Tuesday 14 February 2012

පික්නික් එක!



"ඉක්මනට එන්නකෝ!"
"පොඩ්ඩක් ඉන්න. මම මේ ඔයාගේ බෑග් ටිකත් උස්සන් එන්න එපැයි"
"හප්පෝ මහ ලොකු පිරිමිය. ඕකවත් උස්සන් එන්න බැරිද?"
"මොනවද මේකෙ මෙච්චර තියෙන්නෙ?"
"එක එක දේවල්. මේ, මේ කැලේ සත්තු ඉන්නවද?"
"ඔයයි මමයි තමා ඉන්න ලොකුම සත්තු දෙන්න"
"අපි හොඳ වෙලාවට උදෙන් ආවෙ නේද? ගස් වල පිනි ඉර එළිය වැටිල දිලිසෙන ලස්සන..."
"හ්ම්ම්. spring එක නිසා ගස් වල කොලත් හරි ලස්සනයි නේ?"
"මම වගේද? හි හි..!"
"ඔයා ඊට වැඩිය ලස්සනයි!"
"පචයා..!!"
"පච කියන්නෙ තෑගි ගන්නද? ආ මේ,  මෙතනින් තව චුට්ටක් ඉස්සරහට යද්දී තමා අර දොළ පාර හම්බෙන්නෙ"
"ඔය සද්දෙ ඇහෙන්නෙ ඒකෙ නේද?"
"ඔව් ඔව්, දැන් ලඟයි."
"හානේ අර පේන්නෙ. ඔන්න මම දුවනව. ඉක්මනට එන්නකෝ"
"මේ කෙල්ලත් එක්ක බෑ අප්පා"
"ෂා මාර ලස්සනයි නේ. වතුර හරිම පැහැදිලියි. ඉර එලිය වැටිල දිලිසෙන ලස්සන! මේක ගැඹුරද?"
"නෑ වැඩිම උනොත් අඩි තුනක් විතර ඇති. ඒ උනාට අපි යන්න ඕනෙ දැන් ආපු පාරෙ උඩහට."
"මට අර මැද්දෙ තියෙන ගල් ටික උඩ වාඩි වෙන්න ඕනෙ."
"ඉතින් යන්න."
"මට බයයි. අනේ මාව එක්ක යන්නකෝ. මගේ හොඳ වස්ස නේ?"
"මොකා?"
"අනේ අනේ. එක්ක යන්නකෝ....."
"හප්පේ, එන්ඩ ඉතින්. කෝ අත දෙන්න. මගේ අත තදින් අල්ලගන්න."
"ඇති යන්තන් දැන්වත් අතින් ඇල්ලුව!"
"ඔයා ඉතින් ඔය මාව අවුස්සගන්න තමයි හොඳේ?"
"හි හි !"
"මාර සිරික්කිය මෙයාගෙ. කෝ ඔන්න මම අඩිය තියන තැන් වලට අඩිය තිය තිය එන්න. බලාගෙන ප්‍රවේසමෙන් වාඩි වෙන්න. ඔය ගල් ලිස්සනව."
"ම්ම් දැන් හරි. අපි වටේටම වතුර ගලාගෙන යන හැටි. හරිම ලස්සනයි නේ?"
"හ්ම්ම්."
"අර බලන්නකො අර මාළු. පාට පාට."
"බය නැතුව කකුල් වතුරට දාගෙන ඉන්න. මාළු කොටන්නෙ නෑ"
"ඒ උනාට මට බයයි. අර ඈතින් පේන කන්ද මොකද්ද?"
"දන්නෑ" 
"අපි දෙන්න ඒ කන්ද උඩ චුටි පැලක් හදන්, ලුනුයි බතුයි කකා ඉමු"
"ලුණු වැඩිය කන එක ඇඟට හොඳ නෑලු"
"මැට්ටා!!"
"අනික අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙනව ' පුතේ උඹ වැඩිය උඩ යන්ඩ හදන්ඩ එපා කියල'. ඒක නිසා මම වැඩිය ඔය උස තැන් වලට කැමති නෑ"
"ඔයත් එක්ක බෑ අනේ........මොකද්ද ඒ සද්දෙ?"
"මොකද්ද?"
"ඔය ඇහෙන්නෙ. මියුසික් එකක් වගේ."
"ආ ඔව්මයි."
"ඔයාගෙ ගාවින් එන්නෙ."
"මගේ?"
"ඔව්, ඔයාගෙ සාක්කුවෙන්! ඔයාගෙ ෆෝන් එක!!"
"ආ!!"
"ඔයාට කිව්වනෙ අනේ ඕක ඕෆ් කරන්න කියල."
"මට අමතක වෙලා"
"ඔයාට මම කියන කිසි දෙයක් මතක නෑ"
"ඉන්න මම ආන්සර් කරල බලන්න.........හෙලෝ?"
"හෙලෝ ????? හෙලෝ තමා!!! ඈ බොල පොලොස් කොට්ටෝරුවො, තෝ තාම නිදිද???!!!!"
"අප්පටසිරි!. අඩේ සොරි මචන්, නින්ද ගියා."
"මොකද බඩුවක් වත් හීනෙන් දැක්කද?  තව පැයකින් කෝච්චිය අද්දනව. ඉක්මනට වරෙන්. අපි පරක්කු උනානං බලන්න තිබ්බ මුගෙ දේශනාව."
"හරි හරි  මම ටාර් ගාල එන්නං!"

"Happy Valentine's Day!"

image: http://www.wunderground.com/blog/flclicker/comment.html?entrynum=91

35 comments:

  1. නිදාගන්න කලින් රෑට ටිකක් භාවනා කරන්න එතකොට ඔය වගේ භයානක හීන පේන්න්නේ නෑලු.... :D

    එසේම වේවා! :D

    ReplyDelete
  2. ලස්සන හීනයක්. කවුරු හරි හොඳ කෙල්ලක් හීනෙන් දැකලා තියෙන්නේ:D

    සුබ වැලැන්ටයින් දවසක් මුහුදුටත්!!! :D

    ReplyDelete
  3. අද රෑට නම් පන්සිල් අරන් නිදාගන්ට හික් මොකද දවසත් නපුරුයි නේ

    ReplyDelete
  4. එහෙනම් ඔය හීනේ සැබෑ වේවා කියල පතමු :D

    ReplyDelete
  5. මං බැලුවා මේකා මේ හදිසියෙම ඔක්ස්ෆර්ඩ් පැත්තෙවත් ගියාවත්ද කියලා.. නරක දවස නේ.. ඔය මේ දවස්සොල පාන්දර හීතලට පේන හීන බං, ගනාං ගන්ට එපා.. :D

    ReplyDelete
  6. හොඳ වෙලාවට මාළු කොටලා නැත්තෙ. නැත්තං කලින් ඇහැරෙනවා...

    ReplyDelete
  7. යකෝ හීනෙන්වත් හිත සැ‍නසෙන එකක් බලපන්කො... හීන වලදිත් හොල්මන් කතා බලන්නෙ...

    ReplyDelete
  8. මම් මේ කම්පනා කොලේ බන් හීනෙන් පේන කෙල්ලොත් හැබෑ උන් වගේම තමා .........

    කොහොම උනත් පරිස්සමෙන් හිටහන් ඔය ස්ත්‍රී පරාන හීනෙන් උනත් දකින එක බයානකයි......:D

    ReplyDelete
  9. කොලුවෝ, චූ කොරල නිදා ගං....

    ReplyDelete
  10. මෙහෙමත් හීන පේනවාද....:DDD

    ReplyDelete
  11. හොඳට හුරු පුරුදු වචන සෙට් එකක්. මං මේ කල්පනා කලේ කාගෙද කියලා....:D

    ReplyDelete
  12. Happy Valentine's Day, Dude!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  13. හික් ! අනේ ඔහොම හීනයක් දැක්ක කාලයක් මතක නෑ බං. පේන්නෙම අති භයංකර ගෙවල් දොරවල්. යාන වාහන ඉඩං කඩං වගේ බයවෙලා ඇහැරෙන ඒවමයි.

    ReplyDelete
  14. මදැයි ඔයින් ගියා . තව පොඩ්ඩෙන් තව සත්තුන්ගේ නම් අහගන්න වෙනවා . සුබ වැලන්ටයින් දවසක් මුහුදුටත්

    ReplyDelete
  15. දැං පට ගාල දුවපං කෝච්චිය මඟ ඇරෙයි......ආ සුභ වැලන්ටයින්....!!!

    ReplyDelete
  16. පූසා

    මීට පස්සෙ ඉතිපිසෝ ගාථාව කියල තමා නිදියන්නෙ :D

    ReplyDelete
  17. පොඩ්ඩි

    ඔයාගෙ තියරි අනුව ඉතින් කෙල්ලො ඔක්කොම හොඳයි නෙ. කොල්ලො විතරනෙ වැරදි! :D :D

    එසේම වේවා!

    ReplyDelete
  18. අමා

    මම එක පාරට හිතුව මෙට්‍රොපොලිටන් පොලිසියත් මගේ බ්ලොග කියෝනව කියල. පස්සෙ බලද්දි මේ සඳ මෝල් එක්කෙනානෙ! :D :D

    ReplyDelete
  19. niroshini

    ඊට පස්සෙ හැබැහිනුත් බය වෙන්න තමා! :D

    ReplyDelete
  20. බුරා

    ඔව් බං, මේ මගුල් සීතල මට දැන් ඇති වෙලා තියෙන්නෙ :(

    ReplyDelete
  21. බුද්ධි

    ඒක තමා. මටත් කකුල දාල බලන්න තිබ්බෙ!

    ReplyDelete
  22. නිශ්

    ඔය කෙල්ලො කියන ජාතිය කොහෙත් එකයි ! :S

    ReplyDelete
  23. observer

    එතකොට මේ වගේ එව්ව පේන්නෙ නැතෙයි? ;)

    ReplyDelete
  24. priyantha

    ප්‍රියන්ත දන්න අයත් ඉන්නවද ඒ වගේ?

    ReplyDelete
  25. Bindi

    එච්චර සුභක් නං නෑ වෙනද වගේම තමා! :D

    ReplyDelete
  26. හිතහොඳ පිස්සා

    මේ දුවනවා! :D :D

    ReplyDelete
  27. අනෙ අප්පෝ... හීනෙනුත් දකින දේවල්.... :D

    ReplyDelete
  28. නියම හීනේ අප්පා . . . තව ටිකක් නිදාගෙන හිටියනම් සරමේ . . හික්ස්

    ReplyDelete
  29. මම මේ කල්පනා කරේ උඹට පොලොස් කොට්ටෝරුවා කියල කතා කරේ කවුද කියල.. නම් දෙක තුනක් මතකෙට ආවා.. එක්කො ඕනේ නැහැ...

    ReplyDelete
  30. අනේ හීනෙ නම් ෂෝයි :))

    ReplyDelete
  31. Miyuru

    ඒකනෙ අනේ, අපිට නිකන් හින්දි ෆිල්ම් වගේ හීනනෙ පේන්නෙ :D

    ReplyDelete
  32. දුකා

    වෙලාවට ඇහැරුනේ!! :D :D

    ReplyDelete
  33. මරුමුස්

    අපොයි ගොඩක් එවුන් කතා කරනව ඔහොම :)

    ReplyDelete
  34. වර්ණා

    ඔව් ඔව්. හරි ෂෝයි. :))කරුමෙට කෝල් එකක් ආවනෙ!

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!