැබැයි වෙලාවට ඌට පොලු, ටියුබ් ලයිට් වලින් ගැහුවෙ නෑ. කොහොමහරි පද්මෙ ගිහින් උගේ සෙට් එක එකතු කරගෙන පාරෙ පල්ලෙහාට යන්න ගියා. මමත් ඉතින් රෙදි ඇඳගෙනත් නිකන් නෑ වගේ, පොත් ටිකයි, කවකටු පෙට්ටියයි අහුලගෙන ගිහින් අපේ එවුන්ට සෙට් උනා. දැන් අපිත් පාරෙ පහලට යනව. පද්මෙගේ සෙට් එක ඉස්සරහින් යනව. මට තේරුණා උන් යන්නෙ මේ නුගේගොඩ හන්දියට කියල. අපිත් දැන් බස් එක ගන්ඩ යන්නෙ එතෙන්ට. දැන් මේ උන් යන්නෙ එතැනදී නෙලන්ඩ. මේ ඉවසිල්ල නං මට දැන් එපා වෙලා තිබ්බෙ. අනිත් උන් මොනවා කිව්වත් ආයේ ගැහුවොත් නං ගහනවා. ගහල වෙන ක්ලාස් එකක් හොයා ගන්නව. පාර ගිහින් නුගේගොඩ පාරට වැටෙන හංදියේදී උන් ටික නැවතුනා. පද්මෙ ඉස්සරහට ආව. ඌ කෙලින්ම ගියෙ හසිතය ගාවට.
'මේ අහපන්. මේ වලිය මෙතනින් ඉවරයි. මම අපේ එවුන්ටත් කිව්ව මේක තව අදින්න එපා කියල. මීට පස්සේ උඹලට ප්‍රශ්නයක් තිබ්බොත් අපිට කියපන්'
මම යි අපේ එවුනුයි ෆුල් හොල්මන් මේ මොකෝ වෙන්නේ කියල.
ඊට පස්සේ පද්මෙ දැන් හසිතයව අත ඇරල අපේ කට්ටිය අස්සේ කාවද හොයනව.
'කෝ අර උස එකා???' ඌ හොයන්නෙ මාව! පොර මාව දැකල කෙලින්ම ආව ලඟට.
'තෝ ! තොගෙ පොඩ්ඩක් කට වැඩියි. පරිස්සන් වෙලා හිටපන්!'
'වරෙල්ල යන්ඩ' එහෙම කියල පොර කට්ටියත් අරන් ගියා ගියාමයි ආයෙ නං දැක්කෙම නෑ. වලිය එතනින් ඉවරයි! දැන් ඉතින් මේක කියවන අය බනින්න එපා ' අපෝ ඕකද අවසානෙ? ' කියල. මොකද ඉතින් මේක තමයි ඇත්තටම උනේ. ඕනෙ නං ඉතින් මට අර රැජිනිකාන්ත් එක බුලට් එකෙන් සහ පිහියකින් තුන් දෙනෙක් එක පාර මරනව වගේ අවසානයක් ලියන්න තිබ්බ. හැබැයි ඉතින් මේක සත්‍ය කතාවක් නේ. ඉතින් මෙහෙම තමයි ඉවර උනේ.
මොනවා උනත් කියන්ඩ තියෙන්නෙ මගෙ යාලුවොන්ගේ දුර දක්නා නුවන නිසා දුර දිග යන්න තිබ්බ වලියක් නැවතුනා කියල. වලියක් ඉල්ලගෙන ආපු වත්තේ සෙට් එකට අපි වලියක් දුන්නේ නෑ. උන්ට ඕන උනේ උන් ලොකුයි කියල පෙන්නන්ඩ . අපි ඉතින් එකට ඉඩ දුන්න. අපි වලියට වලියෙන් උත්තර දෙන්ඩ ගියා නං කැප් එකක් නිසා මිනි මැරෙන්ඩත් ඉඩ තිබ්බ. ඒක නිසා මගෙ මොලේ පාදල, සිහියෙන් වැඩ කරපු මගෙ මිත්‍ර වරුන්ට මෙන්න ආචාරය!
ෆුල් ත්‍රාස ජනක කතාවට "Happy ending" එකක් එහෙනං තිබිල තියෙන්නෙ, කව්ද එතකොට අර පෝස්ටර් අලවමින් හිටපු පොර? මට හිතුනෙ පොරත් මේ සීන් එකේ ඉම්පොර්ටන්ට් පාර්ට් එකක් ඇක්ට් කොරා කියල.
ReplyDeleteobserver - අර පොලු, ටියුබ් ලයිට් දැක්කම මෙහෙම එන්ඩින් එකක් හීනෙකින් වත් හිතුවේ නෑ. අනිවාර්යෙන් අර පෝස්ටර් අලව අලව හිටපු පොර එහෙම කිව්වෙ නැත්තන් පද්මෙ එක පාරක් ගහල නවතින්නෙ නෑ.
ReplyDeleteඇත්තටම ත්‍රාසජනකයි තමයි. මං හිතුවේ නෑ මේ ඕලෙවල් කාර කොල්ලෝ මේ වගේ ගැන්ග් වයලන්ස් වලට සම්බන්ධයි කියලා!
ReplyDeleteඅර උබේ යාලු පාතල ඩය්ල් එකවත් ගේම සෙට්ල් කරාද දන්නෙ නෑ
ReplyDeleteකතන්දර - හපෝ මේ මොනවද? අර දිවයිනේ ප්‍රසිද්ද පාසල් දෙකක ළමයි නුගේගොඩ ගහගත්ත වෙලාවෙ හොකි ස්ටික්ස් මලු පුරෝලා අරගෙන ගිය හැටි බලන්ඩ තිබ්බෙ. :)
ReplyDeleteපිස්සා - අපෝ නෑ. ඌ එදා ආවෙ නිකන් ආතල් එකට. උගෙ යාළුවො ප්‍රොෆෙෂනල් ගැන්ග්ස්ටර්ල. උන් මේ වගේ චු වලි වලට එන්නෙ නෑ.
ReplyDeleteත්‍රාසජනක කතාවක් හරි අපූරුවට ලියලා.. අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ..
ReplyDeleteමච මමනම් මාර අස්පට් කතාවේ එන්ඩිං එකට ..මගේ ඇඟේ මාලු ඩාන්ස් කරා කතාව කියවද්දී !
ReplyDeleteකොහොම උනත් අඩේ උඹලට ඒ අතින් හොඳ යාළුවෝ සෙට් එකක් ඉඳලා තියනවා .
ඒකට මට හිටපු උන් වලි වලට අපිව කන්න බොන්න දීලා එක්කං යනවා ඊටපස්සේ අපිව දාලා දුවලා අන්තිමට එනවා තුවාලද බලන්න . ඔය අස්සේ එකෙක් ඉඳන් පාවලත් දෙනවා .
ජීවිතේ හැටි
ඔන්න බලපන් ප්‍රබන්ධයෙයි සත්‍යයෙයි වෙනස.
ReplyDeleteගෙතු ප්‍රබන්ධයක් නම්, උඹයි නන්චක්කුයි පද්මෙට ඉස්ම එන්න නෙලලා උඹ ට්‍රයි එක දාගෙන ට්‍රයි එකේ ෆිට් එකත උඹට ට්‍රයි ඔන්න.
ආ.. ලංකාවේ ටෙලි ලෝකේ නම එහෙම නැහැ. එහෙනම් පද්මේ උඹට නෙලලා, උඹ ඉස්පිරිතාලේ ලැගලා ඉන්නකොට උඹ බලන්න ආ ගමනින් ට්‍රයි එක ගොඩ. ටෙලි වල තියෙන්නේ අහිංසක කොල්ලා ගේ කඳුළු කතා නේ.
සත්‍ය ලෝකේ මේ විස්කම් වෙන්න දෙන්නැත්තේ පෝස්ටර් ගගහ හිටි පළාතේ තග රජෙක් වගේ පෙනෙන හාල්පාරු උතුමානන් වගේ ඇව්වෝ තමයි.
ෆිනිශය අජූතයි බං. කියවන්නා හඬවන තරම්. [ඇයි අරූ උඹට ගැහුවේ නැත්තේ? ඇයි ඇයි?....]
දිනේෂ් - බොහොම ඉස්තුතියි මේ පැත්තෙ ආවට.
ReplyDeleteසඳරු - ඒ අතින් නං උන් ටික සැහෙන්න හොඳයි. ඔයිට කාලෙකට පස්සෙ මට මතකයි නුගේගොඩ පැත්තෙ වෙන පන්තියක ළමයි ටිකක් බංකුවක ඉඩකට වෙච්ච ආරවුලක් දුර දිග ගිහින් අන්තිමට එක කොල්ලෙක් පිහි ඇනුම් කාල මැරුණ. එක ඇහුවම මට හිතුන මේකත් එහෙම ඉවර වෙන්ඩ හොඳටම ඉඩ තිබ්බ කියල.
ReplyDeleteසුජීව - මේක හින්දි ෆිල්ම් එකක් උනානං , මම පද්මෙට තනියෙන් නෙලල ඌ බිම වැටෙද්දිම ට්‍රයි එක ක්ලාස් එනවා යාලුව හම්බෙන්න. එතකොට එයා මාව දකිනව. අපේ ඇස් මොහොතක් එකිනෙකා ළඟ නතර වෙනව. එට පස්සෙ දිදින්ග් දිදින්ග් ! ගගා අකුණු ගහනවා වගේ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක, මාරුවෙන් මාරුවට අපි දෙන්නගෙ මූණු ලංකර කර පෙන්නනව. කෙල්ල මම තගෙක් කියල හිතල දමල ගහල යනව යන්ඩ. මම පස්සෙන් දුවනව එයාව නවත්ත ගන්ඩ. එයා නවතින්නෙම නෑ. ඊට පස්සෙ ලස්සන මියුසික් එකක් පටන් අරන් මම විරහ ගීයක් කියනව....ෂා මරුවට ගලාගෙන යන්ඩ තිබ්බ කතාව.
ReplyDeleteඅඩෝ උඹ අපේ දේශීය ටෙලි කලාව පැත්තක දාලා හින්දි ෆැන්ටසියට සෙට් වෙන නිසා මෙන්න මගෙන් ටෙලි කතාවෙන් දෙබසක්.
ReplyDeleteඋඹ සනීප වෙලා එන ගමන බඩ්ඩ එක්ක අවුටිං. තවම කොරයක් ඉතුරුයි. වේදනාව ලොකු කරන්න උඹ කටින් හති දදා පොෂ් රෙස්ටෝරන්ට් එකක බරාදය ලඟට නැගිට යනවා. ගිහින් කියනවා පහල පාර දිහා බලා හෙමිහිට "එක අතකට අරු මට ගැහුව එකත් හොඳයි"
අරයා එනවා. ඇවිත් නිකටෙන් අල්ලලා උස්සලා අහනවා "ඇයි එහෙම කිව්වේ".
වේදනාවක් නැති මුත් වේදනාවක් බොරුවට මවන ඕවර ඇක්ටිං පාරක් දාලා උඹ කියනවා "නෑ ඉතින් [උහ් අහ ඔහ්] එහෙම නොවෙන්න ඔයා මට ලැබෙන්නේ නැහැනේ"
කැමරාව පස්සට. පසුබිමින් ටින් ටිකිරි ටින් ටන් ටොන්... මතු සම්බන්දයි.
සුජීව - ඊ ළඟ කොටසෙ පැය බාගයම යන්නෙ මම ආපහු බරාඳයෙ ඉඳන් ඇවිත් පුටුවෙ වාඩි වෙන ටික පෙන්නන්න! නැත්තන් ඉතින් මෙගා කරන්න අමාරුනෙ.
ReplyDeleteඑතන උඹ මම උනා නම් කෑල්ලෙන් කෑල්ල ගියත් අරින්නෙ නැහැ ......
ReplyDeleteඅඩු ගානෙ එවෙලෙ බැරි නම් පස්සෙ හරි රිටන් එකක් දෙනවාමයි .....
එකෙකුට හරියට දුන්න නම් ඔය ආපු විස්සෙන් පහලොවක් ආපහු හැරිලා යනවා ෂුවර් ........
අර බෙයා නන්චක්කුව ගෙනාවෙ ලස්සන බලන්නද .......
හික්ස් .... A/L පටන් ගන්න කාලෙ/ O/l ඉවර වෙන කාලෙ කියන්නෙ හොද උන තියන කාලේ නෙ බං! අපේ පැතිවලත් තත්ත්වෙ ඔයිට වෙනස් නෑ!
ReplyDeleteමම හිතුවේ අරුගෙ ටියුබ්ලයිට් එකෙනුත් අම්බානකට කන්න ඇති කියලා....කැප් එකක් ගිය දුරක්... :p
ReplyDelete