Monday 24 October 2011

ෂර්ලොක් හෝම්ස් හමුවීමට ගියෙමි.....

පහුගිය දවසක මුහුදු කොල්ලකාරය එයාගේ සගයෝ ටික බෝට්ටුවක හම්බවෙච්ච හැටි මම කිව්වනෙ. ඒක කියවල පොඩි කුමාරිහාමි මෙන්න මෙහෙම නිගමනයකුත් දීල තිබ්බනෙ හරියට නිකන් ෂර්ලොක් හෝම්ස් වගේ. (මේ ගෑනුන්ටත් ඕන්නැති දෙයක් නැති හැටි අම්මප!). කොහොමහරි ඉතින් මට පොඩි රහස් පරීක්ෂක වැඩකට කෙනෙක් ඕන කරල, ඔය ගැන කල්පනා කරලා කරලා අන්තිමේදි හිතුව මේ සම්බන්දයෙන් ලෝකේ ඉන්න හොඳම කෙනා ගිහින් හම්බ වෙන්ඩ. ඒ කිව්වේ ෂර්ලොක් හෝම්ස් ව! ඉතින් මුහුදු කොල්ලකාරය දවසක් උදේ පාන්දර කුකුලත් අතේ ගිරවත් කරේ තියාගෙන ගියා පොරව හම්බ වෙන්ඩ බේකර් ස්ට්‍රීට් එකේ නොම්මර 221 B ගෙදරට.  හැබැයි යද්දී පොර ගෙදර හිටියෙ නෑ. පොඩි සීන් එකක් මෙව්ව කරන්ඩ එලියට ගිහින්. ඉතින් පොර එනකන් ඉන්න ගමන් මම ගෙදර පින්තුර ටිකක් ගත්ත. 

මාකටින් පාර නියමෙට දෙනව වගේ!
මේ තියෙන්නෙ ඉස්සරහ දොර

පහල ඉඳන් පලවෙනි තට්ටුවෙ හෝම්ස් ගේ කාමරේට යන තරප්පු පේලිය. කට්ටිය දන්නව ඇතිනෙ. ඕකෙ හරියටම තරප්පු 17 ක් තියෙනව. මම ගැන්නා. හරියට හරි. 17 තමයි.
හෝම්ස් ගෙ විසිත්ත කාමරය. මේකෙ ඉඳන් තමයි හෝම්ස් සුරුට්ටු උර උර අභිරහස් විසඳන්නෙ
කෑම මේසෙ. ඉටිපන්දන් පත්තු කරල තියෙන්නෙ ලයිට් කපලද දන්නෙ නෑ
හෝම්ස් එලියට ගිහින් තියෙන්නෙ වොට්සන් එක්ක වගේ. ඔය තියෙන්නෙ වොටා ගෙ බෑග් එක මුලකුරුත් කොටල.
වොට්සන් ගෙ බෑග් එක
හෝම්ස් ගෙ විසිත්ත කාමරයෙ තව පැත්තක්. මතකනෙ බේකර් විදිය පැත්තට මුහුණ දාල තියෙන අර ලොකු ජනෙල දෙක. ඔය තියෙන්නෙ ඒ දෙක
වොට්සන් ගෙ කාමරය. මේ මනුස්සය හරි අපිළිවෙලයි වගේ. හැම තැනම බඩු විසිකරල දාල.
වොට්සන් ගෙ කාමරේ තව පැත්තක්.
හෝම්ස් ගෙ අත්අකුරින් වොට්සන් ට ලියපු ලියුමක්
හෝම්ස් ගෙ ගෙදර අයිතිකාර මිසිස් හඩ්සන් ගෙ කාමරේ
හෝම්ස් ව බලන්ඩ ආපු කට්ටිය ආව කියල ලියල යන පොත
හෝම්ස් ට ආපු ලියුං
"මිස්ටර් හෝම්ස්,
මට බයයි ඔයාගේ ආරක්ෂාව ගැන. අද මම යන 154 බස් එකේ මම ප්‍රොෆෙසර් මොරියාටි ව දැක්ක. මිනිහ ලොකු රැවුලකුත් වවාගෙන වෙස්වලාගෙන ඉන්නෙ. මට තේරුණා ඒ මිනිහ කියල එයා ළමයින්ට හරි සැරයි. මම මිනිහගෙ හැඩරුව දන්නව ඩොක්ට වොට්සන් ලියපු පොතෙන්. එයා ලෝකෙ විනාස කරන්න ප්ලෑන් එකක් ගහනව වගේ. ඔබට ඔහුව අල්ලගන්න ලැබෙයි කියල හිතනව.
මීට රොනන් බ්‍රෙනන් (අවු 12).
ප.ලි. මට ඔයාගෙයි වොට්සන් ගෙයි 
සමරු සටහන් එවනවද?" 
"ආදරණීය හෝම්ස්,
ඔයාට පුලුවන්ද දන්නෙ නෑ මට පොඩි රහස් පරීක්ෂක වැඩකට උදව් කරන්න? මගෙ පූසො හැමදාම රෑට අතුරුදහන් වෙනව. ආයෙම උදේට මුකුත් නොවිච්ච ගානට මතු වෙනව. ඊට පස්සේ ඒ ගොල්ල දවසම නිදියනව. ඔබට සුභ අලුත් අවුරුද්දක්.
මීට ලුයිස් (අවු 10)"
"හෝම්ස් මහත්මයා, මම දන්නව ඔබට ඔය ලන්ඩන් වල ඉන්න කොල්ලෝ ඉඳල හිටලා අපරාධ විසඳන්න උදව් කරනව කියල. මම කියන්න කැමතියි මමත් ඔබට උදව් කරන්න ඉන්න බව. ඔබට ඇමරිකාවේ මොනවා හරි අපරාධයක් විසඳන්න උදව් අවශ්‍ය නම් මට කියන්න. මම උදව් කරන්නන්. විශේෂයෙන් ඩයිනෝසරයන් හා මාළුන් වගේ මගෙ ප්‍රියතම විෂයන් ගැන සම්බන්ධ අභිරහස්. වොට්සන් වත් මතක් කලා කියන්න.
මීට බ්‍රෑන්ඩන් සෙලස්. (අවු 5)" 
"ආදරණීය මැරුණු ෂර්ලොක් හෝම්ස්, මට හරිම ගොන් ගතියක් දැනෙනව ඔබට ලිපියක් ලියන්න. මොකද මම දන්නව ඔබ දැනටමත් අඩි 6 යට වැළලිලා කියල. මේක මගෙ ටීචර් ගෙ අයිඩියා එක. ඒක නිසා හිතන්ඩ එපා මට පිස්සු කියල. බය වෙන්ඩ එපා, මම හිතන්නේ අපේ ටිචට බාගෙට පිස්සු. අඩු ගානෙ මේක නිසා මට ලකුනුවත් වැඩිය ලැබෙයි නෙ. මම යන්න ඕනෙ. පස්සේ හම්බෙමු.
ප.ලි. මේක හරි මෝඩයි!!"

හරි දැන් හතර බීරි කතා ඉවරයි. දැන් කට්ටියට ප්‍රශ්නෙ නෙ, මේ ඇත්තටම හෝම්ස් ගෙ ගෙදරද? ඇත්තට හෝම්ස් කෙනෙක් හිටියද? අපි හිතුවෙ ඒක ප්‍රභන්දයක් කියලනෙ? කොහොමද මේ කතාවෙ වගේම ගෙයක් තියෙන්නෙ? මේ සර් ආතර් කොනන් ඩොයිල් ගෙ ගෙදරද? වගේ ඒව. කතාව මෙහෙමයි. සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් කතා මාලාව ලිව්වෙ එක්දහස් අටසිය ගණන් වල අග භාගයෙ. ඒ කාලෙ බේකර් විදියෙ නොම්මර තිබිල තියෙන්නෙ 100 ට වෙනකන් විතරයි. ඒක නිසා තමයි සර් ඩොයිල් ඔහුගේ කතාවට කල්පිත නොම්මරයක් වෙච්ච 221B යොදා ගත්තෙ. ඒකට හේතු තිබ්බ. 1930 දී බේකර් විදියෙ නොම්මර වැඩි කලාම නොම්මර 219 ඉඳන් 225 දක්වා හම්බෙලා තියෙන්නෙ Abbey National කියන බැංකුවෙ බිල්ඩිමකට. ඉතින් එදා ඉඳන් ලෝකෙ නං දෙසින් හෝම්ස් ට එන ලියුං බැංකුවට එන්න ගත්තලු!. කොච්චර ලියුං ආවද කිව්වොත් බැංකුවෙන් පූර්ණ කාලීන 'හෝම්ස් ගෙ ලේකම්' තනතුරකුත් දීල තිබ්බලු කෙනෙකුට, එන ලියුං වලට උත්තර ලියන්න. ඉතින් හිතන්න, එච්චර කාලෙකට පස්සෙත් එහෙම ලියුම් එනව නං, සර් කොනන් ඩොයිල් ඔය කතා ලියන දවස් වල ඇත්ත නොම්මරයක් දුන්න නං එහෙම කොහොම වෙයි ද?අද අපි දකින හෝම්ස් ගෙ ගෙදර හෙවත් 'ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය' ආරම්භ වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය අනු ගණන් වල. ඒ වෙලාවෙ නොම්මර 221B ඒ කෞතුකාගාරයට දෙන්න කියල කොච්චර ඉල්ලීම් කලත් බැංකුවෙන් ඒකට කැමති වෙලා නෑ. පස්සේ 2002 වර්ෂේ බැංකුව ඔතනින් අරන් ගියහම තමා කෞතුකාගාරයට ලියුම් එන්න පටන් අරන් තියෙන්නෙ. මේ තියෙන්නෙ අද ඒ බිල්ඩිම. කෞතුකාගාරය තියෙන්නෙ ඕකට පොඩ්ඩක් එහා.
ප.ලි.
මේ තියෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ගෙ බාත් රූම් එක. ඒක දැක්කට පස්සෙ තමයි මම දැනගත්තෙ හෝම්ස් ලංකාවෙ කොල්ලෙක් කියල. හොඳයි දන්න වොට්සන් කෙනෙක් ඉන්නව නං කියන්න බලන්න ඒක කොහොමද හොයාගත්තෙ කියල.  :D

55 comments:

  1. බුවා වතුරෙන් වගේ නෙ සුද්ද පවිත්‍ර වැඩ..හික්ස්..

    ReplyDelete
  2. ඇයි බං, ටොයිලට් පේපර්ස් නෑ නෙවැ.. තඩි වතුර බාල්දියක් තියෙන්නෙ.. :D

    ඔතන තනිකරම මාකටින් පාර තමා යන්නෙ.. උඹ අර wax statues ටිකේ පින්තූර ගත්තෙ නැද්ද..??

    ReplyDelete
  3. මම ආසම චරිතයක් තමා ෂර්ලොක් හෝම්ස්. අද පෝස්ට් එක හරිම ලස්සනයි, එයාගේ ගෙදර විස්තර ගැන ලියලා තියන හන්දා. අර වොට්සන් නම් කිසිම කමකට නැතිබව කාමරේ හැටියෙන්ම පේනවා.

    //(මේ ගෑනුන්ටත් ඕන්නැති දෙයක් නැති හැටි අම්මප!)//
    හහ්...ඒ හන්දා නෙමේ වෙන්ටැති මේ පෝස්ට් එකකුත් ලිය උනේ.

    ඔය හොයාගන්ට ඕන රහස අපේ වොටාට බාර දුන්නානම් ඉවරයි. එයා හරි දස්සයා. (එයාගේ කාමරෙත් ඔයවගේමයි.)

    අර බාත්-රූම් එකේ ඔක්කොම බඩු ලංකාවේ හදපුවා. පේන්නේ නැද්ද මල් වැඩ ටික....:D:D

    ReplyDelete
  4. බලන්න යන්න කියපු තැනක්. මාත් කැමතී හෝම්ස්ට.

    ReplyDelete
  5. කාලයක් පිස්සුවෙන් වගේ ඔය පොත් කියවපු හැටි මතකයි.

    ReplyDelete
  6. මම නම් දනී.... ටොයිලට් පේපර් පේන්න නැති බැවින් බුවා ලංකාවේ එකෙක්යැයි නිගමනය කල හැක.

    ReplyDelete
  7. මොනවා? මොරියාටි කාරයා කිරිබත්ගොඩ අඟුලාන පැත්තේ පොරක්ද 154 යන්නේ හ්ම්ම් ...

    ReplyDelete
  8. මම මේ කෞතුකාගාරය ගැන දැනගන හිටියට පින්තූරයක් දැක්කෙනම් ඔන්න අද. අපූරු පින්තූර ටික , චන්දන මෙන්ඩිස්ට පින්සිද්ද වෙන්න ෂර්ලොක් හොල්ම්ස් කතා රස වින්ද,හොල්ම්ස්ට වගේම වොට්සන්ටත් මමනම් බොහොම කැමතියි.

    ReplyDelete
  9. දවසක යන්න ආසයි බලලා එන්න... කාලයක් වගේම දැනටත් ආසාවෙන් කියවන පොතක චරිතයක් :)

    ReplyDelete
  10. අර තියෙන්නේ වතුර බාල්දියක් බිම..
    ශර්ලොක් හෝම්ස් කතාමාලාව එකක් නෑර කියවා තියෙනවා..

    ReplyDelete
  11. සිරා ලිපිය බන්... උබ ඇවිදිනවනේ රැජිනගෙ රට වටේ... මට වෙලාවක් නෑ බන් මොන මගුලක වත් යන්න.. අමාරුවෙන් තුතන්කාමන් ගෙනාපු වෙලේ ගියා...

    පට්ට ෆොටෝ ටික...

    ReplyDelete
  12. වයස සීමාවක් නැතිව ෂර්ලොක් හෝම්ස්ගෙ කතා රසවිඳිනව අදටත් හැමෝම වගේ. ෆොටෝ ටිකත් ලස්සනයි, මනංකල්පිත චරිත කියල හිතෙන්නෙවත් නැහැනේ.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. වැම්පයර් - ඒක තමා. මොරියාටි යන්නෙත් 154 බස් එකේ ලු නෙ. ලංකාවෙම තමා. :D

    ReplyDelete
  15. බුරා - බුරා දස්ස කොල්ලෙක් නෙ! :D

    Wax statues වලත් ගත්ත මචෝ. ඒ උනාට ඒ ෆොටෝ දැම්මෙ නෑ. තව ලියන්න කම්මැලි හිතුන.

    ReplyDelete
  16. පොඩ්ඩි - වොටා ල ඔක්කොම එකයි බලං යද්දී. කිසිම පිළිවෙලක් නෑ :D

    ReplyDelete
  17. samanalee - හෝම්ස්ට කව්ද කැමති නැත්තෙ? එච්චර වෙලා බලන්න දෙයක් නම් නැහැ හැබැයි මෙතන.

    ReplyDelete
  18. පිණිබිඳු - ඒ ගැන නම් තව පොස්ට් එකක් ලිවිය හැක.

    ReplyDelete
  19. Prasanna - හුරේ තවත් වොට්සන් කෙනෙක්.! :)

    ReplyDelete
  20. අමා - මටත් ඕක කියෙව්ව ගමන් හිතුනෙ ඕකම තමා. මමත් ලංකාවෙදි පොරව දැකල ඇති මයෙ හිතේ.

    ReplyDelete
  21. රෝස කුමාරි - සර් කොනන් ඩොයිල් ගෙම පොතක් වෙච්ච The Lost World කියවල තියෙනවද? මේ කතා තරම්ම ආකර්ශනීයයි.

    ReplyDelete
  22. හසී - කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නැති කතා.

    ReplyDelete
  23. Dinesh - වතුර බාල්දිය ඇත. ටොයිලට් පේපර් නැත

    ReplyDelete
  24. පිස්සා පලාමල්ල - මට ඉතින් ඇවිදින්න තියෙනවනන් ඊට වඩා දෙයක් නෑ. ඔහෙත් කොච්චර තැන් තියෙයි ද බන් බලන්න යන්න.

    ReplyDelete
  25. neetha - මට මේකට මුලින්ම ගියපු දවසෙ හිතුන හෝම්ස් කියල කෙනෙක් ඇත්තට හිටියදෝ කියල. පොත් වල කියවපුව මැවිල පේනව. ඔයා හේතුව නිසාම සර් කොනන් ඩොයිල් ගේ දුව සම්පූර්ණයෙන් විරුද්දයි ලු මේ කෞතුකාගාරයට. එයා කියන්නෙ මනංකල්පිත චරිතයක් ඇත්තට හිටිය කියල මිනිස්සුන්ට අදහසක් දෙනව කියල.

    ReplyDelete
  26. ඒ කතා කියවද්දි ඒවා මන:කල්පිත කියල හිතාගන්න බෑ බන්...

    ReplyDelete
  27. ද ලොස්ට් වර්ල්ඩ් කියවල තියනව. ‍ෆිල්ම් එකත් බලල තියනව. හරිම ලස්සන කතාව.‍ෆිල්ම් එකකට වඩා මම පොතට කැමතියි. මට මතකෛ ඉස්සර ඔය නමින් ට්වී සීරීස් එකකුත් ගියා.

    ReplyDelete
  28. තාරක Dilshan - ඒක නං ඇත්ත. මම පොඩි කාලෙ හිතුවෙම මේ ඇත්ත චරිතයක් කියල.

    ReplyDelete
  29. රෝස කුමාරි - හ හා! ඒ දවස් වල ITN එකේ හයට හරි හයහමාරට වගේ ගියපු එක නේද? මට මතක විදිහට බදාදා ගියෙ. කෑම එකත් අරන් අනිවා සෙට් වෙනවා ඕක බලන්න :D

    ReplyDelete
  30. වසිලිස්සා25 October 2011 at 16:06

    වටිනා ලිපියක් .ෂලෝක් හෝම්ස් ගේ කතා කොච්චර කියෙව්වත් ඇතිවෙන්නේ නැ.හැමදාටම වීරවරයෙක් .මමත් පොඩි කාලේ හිතන් හිටියේ මේ අත්තක්මයි කියල.ද වුනත් මනං කල්පිත චරිතයක් කියල හිතෙන්නේ නැනේ.මටත් බේකර් වීදියට යන්න ආසාවක් ඇතිවුණා.ගොඩාක් ඉස්තුත්යි මේ දේවල් බෙදා ගත්තට.

    ReplyDelete
  31. වසිලිස්සා - බේකර් විදිය නං ගිහින් බලන්න වටිනව. එංගලන්තෙ පලවෙනි උමං දුම්රිය ස්ථානයත් ඔය කිට්ටුව තියෙන්නෙ. 1860 ගණන් වල ඒක විවුර්ත කරල තියෙන්නෙ මට මතක විදිහට.

    ReplyDelete
  32. The Lost World එකේ පුළුවන්නං හොයාගන්න බලන්න පරණ පරිවර්තනය, චන්දන මෙන්ඩිස්ගෙ අලුත් පරිවර්තනයනං පට්ට චා.. කොනන් ඩොයිල්ගෙ තව සිරාම පොතක් තමා The White Company, ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ 'ධවල සේනාංකය' කියලා, මෙලෝ රහක් නෑ.. ඉංග්‍රීසි පොත කියවන්න, මාර රසවත්..

    ReplyDelete
  33. @ බුරන්තිනෝ- ලොස්ට් වර්ල්ඩ් පරණ පරිවර්තනය තමා කියෙව්වෙ.පරිවර්තකගෙ නමනම් දැන් මතක නෑ.දවල සේනාංකය නම් කියවල නෑ. ඉංග්‍රීසි පොත හොයාගන කියවන්න ඕන.

    ReplyDelete
  34. @රෝස කුමාරි,

    The White Company, online කියවන්න/ download කරන්න ඕනනං මෙතනින් බලන්න..
    http://www.gutenberg.org/ebooks/903

    පොත Amazon එකේ ගන්න තියෙනවා..

    පලි: මම බුරන්තිනෝ නෙවෙයි මැඩම්, බුරතීනෝ.. :D

    ReplyDelete
  35. ඔව් ඔව්. චන්දන මෙන්ඩිස් ම තමා Lost World පරිවර්තනය කලේ. සිංහල පරිවර්තනයේ නම 'සැඟවුණු ලොවේ සවාරියක්'. එඩ්වඩ් මැලෝන්, තමන්ගෙ හිතවතිය වෙන ග්ලැඩිස් ගෙ හිත දිනාගන්න වීර ක්‍රියාවක් කරන්න ඕන වෙලා, ප්‍රොෆෙසර් චැලෙන්ජර් එක්ක ගියපු ඒ ගමන මාත් ගියා වගේ පොත කියවද්දි දැනුනෙ. අන්තිමට මැලෝන් ගෙදර එද්දි.... අනේ අපොයි!:D

    බුරා - බොහොම ස්තුතියි ලින්ක් එකට. මම මේ පොත ගැන දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
  36. අහ්! මැඩම් බුරතීනෝ සමාවෙන්න ඕන. බොහොම ස්තූතියි ලින්ක් එකට

    ReplyDelete
  37. හුටා, ඒ ගමන මට මැඩම් කියලා.. කවුරුවත් දැක්කොත් විනාසයි.. :D

    ReplyDelete
  38. බුරා - වෙලාවට කවුරුත් දැකල තිබ්බෙ නෑ. ඉතින් මම දන්න අඳුනන දහ පාලොස් දෙනෙකුට කියල යැව්ව...:D :D

    ReplyDelete
  39. ඒක නෙවෙන්නං බං, බලාපං මං අර මහ විසාලෙට 'කොමාවක්' දාලා ලාස්සනට පද බෙදලා ලියලා තියෙනවා.. සෝසකුමාරිට හතලිස් ඇදිරියද කොහෙදෑ.. :D

    ReplyDelete
  40. ඔන්න මාත් The White Company පොත පුස්තකාලේ reserve කරා! පොත ගැන කීවට ස්තුතියි!

    ReplyDelete
  41. පින්තුර ගත්ත කැමරාවෙ ජාතිය මොකද්ද දන්නෙ නැහැ, නියමෙට ඇවිල්ල තියෙනව.

    එහෙම නැත්තන් කැමරාමන් ගෙ දක්ෂ කමද?

    ReplyDelete
  42. ඔන්න අද නම් මන් ඉරිසියාවේ පැලෙනවා . චික් අපිත් යන ආසම තැනක් . කමක් නෑ මෙහෙම හරි දැක්කනේ . තැනක් යු තැනක් යු

    ReplyDelete
  43. Observer - කැමරමන් ගේ දස්ස කම මිසක් වෙන මොකද්ද? ඔව්ව ෆ්ලෑෂ් හදල, ඇපචර් හදල, ඈන්ගල් එක බලල ගත්තු ෆොටෝ! :D :D

    හැබැයි DSLR නෙවෙයි.

    ReplyDelete
  44. Bindi - ගියා වගේ තමයි. ඔය පින්තුර වල තියෙන ටික තමයි බලන්න දෙයකට තියෙන්නෙ. :)

    ReplyDelete
  45. ෂලොක් හෝම්ස් මගෙ ඉස්සර වගේම තවමත් ප්‍රියතම චරිතයක්. මේ මෑතක නුගේගොඩ පාගොඩ පාරෙ ටී.වී සීරීස් විකුණන කඩේක තිබිල 1980 ගනන්වලද කොහෙද හදාපු ටී.වී සීරීස් එකක්. මල් හතයි

    ReplyDelete
  46. ara eka thanaka 154 bus eka kiyala thibbe.. kiribathgoda agulana bus da danne ne

    ReplyDelete
  47. හෙ හෙ.. මෙහෙ 154 බස් යන්නෙ Morden to Croydon.. :)

    ReplyDelete
  48. @බුරතීනෝ- අනේ දෙවියනේ කට්ටිය මට කණ්නාඩි අරන් දෙන්න කතා වෙනව කියල ආරංචියක් ආව. ගොඩක් දුර ගමනක් යන්න ගෙයින් එළියට බහින්න ඔන්න මෙන්න තියෙද්දි නොවැ ඔය කමෙන්‍ටුව කියෙව්වෙ. සිය දහස් වරක් ඔන්න සමාව ඉල්ලනව. "බුරතීනෝ" ඔන්න මේ සැරේ නම් හරි හොඳේ... මේ..... මට හතලිස් ඇදිරියට තව ගොඩාආආආරියක් කල් තියනව.

    ReplyDelete
  49. මට ආසා හිතුනා මේ පෝස්ට් එක බලපුවාම මෙතැනට යන්ට. ඒත් මට යමක් කියන්ට තියනවා.

    මම ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්.

    මම ආදරේම රට ලංකාව.

    ලෝකේ හිටපු රටවලින් වැඩියෙම කැමති රට USA.

    බලන්ට ආසම රට ඉන්දියාව.

    කවදාහරි පදිංචිවෙන්ට ආස රට කැනඩාව.

    හැබැයි ලෝකේ තියන යන්ට අකැමතිම රට එංගලන්තය…:D:D:D

    මට කියන්ට ඕනේ උනේ අන්න ඒ ටික.

    දැන් ඉතින් ඔය එංගලන්තේ උදවිය කැති, පොලු උස්සගෙන එනවා එහෙම නෙමේ…:)

    ReplyDelete
  50. ඔය ඇරලා තියෙන්නෙ දාර සයිස් නයෙක්... හියැහ් පුහ්.. අපි මොනවටැයි කැති පොලු උස්සගෙන එන්නෙ.. :p

    // කවදාහරි පදිංචිවෙන්ට ආස රට කැනඩාව //

    හෙහ් හෙහ් හෙහ්... :D

    ReplyDelete
  51. බුරා, කැති පොලු මොකටද බන්, ගනින් ඔය මල්ටි බැරල් රොකට් ලෝන්චරේ ටිකක් සුද්ද කරල. පලාතම සුන්නද්දූලි වෙලා යන්ට දෙන්ඩ.

    එක්කො ඕන්නෑ. බූමි තෙල් ටිකක් ගහමු!:D :D

    ReplyDelete
  52. මුහුදු මංකොල්ලකාරයෙක්ව ඇස් දෙකට දැක්කේ අද තමයි
    මම මුලින් මුලින් බලන්න ටිකක් අකමැති වෙලා ඉඳලා මෑතක ඉඳල බලනවා ෂර්ලොක් හෝම්ස් පොත්

    මටනම් එංගලන්ත කාරයෝ කියන්නේ බොහොම අප්පිරිය ජාතියක් :(

    ReplyDelete
  53. මොකො නැව පාලුවට ඇරලා...... කොල්ලකෑම පැත්තක තියලා හේනක් කරන්නවත් හිතුවද?

    ReplyDelete
  54. lankawe shelock homes padhinchiwela inne no 168 greenweliroad, bakmeegolla, ibbagamuwa kiya kiyana lipinaya aithi gederai

    ReplyDelete
  55. lankawe shelock homes padhinchiwela inne no 168 greenweliroad, bakmeegolla, ibbagamuwa kiya kiyana lipinaya aithi gederai

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!