Sunday 6 February 2011

ඔයාල මෙහෙ වර්ක් කරනවද, ස්ටඩි කරනවද?


මම කලින් කතාව කිව්වනෙ ලන්ඩන් ආපු කාලේ වෙච්ච සීන් එකක්. කොහොම හරි ඉතින් ඒ අධ්‍යාපනේ ඉවර කරල මම ටික කාලයක් ලංකාවටත් ගිහිල්ල වැඩ කරා. ඒ දවස් වල අපේ කොම්පැනි එකට තිබ්බ පකිස්තානෙ ප්‍රොජෙක්ට් එකක්. ඕක තිබ්බෙ ලාහෝර් වල. අර අපි 96 වර්ල්ඩ් කප් එක දිනපු ග්‍රවුන්ඩ් එක තියෙන නගරේ. 
ඕකට යන්ඩ මුලින් කරච්චි වලට ගිහින් එතනින් ලාහෝර් යන්ඩ ඕනෙ. ඔය ප්‍රොජෙක්ට් එකට අපේ ඔෆිස් එකෙන් යැව්ව ඩයල් දෙකක්. එකෙක් ශාන්, අනිකා විරාජ්. ශාන් කාරයට සාමාන්යෙන් කොතනත් ටිකක් කට පියාගෙන ඉන්න එක හරි අමාරු වැඩක්. විරාජ් එච්චර කියවන්නේ නැති උනත් ඌත් ඕන දේකට රෙඩි කොල්ලෙක්. ඉතින් මුන් දෙන්න දැන් ඔහොම එක ට්‍රිපක් ගිහිල්ල ආයේ එනගමන් කරච්චි එයාපෝර්ට් එකේ පෝලිමක හිර වෙලා ඉන්නවලු. දන්නවනේ ඉතින් ඔය රටවල් වල වැඩ වෙන හැටි. පෝලිම තියෙන්නේ හෑන්ඩ් ලගේජ් චෙක් කරන්ඩලු. ස්කෑන් කරනව මදිවට එකෙක් ඉඳන් ඔක්කොම ඇර ඇරත් බලනවලු. මේක දැකල මල පැනල ශාන් විරාජ්ට කියල "මුත් අර ලාහෝර් වල හිටිය හු*** වගේමයි බන් වැඩක් කරන්ඩ ගියාම තියාගෙන අතගානව" කියල . මොකද මුන් දෙන්න ලාහෝර් එයාපෝර්ට් එකෙත් ඔය කට්ටම කාල ඇවිත් තිබ්බෙ. එහෙම කිව්වා විතරයි මුන්ට ඉස්සර හිටපු පොර පිටි පස්ස හැරිල මුගෙන් අහනවලු " ඔයාල මෙහෙ වර්ක් කරනවද, ස්ටඩි කරනවද?" කියල. දැන් මොකෝ දුවන්ඩයැ. මු ඉතින් හිනා වෙලා කියල අපි මේ ප්‍රොජෙක්ට් එකකට ආපු ගමන් කියල. කොහොම හරි ඉතින් කතා කරල බලද්දී ලංකාවේ අපි කවුරුත් දන්නා සමාගමක ලොක්කෙක්. පොරට ඒකෙන් කැල්ලක් අයිතිත් එක්ක. නම අහල තිබ්බට ශාන් පොරව දැකල තිබ්බෙ එදා. 
කොහොමහරි ඉතින් ඔතන පහු කරල කට්ටිය ගිහින් බෝඩින්ග් ඒරියා එකේ වාඩි වෙලා ඉද්දි තව ලංකාවෙ කියල පේන උස ඩයල් එකකුයි, තව ඊට කොට එවුන් දෙන්නෙකුයි ඇවිත් මුන්ගාව වාඩි වෙලා. ශාන් කාරය උස පොරත් එක්ක හිනාවෙලා ලංකාවේ ෆිට් එකට. ඌ ඔරවල. ඒකට  ශාන් කරය මල පැනල විරාජ් ට කිව්වලු " අර දීගජන්තුවත් එක්ක මනුස්සකමට හිනා උනාම ඌ එරෙව්වනේ බන් කියල. " විරාජුත් කියල "තෝත් ඉතින් වඳුරා වගේ හැම එකාටම විරිත්තන්නේ නැතිව ඉඳපන්. දැක්කනේ ඉස්සෙල්ලත් වෙච්ච දේ" කියල. කොහොමහරි ප්ලේන් එකට නැග්ගමත් අර තුන් කට්ටුව මුන් දෙන්නගේ ඉස්සරහලු. එත් මුන් 3 දෙනා අරවගේම ගල් පිළිම වගේ ඉන්නවලු. ශාන් කාරයත් ඉතින් දැන් විරාජ් එක්ක මුන්ට එක එක එව කියනවලු. 
" මචන් මුන් 3 දෙනා අර කොපු ගිලලද දන්නෑ මේ බෙට්ට හිර වෙලා වගේ බලා ගෙන ඉන්නෙ........"
 "උස එකා තමයි වැඩියෙන් ගිලින්ඩ ඇත්තෙ. ඌ වැඩිය මුකුත් කෑවෙත් නෑ................" 
ඔය වගේ කටුනායකින් බහිනකන් ම මු අර මිනිස්සු  3 නට එක එක එව කියා කියා ඇවිල්ල (ඇහෙන්ඩ නෙවෙයි). කොහොමහරි කටුනායකින් බැස්සම අර තුන් දෙනා කොහෙන් ගියාද නෑලු. කොහොම හරි ශාන් කාරයයි විරාජුයි ඔෆිස් ආව පහුවෙනිදා. 
ඉතින් ඕක ඔහොම වෙලා ටික කලක් ගියා.

ඕගොල්ලන්ට මතකද පිත්තල හන්දියෙ බොම්බේ? අර ගෝඨා ට ගැහුවෙ. ඕක වෙන වෙලාවේ මම හිටියේ ඔෆිස් එකේ. ආරංචිය ආපු ගමන් කට්ටිය හෝ ගාල  ඩිෆෙන්ස් වෙබ් සයිට් එක බලනව. මම මොකක්හරි එකකට සීට් එකෙන් නැගිටලා යද්දී මන් දැක්ක ශාන් කාරය කට ඇරගෙන මොනිටරේ දිහා බලාගෙන ඉන්නවා. "මචං අපිටත් ෂොක් තමයි. එත් ඔහොම බලන් ඉන්ඩ ගෝඨා උඹේ නෑයෙක් ද ?" මම ඇහුව.
" නෑ බන්, මේ ඉන්නෙ අරූ. මම අර උඹලට කිව්වේ පකිස්තාන් ඉඳන් එද්දී ප්ලේන් එකේ හිටපු 3 දෙනාගෙන් උස එකා". එහෙම කියල ශාන් සයිට් එකේ තිබ්බ පින්තුරයක් පෙන්නුවා. ඌ එත් තාමත් ටිකක් ෂොක් එකෙන් වගේ. මමත් ලං වෙලා බැලුව. බෝම්බෙට පිච්චිලා කළු වෙච්ච ඩිෆෙන්ඩර් එකක් තියෙනව. ඒක වටේට පොලිසියෙන් අර කහපාට පටි ඇදල තියෙනව ඇතුල්වෙන්ඩ තහනම් සිමාව මාර්ක් කරලා. අත්දිග කමිසයක් ඇඳල ටයි එකක් දාගත්තු උස පොරක් ඒ පටි වලිනුත් ඇතුලට ගිහින් ඩිෆෙන්ඩර් එක ගාවම ඉඳගෙන සෙල් ෆෝන් එකකින් කතාව. සාමාන්යෙන් ගමේ ගොඩේ මිනිමරුමක උනත් ඔය පටි වලින් ඇතුලට යන්ඩ දෙන්නේ එහෙමත් තදයෙකුට තමයි. එහෙම එකේ ගෝඨා ගේ බෝම්බ සීන් එකේ ඔහොම සිවිල් පිට ළඟටම ගිහින් කතා කරන්ඩ නම් පොර ඉන්ටෙලිජන්ස් එකේ තදයෙක් වෙන්ඩ ඕනේ. බුදු අප්පොච්චියේ, එදා මු කියපු ඒව අර තුන් දෙනාට ඇහුනන් අපි තාමත් මුන් දෙන්න පකිස්තානෙ ඉඳන් එනකන් බලන් ඉන්නව.

21 comments:

  1. ඔයින් ගියා මෑදෑ...තව ඩින්ගෙන් ලගින්න වෙන්නේ කූඩුවේ...හික්ස්....පොර නම් දරුනු එකෙක් වෙන්න ඇති.... කට පරිස්සම් කොර ගෙන යන තැන යන එක ඇගට ගුනයි...ඉකේයීයා...

    ReplyDelete
  2. හෙහ්.. කට පියාගෙන ඉන්න බැරි කම නේ ඉතින්... මම හිතුවේ ඇහෙන්න කියවන්න ඇති කියලා.. අපරාදේ ඇහෙන්න කිව්වා නම් තමා ඔයිට වැඩිය රස ඇත්තේ...

    ReplyDelete
  3. රත්ගමයා - තව පොඩ්ඩෙන් ඉකේයියා වෙන්ඩ කනවා. කොහෙද මුන් කට පරිස්සන් කරගන්ඩ දන්නේ නෑනේ

    ReplyDelete
  4. නිම්ෂා - ඇහෙන්ඩ කිව්ව වගේද තේරෙන්නෙ? ඔන්න මම පොස්ට් එක හැදුවා.

    ReplyDelete
  5. අනේ මේ බිත්ති වලටත් කන් තියනවා,,සුදු වෑන් එක්ක පරිස්සමින් හොදේ

    ReplyDelete
  6. ItalyDilan - බය හිතෙන කතා කියන්ඩ එපා බං! ;)

    ReplyDelete
  7. සික් විතරක්.............. ඌ ඇහෙන්න තිබුනේ.... :D

    ReplyDelete
  8. හොඳ වෙලාවට තමයි ඇහුනේ නැත්තේ. ඇහුනනම් ඉතින් ගේ ඉස්සරහ පෝස්ටරයක් ගහන්න වෙනවා "මාලුවා නැහුනේ කට නිසා" කියලා. :D

    ReplyDelete
  9. අහුනනන් "මාලුවා නැහුනේ කට නිසා" කියල පෝස්ටර් නෙමෙය් "වයඃ ධම්මා සංඛාරා" කියල බැනර් තමය් එල්ලන්න වෙන්නෙ.

    ReplyDelete
  10. කොල්ලකාරය, මේ ලින්ක් ලැබුනේ "මගේ ලෝකයා"ගෙනි.

    ReplyDelete
  11. ඒ වෙලාවෙ කියපු එක ඇහුනනම් මුහුදු කොල්ලකාරයාට තමා අර බෝම්බෙ වදින්න තිබුණෙ.

    ReplyDelete
  12. කෝමද සෙට් ලාච්චුවෙ දාගන්න උනා නම්

    ReplyDelete
  13. සොරො - ඇහුනනං අර මම අන්තිමට කියපු දේ තමයි. අපි තාමත් බලන් ඉන්නවා.

    ReplyDelete
  14. කොට ජිවිතේ - ඔය ශාන් කාරය කවද හරි නහින්නෙ කට නිසා තමයි.

    ReplyDelete
  15. Observer - ඒක 'ලෝකයා' නෙවෙයි 'ලෝකය' වෙන්ඩ ඕන නේද? හැබැයි පොරට 'ලෝකයා' එකත් ගැලපෙනවා. හික් හික්. බොහොම ඉස්තුතියි මේ පැත්තේ ආවට.

    ReplyDelete
  16. පිණිබිඳු - හප්පේ ඇහුනනන් අපිවත් ගස්.

    ReplyDelete
  17. රංග - අම්මෝ.!!! කියවද්දිත් රිදෙනව මචං. උඹේ මාකටින් පාරට තැන්කු. ගොඩක් දෙනෙක් ආව මේ පැත්තේ දුන්න ඔත්තුවට.

    ReplyDelete
  18. හපොයි! තව පොඩ්ඩෙන් අරූට මොනවා වෙයිද දන්නෑ

    ReplyDelete
  19. ඇහුනනම් උන් දෙන්නා ටත් බෝම්බ සරනයි

    ReplyDelete
  20. @පිස්සා & blog gadol- එහෙනං ඉතින් උන් දෙන්නට පොකුරු බෝම්බ තමයි!!!

    ReplyDelete
  21. ජීවත් වෙන්න තව වාසනාව තියෙන්න ඇති. ඒකනෙ ඇහුනෙ නැත්තෙ.. හික්ස්

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!