මේ ටිකේම චුරු චුරු වැස්ස. වහිනවා වහිනවා ඉවරයක් නෑ. හැබැයි ඒකත් අර ගෙදරට වෙලා උණු කෝපි කෝප්පයක් අරන් කකුල් දෙක උඩ දාගෙන ෆිල්ම් එකක් බලන්න හිතෙන ජාතියෙ වැස්සකුත් නෙවේ. සීතලට ගුලි වෙලා ඔලුවෙ ඉඳන් පොරවගෙන නිදා ගන්න හිතෙන වැස්සකුත් නෙවේ. නිකන් බොහොම ලාවට මුළු දවස තිස්සෙම වැටෙන එපා කරපු වැස්සක්. අනික ඉතින් ඔය කිව්වට කෝපි බොන්නයි, පොරවගෙන නිදා ගන්නයි කොහෙන්ද වෙලාවක්?ලංකාවෙ නං වැස්ස කාලෙට ගෙම්බො ගෙට එනව. හරියට උන්ගෙ ගෙදර වගේ තමා ඇතුලට එන්නෙ. මට හිතෙන්නෙ එහෙම ගෙවල් ඇතුලට එන්නෙ මදාවි ගෙම්බො. මොකද උන්ව එලියට දාන්න හදනකොට '"පුළුවන්නං යවහල්ල බලන්න " කියන්න වගේ පුටු අස්සෙ, කබඩ් අස්සෙ රිංගනව විතරක් නෙවේ කොහොමහරි කරල එලියට වීසි කරාම ගේ පැත්ත බලාගෙන වැටිල "අඩෝ අපි ඊළඟ පාර බලාගම්මු හරිද? " වගේ ලුක් එකක් දීල තමා යන්නෙ.
දවසේ වැඩ පටන් ගනිද්දි පලවෙනි වැඩේ හැටියට ගෙම්බව කන්න කියල කියනවනෙ. මම නෙමේ මෙහෙම කියන්නෙ. Eat that frog පොත ලියපු බ්‍රයන් ට්‍රේසි (පොරට කලින් මාර්ක් ට්වෙනුත් ඕක කිව්ව) . ඒක සූප ශාස්ත්‍ර පොතක් නෙවේ. කාල කළමනාකරණය, සිංහලෙන් කිව්වොත් Time Management ගැන ලියවිච්ච පොතක්. ඔහු කියන්නෙ මේකයි. අපි වැඩ කරනකොට අපිට කරන්න හිතෙන්නෙ නැති, අකමැතිම වැඩක් තියෙනව. ඒ වැඩේ තමයි අපි නිතරම කල් දාන්නෙ. නමුත් ඒක අපේ ජිවිතේ දියුණුවට, රැකියාවේ දියුණුවට වැදගත් වෙන වැඩක් වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ වැඩේ මුලින්ම කරන්න කියන එක තමයි ඔහු දෙන උපදෙස. උදේම ගෙම්බෙක් කෑවොත්, ඊළඟට දවසේ කරන්න තියෙන කිසිම වැඩක් ඒ තරම් අප්පිරිය නෑ. ඒ වගේ, අමාරුම වැඩේ කලින් ඉවරකරොත් තමන්ට ඊලඟට කරන්න තියෙන වැඩ ඒ තරං අමාරු නෑ කියල අපේ හිත දන්නව. ඒ වගේම අර අමාරු වැඩේ තමන් කොහොමහරි ඉවර කරාය කියන හැඟීමත් එක්ක අපිට සතුටක් ආත්ම විස්වාසයක් ඇති වෙනව. ඒ ආත්ම විස්වාසය තමන්ට අනික් වැඩ සාර්ථකව ඉවර කරන්න උදව් වෙනව.
ඔය ගෙඹි න්‍යාය දවසේ වැඩ වලට විතරක් නෙවේ, තමන්ගේ රැකියාවේ හෝ ඉගෙනීමේ කටයුතු වල දීර්ඝ කාලීන දියුණුවටත් යොදා ගන්න පුළුවන්. ඒකට කරන්න ඕන කන්න ඕන ගෙම්බො මොක්කුද කියල හොයා ගන්න එක. එහෙමත් නැත්තම් තමන්ගේ ඉලක්කය කරා යන්න, තමන්ට කරන්න තියෙන අමාරුම වැඩ ටික මොනවද කියන එක මුලින් අවබෝධ කරගන්න ඕන. මේකට බ්‍රයන් ඔහුගේ පොතේ සඳහන් කරන්නෙ තමන්ගේ ඉලක්කයන් පොතක හෝ කොලයක සටහන් කරන්න කියල. ඒ වගේම ඒ සඳහා කලයුතු වැඩ මොනවද කියන එක පුළුවන් තරම් දුරට ලැයිස්තු ගත කරන්න කියල ඔහු කියනව. මේ ක්‍රමයෙන් තමන්ගේ ඉලක්කය තමන්ගේ මනසේ සුපැහැදිලි කරගත්තම තමන්ට ඒ කරා යන මාර්ගයත්, ඒකෙ යද්දී ගිලින්න ඕන ගෙම්බොත් හඳුන ගන්න පුළුවන්. ඔහු පවසන තවත් දෙයක් තමා අපි කොච්චර වැඩ කෙරුවත්, කොච්චර කාර්යක්ෂම උනත්, අපිට කරන්න තියෙන වැඩ ඉවරකරගන්න අපිට තියෙන වෙලාව ඇතුලත දී බැහැයි කියන එක. ඒක නිසා අපි කරන්න අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියන ඒක වර්ග කරගන්න අවශ්‍යයි. ඒ වර්ග කිරීම තීරණය වෙන්නෙ අර කලින් කිව්ව තමන්ගේ ඉලක්කය මොකද්ද කියන එක මත.
පරෙටෝ ගේ 20/80 න්‍යාය දන්නව ඇතිනේ. බ්‍රයන් කියන විදිහට අපි ගොඩක් දෙනෙක් 80% ප්‍රතිපල දෙන 20% වැඩ අත ඇරලා, 20% ප්‍රතිපල දෙන, 80% ක වැඩ කරනව කියල. ඇත්ත. ගොඩක් වෙලාවට අපි පුංචි පුංචි වැඩ ටික ඉවර කරල ඉන්නව ලොකු වැඩ වලට යන්න කලින්. නමුත් ලොකුම බලපෑමක් කරන්න පුළුවන් අර අපි කරන්න අකමැති වැඩ 20% ට. ඔහු කෘතිය පුරාම කියන දෙයක් තමා කොලයක හිතන්න ( Think on paper ) කියන එක. මොකද කරන්න තියෙන වැඩ හිතේ තියන්න ඉන්නවට වඩා, ලැයිස්තු ගත කළාම, ලිව්වම අපිට කරන්න ඕන දේ වඩාත් පැහැදිලි වෙනව. ඒ තුලින් අපිට තියෙන සීමිත කාලයෙන් කෙරෙන සීමිත වැඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රතිපලයක් ලබන්න පුළුවන්.
කාලය කළමනාකරණය කරන හැටි ගැන ලියවෙච්ච දේවල් ගැන කියවෙනකොට හිතෙන දෙයක් තමා මේ තියෙන දේවල් කරන්න කොහෙද වෙලාවක් කියන එක. ඔය Think on paper න්‍යාය ට අනුව බ්‍රයන් කියන දෙයක් තමයි තමන්ට ඉදිරි මාසෙට කරන්න තියෙන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න කියන එක. ඊට පස්සෙ ඔහු කියනව, සතියක් පටන් ගනිද්දි ඒ සතිය තුල කරන දේවල් ලිස්ට් එකක් හදන්න. ඊටත් පස්සෙ කියනවා දවස පටන් ගනිද්දි එදා කරන්න ඕන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. ඔය ලිස්ට් තුනම එකකට එකක් සම්බන්දයි. හැබැයි මට හිතෙන හැටියට, කාලය කළමනාකරණය කිරීමේ රහසත් ඒකයි. අපි ඒ වෙනුවෙන් වෙනම කාලයක් යොදවන්න ඕන. එහෙම කලේ නැත්තන් එතන කළමනාකරණයක් නෑ. අනික මාසයක්, සතියක් හෝ දවසක් පටන් ගනිද්දි කරන්න තියෙන වැඩ සැලසුම් කරල ඒ කාල සීමාව අවසානයේදි ආපහු හැරිලා බලපුවම අපිටම මැන ගන්න පුළුවන් අපි ඉස්සරහට ගිහින්ද, පස්සට ගිහින්ද, කොතන හරි වැරදුනාද, කොතනද හරි ගියේ කියන එක. ඒක හරියටම සිතියමක් බලාගෙන ගමනක් යනව වගේ. අපි ගොඩක් වෙලාවට කරන්නෙ සිතියමක් නැතිව ඔහේ තියෙන තියෙන පාරවල් වල ගිහින් කල්පනා කරනවා ඇයි මේ ගමනාන්තයට මෙච්චර දුර කියල.හරි! එහෙනං දැන් ගිහින් ගෙම්බෙක් කමු!
මම නම් හැමදාම ගෙම්බෙක් කනවා දවස මැද. ඒ මදිවට දිනපතාම. එහෙම කලා කියලා, ඒත් ඉතින් දවසේ ඉතිරි හරියෙත් වැඩි වෙනසක් නෑ... :D
ReplyDeleteවැදගත් ගෙඹි කතාවක්...!!!
ReplyDeleteඅපි නම් ඉන්නේ ගෙම්බෝ ගෙඩක් මැද. ඒක නිසා ඕනේ වෙලාවක කන්න පුළුවන්....
ගෙම්බෙක් කනවට වඩා අර අමාරු වැඩ ටික කරන එක හොඳයි වගේ.... :(
ReplyDeleteමට මතක් උනේ Lois & Clark එකේ fake alien Lois ගෙම්බෙක් කන සීන් එක :D
ReplyDeleteහැබැයි ඔයා කියල තියෙන කතාව 100% ඇත්ත
දවසේ වැඩ ටික කොලේක ලිව්වම ඉතුරු වැඩ කරන්න ලේසියි කියලා නම් මමත් දැනං හිටියා ..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ටික වෙලාවක් ගිහාම ඔය කොලේ හොයාගන්න බැරි එක...!!
ReplyDeleteකොහොමවුනත් එහෙනම් ගෙම්බාගෙන්ම වැඩ පටන් ගමුකො..
පොඩ්ඩි නම් මොනවා කියයිද දන්නෑ ගෙම්බො කන එක ගැන..
පොරට කලින් මාර්ක් ට්වෙනුත් ඕක කිව්ව//
ReplyDeleteඊට කලින් අපේ අම්මා කිව්වා. උඔගේ අම්මත් කියලා ඇති අනන්තවත්. අමාරු වැඩේ ඉස්සරලා කරන්න නැතිනම් අකමැති උනත් කරන්න ඕනනෙම් මුලින් කරන්න කියලා.
අර මන්ත්ලි ප්ලැන් අරව මේවා ගැන මටත් අද්දැකීම් තියෙනවා. පස්සෙ කියන්නම්. ඒක දිග කතාවක්! හෙහ් හේ....
ගෙම්බාට වඩා කන්න අමාරු සතෙක් නැද්ද බන්.. මගෙ ජීවිතේ මගේ අකමැතිම ගුණාංගය තමයි වැඩ කල් දාන එක... :(
ReplyDeleteමම ආවෙ ගෙඹි රෙසිපියක් කියල හිතං.සුප් එකක්වත් බොන්න කියලයි
ReplyDeleteමං ගෙම්බා ගැන කතාකරන්නද වැස්ස ගැන කතාකරන්නද.?? මං දැන් වැඩට යනෝ, එනකොට උත්තරේ සූදානං කොරලා තියන්ට.. ;)
ReplyDeleteමට තාම බැරිවුන එකම වැඩේ ඔය ප්ලෑන් කරණ එක තමා.සෙමිනාවලට ඉදන් ගියා.ඔක්කොම පොත් පත් විස්තර තියේ.ඒත් අනේමන්දා ඒක කරන්න හිතෙන්නෙම නෑ.
ReplyDeleteමෙහෙ එකෙක් ඔය පොත කියෙව්වොත් වැඩ පැත්තක තියල උදේම ගෙඹි සුප් එකක් ඇදල අරියි. මට නම් කවදාවත් කරන්න බැරි වැඩක් ඔය ලිස්ට් හැදිල්ල . කොටින්ම ෂොපින් ලිස්ට් එකත් මගේ ඔළුවේ. අපේ බනියා මට චුටි පොතක් ලස්සන නුලකින් එල්ලලා හදල දුන්න ගෙන්න තියෙන බඩු ලියල එල්ලන් යන්න කියල . හැමදාම ගෝරි අම්ම මුකුත් ඒකෙ ලියල නැහැ කියල .
ReplyDeleteඉස්සර අපේ දිහාටත් ඇවිත් තියෙනවා ඔය මදාවි ගෙම්බෝ. මේ පෝස්ට් එකේ මන් ආසම අර උන් ගැන තියෙන කෑල්ල . අපි උන්ව පොල්කට්ටෙන් වහල අල්ලන්නේ . ගිහින් දැම්මට වැඩක් නෑ. ඊ ළඟ දවසේ ආයි ඇවිත් ඒ මුල්ලේම . අපේ ලොක්කි පොඩි කාලේ ඔය වගේ මදාවි ඇට ගෙම්බෙක් එන්න පටන් ගත්ත . සමහර සුර වීර කට්ටිය පුටු උඩ.
@පොඩ්ඩි,
ReplyDeleteමම නං උදේ පාන්දරම තමා කන්නෙ. එතකොට දවසම ෆිට්!! කෑවෙ නැති දවසට හරි සෝමාරි ගතියයි. :D :D
@prasanna86k
ගෙම්බෝ ගොඩක් මැද හිටියාට කන්න ඕන මොන ගෙම්බන් දැයි අඳුනා ගත යුතුය! :D
@නීතා
පෝස්ට් එක ආයෙම කියවල බැලුවනං ! :D :D :D
@niroshini
මට මතක නෑනෙ ඒ කෑල්ල. මට කොහොමත් ඔය ෆිල්ම් වල පොත් වල කතාව අමතක වෙන ලෙඩේ තියෙනව. :S
@රූ
මම කරන්නෙ කොලේ ඉස්සරහින්ම තියාගෙන ඉන්න එක. පොඩ්ඩි ඔය හැමදාම ගෙම්බෙක් ව කනවා කියන්නෙ. :D
@බුද්ධි
ඔව් ඔව්. අපේ අම්මත් කිව්ව. උන්දැ මට කියන එව්ව ලියන්න ගියෝතින් තව පෝස්ට් එකක් ලියන්න වෙනව. ඒ දිග කතාව අපිටත් දැනගන්න දාන්න.
@අභීත
මටත් ඔය ලෙඩේ තිබ්බ ටිකක් කල්. අමාරුවෙන් ගොඩ දාගත්ත. දැන් කොහොමහරි දඟලල කරනව.
@විමුක්ති
මම රෙසිපි දැම්මොත් එව්ව කන මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි. :D
@බුරා
ගෙම්බාගේ ඇඟේ මැක්කෝ නැත. උඹ මැක්කා ගැන කියපන්! :D :D
@සිතුවම්
ඕක තමා ප්‍රශ්නෙ. කොච්චර පොත් කියෙව්වත්, කොච්චර seminars වලට ගියත්, තමන් විසින්ම වැඩේ පටන් ගත්තෙ නැත්තං හරියන්නෙ නෑ.
@bindi
අපෝ ඔය ගෙම්බො ගැන කතා කරන්න එපා. කොච්චර වීසි කෙරුවත් අන්තිමට පහු වෙනිදා හරියටම එතනටම ඇවිත් ඉන්නව. බනිය එහෙනං අත් වැඩට හරි දක්ෂ ඇති. ඉඳල හිටලවත් ලිස්ට් එකක් ලියන්න. :D
නෝ චොයිස්. දවස පුරාම ගෙම්බන් කෑ යුතුය.:( ඉද හිට ගෙම්බන් නොකා හිටිය හැකිනම් සතුටුය.
ReplyDeleteහොඳ පෝස්ට් එකක්. ඒ එක්කම හිතන්න දෙයක්. මමත් අද ඉඳන්ම පටන්ගන්නවා.
ReplyDeleteමං නං ගෙම්බා කන්නෙ ඔෆිස් ගියාම තමයි. ඊට කලින් කනව බොරු. හැබෑවටම මම හිතුවෙ අමුතු නමක් තියන කෑමක් කියලනෙ, හික් හිහ්හ්
ReplyDelete@රෝස කුමාරි
ReplyDeleteඑය ඇත්තය. හැමදාම උදේ වැඩට පැමිණි විට කවුරුන් හෝ පැමිණ ගෙම්බෙක් දමා යයි. ඉතින් මුලින්ම ඌව කන්නට සිදුවේ!
@ක්සැන්ඩර්
අන්න හොඳයි. මමත් මේ පටන් අරන් ඉන්නෙ. දැනට ප්‍රතිපල සතුටු දායකයි.
@nawammawatha
සමහර දවස් වලට ගෙදර ඉඳන් වැඩ කරන නිසා ඉතින් ගෙදර ඉඳන්ම ගෙම්බො කන්න වෙනව.
මම නම් සාමාන්‍ය දවසකට අවම වශයෙන් ගෙම්බො තුන්දෙනෙක්වත් කනවා.
ReplyDeleteඉනුත් සමහර ගෙම්බො හෙන ලොකුයි, සෙවලයි බං
henryblogwalker the Dude
ශෝක් බ්ලොග් එකක්නෙ. කොහොමද මට අද වෙනකම් මේක මිස් වුනේ?
ReplyDelete@Dude
ReplyDeleteහපොයි කොහොමද ඔහොම ගෙම්බොන් ව හැමදාම කන්නෙ? තෑග්ගක් දෙන්න වටිනව
@සිඳු
ඉස්තුතියි! දැන් ඉතින් හම්බ උනානෙ. මම ලියන්නෙ යලට මහට. ඒකයි දකින්න නැති වෙන්න ඇත්තෙ
අද ඉඳන් පටන් ගන්න ඕනෙ..
ReplyDelete