Wednesday 11 April 2012

ඔරිජිනල් සහ ඩුප්ලිකේට් (18+ පොඩිහිටියන්ට තහනම්!)

මතකද ලම්බාඩා??  එක පාරක් අහපු කෙනෙකුට ආයෙ අමතක වෙන්නෙ නැති සින්දුවක්. කියන්නෙ මොනවද කියල මෙලෝ සංසාරයක් තේරුනේ නැති උනත් ඉබේ නැටවෙන සින්දුවක්. කාලයක් ලංකාවෙ, ගෙයක්, දොරක්, ගහක්, ගලක්, ත්‍රිවිල් එකක්, බස් එකක් ගානෙ ප්ලේ වෙච්ච සින්දුවක්. තාමත් ඇහෙද්දි හිත අතීතෙට අරන් යන සින්දුවක්.  ඕක නැගල ගියාම අපේ කට්ටිය ගැහුව ඕක කොපි කරල සින්දුවක්. මේ තියෙන්නෙ ඒ ඩුප්ලිකේට් එක.
 අපි කව්රුත් අහල තියෙන ඔරිජිනල් එක Kaoma කියන ගායක කණ්ඩායම ගායනා කරන Lambada. සින්දුව. මේ සින්දුව ගැයෙන්නේ පෘතුගීසි භාෂාවෙන් උනත්, Kaoma සංගීත කණ්ඩායම කියන්නෙ ප්‍රංශ ජාතික කණ්ඩායමක්. ඔවුන්ගෙන් සමහරු කලින් Toure Kunda කියල සෙනගාල සංගීත කණ්ඩායමක හිටපු අය. ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක්, බ්‍රසීලයට ගියපු වෙලාවක, ඔහු හිටපු ප්‍රදේශයේ මිනිස්සු බොලිවියානු සංගීතයකට නටන Lambada කියන නර්තනය දැකල, ඔහු නැවතත් ප්‍රංශයට ආවම කරන්නෙ Kaoma කියන සංගීත කණ්ඩායම ආරම්භ කරනව මේ සංගීතය ප්‍රසිද්ධ කරන්න. ඔවුන් 1989 නිකුත් කරන Lambada සින්දුව ඉතාම ජනප්‍රිය වෙනව.   ඒ නිකුත් කරපු පලවෙනි ගීතය සහ වීඩියෝ එක තමා මේ. (පොඩි එවුන් ඇස් වහගනිල්ලා.. )
(හා දැන් ඇරපල්ලා) නැටවෙන සංගීතය වගේම, දකුණු ඇමෙරිකානු නර්තන වලට උරුම උන ශෘංගාරය කැටි කරගත් Lambada නැටුමත් මේ ගීතයේ ජනප්‍රියත්වයට දායක උනා. Lambada නැටුමට ආභාෂය ලැබිල තියෙන්නෙ තවත් ලතින් නර්තන වෙන salsa, merengue සහ carimbo වගේ නර්තනයන්ගෙන්.ඕක ඇවිල්ල ටික කාලෙකින් රාවයක් ගියා මේ සින්දුව තහනම් කලාය කියල. ඒකට හේතුව කිව්වෙ ඔය වීඩියෝ එක. දැන් නම් බැලුවට මහලොකු දෙයක් නැති උනත් ඒකාලේ ඔව්ව මැජික් නිසා ගොඩක් අය හිතුවෙ ඒක තමා හේතුව කියල. ඇත්තටම මේ සින්දුව තහනම් උනා. නමුත් ඒ ඔය වීඩියෝ එක නිසා නෙවේ. ඒකට හේතුව මට ලඟදි හම්බුනා. ඒ මෙන්න මේක,
මේ බොලිවියානු සංගීත කණ්ඩායමක් වන Los Kjarkas ගායනා කරන Llorendo se fue ගීතය. මේක තමයි lambada සින්දුවෙ ඔරිජිනල් එක. හැබැයි මේකත් ඔරිම ඔරිජිනල් එක නෙවේ මම හිතන්නෙ. මොකද මේකත් ඔවුන් හදල තියෙන්නෙ, බොලිවියානු ජන සංගීතයක තනුවක් යොදාගෙන. මේ ගීතය lambada විදිහට ගායනා කරන්න ගන්නකොට මේ සංගීත කණ්ඩායමෙන් හෝ මේ ගීතය ලියපු කෙනාගෙන් කිසිම අවසරයක් නැතුව තමා Kaoma ගායක කණ්ඩායම ඒක අරගෙන තියෙන්නෙ. ඒක නිසා lambada ගීතයට විරුද්ධව  Los Kjarkas නඩු මගට බහිනව. ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමා lambada සින්දුව තහනම් වෙන්නෙ. මේ ඔරිජිනල් ඒක ඇහුවට පස්සෙ නං මට lambada සින්දුවට වඩා මේ සින්දුවට ආස හිතුන. මේකෙන් මොකද්ද වඩා හොඳ සින්දුව? lambada නැටුමට මුලික උණු carimbo නැටුම හඳුන්වන්නේ Forbidden Dance කියල. අන්තිමට ඒක අල්ලන් හැදුන සින්දුවත් තහනම් උනා.

ප.ලි.
ඔය ලතින් ඇමෙරිකානු නර්තන කරද්දී කියන දෙයක් තමා විලුඹ බිම තියන්නෙ නැතුව, යටි පතුලෙ ඇඟිලි වලින් පොඩ්ඩක් පස්සට වෙන්න තියෙන හරිය ( සිංහලෙන් කිව්වොත් ball of the foot) පොලොවෙ වදින්න අඩිය තියල නටන්න කියල. නර්තන ඉරියව් ඉලිප්පිලා පෙනෙන්නත්, චලනය පහසු කරන්ටත් ඒක උපකාර වෙනව. දැන් මේ අධ්‍යාපනික වීඩියෝව බලන්න. ඒකෙ ඉන්න ගෑනු ළමය කොයි වෙලාවකවත් විලුඹ බිම තියනවද කියල. :D :D

35 comments:

  1. ෂා අපේ කාලේ සිංදුවක් නේ බන්..........
    මගෙත් ඕල් ටිමෙ ෆේවරිට් එකක් තමා........ ඔය
    බොලිවියන් කාරයෝ කියන එක හොඳයි තමා......

    අනේ බන් ඔය අපේ කාලෙ තමා ඕවා මහ ලොකු දේවල් උනේ දැන් ඉන්න පොඩි උන් පාරට බැස්සම ඔයිට වඩා ඒවා දකිනවා:P

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මගේ ගාව ට්‍රැක් 16ක්(වීඩියෝ එක්ක) විතර තියෙන සීඩී එකක්ම තිබුන.. පට්ට පට පට... දැන් නම් ඒක සවුත්තු වෙලා :(

    ReplyDelete
  4. කොහෙ බලන්නද බන් මේ කෙල්ලගේ විලුඹ දිහා
    පස්සෙන් පහලට ඇස් දෙක යන්නෙම නැහැ
    :-D

    ReplyDelete
  5. ජෙනිෆර්ගෙ Get on the Floor සින්දුවෙත් ආභාෂය Lambada තමයි නේ ? , ඉස්කොලේ ඉන්න කාලේ අපි බැන්ඩ් එකෙත් ඕක ප්ලේ කලා

    ReplyDelete
  6. කාෆ් දෙක මාර හයිය වෙන්ඩෝන ඇති නේද..... මාපොට ඇගිලි වලින්මනේ වැඩේ යන්නෙ....:P

    ReplyDelete
  7. සිංහල සින්දුවේ පදමාලාවත් නරක නෑ! නැටුම් නැති එක තමයි අප්ෙසෙට්.

    ReplyDelete
  8. මරේ +++++ ඇඟේ කෑල්ලක් නෙවෙයි වගේ නෙ නටවන්නේ! :)

    ReplyDelete
  9. අපෝ මෙතන ඉන්නේ පිරිමි ලමයි විතරනේ. අපට බෑ. අපි පස්සේ එන්නම්.:D:D:D

    ReplyDelete
  10. //මේ ඔරිජිනල් ඒක ඇහුවට පස්සෙ නං මට lambada සින්දුවට වඩා මේ සින්දුවට ආස හිතුන. මේකෙන් මොකද්ද වඩා හොඳ සින්දුව? //

    කොහොමත් ඔරිජිනල් ඒවා තමා ලස්සන.:D

    ReplyDelete
  11. පස්සෙ එඤ්ඤං.. වැඩට යන්ට තියෙනෝ.. :(

    ReplyDelete
  12. ඔරිජිනල්ම එක ඇහුවේ මගේ හිතේ සෑහෙන කාලෙකය පස්සේ..

    ReplyDelete
  13. ෂා නියම පෝස්ට් එකක්. ටුවර් එකක් ගියා වගේ. ඔය බොලීවියානු ජන ගීවල තනු ගොඩක් අපි දන්නෙම නැතිව ලෝකෙ පාවිච්චි වෙනවලු මචෝ. ඔය ඇඩ් වල ඇහෙන පසුබිම් සංගීත කෑලි සමහරක් දකුණු ඇමරිකාවෙන් ආපුව තමයි.

    ලම්බාඩා සිංහල සින්දුවයි පෘතුග්‍රීසි එකයි දෙකම අවුරුදු විස්සකට විතර කලින් අම්බානක හිට් වුණා නෙව. ඒ දවස් වල රේඩියෝ එකේ උදේ පාන්දරත් ඕක යනව. ඔය බොලීවියන් සින්දුවත් මම අහල තිබුණ. වර්ෂන් සේරම මටනං හොඳයි... :D

    @සාතන් ‍- උඹ කියන්නෙ බොලීවියන් සින්දු සීඩි එකක්ද? Espíritu Andino කියල එකක් මට හම්බ වුණා... සුපිරි!

    ReplyDelete
  14. යකෝ ‍අන්තිම වීඩියෝ එකත් සුපිරි නේ... පස්ස ඉතිං වෙනම සලකන්න වෙනව. නැටුම නං කෙල්ලගෙයි කොල්ලගෙයි දෙන්නගෙම සුපිරි....

    ReplyDelete
  15. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ලංකාවෙ ගොඩක් අය හින්දි ගී වලට ආසයි. නොතේරුනත්. ලම්බාඩා ඇහෙන කොට නැටවෙන්නෙ නැත්තෙ කවුද ? මම හිතන්නෙ ඕක අවුරුදු තිහ හතළිහක් පරණයි. යූ ටියුබ් එකේ තියෙනව තව එකක්. " කොකො ජම්බො" කියල . මම හිතන්නෙ ඒකත් මෙයාලගෙමයි.

    ReplyDelete
  16. ලම්බාඩා සිංදුවට ඒ කාලේ ලස්සන සිංහල වර්ශන් එකක් තිබුනා,,ආච්චි සොමි පොර සීයා හරි කැත ළමයා කියලා,,,හික්,,හික්,,කොහොමත් අදටත් ප්‍රසිද්ධ ගීයක තොරතුරු මේ

    ReplyDelete
  17. රසවින්දා, නියමයි!

    ඔරිජිනල් එකේ තියෙන්නේ ටිකක් ශෝකී රාවයක් නේද? රූපරාමු වල වර්ණභේදවාදය අභියෝගයට ලක්කරන විදියේ කතන්දරයක් හෙමිහිට පෙන්වනව.

    (ආ නැටුම් දෙකේම නිළියෝ කොමුපිළි පෙන්නනව වැඩි නැද්ද?)

    ReplyDelete
  18. කට්ටිය නටල ඉවරවුනාට පස්සේ වෙනිවැල්ගැට තම්බල බොනව ඇතිනේ..

    ReplyDelete
  19. @නිශ් - කෙල්ලෙක් ෂෝටක් ගහන් හිටපු බිල්බෝඩ් එකක් සදාචාරයට පටහැනියි කියල ගලවන කාලයක් නෙ බන් මේක. ඒක නිසා ඉතින් කෝකටත් කියල වෝනින් දැම්ම.
    බොලිවියන් කණ්ඩායම කියන එකේ බීට් එක හොඳයි.

    @සාතන් - අපරාදෙ. නැත්තන් අපිටත් බලන්න share කරන්න තිබ්බ. පහල hare අහල තියෙනව ඇල්බම් එකක් ගැන. ඒත් මේකමද දන්නෙ නෑ

    @ම - ඕකනෙ ඉතින් උඹලට අධ්‍යාපනික වීඩියෝවක් වත් සංයමයෙන් බලන්න බෑනෙ :D :D

    @බුවා - ඔව් ඔව්. මම එකත් මේකට දාන්න හිටියෙ. ලිපිය දිග වෙන නිසා දැම්මේ නෑ

    @බුද්ධි - නොම්මරයක් දන්නවනං කෝල් එකක් දීල අහන්ට තිබුන බං :D

    @කතන්දර - Thank you. ඔය සින්දුව දැන් කාලෙ ගැහුවනං හොඳ හොඳ නැටුම් ටිකක් බලාගන්න තිබ්බ! :)

    @sabith - හැකියාව තමා. ඔහොම නටවන්ට හැමෝටම බෑ!

    @පොඩ්ඩි - හරි හරි පස්සෙ එන්ට!:D

    @පස්සෙ ආපු පොඩ්ඩි - මාත් මනාප ඔරිජිනල් එව්වට තමා

    ReplyDelete
  20. @බුරා - උඹ තාම වැඩද?

    @Dinesh - මම ඔරිජිනල් එක ඇහුවෙ ලඟදි. Lambada එකත් ඇහුවෙ සෑහෙන කාලෙකට පස්සෙ.

    @hare - ඔව් ඔව්. ඒකාලෙ මේක එපා වෙනකන් ඇහුව. තාමත් ඇහෙද්දී ඒ කාලෙට යනව. අන්තිම වීඩියෝ එකේ කොල්ලනං ටිකක් නැටුමට අලුත් වගේ. පොර beat එක ගැන අවධානෙන් නටන්නෙ. කෙල්ල නං ගින්නක් නැතුව හරියට ස්ටෙප්ස් තියනව.

    @nihal - කො කො ජම්බෝ කියන්නෙ Mr. President නේද?

    @ඩිලන් - ඒ මොකද්ද ඒ සින්දුව? දාන්ටකෝ අපිටත් දැනගන්න.

    @meeghaya - ටිකක් වැඩියි වගේ හින්ද තමා අනතුරු ඇඟවීම් දැම්මෙ.

    @neetha - කකුල් දෙක ටිකක් රස්නෙ වතුරෙ දාගෙන හිටියත් හරි. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි!

    ReplyDelete
  21. ඔන්න බලහං මට වෙන වැඩ.. ඊයෙ රෑ ගෙදර ඇවිත් නෙට් එන්න බලනකොට රවුටර් එකට කෙලවෙලා.. උඹට කියන්න මට ඊයෙ රෑ හරියකට නින්ද ගියෙත් නෑ බං නෙට් එන්න නැතිව.. අද උදේම ගේ ගාව Curry's එකට ගොහිල්ලා රවුටර් එකක් අරන් ආවට පස්සෙ තමා යාන්තං හිතට සැනසීමක් දැනුනෙ.. :)

    හරි, දැන් කතාවට.. නිශ් කිවුවා වගේ මේක ඉතිං එවර්ලාස්ටින්ග් සෝන්ග් එකක් තමා, හැබැයි මාත් වැඩිය කැමැති මේකෙ ඔරිජිනල් වර්ශන් එකට තමා.. ස්ලෝ බීට් එක නිසා අමුතුම ගතියක් තියෙනවා..

    අඩෝ උඹ බලලා තියේද Shall We Dance ෆිල්ම් එක.?? J-Lo & Richard Gere හිටියෙ, ආන්න බොල නැටුම්.. J-Lo තරම් සෙක්සි විදියට ලැටින් ඩාන්සින් කරන වෙන කෙල්ලෙක් තාම දැකලා නෑ ‍ෆිල්ම් වල..

    ReplyDelete
  22. @බුරා - අප්පුච්චියේ, චා කේස් එකනෙ බන්. බත් නොකෑවත් නෙට් එන්නෙ නැතුව ඉන්න පුලුවනිද?

    මොකෝ නැත්තෙ, මොකෝ නැත්තෙ? උඹ ඔය ලින්ක් එකේ දාල තියෙන ඩාන්ස් එක පට්ට සිරා. මට ඔය ෆිල්ම් එකත් මතක් උනා මේක ලියද්දි. උඹට කියන්න මට ඔය Latin dancing උණ කාලයක් තදින් තිබ්බ. Shall we dance, Take the lead, Dirty Dancing 2 - Havana Nights ( Shakira ගේ 'Hips Dont Lie' සින්දුවෙ ඔරිජිනල් එක තියෙන්නෙ ඒ ෆිල්ම් එකේ. ), Step Up, Step Up2, Street Dancing, ඔය ඔක්කොම බලල තියෙනව. හැබැයි කියන්න ලැජ්ජයි, තාම Dirty Dancing බලල නෑ.

    උඹ ඔය දාල තියෙන සීන් එක වගේම සිරා සීන් එකක් තියෙනව Take the lead ෆිල්ම් එකේ Antonio Banderas සුයි Katia Virshilas සුයි කරන ටැංගෝ එකක්. පිස්සු හැදෙනව. Katia , Strictly come dancing එකේ ඉන්න ප්‍රොෆෙෂනල් ඩාන්සර් කෙනෙක්. මේ තියෙන්නෙ ලින්ක් එක
    http://www.youtube.com/watch?v=i-kgP4HoGWQ

    ReplyDelete
  23. Dirty dancing බලල නැහැ? ශික් ඔයාව තියන්න වටින්නේ නෑනේ. Havana nights වලට වඩා කීප ගුණේකින් ලස්සනයි. ටැංගෝ වලට ආස නම් අනිවාර්යෙන් බලන්න Scent of a woman ෆිල්ම් එක. ඩාන්සින් මූවි එකක් නොවුනට මාර ලස්සන ටැංගෝ එකක් තියෙනවා. ඒ වගේම Dance with me කියල ෆිල්ම් එකක් තියෙනවා - එකෙත් සැහෙන්න ලතින් ඩාන්සින්.

    ලතින් බලනවා විතරද? නටන්න බැරිද? :D

    ReplyDelete
  24. niroshini - ඒක තමයි අනේ. කොහෙන් හරි හොයාගෙන බලන්න ඕන. හැබැයි ඒකෙ සින්දු නං ඕන තරං අහල තියෙනව. ඔයා කියපු දෙවෙනි ෆිල්ම් එක මම බලල තියෙනව මම හිතන්නෙ.

    //ලතින් බලනවා විතරද? නටන්න බැරිද?//
    පොලොව ඇද නැති තැන් වලදී නං ටිකක් පුළුවන්! :D :D

    ReplyDelete
  25. මෙන්න පුතේ Dirty Dancing Link එක, බාගෙන බලාන්ට.. :)

    ReplyDelete
  26. බුරා - මේ කරගත්තාවූ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් උඹ ඊළඟ ආත්මෙ හොලිවුඩ් වල උපදින්න ඕන!

    ReplyDelete
  27. පට්ටය...විඩියෝ ටික නං කට ඇරගෙන බැලුවෙ :-)

    ReplyDelete
  28. අඩවි රජා - බොහොම ස්තුතියි! :)

    ReplyDelete
  29. උඹ කිව්වා වගේම හිත අතීතෙට ගියා. මචන් උඹ කාලෙකින් ඇවිල්ල දැම්ම පොස්ට් එක max.

    ReplyDelete
  30. නියමයි . පරක්කු වෙලා ආවේ . වටිනා පෝස්ටුවක්. අපේ දිහාත් මේ දවස්වල වෙන වෙන බාසාවල සින්දු ඇහෙනවා

    ReplyDelete
  31. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  32. @ගුණේ
    බොහොම ස්තුතියි! :)

    @Bindi
    ඒ මොන මොන සින්දුද? බොලිවියන් එව්වත් ඇහෙනවද?

    @වර්ණා
    වර්ණාටත් ඒ ජාතියෙම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  33. නිරෝෂිනී ක්ව්වම මතක් වුණේ.... ඇයි බං Shall we dance? ඒක පට්ට ඩාන්සිං ෆිල්ම් එක... අනිවා බලන්න ඕන එකක්!

    ReplyDelete
  34. අද තමයි මේ පැත්තට ඉස්ඉස්සෙල්ලාස ආවේ.. මේ සිංදු‍ටික ඇහෙද්දි මට මතක්‍ වුනේ දොන් ඕමර් ගායකයගේ ටැබෝ කියන සිංදුව.. ඒකත් මේකෙම කොපියක් වගේ දැන් තේරෙන්නේ....

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!