Wednesday 20 March 2013

යුරෝපය මුදුනේ හිඳිනා කන්‍යාව


හිමෙන් වැහුණු ගිරි ශිඛර .... නිල්ම නිල් පාට වලාකුළු නැති අහස... ඒ නිල් අහස යට , ඒ ගිරි ශිඛර වලින් වටවුනු විසල් විල්, “මෙතනට අඩු ශාරුක් කානුයි, කාජලුයි, බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි විතරයි”. මේ පහු වෙන දර්ශන දිහා බලන් හිටපු මට හිතුනෙ එහෙම. ඇත්තටම ඒ වට පිටාව හින්දි චිත්‍රපටියක මවා පාන මනෝ ලෝකයට හරිම සමානයි.



මේ මනස්කාන්ත දර්ශන දිහා දවසක් උනත් එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. මම ගමන් ගනිමින් හිටියෙ ස්විට්සර්ලන්තයේ Jungfrau (යුන්ග්ෆ්රව්‍ ) නමින් හැඳින් වෙන කඳු මුදුන කරා. ස්විස් ඇල්ප්ස් කඳු පන්තියේ පිහිටල තියෙන මේ කන්ද සංචාරකයන් අතර ප්‍රසිද්ධයි . Jungfrau කියන්නෙ ජර්මන් භාෂාවෙන් කන්‍යාවට. මේ කඳු මුදුන අවුරුද්ද පුරාම සුදු පාටට හිමෙන් වැහිල තියෙන නිසාත්, සුදු පැහැය පිරිසිදු බවේ සංකේතය නිසාත් මේ නම වැටුන කියල තමයි අපේ මග පෙන්වන්නා කිව්වෙ. මේ කන්දත් එක්කම Eiger සහ Monch කියන කඳු දෙකකුත් පිහිටල තියෙනව. මාස කිහිපයක් තිස්සෙ රැකියාවට හැම සතියකම මේ රටට එන්න සිද්ද වෙලා තිබ්බත්, ටිකක් රට තොට බලන්න ඉස්පාසුවක් ලැබුනෙ මේ දවසෙ විතරයි. වාසනාවකට වගේ ඒ වෙනකල් තිබ්බ ශිශිරයේ අඳුරු ගතිය එදා තිබ්බෙ නෑ. ඒ වෙනුවට කහ පාට හිරු එලිය මුළු පරිසරයම වෙලාගෙන තිබ්බ. ඊට කලින් සතියවල් වල වැටුණු හිම, අලුතෙන් කඩෙන් ගත්තු සුදු ඇඳ ඇතිරිල්ලකටත් වඩා සුදුවට ගස් කොළන් වහගෙන වැතිරිලා හිටිය.


Jungfraujoch (යුන්ග්ෆ්රව්‍ යොහඃ) කියන්නෙ මම අර කලින් කිව්ව Jungfrau කන්දත් Monch කන්දත් අතර තියෙන කපොල්ලක්. කන්දෙ මුදුනට ආසන්නයෙන් තියෙන, Top of Europe කියල හඳුන්වන මේ කපොල්ල ලොකු සංචාරක ආකර්ශනයක්. එතනට යන ගමන පටන් ගන්නෙ Grindelwald කියන ගමෙන්. මේ ගමේ පාමුලට එනකල් වාහනයක යන්න පුළුවන්.



එතනින් පස්සෙ මීටර් 3500 ගණනක් හෙවත් අඩි 13000 කටත් වඩා උස මේ කන්දෙ මුදුනට යන්න එක්දහස් නවසිය දොළහ වසරේදී විවුර්ත කරපු දුම්රිය සේවයක් තියෙනව. Grindelwald වලින් මේ දුම්රියක් ගන්න පුළුවන්. දුම්රිය කිව්වට මේවයෙ දුමක් නෑ. දුවන්නෙ විදුලි බලයෙන්. විදුලියෙන් කන්ද උඩට යන කෝච්චිය පහලට එන්නෙ ගුරුත්වයෙ බලයෙන්. ඒ එන ගමන් එව්වයෙන් විදුලිය නිපදවල නැවතත් ජාලයට ලබා දෙනව. ඒ වගේම මේ කෝච්චි වලට අවශ්‍ය විදුලිය නිපදවන්නෙ මේ කඳු ආශ්‍රිතව තියෙන ජල විදුලි බලාගාරයකින්. ඒ නිසා පරිසර දුෂණයක් ඇත්තෙම නැති තරම්.

                            

Grindelwald වලින් පටන් ගන්න කෝච්චිය ඉවර වෙන්නෙ කන්දෙ මැද හරියෙ තියෙන Klein Scheidegg දුම්රිය පලෙන්. (මෙව්වට මේ දිව පැටලෙන නම් තියෙන්න හේතුව මේව තියෙන්නෙ ජර්මන් භාෂාවෙන්. ස්විට්සර්ලන්තයේ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ ජර්මානු භාෂාව).එතනට එනකල් ඔය දකුණු අත පැත්තෙ තියෙන ජාතියෙ කෝච්චියකින් ඇවිත්, වම් අත පැත්තෙ තියෙන ජාතියෙ දැති රෝද කෝච්චියකට මාරු වෙන්න ඕන.


ඔය උඩින් තියෙන්නෙ Klein Scheidegg වල ඉඳන් කන්ද තුලට යන දුම්රියක්. මේ දුම්රිය ස්ථානය හරිම කාර්ය බහුලයි. මේ වගේ හොඳින් කාලගුණය තියෙන ගොඩක් දෙනා හිම ක්‍රීඩා වලට මේ කඳු වලට එනව.ස්විස් ජාතිකයො හිම ක්‍රීඩා වලට හරිම ලැදියි. මේ අවට කඳු වල දහස් ගණනක් දෙනා හිම ක්‍රීඩා කරනව දැක ගන්න පුළුවන්. මේ පහල තියෙන්නෙ Klein Scheidegg වල ඈත ඉඳන් ගත්තු පින්තුරයක්. ඒකට උඩ ක්ලික් කරලා ලොකු කලාම පෙනෙයි දුම්රිය පල ට පිටිපස්සෙන් කන්ද උඩට තියෙන කුළුණු වගයක්. එව්ව තමා හිම ක්‍රීඩා කරන්නන් කන්ද උඩට අරගෙන යන කේබල් කාර්. ඒ කන්දෙ තියෙන බෑවුම දැක්කම පහල ඉඳන් බලන අපෙත් කකුල් හිරි වැටෙනව. ඒත් skiing කරන ගොඩක් දෙනා ඒ තද බෑවුම් වල පහලට ලිස්සල එන්නෙ අපි සමතලා පොළවක ඇවිදිනවටත් වඩා පහසුවෙන්.


ඒකට හේතුව මම හිතන්නෙ මේ අය හිම ක්‍රීඩා පුහුණුව ලබන්නෙ අවුරුදු 4 -5 වගේ පොඩි වයස් වල ඉඳන්. මේ බලන්න මේ පොඩ්ඩෝ ටික.



ඉතින් මේ හිම ක්‍රීඩා කරන්නන් පසු කරගෙන ඇදෙන දැති රෝද දුම්රිය ටිකකින් කන්දෙ තියෙන උමගට ඇතුල් වෙනව. ඊට පස්සෙ මුළු ගමනම සිද්ධ වෙන්නෙ මේ උමග තුල.



කෝච්චිය යද්දි උමගෙ ආනතිය හොඳට දැනෙනව විතරක් නෙවේ, ඒ ඇතුලේ තියන දුම්රිය ස්ථාන දෙකකත් නවත්තනව. දුම්රිය ස්ථාන කිව්වට, මෙව්ව ලොකු ගුහාවක් වගේ. ඒකෙ එක කෙළවරක උස විදුරුවක් දාල තියෙනව සංචාරකයන්ට එලිය නරඹන්න. මට දැනගන්න ලැබුණු විදිහට මෙව්ව ඒ දවස් වල මේ උමග තනද්දි අයින් කරපු පස්, ගල් ආදිය ඉවත් කරන්න පාවිච්චි කරපු විවරයන්. උමගේ ඇතුලෙ පලවෙනි නැවතුම Eigerwand. මේ එතනින් එලිය පේන විදිහ.



විනාඩි පහකින් නැවතත් ගමන ආරම්භ කරන දුම්රිය, Jungfrau කන්දට කලින් උමග තුල තියෙන Eismeer කියන දුම්රිය ස්ථානයේත් නවත්තනව. Eismeer කියන්නෙ අයිස් මුහුද කියන එකලු. කිව්වත් වගේ එතනින් එලිය බැලුවම පේන්නෙ අයිස් මුහුදක්.


නැවතත් ගමනේ යෙදෙන කෝච්චිය ඊළඟට අපේ ගමනාන්තය වෙන Jungfraujoch වෙත ලඟා වෙනව. Jungfraujoch කියන්නෙ යුරෝපයේ තියෙන උසම දුම්රිය ස්ථානය. මීටර් 3450 ක් හෙවත් අඩි 11, 000 කටත් වඩා උසින් තියෙන මේකෙ ඉඳන් එලියට ගිහින් අවට බලන්න පුළුවන්. මේ තමා යුරෝපය මුදුනේ ඉඳන් අවට පේන හැටි.


මම ගියපු දවසෙ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 17.5 ක්. උඩ ආපන ශාලා වගේම අයිස් වලින් කරපු කැටයම් තියෙන අයිස් මාලිගයකුත් තියෙනව.


Ice Age බලපු කට්ටිය මේ උන්දැව දැකල ඇතිනෙ!


අන්තිමට, බැහැගෙන යන ඉර Jungfrau කඳු මුදුන තවමත් එලිය කරද්දී, අඳුරින් වැහෙන මිටියාවත මැදින් ගලන දොළ පාරවල් පහු කරගෙන අපි නැවතත් නගරයට ආව.


52 comments:

  1. පින්තූරු ටික දැක්කාම ඇඟ සීතල වෙලා ගියා. හරිම ලස්සන පැත්තක්. කවදාවත් ගිහින් නෑ. ලඟදිම යන්ට ඕනි.:)

    සිංදු කියන්ට කාජල් මොකටද? මට එන්ට කීව නම් එනවනේ...හී හී...

    එකම ප්‍රශ්නේ ශාරුක්ට ඉන්නේ කවුද කියන එක ...:(

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා මැරෙන්න හදන නළු බට්ටෙක් ඉන්නව නේද ලංකාවෙ? අපි එයාව ගමු. :D

      Delete
    2. මුහුදුටම බැරිය ඒ කෑල්ල රඟපාන්න .

      Delete
    3. මොකෝ බැරි? හැබැයි ඊට පස්සෙ ෂාරුක් රඟපාන එක නවත්තයිද දන්නෙ නෑ !

      :D :D

      Delete
    4. කාගෙන්වත් ප්‍රශ්නයක් නැත්නම් මම එන්ඩද කාජල්ගේ කොටසට? :D

      Delete
  2. අඩේ පට්ටයි බන්.
    දැති රෝද කොච්චි කියන්නේ මොනවද බන්?

    ReplyDelete
    Replies
    1. දැති රෝද කොච්චි කියන්නෙ, ඔව්ව පීලි තුනක් උඩ දුවන්නෙ. හොඳට බැලුවොත් පෙනෙයි සාමාන්‍ය පීලි දෙක මැද්දෙන් තව කට්ට කපපු පීල්ලක් තියෙනව. කෝච්චියෙ සාමාන්‍ය රෝද වලට අමතරව තව දැති රෝදයක් ( රෝද) තියෙනව. එව්ව දුවන්නෙ ඒ මැද්දෙ තියෙන පීල්ල උඩ.

      Delete
  3. අද මයි ආවෙ. ආපු ගමන් මගේ මෙව්ව එක නැති උනා.. වගකියන්නෙත් නැති හින්දා ආයේ එන්න වෙනවා මෙව්ව එක හොයන්න...

    ReplyDelete
    Replies
    1. දැන් කොව්ව එකද නැති උනේ? ඔය එව්ව මෙව්ව නැති උනොත් කරන්ඩ දෙයක් නෑ. දැන් ඉතින් අලුතෙන් මෙව්ව එකක් මෙව්ව එකෙන් අරගන්න

      Delete
  4. බ්ලොගේ අලුත් වෙලා තියෙන්නෙ.. උඹ මේක කාට හරි රෙන්ට් එකට දුන්නද, කරගෙන යන්ට කියලා..?? :)

    ReplyDelete
    Replies
    1. රෙන්ට් කරල වගේ ගතියක් පේනවද?. දැන් ටිකක් එළියයි නේද? මකුළු දැල් කඩල. පේන්ට් ටිකක් එහෙම ගාල ගත්ත. :D

      Delete
    2. ඔක්කොම හොඳයි.. ඒත් අර නැවේ තියෙන්නෙ සුදු රුවල්නෙ බං.. මිනී ඔළුවෙ කොඩියත් නෑ.. :)

      Delete
    3. ඔව් බන්. ඉස්සර ගේමෙන් නෙ හිටියෙ. දැන් අපි සාමෙන්. :D

      Delete
    4. ඔවු ඔවු, ඒ බව පේනවා.. ඉස්සර නම තිබ්බෙ 'මුහුදු කොල්ලකාරයා' කියලා, දැන් ඒක නිකංම නිකං 'මුහුදු' වෙලා.. නමත් වෙනස් කොරලා, පාටත් වෙනස් කොරලා.. උඹත් නිකං අර 'බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයො' වගේ.. හෙට අනිද්දට එයිද දන්නෑ 'මුහුදු සාමදූතයා' වගේ නමක් දාගෙන.. :P

      Delete
  5. ශා.............මාර ලස්සනයිනේ. මට හිතෙන්නේ ෆිල්ම්ස් හදන්නවත් මෙච්චර ලස්සන තැන් අරගෙන නැතිව ඇති කියලා. හැබැයි අර නම් කියවන්න නම් බැහැ දිවත් උලුක්කුවුනා වගේ.කොහොම උනත් හරිම ලස්සන රටක්, විස්තරයත් කදිමයි.

    ReplyDelete
    Replies
    1. Khaleesi, Hash yer asti k’athijilari? Yer chomoe anna!! :D :D

      ඇත්ත, ස්විට්සර්ලන්තය හරිම ලස්සන රටක්. ගොඩක් අය එහෙ නගර වල ලස්සනත් කියනව. නමුත් මට නං යුරෝපයේ වෙන නගර එක්ක වැඩි වෙනසක් දැනුනෙ නෑ. එලියට ගියාම නං හරිම ලස්සනයි.

      Delete
  6. //Khaleesi, Hash yer asti k’athijilari? Yer chomoe anna!! :D :D//

    මේක නම් ජර්මන් වෙන්න බැහැ අණ්ඩර දෙමළයක් මාහිතේ :)

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඔයා ඕකවත් දන්නේ නැද්ද සෝන්යා?
      මෙන්න තේරුම:

      Khaleesi: beautiful girl
      Hash yer asti k’athijilari? : I love you so much
      Yer chomoe anna!! : it hurts Sweetie...

      :D:D:D:D

      Delete
    2. Khal!!! Hash yer asti k’athijilari? Yer chomoe anna!!

      Delete
    3. @ පොඩ්ඩි

      ඇල් ඇල් !. තව ටිකක් හොයන්න. එතකොට ගිනි ගිනි! වෙයි :D :D

      ( දැන් ඉතින් ගිනි ගිනි, ඇල් ඇල් මොකද්ද කියල අහන්ඩ එපා. පොඩි කාලෙ කරපු සෙල්ලමක්)

      @ සෝන්යා

      ඕක ජර්මන් නෙවේ! අණ්ඩර දෙමළත් නෙවේ! හා ! පුළුවන් නං හොයා ගන්ඩ ! :D

      Delete
  7. ෂෙහ්... මාරම ගති :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබෙනව නං මොනා කරන්න බැරිද? ඔබටත් එසේම වේවා! :D

      Delete
  8. හරිම වාසනාවන්තයෙක් ඔයා නම් මුහුදු . කවද හරි යන්නම ආස රටක් . ලස්සන පින්තුර ටිකයි විස්තරෙයි .

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. මම සංචාරය කරන්න හරිම ආසයි. ලෝකෙ මම යන්න ආසාවෙන් හිටපු ගොඩක් තැන් වලට යන්න වාසනාව ලැබුන. හැබැයි ඉතින් ලිස්ට් එකෙන් එකක් අඩු වෙද්දි තව එකක් එකතු වෙනව!

      Delete
  9. Dude:

    උඹ කොහොමද බං නැවත් අරං ස්විට්සර්ලන්තෙට ගියේ? ඕක land locked country එකක් වෙච්ච කොට?

    උඹ නම් හැබෑම වාසනාවන්තයෙක්. උඹ ඒ බව දන්නවද කියන එකයි මට සැක.

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ ඩුඩ් ගෙ කමෙන්ට්ස් හැමතැනම ස්පෑම් එකට යන්නෙ. :D මම ඉතින් ගුවන් නැවේ ගියෙ. මොකෝ නැත්තෙ ඩුඩ්, මම දන්නව මම වාසනාවන්තයි කියල. හැබැයි මම මෙහෙම එකකුත් විස්වාස කරනව You create your own luck!

      I am the master of my fate..
      I am the captain of my soul - Invictus :D

      Delete
    2. ගුවන් නැව් කිව්වට ගුවන් නැවකම නෙමේ නේද ? ටිකක් හිටියොත් ගුවන් නැව් ගැන දැන ගත්තෑකි.. දැන් අයිසින් ස්ටේජ් එකේ තියෙන්නෙ..:D

      Delete
    3. බේක් කරල ඉවරනෙ. එහෙනං හෙට අනිද්දම බලන්න ලැබෙයි නේද ?

      Delete
  10. My comment's spammed, Muhudhu.

    ReplyDelete
  11. කිව්වත් වගේ උඹ හරි වාසනාවන්තයි..මමත් හරිම ආසම රටක් තමා ඕක.. හම්බෙන පඩියෙන් ජීවත් වුනාට පස්සෙ ලංකාවෙවත් සංචාරය කරන්ඩ බැරි නිසා, ඔය ගමන මම ලබන ආත්මෙට කල් දාලා තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. මට ඉතින් දෙයියනේ කියල මේ සමහර එව්ව කම්පැනියෙ එකවුන්ට් එකෙන් යනව. අනික ඉතින් මේ වට පිටේ රටවල් වලට වැඩි අවුලක් නැතුව ගියහැකි. මම යුරෝපයට ආසත් ඒකමයි.

      Delete
    2. අනිවා, මාත් යුරෝපයට කැමැති ප්‍රධාන හේතුවක් ඒක.. කෝච්චියකට නැගලා, නැත්තං 'මයි පෙට්‍රෝල්' කියලා කාර් එකට නැගලා රටවල් බර ගානකට යන්න පුළුවන් වීම.. ඔය චාන්ස් එක වෙන කිසිම කලාපයක නෑ නෙවැ..

      Delete
    3. අපෝ නෑ මෙහෙත් ( GCC ) පුලුවන්.. ඒත් ඉතින් මෙහෙ ගිහින් මොනවා බලන්නද .. බලන බලන තැන වැලි විතරනෙ.. :D ඔමාන් විතරයි ටිකක් හරි ගති..

      Delete
  12. මේ ෆොටෝ දැක්කාම එතනට දුවගෙන යන්ඩ හිතුනා.:)

    ReplyDelete
    Replies
    1. හයියෙන් දුවල යන්ඩ!

      Delete
  13. සෑහෙන කාලෙකින්... මාරම ගති...

    ReplyDelete
    Replies
    1. ඔව්, වෙලාව හිඟයි නොවැ. බිසී බිසී! සමහරු පෝස්ට් හිටන් ලියල තිබ්බෙ :)

      Delete
  14. පින්තූර ටිකත් අපූරුයි, විස්තරෙත් අපූරුයි ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සංචාර වල විස්තර වෙලාවක් ආවම තව ලියන්න හිතාගෙන ඉන්නෙ.

      Delete
  15. ඔබ වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතනව අටම්. අර උඩ ඩුඩ් හිටන් කිව්වෙ.

      Delete
  16. මේ පින්තුර දකිද්දි හරි ආසාවක් ඇති වුනා. අපට ඔය තැන්වල සංචාරය කල නොහැකි නිසා ඔබේ අත්දැකීම් අපි එක්ක බෙදා ගන්න.

    ReplyDelete
    Replies
    1. පුලුවන් හැම වෙලාවකම යන තැන් ගැන ලියනව. වෙලාවක් හොයා ගන්න එක තමා ප්‍රශ්නෙ.

      Delete
  17. පට්ට පොස්ටුව මුහුදු ,,,,,, නියම විස්තරේ
    ස්විස් ඇල්ප්ස් කියන්නේ සුපිරිම පලාතක් , එත් ඉතින් සිතල තමයි දරාගන්න අමාරු .......

    මම හිතුවෙ මම විතරයි බ්ලොගේ දෙශාටන සටහන් ලීයන්නේ කියල ,,, බලද්දී තව කට්ටිය ඉන්නවනේ !!!

    ReplyDelete
    Replies
    1. සීතල නං අමාරුයි තමා, හැබයි ඒ කඳු වල තියෙන සුන්දරත්වය ඒ සීතල අමතක කරවනව.

      Delete
  18. ශා...ලස්සන නම් කියලා වැඩක් නෑ

    ReplyDelete
  19. ෂා... නියමයි නියම විස්තරයක් සහ ෆොටෝ ටිකක්...

    ReplyDelete
  20. වාව් වාව් වාව්............නියමයි.....හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අමතක නොවෙන අත්දැකීමක්!

      Delete
  21. The Dog House Casino & Hotel - MapYRO
    The Dog 군포 출장마사지 House Casino & Hotel is a 16-story 경산 출장샵 high-rise 동두천 출장마사지 building in Highland, South Carolina. 사천 출장마사지 View a 광명 출장샵 detailed profile of the structure 1062501 including further

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!