Thursday 4 August 2011

උපයන්න, අරගන්න, එලවන්න, ජයගන්න!

අපිට ජීවිතේ බලාපොරොත්තු, අවශ්‍යතාවයන් ගොඩක් තියෙනව. අපි එක බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත්තම බලන්නෙ ඊට පස්සේ ඊට ඉහල දෙයක් ලබාගන්න. උදාහරණයකට, ඕනම කොල්ලෙක් ජොබ් එකක් ගත්තම බලන්නෙ මුලින්ම බයික් එකක් හරි, පොඩි කාර් කට්ටක් හරි ගන්න. ඉතින් ඔය මරුටියක් වගේ ගොඩ දැම්ම කියමුකො. කාලයක් යද්දී ඕක එපා වෙනව, ඊට පස්සේ බලන්නෙ ටොයෝටා එකක් හරි, හොන්ඩ එකක් වගේ ගොඩ දාන්ඩ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට උනොත් සහ තවත් දියුණු වෙන්ඩ පුළුවන් උනොත් ඉතින් බි.එම්.ඩබ්ලිව් එකක් හරි, මර්සිඩීස් එකක් හරි ගොඩ දාගන්ඩ පුළුවන්. ඊටත් එහාට ගියොත් ඉතින් ඔය ෆෙරාරි, පෝර්ෂ් ලෙවෙල් එක තමා. අර මැස්ලෝ කියන පොර 'හයරාකි ඔෆ් නීඩ්ස්' කියන ත්‍රිකොනේ තියරියෙන් කියන්නෙත් ඔය අපේ නොසන්සිඳෙන ආසාවේ විකාශනය තමයි. ඉතින් ගොඩක් කොල්ලන්ගේ ඔය රථ ගායේ හිනිපෙත්තේම තියෙන සිහිනයක් තමයි ස්පෝර්ට්ස් කාර් එකක් අරගන්න එක. අපි ගොඩක් දෙනෙකුට ඒක හීනයක්ම විතරයි. ජීවිතේ හීනයක් හැබෑ කරගත්තු දවසක අරගන්න, එලවන්න හිතාගෙන ඉන්න කාර් එකක් ගැන තව ටිකක් දැනගන්න මට පහුගිය දවසක පුළුවන් උනා. ඒ මම කලින් පොස්ට් එකෙන් කියපු මැක්ලරන් ටෙක්නොලොජි සෙන්ටර් එකේදි.
ගොඩක් සමාගම් ෆෝමියුලා 1 වලට එන්නේ තමන්ගේ රෝඩ් කාර් වලට ප්‍රසිද්දියක්, පිළිගැනීමක් ලබාගන්න සහ ඒවාට අවශ්‍ය තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න. ෆෙරාරි කියන්නේ මේ විදිහට තමන්ගේ ෆෝමියුලා 1 සාර්ථකත්වය රෝඩ් කාර් වල ප්‍රසිද්දියට හොඳින් උපයෝගී කරගත්තු ටීම් එකක්. ටොයෝටා, බී.එම්.ඩබ්ලිව් සහ හොන්ඩා මෑතක් වෙනකන් ෆෝමියුලා 1 වල හිටියත්, පහුගිය ආර්ථික අවපාතය තිබ්බ කාලෙ ඒ හැමෝම ෆෝමියුලා 1 වලින් අයින් උනා. මැක්ලරන් කියන්නේ ෆෝමියුලා 1 ටීම් එකක් මෙතෙක් වෙනකන්. නමුත් මෑතකදී ඔවුන් තීරණය කරලා තිබ්බ තමනුත් රෝඩ් කාර් හදන්න පටන් ගන්න. විශේෂයෙන්ම ෆෝමියුලා 1 වලදී තමන්ගේ පරණම සතුරා වෙච්ච ෆෙරාරි වලට ධාවන තරග වලින් පිටදිත් තරගයක් දෙන්න ඔවුන්ට ඕන වෙන්න ඇති. ඉතින් ඔවුන් අලුතෙන් නිෂ්පාදනය කරන්න ගත්ත McLaren MP4-12C කාර් එකේ පින්තුර සහ ඒකෙ නිෂ්පාදන අංශයේ පින්තුර ටිකක් තමයි පහල තියෙන්නෙ. ඒ වගේම මැක්ලරන් සමාගම මිට කලින් සීමිත ගානක් නිපදවපු McLaren F1 රෝඩ් කාර් එකත් තිබ්බ.


මේ තියෙන්නෙ භාණ්ඩෙ. ආරම්භක මිල පවුම් 168500. අතිරේක කොටස් එකතු වෙද්දි ගාන වැඩි වෙනව. 


එන්ජිම අශ්ව බල 592 ක් නිපදවනව.  0 - 62 mph තප්පර 3.3. Corsa ටයර් නම් 3.1. 
0 - 124 mph තප්පර 9.1. Corsa ටයර් නම් 8.9

එන්ජිම 3.8 ලීටර් ට්වින් ටර්බෝ V8 එකක්. උපරිම වේගය 205 mph



කොහොමද ඩිකිය ;)

මුළු කාර් එකම කාබන් ෆයිබර්. මේ තියෙන්නේ චැසිය. මේක අලුත් තාක්ෂණයකට අනුව තනි අච්චුවට හදල තියෙන්නෙ

මේ තියෙන්නෙ දැනට ලැබුණු ඇනවුම් වලට එකලස් කරන කාර්

අමතර කොටස් අංශය

මේ ඉන්නේ ටර්බෝ චාජ් නැති එන්ජින් වලින් හදපු ස්පෝට්ස් කාර් වල කිරුළු පැළදු රජු! McLaren F1 රෝඩ් කාර් එක. ස්පෝට්ස් කාර් නිර්මාණකරුවන් අතර නමක් දිනාගත්ත ගෝඩන් මරේ ගේ නිර්මාණයකට අනුව නිපද උන මේ රථය මුලින් ම කරලියට ආවෙ 1992 වර්ෂයෙ. 1998 මේ කාර් එක ලෝකෙ වේගවත්ම රෝඩ් කාර් එක විදිහට වාර්තාවක් පිහිටෙව්වේ 240 mph උපරිම වේගයක් සටහන් කරල. අද මැක්ලරන්  එකෙන් හදන රෝඩ් කාර් එකේ ටර්බෝ එන්ජිමක් එක්කවත් එච්චර වේගෙන් යන්ඩ බෑ. මේ කහ පාට කාර් එක ලුවිස් හැමිල්ටන් ලෝක ශූරතා 3 ක් දින්නොත් ඔහුට දෙනවයි කියල මැක්ලරන් එකෙන් කියල තියෙන්නෙ. ඔහු දැනට එකක් දිනල ඉන්නෙ. ඔහු කවද හරි මේක අයිති කරගන්නවාට කිසිම සැකයක් නෑ.

මේ තියෙන්නෙ එක එක තරඟ වලට පාවිච්චි කරපු මාදිලි. මේ කාර් එකේ විශේෂත්වයක් තමයි. සීට් 4 නෑ. 3 යි තියෙන්නෙ. ඩ්‍රයිවර් ගේ සීට් එක තියෙන්නෙ හරි මැද. හරියට නිකන් ෆයිටර් ජෙට් එකක වගේ. යු ටියුබ් එකට ගිහින් McLaren F1 Road Car කියල ගහල සර්ච් පාරක් දාල බලන්ඩ. හොඳ විඩියො ගොඩක් තියෙනව.

දැන් මේ කාර් එක නිපදවන්නෙ නැති නිසා මේකේ ගණන් තීරණය වෙන්නේ ඒ ඒ ගනු දෙනුවෙ හැටියට. මම දන්න විදිහට මේකක් දැන් පවුම් මිලියනකට එහා වටිනව. මේ සමාගමේ වැඩකරපු කෙනෙක් ව මම හොඳට දන්නව. ඔහු කියපු විදිහට රෝවන් ඇට්කින්සන්, එහෙම නැත්තන් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් මිස්ටර් බීන්, මේ රථයක සාඩම්බර හිමිකරුවෙක්!


අලුත් මක්ලරන් කාර් එක ගැන දැනගන්න මේ ලින්ක් එකෙන් පුළුවන්. ගන්න අමාරු උනත් තමන්ගේ සිහින රථය නිර්මාණය කරල බලන්න. ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි.
http://www.mclarenautomotive.com/uk/default.aspx#/p11/explode


20 comments:

  1. අපිට කොයින්ද ලේන් පූසො!

    ReplyDelete
  2. අෆ්ෆා ඔවවා ඉතින් කවදා ගන්නද :/

    ReplyDelete
  3. ෆොටෝස් ටිකනම් ෆට්ට.. ස්තූතියි තොරතුරු සහ පිංතූර වලට..

    අනේ මන්දා මටත් මේ ලඟක් වෙනකම් කාර් පිස්සුව තදටම තිබුණා. සමනය වෙලා තිබුණෙ අප්පච්චිගේ කාර් කටුව ගෙදර තියෙන නිසා.. මගේ අලුත්ම පිස්සුව තමා මෝටසයිකල් පිස්සුව. ඒක හැදුවේ යාලුවන්ගේ බයික් පැදිල්ල නිසා. ඒත් මට බයික් එකක් ගන්න එකනම් අපේ අප්පොච්චා තහනම් කරලා තියෙන්නේ.. :D

    ReplyDelete
  4. අපිට කොහෙන්ද ඉතින් බූල් බල්ලෝ

    ReplyDelete
  5. ඇති යන්තම් මේ කාර් එකත් ගොඩ දාගත්ත... දැන් මොකක්ද ඊලගට??? හික්ස්...

    ReplyDelete
  6. ඊලඟ මාසේ පඩියෙන් මේකක් ගන්න ඕන .. ප්‍රශ්නේ තියෙන්නේ අපේ පාරවල් හරි නැති නිසා යට වදීවිද කියන එක ..

    ඈ බං බීන් කාරයා කොලපාට කාර් එක වික්කද ?

    අනේ මචං බයික් ගැනත් ලියන්ඩකෝ .. පුලුවන්නම් මම ආසම කාර් වර්ගය වෙච්ච ලැම්බෝ ජිනි ගැන ලියන්ඩකෝ ..

    මචං පුලුවන්නම් මුහුදු කොල්ල කාරයෝ ගැන ලියන්ඩකෝ මේ වර්ථමානේ ඉන්න උං ගැන ..

    ReplyDelete
  7. ඉන්දික උපශාන්ත - එහෙනං එහෙනං!

    ReplyDelete
  8. ChammaA - මටත් මේව බල බල යද්දී හිතුනෙම ඕක තමා.

    ReplyDelete
  9. චතුවා (ළමයා) - මටත් ඔය කේස් එකම තමයි. ලයිසන් ගනිද්දි මෝටර් සයිකල් තහනම්. අදටත් බයික් පදින්න බෑ.

    ReplyDelete
  10. පිස්සු පූසා - අනේද කියන්නෙ පූසො මේ කෑලි මාළු වත් නැතිකොට.

    ReplyDelete
  11. සිංහල PC Magazine - බෙවර්ලි හිල්ස් වලින් ගෙයක් බලමු? ;)

    ReplyDelete
  12. සඳරු - මටත් ප්‍රශ්නෙ ඕක තමයි. යට වදිවිද දන්නේ නෑනෙ. ඒක නිසා අල්ලල දැම්ම. බයික් ගැන ලියන්න නං මම ඒව ගැන වැඩිය දන්නෙ නෑ. මගේ බොසා නං බයික් පිස්සෙක්. පොරගෙ බයික් එක 1500 CC . අපේ ගෙදර රෝද හතරෙ වාහනේ එන්ජිමවත් එච්චර නෑ මයේ හිතේ.

    ReplyDelete
  13. අනේ බෑ බන් ඕවයෙ යන්න... ඒ පාර හයි ස්පීඩ් වලට දඩ කොල ඒවි.. ඒක නිසා ඕනි නැ... නැතුව ගන්න බැරි කමකට නෙමේ... ලක්ශ 2 නේ පවුම් හික් හික්.... ලොවෙත් නෑ...

    ReplyDelete
  14. පිස්සා පලාමල්ල - ඔව් බන්. කාර් එක පාත නිසා නොදැනීම ඩබල් ලයින් කැපෙන්න තියෙන ඉඩත් වැඩියි. අද මම උදේ පත්තරේ කියෙව්ව ඔන්න බීන් කාරය මිනිහගෙ කාර් එක හප්පගෙන. අපරාදෙ මිලියනේ!

    ReplyDelete
  15. අනේ මන්දා බන් මට නම් කාර් එකක් කියන්නේ රෝද හතරක් සහ ඒක පාලනය කරන්න පුලුවන් කරකවන රෝදයක් ඇති යකඩ ගොඩක් විතරයි. මිනිස්සු කාර් වලට මොන මගුලට නහින්න හදනවද කියලා මට නම් හිතා ගන්න බෑ . . . සිරාවට.

    ReplyDelete
  16. දුකා - ආසාව තමයි! ආසාව !. නිකන් රෝද හතරයි, කරකවන රෝදෙයි විතරක් තිබ්බොත් ඔක්කොම එක වගේ වෙනවනෙ. මගේ එක ලොකුයි කියල පෙන්නන්න මොනවහරි තියෙන්න එපැයි :)

    ReplyDelete
  17. හපෝයි වටේ පිටේ ඉන්න ඉරිසියාකාරයො පැලෙන්න පටන් ගනී අද හවසට මෙයින් එකක් ගෙනිච්චම.

    ReplyDelete
  18. නවම් - බෆර් එකේ දෙහි ගෙඩි තුනකුයි, මිරිස් කරලකුයි එල්ලුව නං වැඩේ ගොඩ!. ආ, ස්ටියරින්ග් කොලම් එකේ පඬුරකුත් ගැට ගහන්ඩ. මැද කණ්ණාඩියට මල් මාලයක් දාන්ඩත් ඕනෙ!

    ReplyDelete
  19. කිව්වත් වගේ අරකෙ ඩිකිය මරු!

    අර අනිත් කාර් එකේ චැසිය ෆයිබර් හින්දා ලංකාවේ වගේ චැසි බොල් වෙන ප්‍රශ්නෙට ඒක හොඳ විසඳුමක්:D

    ReplyDelete
  20. බුද්ධි - චැසියේ ප්‍රශ්නෙ නං ගොඩ. හැබැයි ඉතින් කාර් එක පොඩ්ඩක් පාත එක තමා ප්‍රශ්නෙ :D

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!