පහුගිය දවසක මගේ ඉස්කෝලේ යාළුවො කට්ටියක් සෙට් උනා. සමහරු ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කමයි. ඉතින් හේමන්ත ඍතුවේ හවසක, ගිනි සීතලේ, තේම්ස් ගඟේ පාවෙන බෝට්ටුවක ඩෙක් එක උඩට වෙලා අපි පැය ගානක් තිස්සෙ පරණ පට්ටන්දර දිග ඇරිය. ඒ අලුත් වෙච්ච මතකයත් එක්ක මට හිතුන පරණ ඉස්කෝලෙ කතා ටිකක් කියන්ඩ. මම කලින් පෝස්ට් එකකත් කිව්වනෙ අපේ පන්තියෙ අමුතු අමුතු චරිත හිටිය කියල. ඔයින් එක්කෙනක් තමා කෙපා. කෙපාගෙ කෙප්ප ගොඩක් තිබ්බත් කෙප්ප සිරිස් එකේ ආරම්භය විදිහට අපේ පන්තියෙ සාමාජිකයො සලකන්නෙ මේ කතාව. ඒ දවස් වල මිනිහ වාඩි වෙන්නෙ මට එහා පැත්තෙ. දවසක් පීරියඩ් එකක කෙපා ඉස්සරහ පේලියෙ එකත් එක්ක බර කතාවක්. මමත් වෙන මොකද්ද වැඩක් කරන ගමන් ඇන්ටනාව දාගෙන හිටිය. කෙපා ඊට කලින් සතියෙ වෙච්ච චන්ද්‍රග්‍රහණයක් ගැන ඉස්සරහ පේලියෙ එකත් එක්ක කියවනව.
'මචන් උඹ බැලුවෙ නැද්ද? මාර ලස්සනට හඳ වැහෙනව බන්. කියල වැඩක් නෑ. මම දැක්කමයි එහෙම එකක්'
'නෑ බන්, මට බලන්න බැරුව ගියා. කාටද බන් පුළුවන් රෑ 12 ට ඇහැරගෙන ඕව බලන්ඩ'
'උඹට මාර චාන්ස් එකක් මිස් වෙලා තියෙන්නෙ. අවුරුදු ගානකට සැරයක් ඔය වගේ එකක් වෙනව කියන්නෙ මචන්.'
එහෙම කියල දැන් කෙපා හෝ ගාල චන්ද්‍රග්‍රහණය වෙච්ච හැටි ගැන කියවනව. මමත් ඉතින් තාම ඇලට් එකේ ඉන්නව.
'උඹ කියන විදිහට ඔච්චර සිරා නං උඹට තිබ්බෙ ෆොටෝ එකක් ගන්ඩ' ඉස්සරහ හිටපු එකා කිව්ව.
'මම ෆොටෝ එකක් ගත්ත'
'එහෙනං ගෙනෙන්කෝ අපිටත් බලන්ඩ'
'නෑ බන්, ෆොටෝ එකා සුද්ද කරලා බලද්දී කාක්කෙක් පියාඹල ඒක වැහිලා'
'මචන් කෙපා' මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය මමත් සෙට් උනා.
'ඇයි'
'අපේ පැත්තෙ නං රෑ 12 ට පියාඹන්නෙ වවුල්ලු. උඹලගෙ පැත්තෙ කාක්කොත් පියාඹනවද?'
පොරට කට උත්තර නෑ! එදා ඉඳන් තමා ඌ කෙපා උනේ!
කෙපා ඒ දවස් වල, ඒකියන්නෙ අපි දිග කලිසමට බැහැපු මුල් දවස් වල, අඳින්නෙ ටයිට් කලිසම්. හරියට අර 70 දසකේ බෙල් බොටම් වගේ එව්ව. හැබැයි බෙල් එක නැතුව මොකද එහෙම ඇඳලා ඉස්කෝලෙ ඇතුලට එනව බොරු. දවසක් ෆ්‍රී පීරියඩ් එකක අපි පිස්සු කෙල කෙල ඉද්දි අංශ භාර ගුරුතුමා කඩා වැදුන වේවැලකුත් අරගෙන. අපි ගොඩ දෙනෙක් ට නැවත හිටපු තැන් වලට යන්ඩ පුළුවන් උනත් කෙපා ට වෙලාවට දුවගන්ඩ බැරි උනා.
'තමුසෙලට ෆ්‍රී පීරියඩ් එකක් හම්බුනාම අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී ඉන්ඩ බැරිද? තමුසෙ මෙහෙ එනව!' පොර කතා කරේ කෙපාට.
කෙපා මරන්ඩ ගෙනියන හරකෙක් වගේ ඉස්සරහට ගියා. අපේ අංශ භාර පොර සැරයි. ඒ වෙලාවෙ තවත් මල පැනල හිටියෙ. දැන් පොර වේවැලත් උරුක් කරන ඉන්නව කෙපාට නෙලන්ඩ. අපි දැන් බලාගෙන ඉන්නව කෙපාට නොසැහෙන්ඩ වේවැලෙන් කන්ඩ වෙන හැටි. හැබැයි උනේ අපි කවුරුත් නොහිතපු දෙයක්.
කෙපා ඉස්සරහට ගිය ගමන් අත්දෙක එකතු කරල සර් ට වැන්ද!.
'සර් සමාවෙන්ඩ සර්!'
'ගහන්ඩ එපා සර්'
කෙපාට නෙලන්ඩ ගියපු සර් එක පාරට මේක උන ගමන් නැවතුනා. මාරා වේස වෙලා හිටපු සර් ට එක පාරට බකස් ගාල හිනා ගියා.
'තමුසෙගෙ තාත්ත නළුවෙක්ද?'
ඒ පාර අපේ එවුන් බඩවල් අල්ලන් හිනා වෙනව.
'මෙයාගෙ තාත්ත නළුවෙක්ද?' සර් අපෙනුත් ඇහුව.
'නෑ සර් ඉන්ජිනියර් කෙනෙක්. හැබැයි හොඳට රඟ පාන්ඩත් දන්නව!' ඉස්සරහ හිටපු එකෙක් කෑ ගැහුව.
'හ්ම්! සමාවෙන්ඩත් කිව්වනෙ. කමක් නෑ. අදට යනව. ආයේ අහු උනොත් හම ගහනව.' සර් කිව්ව.
මේ වෙච්ච දේ ගැන දෙයියන්ට පින් දිදී කෙපා ආයේ තමන්ගෙ තැනට ගියා. ටයිට් කලිසමක් ගහන් නලෝ නලෝ කෙපා යන තාලෙ දැක්කම සර් ආයේ කතා කරා.
'හෝව් හෝව්! මෙහෙ එනව මෙහෙ එනව!'
මේ මොන මරාලයක් වෙන්ඩ යනවද කියල හිතා ගන්ඩ බැරුව කෙපා ආයේ ආව. පංතියෙ කොල්ලොත් බලන් ඉන්නව මේ මොකෝ වෙන්නෙ කියල.
'තමුසෙගෙ කලිසම මොකෝ මෙච්චර තද??'
සර් එහෙම ඇහුව විතරයි මුළු පන්තියම සිනා සාගරයක් උනා. ඒ දවස් වල කෙපා තියන හැම ස්ටයිල් එකක් ම ට්‍රයි කරනව.
'තමුසෙ හෙට එනකොට තාත්තට කියල ලියුමක් ලියාගෙන එන්ඩ ඕනෙ. "මගේ පුතාගේ කලිසම් මෙච්චර තද ඇයි?" කියල!'
දැන් පන්තියෙ එවුන් පෙරලි පෙරලි හිනා වෙනව. කොහොමහරි කෙපා ගේ තාත්ත ෆිට් පොර. පොර පහු වෙනිද ලියල දීල තිබ්බ ' මේ වයසේ ළමුන්ගේ සිදුවන සීග්‍ර වර්ධනය නිසා, මුලින් බුරුලට මැසුවද දැන් කලිසම් හිර වී ඇත' කියල. කෙපා ඊට පස්සේ ඔය 'සර් සමාවෙන්ඩ සර්' ජවනිකාව රඟපාලා ගොඩක් ගුටිකෑම් වලින් ගැලවුනා. හැබැයි මිනිහට වැඩ වැරදුනේ ඉස්කෝලේ වසවර්ති සර් කෙනෙක් වෙච්ච කැඩෙට් භාර සර් ගෙන් ගුටි කන්න උන වෙලාවෙ. ඒ වෙලාවෙ කෙපා 'සර් සමාවෙන්ඩ සර්' එකේ දෙවෙනි 'ස' යන්නට එද්දී කරකැවිල වැටෙන්න කම්මුල් පාරක් හම්බුනා. එයින් පස්සෙ ඌ නෙවෙයි ආයෙ සමාව ඉල්ලන්ඩ ගියෙ.
කෙපා වගේම අමුතු චරිතයක් තමා අපි ගාව කාලයක් වාඩි වෙලා හිටපු පසනා. පසන ගේ තාත්ත ප්‍රයිවට් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්. අම්ම ලෝයර්. උගෙ ගෙදර, මිනිස්සු ගානට වඩා වාහන. හැබැයි කවදාවත් ඌ ඉස්කෝලෙ විෂයන් ගානට හරියන්න පොත් ගෙනාවෙ නෑ. පොර අරන් ආවෙ පොත් තුනයි. හරියට කිව්වොත් පොත් දෙකයි, ඩයරියයි. එක පොතක් ගණන් ලියන්න. අනිකෙ විද්‍යාව. ඉතුරු ඔක්කොම විෂයන් ඩයරියේ ඒ ඒ වෙලාවට පෙරලෙන කොලේ! දවසක් සිංහල පීරියඩ් එකේ සර් මොනවද කියෙව්ව අපිට ලියගන්ඩ. අපිත් ඉතින් අසා ලිවිම කරනව. පසනා උගෙ ඩයරියේ ලියනව. පන්තියෙ ඇවිද ඇවිද කියවපු සර් මේක දැක්ක. සර් ආව පසන් ගාවට.
'නැගිටිනවා! තමුසේ මොකද ඩයරියක ලියන්නෙ? පොතක් නැද්ද?'
පසනා නැගිට්ට.
'තිබ්බ සර්!'
'තිබ්බ ? මොකෝ උනේ ඒකට?'
'ඒක ඉවර උනා සර්'
'ඉවර උනානං අයිසේ අලුත් පොතක් ගන්ඩ එපැයි'
ඊට පස්සෙ පසනා බොහොම දුක්මුසු හඬකින්, දුක මූණක් දාගෙන කිව්ව මෙන්න මෙහෙම.
'තාත්ත කිව්ව සර් මේ මාසෙ පඩි හම්බුනාම පොතක් අරන් දෙන්නං කියල !'
මට පනින්න ගියපු හිනාව බොහොම අමාරුවෙන් විකාගෙන, ඒත් අමාරු නිසා ඩෙස්ක් එක හයියෙන් අල්ල ගත්ත. ඒත් නිකන් ඇඟ ගැහෙනව වගේ. පන්තියෙ අනික් කොල්ලො හයියෙන් පැන්සල්, පෑන් විකාගන්නව, ඩෙස්ක් අස්සේ ඔලුව හංගගෙන හිනාව තද කරන් ෆිට් එක හැදිල වගේ ගැහෙනව මම ඇස් කොනින් දැක්ක. පසනගේ පැටිකිරිය දන්නෙ නැති සර් හිතුවේ මු සිරාවට කිව්ව කියල. සර් ගේ මූණ එක පාරට වෙනස් උනා.
'ආ කමක් නෑ පුතා. හවසට යනකොට එන්න මාව හම්බෙන්න. මම පොතක් අරන් දෙන්නං'
'නෑ සර් කමක් නෑ'
' නෑ. නෑ ලැජ්ජ වෙන්ඩ එපා. මම අරන් දෙන්නං'
'නෑ සර් තාත්ත කියල තියෙනව කාටවත් කරදර කරන්න එපා කියල'
'හ්ම් එහෙනං කමක් නෑ. වාඩි වෙන්න. ඔය වගේ දෙයක් ඕන උනොත් බය නැතුව මට ඇවිත් කියන්න'
'හා සර්!'
සර් ආයෙ කියවන්න ගත්ත. ඔය දෙබස තව එක වචනයක් ඉස්සරහට ගියානං පන්තියෙ කොල්ලො ටික තද කරන් හිටපු හිනාවල් බඩ ඇතුලෙ පුපුරල මැරෙනව!!
ඔය මොන මගෝඩි කරත් පසනා තමන් ගේ ආස විද්‍යා විශයෙන් ඉස්සරහට ගියා. ( ඌ ගණන් වලට වෙනම පොතක් ගෙනාවෙ, කොටු රූල් ඩයරි හොයාගන්න නැති නිසා). පසනා දැන් ඩොකෙක්. හැබැයි උගෙ මගෝඩි කට නං හැදිල නෑ. ඌට ලංකාවෙ ස්පීඩ් ලිමිට් අදාළ නෑ. හය්යෙන් ගිහින් අහුඋනොත් දෙන ස්ටෑන්ඩඩ් උත්තරේ, ඩොකා අයිඩෙන්ටිය පෙන්නල 'මම අහවල් හොස්පිටල් එකේ ඉන්නෙ, මේ හදිසියක් කියල කෝල් එකක් ආව. ඒකට යනගමන්' කියල කියනව. පොලිසියත් 'හා එහෙනං යන්ඩ සර්' කියනව විතරක් නෙවෙයි, සමහර වෙලාවට ඉස්සරහ චෙක් කරන්න ඉන්න අයට කියනව මේ නොම්මරේ තියෙන වාහනේට යන්න දෙන්න කියල. උගෙන් බෙහෙත් ගන්න මිනිස්සුන්ට මොනව කියනවද කියල දෙයියො තමා දන්නෙ.
හෙහ් හෙහ්.. මේක කියවද්දි අපේ සෙට් එන මතක්වුනා බං.. :))
ReplyDeleteමට නම් හිතෙන්නේ, මුහුදු කොල්ලකාරයා මොකක් හරි කොල්ලකෑමකට තමා ඔය එයාගේ කල්ලිය හම්බවෙලා තියෙන්නේ. නැත්නම් ඔය කියන විදියට බෝට්ටුවකම, ඔය සීතලේ, ඔය රෑ ජාමේ එකතුවෙයිද? ...:D
ReplyDeleteඅප්පා නියමයි කතා ටික... පසන්ගේ කතාව නම් මැක්සා.
ReplyDeleteනියම කතා ටික අයියේ.. පසන් ගැන කියවනකොට තව ටිකෙන් මගේ බද පුපුරලා මැරෙනවා,,
ReplyDeleteජය..
එල කතා ටික මචං
ReplyDeleteපිස්සු තමා හෙහ්... හෙහ්.....
ReplyDeleteඅර අංශ භාර ගුරුතුමා උඩ පැනලා කනට ගහන කෙනාද?
මොන හේතුවක් ද මන්දා අපි මේ තරම් ඉස්කෝලෙ කතා අහන්න කැමති. කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙත් නෑනෙ.
ReplyDeletehenryblogwalker the Dude
@නිශ්,
ReplyDeleteඋඹ කියන්නෙ චුට්ටෙ ගැනනේ.. මුංගෙ කාලෙ වෙනකොට චුට්ටෙ හිටියෙ නෑ (රිටයර්ඩ්) මට මතක හැටියට..
A/L Bio section එකේ අංශ භාර ගුරුතුමී මතකදෝ.. :))
ඉස්සර අපේ ඉස්කෝලෙ කොල්ලො ඔහොම තදට කලිසම් ඇඳන් ආවම ප්‍රින්සිපල් කරන්නෙ ඔෆිස් එක ගාව තියාගෙන කන් දෙකත් අල්ලගෙන හිටගන්න වාඩි වෙන්න දෙනවා. ටික වෙලාවකින් බරාස්. කලිසම පැලිලා.
ReplyDeleteඔයාගේ තාත්තා නලුවෙක්ද?
ReplyDeleteඅපිත් එනවා දින පොත බලන්න අද ඉඳන් හොඳේ?
ReplyDeleteඅඩේ පසන් මාර පොරක්නේ.. කවදාවත් පොරව හයිස්පීඩ් අල්ලන්නේ නෑනේ..
ReplyDeleteබුරා - ඉස්කෝලෙ සෙට් එකනං කවදාවත් අමතක වෙන්නෙ නෑ. අපොයි චුට්ටෙ හිටිය අපි ඉන්න කාලෙත්. bio section එකේ එක්කෙනා කව්ද ? මතක නෑනෙ!
ReplyDeleteපොඩ්ඩි - ඔයාට හරියන්නෙ රහස් පරීක්ෂක රස්සාවක්. ඇප්ලිකේෂන් එකක් දාල බලන්ඩ. ;)
ReplyDeleteprasanna86k - බොහොම ස්තුතියි!
ReplyDeleteGayan - අපේ එකෙක් හරි එදා නිකමටවත් මීක් ගැවනන් පසන මාට්ටු :D
ReplyDeletecjgayan - බොහොම ස්තුතියි!
ReplyDeleteනිශ් - නෑ අර ආරිය විදිහට පාලනය කරන කෙනා :)
ReplyDeleteපිණිබිඳු - වෙලාවට අපේ කට්ටියට ඔහොම එකක් හිතුනෙ නැත්තෙ. එහෙනං කෙපාට කලිසන් නැතුව තමා එන්න වෙන්නෙ.
ReplyDeletesamanalee - නෑ ගායකයෙක්!(කියල තමා එයා හිතාගෙන ඉන්නෙ!)
ReplyDeleteWinchat Kirilli - එන්ට එන්ට. කොල්ලකාර කණ්ඩායමට සාදරෙන් පිළිගන්නව. :)
ReplyDeleteDinesh - ඒකනං පොරට මාර පල්ලම
ReplyDeleteඉස්කෝලේ කාලේ අත්දැකීම් නම් ලියන්න ලියන්න අපි හරිම ආසයි. හේමන්තය කියන්නේ රස්නේ කාලෙට නේද . හවසට සීතලද . නැත්නම් ඔයා කිවේ සරත් සමය ගැනද
ReplyDeleteBindi - හේමන්තයයි, සරත් කාලයයි දෙකම කියන්නෙ autumn එකට නේද? මේ ටිකේ මෙහෙ autumn එක. එකපාරට සීතල වෙච්ච නිසා සීතල වැඩියෙන් දැනෙනව.
ReplyDeleteබින්දි&මුහුදු- හේමන්තය කියන්නෙ ශීත සෘතුවට(winter).
ReplyDeleteඔය මොන සෘතුවෙ උනත් ඉස්කෝලෙ යන කාලෙ මතක් කලාම හරිම අමුතු සතුටක් හිතට දැනෙනවා. ඒක අතීතකාමයද මන්ද. ගෙවුනු පාසල් කාලෙ මතකයන් හරි චමත් කාරජනකයි කියල තමා හැමතිස්සෙම හිතෙන්නෙ.
මුහුදු,
ReplyDeleteමම දැනටමත් එහෙම වැඩක් කරනවා. කට්ටිය මට කියන්නේ 'ෂර්ලොක්' කියලයි. මට 'හොඳ වොට්සන්' කෙනෙකුත් ඉන්නවා. එයා ඔය රහස් හොයන්ට හරි හපනා. ඔයාලටත් මොනා හරි වැඩක් කරගන්ට ඕනි උනොත් කියන්ට මම වොට්සන්ට කියලා ඒ වැඩේ කරවලා දෙන්නම්...:D
රෝස කුමාරි - එතකොට autumn සිංහලෙන් කියන්නෙ මොකද්ද? ඕකට මොකද්ද කියන්නෙ කියල හොයලා, හොයලා අන්තිමට යාලුවෙක් සින්දු කෑල්ලක් එව්ව හේමන්තය ගැන කියවෙන. ඒක දැකල තමා ඕකට දැම්මෙ :D
ReplyDeleteපොඩ්ඩි - පොඩ්ඩි ඒ වගේ වැඩත් කරනවද? කව්ද අනේ ඔය වොටා? කියන්ඩකො බලන්ඩ අපිටත් දැනගන්ඩ. ගණන් හිලව් එහෙම කොහොමද දන්නෑ? :D :D
ReplyDeleteඋඹේ තාත්තා නළුවෙක්ද ආ?
ReplyDeleteමටත් ඔය කලිසම් ඇක්සිඩන්ට් දෙකක්ම වෙලා තියෙනවා. මේ ළඟදි ඔටාර නෝනාගේ කඩේන් ගත්ත කොට කලිසමක් ඇඳන් සංස්කෘතික සංදර්ශනයක් බලන්න ගියා. ඒ අස්සේ අර කලිසම නිකම් මම නැටුම් නටලා වගේ... මම නම් ගනන් ගනියි ඕවා. පිලාවුස් එකට ගිහින් ආප්පත් කාල තමයි ගෙදර එන්න ආවේ.
අනික මෙහෙදි පට්ට සීතලේ. හිතා ගන්න පුළුවන් නේ. මම ඉතින් පොරක් වගේ ජැකට් එක ඉනේ බැදගෙන සීතලේ ගෙදර ආවා.
Autumn එකට සිංහලෙන් කියන්නෙ සිසිරය/සරත් කාලය කියලා..
ReplyDelete@බූරා,
ReplyDeleteමගේ ගුරා කියලා දුන්නේ මෙන්න මෙහෙමයි.
Summer ගිම්හාන, ග්‍රීෂ්ම
Autumn (or fall) සරත්
Winter ශීත, සිසිර, හේමන්ත
Spring වසන්ත
එයා කීව නම් ඉතින් හරියටම හරි.
ඇයි මේ සෘතුවලට පිරිමි ලමයින්ගේ නම් දාලා තියෙන්නේ…:D
@පොකු,
ReplyDeleteමටත් හිතුනා ඔය සිසිරය කියන්නෙ winter එකට වෙන්න ඕන කියලා, ඒත් මම ඒක ගත්ත online dic එකේ කියලා තිබ්බෙ autumn එකට කියලා.. ඉතිං මම එහෙමම දැම්මා කවුරුහරි නිවැරැදි කරයිනේ කියලා.. :))
ඍතුවලට පිරිමි ළමයින්ගේ නම් දාන්නෙ ඉතිං කුණාටුවලට ගෑණුළමයින්ගෙ නම් දාන හේතුව නිසාම තමා.. :p
පලි: ඔයා 'ඍතු' ලියලා තියෙනවා වැරැදියි.. ඒක ලියන්නෙ shift key එකත් එක්ක R අකුර ගහලා.. ඔයා කරලා තියෙන්නෙ 'ස'යන්නට 'ෘ' එක දාලා.. :)
එළ කථාටික.........
ReplyDeleteIl mondo - වෙලාවට මට නං තාම ඔහොම ඇබැද්දියක් වෙලා නෑ
ReplyDeleteබුරා - ඔය ටීච කියල තියෙන්නෙ හරි වචන ටික. දැන් දැනගත්තනෙ? :D :D
ReplyDeleteපිරිමි ළමයින්ගෙ නම් දාන එක ගැන කියපු එක හරියට හරි. :D
පොඩ්ඩි - ටීච ට බොහොම ඉස්තුතියි.:D
ReplyDeleteමම මෙච්චර කල් හිතන් හිටියෙ වසන්ත කියන්නෙ summer එකට කියල. යකඩෝ බලාගෙන යද්දි මගේ සිංහල දැනුම දුරුවලයි නොවැ. :(
මට හිතෙන්නෙ ලංකාවෙ අපිට ඍතු නැති නිසා, අර tiger යි කොටියයි පැටලුනා වගේ ඔය නම් මාරු වෙවී භාවිතා කරනව.
ඔබ නොදුටු ලොවක් - බොහොම ස්තුතියි.
ReplyDeleteDude - ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බෙ. මම දවස් දෙකකට පස්සෙයි දැක්කෙ :(
ReplyDeleteඅඩේ සිරා කතා ටික බන්.. ස්කෝලෙ කාලේ මතක් වෙද්දි නම් පට්ටම ආතල් නේ.... එහෙව් කාලයක්
ReplyDeleteමට මතක් වුනා අපේ කාලේ එකෙක් "ඔලු බක්ක" කියල. මූ ගියේ ආනන්දෙට. යුනිවර්සිටි ගියාම, මුගෙන් සීනියර්ස් ල රැග් සීසන් එකේදී කොය් ඉස්කෝලෙන්ද ආවෙ ඇහුවම, කොහෙද ඈත පලාතක සෙන්ට්‍රල් එහෙක නමක් කියල තියෙන්නෙ. (කොළඹ ඉස්කෝල වල එවුන්ට ඒ කාලේ රැග වැඩිය්.) තාත්ත මොකද කරන්නෙ ඇහුවම, බුලත් විකුනනව කිව්වලු. මුංගේ තාත්ත, හෙණ බුලත් බිස්නස් එකක් කලේ, උංගේම ලොරි වලිනුය්, කෝච්චියෙනුය් ලංකාව පුරාම විශේෂෙන් උඩරටට සහ
ReplyDeleteයාපනේටත් බුලත් යැව්වා. ඒ අතරේ පකිස්තානේටත් බුලත් එක්ස්පෝර්ට් කලා.
පිස්සා පලාමල්ල - ආයෙ කවද එහෙම පිස්සු කෙලින්නද?
ReplyDeleteObserver - මගෙ අම්මේ, මාර බුලත් බිස්නස් එකක් නෙ. ඒකෙන් ඔච්චර දියුණු වෙන්න පුළුවන් කියල මම දැනන් හිටියේ නෑ.
ReplyDelete