Friday 4 February 2011

තමුසෙ කොහොමද මේ ඉස්කෝලෙට ආවෙ?

මේක උනේ අපි 9 වසරෙ ඉද්දි. ඉස්කෝලෙ පන්ති වල ඉතින් එක එක ජාතියෙ එවුන් ඉන්නවනෙ. සමහර එව්වොන්ට පොතෙන් තොර ලෝකයක් නෑ. තව සමහර එවුන් පොතක් අතින් අල්ලන්නෙ නෑ. පිස්සු කෙලින එකමයි වැඩේ. ඔය දෙකම සම බරව කරන එවුනුත්  ඉන්නව. අපේ පන්තියෙ හිටිය ඩයල් එකක්, මිනිහ හැම දේම බොහොම බැරෑරුම්ව තමයි බලන්නෙ. ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නත් දෙන්නෙ හොඳට කිරල මැනල හරියටම අහපු දේට. හරියටම අර ලාස්ට් රෝ එක කරන කස්සගේ යාළුවා නන්දන වගේ. 
මුගේ මේ සීරියස් වැඩ නිසා උට කාඩ් එකක් වැටිල තිබ්බෙ සීරියස් කියල. දවසක් අපි ටීච කෙනෙක් නැති වෙලාවක පන්තියෙ කෑ ගගහ ඉන්නව. සද්දෙ වැඩි නිසා එහා පන්තියට උගන්නපු සර් ඇවිත් සද්දයක් දාල ගියා කෑ නොගහ හිටපල්ල කියල. ඒ කිව්වට ඉතින් අපි ඕව අහන එකක් යැ. සර් ගියා විතරයි අපේ එවුන් ආයේ සුපුරුදු වැඩසටහනට යොමු උනා. සාමාන්‍යයෙන් ඉස්කෝලෙ වැරද්දක් කරල අහු උනාම පොඩ්ඩක් ජාතකේ හොයනවා. ඉස්කෝලෙට ආවෙ ප්‍රයිමරි එකේ ඉඳන්ද, ශිෂ්‍යත්වෙන්ද , නැත්තන් පස්සෙ කාගේ හරි තල්ලුවකින් ආවද වගේ. (ඒකේ වැරැද්දට තියෙන සම්බන්දය මොකද්ද කියල මම දන්නෙ නෑ.)
ඉතින් කොහොමහරි අපේ සද්දෙ ඇහිල දෙවෙනි පාරටත්  මාරාවේස වෙච්ච සර් පන්තියට කඩාපාත් උනා ' උඹලට එක පාරක් කිව්ව නේද කෑ නොගහ ඉන්ඩ කියල ? ' කියාගෙන. සර් ගේ සද්දෙ ඇහුන විතරයි පන්තියෙ තැන් තැන් වල හිටපු එවුන් ඩෙස්ක්, පුටු පෙරලගෙන දුවල ගිහින් තමන් ගේ තැන් වලින් වාඩි උනා. ඔය වෙලාවෙ අපේ සිරියසුත් තමන්ගෙ ආසනයෙන් නැගිටල ගිහින් හිටියෙ. නමුත් ඉතින් දුවන එක සර් ට කරන අගෞරවයක් කියල හිතලදෝ මිනිහ බොහොම සීරියස් විදිහට හෙමින් ඇවිදගෙන ගිහින් තමන් ගේ තැන වැඩි උනා. නමුත් මේක දැකපු සර් හිතුවෙ සර් ට බය නෑ කියල පෙන්නන්ඩ මිනිහ එහෙම කරා කියල. සර් ගේ ඇඟේ මාළු ගඟේ නටන්ඩ ගත්තේ එතකොට. 'තව බයත් නැතුව මේකා හෙමින්  ගිය හැටි' කියපු සර් කඩාගෙන ගියා සීරියස් ලඟට. 
'නැගිටිනවා!!! '
සීරියස් ඉද්ද ගැහුවා වගේ නැගිට්ට.
'තමුසේ මොකද බය නෑ කියල පෙන්නනද? . තමුසෙලා වගේ එවුන් හින්ද තමයි අයිසේ මේ ඉස්කෝලෙ නම කැත වෙන්නෙ'
දැන් සීරියස් සට සට ගාල ගැහෙනව.
'තමුසෙ කොහොමද මේ ඉස්කෝලෙට ආවේ?' සර් ගිරිය පුප්පල ඇහුව. දැන් පන්තියම ගල් ගැහිල බලන් ඉන්නව.
'සර් බස් එකේ!!!!'
සීරියස් කිව්වේ නං සීරියස් එකටමයි. 

21 comments:

  1. සීරියස් කිව්වනං ශිෂ්‍යත්වෙන් ආව කියල ඌ එතනම කම්බස්.

    ප්‍රයිමරියෙන් ආව නං පොඩි දඬුවමක් විතරයි.

    පස්සෙ ආපු එකෙක් නං, ඒ කියන්නේ එක්කෝ පොලිටථික්කෙක් ගේ පුතෙක්, නැත්තං නිළධාරියෙක් ගේ පුතෙක්, නැත්තං ජරාව දීපු එකෙකන් නේ. එහෙම නං ඉතිං "අනේ ඇයි පුතා මේ වගේ වැඩ කරන්නේ? ඉන්නකෝ මං ඩැඩීට කියල අරින්න පුතාගේ නෝටි වැඩ ගැන."

    ReplyDelete
  2. එළ කතාව. අපේ එකෙක්ටත් ඔහොම වෙච්ච එකක් තියෙනව. වෙලාක ලියන්න ඕනෙ

    ReplyDelete
  3. එල එල...මම දැක්කා පෙරේදා දවසක ලාන්කීය බ්ලොග් කියවනයේ තියෙනවා කොල්ලකාරයා ගේ අඩවියේ පටස් අක්‍රීයයි කියලා..ඒක හොයලා බැලුවා කියලා හිතනවා...ජය වේවා!!!

    ReplyDelete
  4. කතන්දර- කසු හරියට හරි. එහෙම කියනව විතරක් නෙවෙයි, ගුරු දෙගුරු සමිතියක් වෙලාවෙ කොහොමහරි හොයාගෙන ඇවිත් ඩැඩි ව හම්බෙනවමයි.

    ReplyDelete
  5. රංග - රංගගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් නං පිස්සු කොර සීන් එකක් වෙන්ඩ ඕනෙ. ලියන්ට ලියන්ට!!

    ReplyDelete
  6. රත්ගමයා - ඔව් සහෝ . මම ඊයෙයි ඒක දන්නෙ. දැන් ඒක හරි. බොහොම ඉස්තුතියි ඔත්තුවට.

    ReplyDelete
  7. මොකද්ද ඉස්කෝලේ? (හික් හික්!! ඔන්න ජාතකේ හොයන්න පටන් ගත්තා)

    ReplyDelete
  8. blog gadol - ඕකනෙ ඉතින් බැරි :). අර මරදානෙ තියෙන්නෙ. ලොකු සුදු පාට බිල්ඩින් එහෙම තියෙන එක. අන්න ඒක ;). ඉදිරි පොස්ට් වලදි තව වැඩි විස්තර දැනගන්න ලැබෙයි.

    ReplyDelete
  9. හෙහේ..මරු වැඩේ... එක මාර සිරියස් ඩයල් එකක්ම තමයි.... :D

    ReplyDelete
  10. ඈ බොල, තෝත් මරියකඩේ ඉස්කෝලෙද..?? සන්තෝසයි සන්තෝසයි.. අපිත් ඒ තාප්පෙන් පැන්න උන් තමා.. :)

    ReplyDelete
  11. @නිම්ෂා - ඔව් ඔව්. හැබැයි පොර මාර මීටරේ. දැන් ආයෝජන සමාගමක හොඳ පොස්ට් එකක් දරනව.

    ReplyDelete
  12. @Buratheno - නෑ!! එල එල! අඳුරගන්න ලැබීම සතුටක්!:)

    ReplyDelete
  13. කොල්ලකාරයාගේ බ්ලොග් එකත් නියමයි... අද ඉදල හැමදාම එන්නම් බලල , හිතට එන දේ ලියල යන්න. මගේ ලෝකයේ තිබ්බ ලින්ක් එකකින් ආවේ. රංගටත් ස්තූතියි...

    @ කතන්දර - අලුත් ගෙවල් වල ඇවිත් තෑගිත් දිල යනව. පරණ යාලුවන්ගෙ ගෙවල් පැත්තෙ එන්නෙ නැහැ ද ? කමක් නැහැ...

    ReplyDelete
  14. වත් - බොහොම ඉස්තුතියි. අනිවාර්යෙන් එන්න. මට නං ඔයාට වගේ සොඳුරු විදිහට අදහස් ලියන්ඩ බෑ. ඔය කාට හරි මඩක්, ඕප දුපයක් වගේ ඒව තමයි ලියන්නෙ. හික් හික්!

    ReplyDelete
  15. යකෝ තෝත් මරිය කඩේ ඉස්කොලෙද මමත් ඊයේ පෙරේදා දවසක ඔය තාප්පෙ ගවින් ගියා. යකෝ අපි ඒ කාලෙ ඕකෙනුත් පැන්නා නේ?

    ReplyDelete
  16. :D minihata kakul deken yanna wunada danne na gedara....

    ReplyDelete
  17. නිශ් - අහ් තවත් මරිය කඩේ ඉස්කෝලෙ කොල්ලෙක්! අඳුර ගන්ඩ ලැබීම සතුටක්. වෙලාවක් ලැබුනම මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දාල යන්ට.

    ReplyDelete
  18. හරී - ඔව් ඔව්, අවුලක් උනේ නෑ . ඌ ඔහොම කියපු ගමන් පන්තියේ ඔක්කොම එවුන් බඩවල් අල්ලගෙන හිනා වෙන්ඩ ගත්ත. සර් ටත් හිනා ගියා. ඒකෙන් වැඩේ ශේප් උනා.

    ReplyDelete
  19. පිස්සු හැදෙනවා. අදයිනේ මේ සයිට් එක දැක්කෙ

    ReplyDelete
  20. හික් හික්... සීරියස් පිටම කියලා

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!