Sunday 5 February 2012

පේරන්ට්ස් ඩේ!


පේරන්ට්ස් ඩේ කියන්නෙ ඉස්කෝලෙ යන දවස් වල ඇඟේ ලේ වතුර වෙන දවසක්. මොකද ඉතින් කොච්චර හංගන්න හැදුවත් කොහොමහරි ගෙදරින් ඕක දැනගන්නව. අනික ඒ දවස් වල පේරන්ට්ස් ඩේ එකට ගෙදරින් ආවේ නැත්තන් පස්සෙන් එලෝ එලෝ හොයනව මොකද ආවෙ නැත්තෙ කියල. ඒක නිසා ඕක මග අරින  එක  අමාරු වැඩක්. පොඩි පන්ති වල ඉද්දි හිතන් හිටියෙ මේ කරදරේ තියෙන්නෙ A / L වලට යනකන් විතරයි කියල. පස්සෙ බලද්දී ඒකට ගියහමත් ඉවර නෑ. දවසක් අපේ පොරකගේ තාත්ත ඇවිල්ල ඉස්කෝලෙට පේරන්ට්ස් ඩේ එක දවසේ. අපේ එකත් ඉතින් රාජ ආඳ. පොර පන්තියේ හිටපු දවස් ගානට වඩා ජ'පුර කැම්පස් එක ඇරලා තියෙනව මම හිතන්නෙ. ඉතින් දැන් තාත්ත පොරව එක්කගෙන ගියාලු ගුරුවරු ගාවට පුත්‍රයගෙ හොඳ නරක අහන්න. එහෙම කිව්වට දෙන්නම දන්නව මුගේ කියන්න තරං හොඳක් නැති විත්තිය. මුලින්ම ගිහින් තියෙන්නෙ ගණන් සර් ගාවට. පොරව දැක්ක ගමන් සර් කිව්වලු, ' හපෝ මෙයාගෙනං  ගන්න දෙයක් නෑ. කොයි වෙලාවෙත් පංතියෙ නෑ. මෙහෙම ගියොත් නං අනිවාර්යෙන් ෆේල් වෙනව කියල'. මොන තාත්තද කැමති තමාගෙ පුතා ගැන එහෙම අහගන්න?

තාත්ත මූණ දෙක කරන් මේකව ඇදන් ගිහින් ෆිසික්ස් සර් ගාවට. මොන, පොරත් කිව්වලු 'මෙයා නිතරම පීරියඩ් කට් කරනව. ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. පොඩ්ඩක් තදින් ඉඳල මෙයාට වැඩ කරවන්න කියල.' අපේ පොරට දැන් කරගන්න දෙයක් නෑ. තාත්තට හොඳටම තද වෙලා. දැන් ඉතින් මොනවා කරන්නද. ඔන්න අන්තිමට කෙමිස්ට්‍රි සර් ගාවටත් ගිහින්. බලාපොරොත්තු නොවිච්ච දෙයක් උනේ එතෙන්දි. කෙමිස්ට්‍රි සර් අපේ ඩයල් එක දිහා බලල කිව්වලු. ' මෙයාගෙ වැඩ හොඳයි, හැබැයි ඉතින් තාම B එකක් වගේ ගන්න මට්ටමේ තමයි ඉන්නෙ. A එකක් ගන්න නං මීට වඩා මහන්සි වෙන්න වෙනව කියල.' අපේ එකාට සර්ට එවෙලෙම දණගහල වඳින්න හිතුනලු. ඔය ටිකත් අහගෙන තාත්ත දැන් තරහෙන් පුපුර පුපුර යනවලු ආයෙම ඔෆිස් එකට යන්න. යන ගමන් මූට හොඳටම බනිනවලු 'උඹලට අපි සල්ලි දීල උගන්නන්නෙ මෙහෙම කතා අහගන්නද කියල'. අපේ එකා කිව්වලු 'ඉතින් තාත්තෙ අර කෙමිස්ට්‍රි සර් කිව්වෙ තව ටිකක් මහන්සි උනොත් A එකක් ගන්න පුළුවන් කියල. අනික් සර් ල දෙන්න හැමෝටම කියන්නෙ ඔහොම තමයි. කෙමිස්ට්‍රි වලට A එකක් ගන්න එක අනික් දෙකටත් වඩා අමාරුයි' කියල. ඒක ඇහුව ගමන් තාත්ත යක්ශාවේස වෙලා වගේ නැවතිලා හැරුනලු මුගේ දිහාවට.
'උඹ හිතන්නෙ මම මැට්ටෙක් කියලද?? උඹ අනික් සර් ල දෙන්නගෙ පීරියඩ් වල නං ඉඳල හිටලා හරි පංතියෙ ඉඳල තියෙනව. හැබැයි කෙම්ස්ට්‍රි පීරියඩ් එකේ නං කවදාවත් ඉඳල නෑ!  A එකක් ගන්න? A නෙවෙයි ප්‍රතිපල ආපුවහම ගමටම දෙන්න පුළුවන් වෙයි ලයිට්!! '
දෙමව්පියො ඔය වයස පහු කලේ අපට කලින් කියන්නෙ  ඕක තමා!!!!!.       

තවත් දවසක්  ඔය  පේරන්ට්ස් ඩේ එකක් දවසක ඉස්කෝලෙ ඇරිල ඇවිත් මම බස් එකට නැග්ග ක්ලාස් යන්න. කට කපල සෙනග. අපේ ඉස්කෝලෙ එවුනුත් සෑහෙන්න හිටිය බස් එකේ. මම කලින් පොස්ට් එකක කියපු බෙයා ත් බස් එකේ ඉස්සරහට වෙන්න ඉන්නව මම දැක්ක. බස් එක ඇදලා ටික දුරක් යද්දි මට එහා පැත්තේ හිටපු අපේ එහා පන්තියක කොල්ලෙක් හයියෙන්  කෑ ගහල  බෙයා එක්ක කතාව.
' ඒ බෙයා, අද මම උඹේ තාත්තව දැක්ක.'
' ආ, ඔව් බන්, අර මගුල් මීටිමට ඇවිත් හිටිය. උඹ කොහොමද අපේ තාත්තව දන්නේ?'
'මම දැක්ක ගමන් අඳුනගත්ත බන්'
දැන් බස් එකේ ඔක්කොටොම ඇහෙන්න ඔහොම දෙබස ගිහින් නැවතුනා. ටික වෙලාවකින් මට එහා පැත්තෙ හිටපු එකා ආයෙ කට ඇරිය,
'ඒ බෙයා'
'ඇයි'
'උඹලගෙ තාත්ත උඹ වගේමනෙ බන්'
මේක අහපු බෙයාගෙ වක්කඩ වගේ කටට පන ආව. 
' ඈ යකෝ, අපේ තාත්ත මම වගේ නැතුව උඹ හිතුවද එහා ගෙදර එකා වගේ කියල??'
බස් එක එකම සිනා සාගරයයි!


මම කලිනුත් කිව්වනෙ ඒ ලෙවල් වලට ඇවිල්ලත් මේ පේරන්ට්ස් ඩේ කරුමෙ ඉවර උනේ නෑ කියල. ඔන්න ඉතින් අපි ඒ ලෙවල් වලට ආවට පස්සේ තිබ්බ පලවෙනි පේරන්ට්ස් ඩේ එක ආව. දැන් ඉතින් අපේ පන්තියෙත් අම්මල තාත්තල ඇවිල්ල වාඩි වෙලා ඉන්නව. අපිට එක එක විෂයන් උගන්නන ගුරු මන්ඩලෙත් ඉස්සරහට වෙලා ඉන්නව. අපේ පන්ති භාර ගුරුතුමා දැන් ඉතින් අම්මල තාත්තල ව අමතනව. සාමාන්යෙන් ඒ ලෙවල් සිලබස් එකයි, ඕ ලෙවල් සිලබස් එකයි අතර ලොකු ගැප් එකක් තියෙනවනෙ. ඉතින් ගොඩක් වෙලාවට ඕ ලෙවල් වලදී හොඳට වැඩ කර කර ඉන්න පොරවල් ඒ ලෙවල් වලට ආපුවහම ඇනගන්නව. ඉතින් අපේ සර් ඕක ගැන තමයි දැන් දේශනාව දෙන්නෙ. පොර කියනව ඕ ලෙවල් හොඳට කරා කියල තමන්ගෙ ළමය ඒ ලෙවල් නිකන් ම පාස් වෙයි කියල හිතන්න එපා, මේ දෙකේ සිලබස් වල ලොකු වෙනසක් තියෙනව, වැඩියෙන් මහන්සි වෙන්න වෙනව බ්ලා බ්ලා බ්ලා...... ඔය වෙලාවෙ තමා ඉස්සරහම පේලියෙ වාඩි වෙලා මේ කතාවට ඇහුන්කන් දීගෙන හිටපු අපේ තාත්තට ඕන්නැති ප්‍රශ්නයක් අහන්න හිතුනෙ!! ( එයාට හිතෙන්නෙම ඔය වගේ ඕන්නැති ප්‍රශ්න තමා!!)

' ඇයි ඉතින් ඉස්කෝලෙන් මේ ළමයින්ට විභාගයක් තියල, ලකුණු දෙන්නෙ නැත්තෙ? එතකොට ඒ ගොල්ලන්ටම පුලුවන්නෙ දැනගන්න තමන් ඉන්න මට්ටම මොකද්ද කියල'

මේක අහපු ගුරු මණ්ඩලේ තක්බීර් උනා!
ඒ ගොල්ලෝ විතරක් නෙවෙයි, අනික් දෙමව්පියොත් තක්බීර් උනා!
පන්තිය පිටිපස්සෙ හිටගෙන අනික් කොල්ලොත් එක්ක මේක අහගෙන හිටපු මමත් තක්බීර් උනා!
විභාගයක්  තිබ්බෙ නෑ කියල ගෙදරට කිව්ව කතාව මට අමතක වෙලානෙ තිබ්බෙ!!!

'අපි විභාගයක් තිබ්බනෙ' මුලින්ම කතා කලේ පන්ති භාර ගුරුතුමා
' මොකක්?' ඒ අපේ තාත්ත
'ඔව් ! අපි ලකුණුත් දුන්න. පුතා කිව්වෙ නැද්ද??'
ඊට පස්සෙ කතාව හරිම ශෝචනීයයි.

image:http://www.clipartoday.com/clipart/occupations/occupations/student_274598.html

56 comments:

  1. පරිප්පු ඉස්කෝලේ ලමයින්ට ගෑනු ඉස්කෝල ඇරෙනකල් ගේට්ටු ලඟ බලා ඉන්නවට වඩා වැඩක් තිබුනේ නැති බව දුප්පත් තාත්තලා, අම්මලා දැනගෙන ඉන්ට නැතුව ඇති. නැත්නම් ඉතින් තමාගේ පුතාලගේ වැඩ ගැන ඔහොම ගුරුවරුන්ගෙන් අහවියැ.

    ReplyDelete
  2. ඇඬෙනව! :D
    දැන් මොකද්ද මේ පරිප්පු ඉස්කෝලේ ?

    ReplyDelete
  3. මට නම් මතක විදිහට ඔය රැස්විම් වලට ආවේ අපේ ගෙදරින් 8 වසරෙදි .... ඊට පස්සේ නම් එහෙම රැස්විම් අපිට තිබ්බේ නැහැලු :DDD

    ReplyDelete
  4. ඇඬෙනව තනි ඇහැට යකෝ.. සිකේ සිකේ, අති ශෝචනීයයි..!!

    අපට ඔය කිසි ප්‍රශ්නයක් තිබුනෙ නෑ බං, O/L කාලෙ අපි හොස්ටල්නෙ, දන්නවා ගෙදරින් එන්නෙ නෑ කියලා, ඒක නිසා මොකුත් අහන්නෙ නෑ.. A/L කාලෙ අපෙ සෙක්ෂන් එකේනං ඔය වැල්බයිලා තිබ්බෙ නෑ, ආතල් එකේ හිටියා.. අහපං නිශ් ගෙන් අපි කෝමද බයෝ සෙක්ෂන් එක රන් කලේ කියලා.. ;)

    උඹෙ කතාව අහලා මට අපේ 11 වසරෙ පේරන්ට්ස් ඩේ එක ගැන ලස්සන කතාවක් මතක්වුනා.. කියම්දෝ නොකියම්දෝ කියලා හිතෙනවා, මොකද ඒකට සම්බන්ධ එකා අද ලංකාවෙ බොහොම ජනප්‍රිය කලාකාරයෙක්.. නිකං ඌට මඩ ගැහුවා වගේ වෙයිද දන්නෑ.. :)

    ReplyDelete
  5. //මොකද ඒකට සම්බන්ධ එකා අද ලංකාවෙ බොහොම ජනප්‍රිය කලාකාරයෙක්.//

    ඔය ඉස්කෝලෙට ගිය අය එහෙම ජනප්‍රිය වෙලත් තියනවද? :D:D:D

    ReplyDelete
  6. හරිම කලාත්මකයි.......පේරන්ට්ස් ඩේ එක තමයි පාසල් ජීවිතේ තියෙන අලුගුත්තේරුම දවස.....:D

    ReplyDelete
  7. කොහොමද බං මේක කරන්නෙ? මම අමතක කරන්න හදනව, මූ ඒවම ලියනව!

    අපේ පන්තියෙ හිටපු මටත් වඩා හොඳම එකා එක්ක ගියා දෙහිවල නගරසභාවෙ ඩ්‍රයිවර් කෙනෙක් මාම ආවෙ, අම්මයි තාත්තයි රට හින්ද කියල. පොරගෙ කතාව ගැන සැක හිතුන විතරක් නෙමෙයි මුගෙ නෑ වෙන මල්ලි කෙනෙක් පහල පන්තියක ඉන්නව කියලත් අපේ මැඩම්ට මොනා හරි සීන් එකක් හින්ද මතක තිබ්බ. කෙලිම්ම ගෙන්නුව පොඩි එකාව..හය්යෝ අන්තිමට රටයි කියපු පවුළම ආව නිවාඩු කැන්සල් කරල කොල්ල ආයි ඉස්කෝලෙ එවා ගන්න...

    අපේ අම්මනං මුලින් මුලින් පන්තිවල හිනා වෙවී එනව...අඬ අඬ යනව...පස්සෙ ගානක් නැතිවෙලා බුම්මං එනව...බුම්මගෙනම යනව...

    ReplyDelete
  8. ඔය ඔක්කොමලාටම වඩා මගේ තත්වෙ අන්තිම ශෝචනීයයි....

    ෆොඩ්ඩක් හිතලා බලන්ඩ එක දවසක් දෙමව්පියො ආවාම ඕගොල්න්ගෙ ජීවිත ඔච්චර මෙව්වා වෙනවනම්, අපේ අම්මා හැමදාම ඉස්කෝලෙ ඉන්නවා කිව්වම කොල්ලගේ ජීවිත කතාව කොහොම තියෙන්ඩ ඇතිද කියලා......!

    නඩු වැටෙද්දි වැටෙන්නෙ දෙක ගානේ....:(

    ReplyDelete
  9. වෙලාවට අපේ කාලෙ ' පේරන්ට්ස් ඩේ ' තිබ්බෙ නැත්තෙ.

    කෙමිස්ට්‍රි කියන කොට මතක් වෙන්නෙම ඕ ලෙවල් කෙමිස්ට්‍රි ටීච, මාව පේන්න බෑ, අපි කිව්වෙ 'මූන කචල් , පු# හුරතල් ' කියල.

    ReplyDelete
  10. @ඉන්දික උපශාන්ත
    මට උනේ ඕකේ අනිත් පැත්ත.
    ඇත්ත අම්ම එක්කම ගියාම මිස් ල අහනවා අක්කාද කියල :D :D

    ReplyDelete
  11. මම තාමත් ඔය PTS මීටිං වලට යනවා. හැබැයි, P හැටියටයි T හැටියටයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  12. පොඩ්ඩි

    අනේ අපි නං ඔය ගේට්ටු ගාව බලන් හිටියෙ නෑ. අපි බෝ පැල වගේ ළමයි! :D

    ReplyDelete
  13. niroshini

    අර ඕගොල්ලො සින්දු කියන ඉස්කෝලෙ තමා. මේ ඔය පරිප්පු පරිප්පු කියන්න එන්න එපා හරිය? මම කියනව අර විද්‍යාගාර කවිය ඔක්කොටම ඇහෙන්න! :D :D

    ReplyDelete
  14. වැප්

    සමහර එව්ව නං අපිටත් තිබ්බෙ නෑ. ඔය කියල තියෙනව වගේ, හිටපු ගමන් විභාග පිටින් තිබ්බෙ නෑ! :D

    ReplyDelete
  15. බුරා

    කියපං කියපං. නං ගං හෙළි නොකර. මම හිතන්නෙ මම දන්නව කව්ද කියල. 125 ට ගහපු සින්දුවෙ එහෙම පොර ඉන්නව නේද?

    ReplyDelete
  16. පොඩ්ඩි

    හුහ්! මම ලිස්ට් එක දෙන්න ඕනෙද? :D

    ReplyDelete
  17. හිතහොඳ පිස්සා

    කියල වැඩක් නෑ. එදාට ඉතින් රෙදි ඕන්නෑ !!

    ReplyDelete
  18. කතන්දර

    ඒක තමා. හොඳටම පව්!

    ReplyDelete
  19. ඉන්දික

    //බුම්මං එනව...බුම්මගෙනම යනව..// දවසේ කියමන :D

    ReplyDelete
  20. බුද්ධි

    හපොයි දෙයියනේ. එහෙම දෙයක් වනේ වන හතුරෙකුටවත් වෙන්ට එපා! :D

    ReplyDelete
  21. observer

    අපෙත් හිටිය එහෙම හුරතල් කට්ටිය!! :D :D

    ReplyDelete
  22. Dude

    අපෝ ඕකට S හැටියට ගිහින් තියෙන ටික මට හොඳටම ඇති! :D :D

    ReplyDelete
  23. නිරොෂිණීලයි ඉස්කෝලෙ 94 හිටපු ඩිබෙටින් කැප්ටන්ගෙ නම මතක නැතුව ඉන්නෙ කතාවක් දාන්න. කවුරුහරි උදව් කරනවදෝ..?

    ReplyDelete
  24. @මුහුදු කොල්ලකාරයා
    //අනේ අපි නං ඔය ගේට්ටු ගාව බලන් හිටියෙ නෑ. //
    ගේට්ටු ගාව බලන් හිටියද නැත්තම් ගේට්ටුවෙන් පැනල සිකියුරිටි ට අහු උනාද?:D:D

    ReplyDelete
  25. ඉන්දික,

    හපොයි! එතකොට අපි හිච්චි කොල්ලො නෙව! 21 වැනි සියවසේ හිටපු කැප්ටන්ලව නං දන්නව! :D

    ReplyDelete
  26. niroshini

    ෂ් ෂ් ! කට කට ! :D

    ReplyDelete
  27. අපිට නම් ඔය අවුල් වැඩිය තිබ්බෙ නෑ බන්... මුලු ස්කෝලෙ කාලෙටම ( 5 වසරෙන් පස්සෙ... ඊට කලින් නම් ඕනි තරම් නේ ) තිබ්බෙ 2 යි.

    ReplyDelete
  28. පිස්සා

    උඹල හරි ලකී! ඒකට අපිට! A/L වලට ආවට පස්සෙත් එකක් තිබ්බ.

    ReplyDelete
  29. @මුහුදු,

    නං ගං කියන්නැතුව ඒ කතාවෙ නියම රසේ ගන්න බෑ මචං, දන්නවනෙ බුවාගෙ තාත්තත් රටම දන්න කලාකාරයා නේ, තාත්තා තමා පේරන්ට්ස් ඩේ එකට ආවෙ.. මං හම්බවෙච්ච වෙලාවකම උඹට කියඤ්ඤං.. :)

    @ඔබා,

    ඔය නමම තිබ්බා අපේ හිටිය චිත්‍ර මැඩම් කෙනෙකුටත්..

    @ඉන්දික,

    පොඩ්ඩක් හිටිං, නම මේ දිව අගම තියේ..

    ReplyDelete
  30. අපිත් මුලින්ම ඔය කට්ට කෑවා.. A/L වලට බාර ගන්න දවසේ තිබ්බ මිටිමට විතරයි අපේ ගෙදරින් ආවේ.. ඊට පස්සේ ආපු හැම මීටිමකටම මම අම්මව රට ඇරියා... :)

    ReplyDelete
  31. @ බුරා,

    කෝ බං තාම කෙළ ගැහුවෙ නැද්ද?

    ReplyDelete
  32. @ බුරා,

    ඒ නමට ය්‍යංසයක් තිබ්බ මතකයි. කෑල්ලනම් පට්ටයි! දැං උඹේ දිව අග තීන්නෙත් ඔය කෙනා ගැනමද?

    වටවලයගෙන් ඇහුවනං හරියටම කියයි.

    ReplyDelete
  33. මම සාපේ කාළේ හොඳ ළමයා. පේරන්ට්ස් ඩේ වලට බය නෑ. ටීචර්ලා හොඳමයි කිව්වේ :D
    උපේ පේරන්ට්ස් මීටින් ගෙදරට කිව්වේ නැද්ද එහෙම එව්වා තිබ්බේ නැද්ද කියලා මතක නෑ... මට මතක විදිහට එහෙම එව්වා තිබ්බේ නෑ :D

    ReplyDelete
  34. මම නම් ගෙදරින් එක්කන් ගියේ හය වසරේ පේරන්ට් ඩේ එකට විතරයි.එයින් පස්සේ නෑ...... අවුලක් වුනෙත් නෑ එච්චර

    ReplyDelete
  35. @ඉන්දික,

    මට මතක විදියට 'භාෂ්‍යන්ති' වෙන්න ඕන නම.. හරියටම ෂුවර් නෑ, ඔය සෙට් එකේ කීප දෙනෙක්ම මගෙ FB එකේ ඉන්නවා, උඹට ඕනනං කන්ෆර්ම් කරලාම කියන්නං.. :)

    ReplyDelete
  36. බුරා,

    හරි බං ඒ වගේ නමක් තමයි... උඹලට පරාක්‍රමබාහුගේ දූලගෙ නම් මතකයි, මේ වගේ වැදගත් දෙයක් මතකනෑ? :) (පොඩ්ඩක් හොයල කියහං ප්ලීස්...)

    මේ එතකොට උඹත් ඔය සබ්ජෙක්ට් එකේ උන්නද? හිටියනං ඒ කිංස්ලියගෙ අවුරුද්දෙද වටවලයගෙ අවුරුද්දෙද? එහෙම උනානං අපි නොදන්න මිනිස්සු නෙමෙයි!

    මම මේ කියන්න හදන සීන් එක උනේ 94 එතල් ෂීල්ඩ් එකට අසෝකෙ තිබ්බ ඩිබෙට් එකක වෙච්ච කතාවක්. සුලෝහිතල ඔක්කොමයි අසෝකෙ රංගනල, අනුල එකේ සෞම‍යල එහෙම හිටිය වැඩේ වෙනකොට.

    ReplyDelete
  37. හරි හරි බං, නම් ගම් ටික ටික අමතක වේගෙන යනවා, මතකය දුරුවල වේගෙන යනවා.. දැන් ඉතිං අපි වයසක උදවිය නෙවැ.. ;)

    මං දෙතුන් දෙනෙකුට මෙසේජ් එකක් දැම්මා, උත්තරේ ආපු ගමන් කියඤ්ඤං.. කොහෙද මේ කෙල්ලො එකෙක්වත් නෑ නෙ FB එකේ ඕන කරන වෙලාවට..

    අඩේ නෑ බං, මං ඩිබේටින් සයිඩ් එකේ හිටියෙ නෑ.. මට කොරන්න බැරිම දෙයක් නේ ඔය.. අපි වටවලට වඩා අවුරුද්දක් ජූනියර්..

    ReplyDelete
  38. Dinesh

    අපේ දෙන්නම රට යන්න බෑම කිව්වනෙ. :D

    ReplyDelete
  39. පූසා

    මූ නං හරිම හොර පූසෙක්! :D :D

    ReplyDelete
  40. තීර්ථ යාත්‍රිකයා

    මම නං එච්චර ලකී උනේ නෑ. ගොඩක් එව්වට කට්ටිය ආව. :(

    ReplyDelete
  41. බුරා/ඉන්දික

    නං ගං දාන්ඩ එපෝ, කතාව දාන්ඩෝ! :D

    ReplyDelete
  42. මට මේ කමෙන්ට් ටික කියවද්දි බුර බුරා නැගෙන ප්‍රස්නයක් තියෙනවා. ඒක තමා අර දිව අග තියෙන දේවල් කියන්න බූරාට බ්ලොග් එකක් තියෙනවද කියන එක.

    ReplyDelete
  43. බුරා බ්ලොග් එකක් කරන්න පට්ටාං ගත්තොත් ඔය කාට කාටත් මඩ පාරවල් විසිවෙන්ට පුළුවන්, ඒ නිසා පරෙස්සමෙන් හිටු.. :P

    ReplyDelete
  44. බොල බුරා,

    උඹට සුදු වැද්දෝ, සුදු ගෝනෝ වල හිටපු චරිත මතකයි, ගෙන්ජිස් ඛාන් ගෙ ගාව හිටපු අස්සයෝ ගානයි, උන් කාපු බීපු තැනුයි මතකයි, හැබැයි ඉස්කෝලෙ කාලෙ කෙල්ලෙකුගේ නම මතක නෑ.

    ලැජ්ජයි! සික්!!!

    ReplyDelete
  45. ඉතිං බං මේ කතාකරන්නෙ මගෙ කෙල්ලෙක් වත් මම ඉන්ටරෙස්ට් වුන කෙල්ලෙක් වත් ගැන නෙවේනෙ.. නොවැදගත් කරුණු කවුද බං මතක තියාගෙන ඉන්නෙ..!!?? :)

    ReplyDelete
  46. හික්ස්ස්ස්ස්ස්ස්...:D මරු!!!

    ReplyDelete
  47. @Buratheno & ඉන්දික
    අනේ ඉතින් මේ ගොල්ලන්ට කවුරු හරි අසරණ ගෑනු ලමෙක්ට මඩ ගහන්න තිබුනොත් එච්චරයි. :D :D

    මාත් කියන්නේ කතාව දාන්න නම් නැතුව... පව්නෙ ඒ අක්කා

    ReplyDelete
  48. 10 වසරෙදී පන්තියේ එකෙක් ඉස්කෝලෙන් පැනල විහාරමහාදේවි එකේ ඉන්නේ කොට මාට්ටු වෙලා බෑග් එක චෙක් කලාම ඕකේ තිබිල බ්ලූ පත්තර අහු උනා. පස්සේ ඕක කියන්න අම්මට පන්තියට එන්න කිව්වා.
    අම්ම ඕක අහල අවෙස වෙලා වගේ මූට ගහල වරෙන් දැන්ම තෝව ඉස්කෝලෙන් අස් කරන් යන්න කියල ප්‍රින්සිපල් ගාවට ඇදන් යන්න හදනවා, බලු රත්නායක (කොල්ල ගේ නම) මරන්න ගෙනියන්න හදනවා වගේ බෑ බෑ කියා කියා අඬනවා.
    පස්සේ ළමයි එකතු වෙලා ඇන්ටි අපි මෙයාව බලා ගන්නම් කියල ෂේප් කරලා අම්මව ගෙදර යැව්වා. හික් හික් ඌ තමයි ඉතින් ඒ දවස් වල පන්තියට ඔය පත්තර අරන් ආවේ. මොකක් උනාද මන්ද O/L වලින් පස්සේ මිනිහ දකින්න හම්බුනේ නෑ.

    ReplyDelete
  49. සී සී බොල ඒ ලෙවල් පංති වලදිත් ඔය චාටරේ කෑවද. බුරා කිවුවා වගේ අපිටනම් ඔය කරදර තිබ්බෙ නෑ 11න් පස්සෙ.
    ඔයකාලේ වෙච්ච සීන් ටිකක් මතක් උනා . අප්පේ ඒ වගේ ආතල්.....

    පොඩ්ඩි.

    හුහ් පරිප්පු ඉස්කෝලේ ජනප්‍රිය අය ගැන රටම දන්නව ආයෙ කියන්න ඕනිද ලිස්ට් එක.

    බුරා/මුහුදු

    උඹ ඔය කියන්නෙ අර අර .......
    අප්පා කොහොමද බන් කියන්නෙ අපේ එකා වගේයැ උගෙ තාත්තා රටම දන්න සම්මානනීය මනුස්සයෙක් නෙව.
    ඔව් බන් 125 සින්දුවෙ හිටියා වාදනයෙනුත් සම්මාදන් උනා. උඹට හිතාගන්න අමාරු වෙන එකක් නෑ අපේ බැච් එකේ ඉන්න ප්‍රසිද්දම කලාකාරයා

    ReplyDelete
  50. බුරා,

    උඹලගේ ගෲප් එකේ සජිත් මලයත් මගේ ගෝලයෙක් තමයි :D

    අර කලාකාරයගෙ කතාවනං දන්නෙ නෑ, මොකද අපිට උපෙ කරන්න වීස දුන්නෙ නෑ නෙව. ඒත් මං කියන්න යන කතාවටනං ඒ ළමයගෙ නම නැතුව නිකං කිසි ගෝ එකක් නෑ වගේ වගේ...බලමු බඩාටවත් මේලක් දාල නම හොයා ගන්න!

    මෙව්ව මඩ නෙමේ නිරොෂණී නගේ ඔරොජිනල් සීන්...කොටිම්ම කතාව සැර නිසා අපි වාදෙ පැරදුනාට දිනපු අක්කල ගියෙ අඬ අඬ.

    ReplyDelete
  51. @ඉන්දික,

    අර ගෑල්ළමයගෙ නම සන්තුෂ්‍යා ලු...

    ReplyDelete
  52. හරියටම හරි බං! උඹට පින්....

    ReplyDelete
  53. හෙහ් ඒකට අපේ තාත්ත එනව, සද්දයක් නැතුව පැත්තකට වෙලා ඉන්නව, ආයෙම ආව වගේම යනව. දවසක් මම අහගෙන අම්ම එක්ක කියනව "රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් අගන්න අහවල් දෙයකටෙයි මේ වසවර්තිය ගැන" කියල.

    ReplyDelete
  54. හික් හික් හික්... ඒක නම් පට්ට සාටර් සීන්නෙක... :D

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!