Wednesday 5 September 2012

සුපිරි මිනිසුන් සියැසින් දුටුවෙමි


සැමදා නියං එකදා වැහි වලාවේ කියුවාක් මෙන්, මෙතෙක් පැවති සීතල දුරුවී එදා ඉරු රශ්මිය නගරය උණුසුම් කරමින් තිබිණි. මිනිසුන් අතර සිටින සුපිරි මිනිසුන්ගේ දස්කම් දැකගැනීමේ උද්යෝගයත්, බලාපොරොත්තුවත් ඇතිව මම වහ වහා ඉදිරියට ඇදුනෙමි. මා මෙන්ම උද්යෝගයෙන් මහා ජන ගංගාවක් ඉදිරියට ගලමින් තිබිණි. මේ සියල්ලෝම ඇදෙන්නේ එකම දෙසකටය. එකම කරුනකටය. එහෙත් කිසිම තැනක තද බදයක්, පොරකෑමක් තිබුනේ නැත. සියල්ලම අපුරු සංවිධානාත්මක බවකින් ගලා 
යමින්  තිබිණි. ඈතට යන්තම් පෙනුණු ඇතුල් වීමේ ද්වාරය, දැන් දැන් ළඟ ළඟම පෙනෙන්නට ගත්තේ ඒ මහා සැණකෙළියේ තවත් අදියරක් දැක බලා ගැනීමේ අවස්තාව තව මොහොතකින් උදාවන බව පසක් කරන්නටය.

පුරාණ ග්‍රීසියේ එදා මේ සැණකෙළිය තිබෙන්නට ඇති හැටි මෙනෙහි කරමින් මම ක්‍රීඩාංගනයට ඇතුළු වුනෙමි. එහෙත් මා වැරදිය. පුරාණ ග්‍රීසියේ මේ සැණකෙළිය මෙයාකාරයෙන් තිබුනේ නැත. එදා ඒ සැණකෙළිය තිබුනේ පරිපුර්ණ ශරීරාංග වලින් යුතු අයටය. එහෙත් 21 වන සියවසේ මා මේ පැමිණ ඇත්තේ එහිම තවත් විකාශනයක් වූ, ආබාධිතයන් සඳහා වන ලොව ලොකුම ක්‍රීඩා උළෙල නැරඹීමටය. මට හිමි අසුන වෙත ගොස් හරි බරි ගැසී වාඩි උන මම ක්‍රීඩාංගනය සිසාරා නෙත් යැව්වෙමි. 


අසූ දහසක් අසුන් ගත හැකි මේ දැවැන්ත ක්‍රීඩාංගනය අතුරු සිදුරු නැතිව පිරී යන බව පසක් කරමින් නොයෙකුත් දෙසින් ඇතුළුවන ප්‍රේක්ෂකයෝ තමන්ගේ අසුන් වෙත ඇදෙති. 



දැවැන්ත රූපවාහිනී තිර මත තරඟ කාල සටහන්, ඒවායේ නීති රීති, ක්‍රීඩකයන් වර්ග කිරීම් දිස් වේ. පහල ක්‍රීඩා පිටියේ යුහුසුළුව පිටිය සකසන්නට වෙහෙසෙන බොහෝ දෙනෙකි. එහෙත් මගේ දෙනෙත් සොයන්නේ මේ එකක්වත් නොවේ. ලෝකයේ කුමන රටකදී වුවද දුටුවිට හදවත අභිමානයෙන් පුම්බාලන ඒ දර්ශනය තාමත් මගේ නෙත ගැටුනේ නැත. පිටියේ අහුමුලු පිරික්සා අවසානයේ එය  මගේ  නෙත් ඉදිරිපිටම කල එළියේ මෙතෙක් වෙලා තිබී ඇති බව මටම දෙස් දෙමින් පසක් කර ගතිමි. 


පළමුව ඇරඹුණේ කාන්තා මීටර් 400 T13 අවසාන වටයයි. 

මේ උළෙලේ ක්‍රීඩකයන් අබාධ අනුව විවිධ කොටස් වලට වර්ග කෙරේ. T අකුරෙන් සනිටුහන් වන්නේ ජවන ( track ) තරඟයි. ඊළඟට එන නොම්මරය අනුව අබාධ කාණ්ඩය හැඳින්වෙයි. උදාහරණයක් ලෙස 1 න් ආරම්භ වන නොම්මර ඇත්තේ පෙනීමේ ආබාධ ඇති ක්‍රීඩකයන්ටය. T 11 යනු පෙනීම ඇත්තේම නැති ක්‍රීඩකයන්ය. ඔවුන් ධාවනයේ යෙදෙන්නේ මග පෙන්වන්නෙකු සමගිනි. T 12, T 13 කාණ්ඩ වල අයට පිලිවෙලින් පෙනීමේ නොයෙකුත් දුර්වලතා ඇත. අංක 4 න් පටන් ගන්නා කාණ්ඩ වල ක්‍රීඩකයන්ගේ අතක්, පයක් ඉවත් කර ඇත. අපි කවුරුත් දන්නා ඔස්කාර් පිස්ටෝරියස් තරඟ කරන්නේ මේ T 43 . T 44 කාණ්ඩ වලය. DSLR කැමරාවක් නොතිබුනත් අතේ තිබු කුඩා කැමරාවෙන් මම T 13 කාන්තා අවසාන වටයේ දර්ශන හැකි පමණ සනිටුහන් කර ගත්තෙමි.  






ඉන් පසුව ඇරඹුණේ අති උද්වේගකර T53 මීටර් 100 තරඟයයි. එහි උද්වේගයට හේතුව තරඟය ජයගන්නට වැඩිම හැකියාව තිබු Mickey Bushell බ්‍රිතාන්‍ය ජාතියෙකු වීමයි. තරඟය ආරම්භයේ සිට ලැබුණු පොලව දෙදරවන අත්පොලසන්, දිරි ගැන්වීම් හමුවේ ඔහු නව පැරාලිම්පික්  වාර්තාවක්ද සමගින් තරඟය ජය ගැනීම පුදුමයක් නොවේ.




සුද්දන් උද්දාමයෙන් Mickey ට ඔල්වරසන් දෙද්දී මගේ නෙත් ඈත තිබු තිරය දිහාට යොමු උනේ එහි දිස්වූ දොඹගොඩ නාමයත්, ඊට ඉදිරියෙන් තිබු SRI යන අකුරු 3 ත්. මේ සැන්දෑවේ එකම ශ්‍රී ලංකා නියෝජනය!!




පිරිමි උස පැනීමේ F42 ඉසව්වෙන් තරඟ වැදුණු දොඹගොඩ තමන්ගේ එකම කකුලෙන් පැනවිත් මීටර් 1.5 ක උසක් පැන්නේ ඔහුගේ පවුද්ගලික දක්ෂතාවය සමකරමින්. නමුත් අවාසනාවකට මීටර් 1.6 කටත් වඩා පනින ක්‍රීඩකයන් සිටින ඉසව්වේ ඔහුට වැඩි දුර යන්නට හැකි උනේ නෑ.  

ඊට පසුව පැවැත්වුන  T11 කාණ්ඩයේ ( ඇස් නොපෙනෙන) තරඟ කිහිපයක  කැමරාවට හසුවූ  තැන් මේ








 මේ තරඟ නරඹන විට දැනුනු එක දෙයක් නම්, කලින් අප මේ තරඟ නැරඹුවේ අබාධිතයන් තරඟ කරනවා බලන්නට. නමුත් අද දවසේ අප එය නරඹන්නේ, ක්‍රීඩකයන් තරඟ වදිනවා බලන්නට. ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්ය මේ අය ආබාධිතයන් බව අමතක කරවන තරම්. සැබවින්ම විය යුත්තේද එයයි. මක් නිසාදයත් ඔවුන්ගේ ආබාධ කිසි ලෙසකින් ඔවුන්ගේ හැකියාවන්, උත්සාහයන් සහ ධෛර්ය මොට කරන්නට සමත් වී නැති නිසා. සැබවින්ම ඔවුන් සුපිරි මිනිසුන්!!!

21 comments:

  1. කතාව ඇත්තය... අද තම මේ පැත්තේ පය ගැහුවේ ආයේ දිගටම එන්නම්කෝ

    ReplyDelete
  2. මම මේ හිත හිතා හිටියේ ඔලිමිපික් තරඟ ගැන කවුරුවත් ලියන්නේ නැත්තේ ඇයි කියලා. ලස්සන සටහනක් මුහුදු.

    හැමදේම හොඳට පෙනෙන, අත පය තියන අපි හැමදේකටම නෑ බෑ කියන අතරේ මේ අය මේ විදියට තරඟවලට ඉදිරිපත් වෙනවා දැක්කාම දැනෙන්නේ ලොකු සතුටක්.

    ඔව්...සැබැවින්ම ඔවුන් සුපිරි මිනිසුන්....:)

    ReplyDelete
  3. කාලෙකින්...................


    එළ විස්තරයක්.....
    සැබෑවටම ඔවුන් සුපිරි මිනිසුන්

    ReplyDelete
  4. ඇත්තටම ඔවුන් සුපිරි මිනිසුන් පුබුදු
    ඔබ කැමති නම් මට පුළුවන් ඔවුන්ව ඔබ මුණ ගස්සවන්න
    ලස්සන ලිපියක්
    සමන්

    ReplyDelete
  5. මුහුදුගේ ඇත්ත නම පුබුදුද? ඇත්තටම එයා මේ වගේ දේවල් ලිවීම මිල කල නොහැකි දෙයක්. ඒවා බලපුවාම මනසේ පිබිදීමක් ඇතිවෙනවා. නම නම් ගැලපෙනවා නියමෙට.

    සමන්ට ස්තූතියි.:D

    ReplyDelete
  6. දුකක් , සතුටක් දෙකම දැනුනා . ඔවුන් ගරු කල යුතු සුපිරි මිනිසුන් වගට කතා දෙකක් නැහැ . ගොඩක් ස්තුතියි අගනා පින්තුර ටිකට සහ සටහනට .

    ReplyDelete
  7. @ගයියා
    සාදරෙන් පිළිගන්නව. මරු profile pic එක :)


    @ පොඩ්ඩි
    ඇත්ත, අත පය හොඳට තියෙන අපිට වඩා හොඳට මේ අය ක්‍රීඩාවේ යෙදෙනව.
    මේ, මට නම් හදන්නෙ නැතුව ඉන්නවද? :D :D :D


    @ නිශ්
    ඒක තමා. කාලෙකින් ලීවෙ. ඒක ඇත්තටම දැකගන්න ලැබිච්ච එක වාසනාවක්.


    @ සමන්
    මම පුබුදු නෙමේ, මුහුදු ! :)


    @ බින්දි
    ඔවුනට ගෞරවය ඉහලින්ම ලැබුනා. ආර් කරුණානන්ද ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දිව්ව වගේ වට ගානක් පස්සෙන් හිටියත් තරඟය ඉවර කරලා මිසක් පස්ස නොබලපු ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් හිටිය. ඔවුන්ට අසුන් වලින් නැගිටල ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්නෙ.


    @ Sudara

    Thanks !! :)

    ReplyDelete
  8. ඒ වගේ මිනිස්සුන්ගෙ ආත්ම ශක්තියට විසිල් එකකින් හරි අත්පුඩියකින් හරි අනුග්‍රහයක් දක්වන්නට ලැබුණු එක කොච්චර වාසනාවක්ද.... පින්තූර ටිකටත්, විස්තරයටත් ගොඩක් ස්තුතියි මුහුදු...

    ReplyDelete
  9. ඔස්කාර් පිස්ටෝරියස් ට නං මේක අවුරුදු උත්සවයක් වගේ සැහැල්ලුවට තියෙන්න ඇති නේද?

    තොරතුරු බෙදා ගත්තාට ස්තුතියි! මුහුදු කොල්ලකාරයෝ ක්‍රීඩා තරග නරඹනවා කියලා ඇහැව්වමයි මේ!

    ReplyDelete
  10. ඇත්තටම යෝධ බව තියෙන්න ඕනෙ ඇඟපතේ නෙමෙයි. හිතේ.....! මේ යෝධයෝ කිසි කෙනෙක් පරාද නෑ....! හැමෝම රත්තරන් වටිනවා....!

    ReplyDelete
  11. ස්තුතියි මුහුදු ආත්මාර්ථකාමී නොවී මේ කරපු වැඩේට.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  12. @Miyuru
    ඒක නං ඇත්ත මියුරු . මේ වගේ උළෙලක් හැමදාම දකින්න නෑනෙ. ඉතින් ඒක මම ඉන්න නගරයටම ඇවිත් බලන්න ලැබිච්ච ඒක ඇත්තටම වාසනාවක්.

    @බුද්ධි,
    ආයෙත් අහල! මිනිහ 200m heats වලින් දින්නෙ ලෝක වාර්තාවකුත් එක්ක. හැබැයි final එකේදී පැරදුනා. දිනපු පොරගෙ blade එක අඟල 4 ක් ලොකුයි කියල කචල් එකක් දාල පොර පොඩ්ඩක් ඇනගෙන ඉන්නෙ මේ දවස් වල.

    @දුමි
    ඒක ඇත්ත. වැඩිම ඔල්වරසන් ලැබුනෙ දිනපු අයට වඩා තමන් අන්තිමය කියල දැන දැනත් තරඟය අත අරින්නෙ නැතුව තරඟ කරපු අයට.

    @Dude
    බොහොම ඉස්තුතියි. මම හෙන පරාර්ථකාමියි!! ( මම මයි කියන්නෙ හොඳේ? ) හෙහ් හෙහ්!!

    ReplyDelete
  13. අපූරුයි යාලු..හොඳ ලිපියක්!

    ReplyDelete
  14. අඩේ පුබුදු,

    මට ‍මේ ලිපිය මිස් වුනේ කොහොමද..??


    ‍@ පොකු,

    මුගෙ නම පුබුදු තමා.. මූ ඔය බොරු කියන්නෙ.. ;)

    ReplyDelete
  15. @බූරා,

    මම හිතුවා. එයා ලියන ඒවා නිකං පුබුදු... පුබුදු... ගතියක් තියන විත්තිය මට නම් කලින්ම තේරුනා. :D:D:D

    ReplyDelete
  16. ඔයාට පුලුවන් නම් ඔන්න ඔහේ නමේ ඉතුරු කෑල්ලත් කියලම දාන්ට.:)))

    ReplyDelete
  17. @හිරු හිමාවි

    බොහොම ඉස්තුතියි!

    @බුරා

    මම ඒත් බැලුව මොකෝ මෙහෙ ආවෙ නැත්තෙ කියල. මේ, දැන් උඹ ඔය නම රෙජිස්ටර් කරන්නද හදන්නෙ මුන්දැට කියල??

    @ පොඩ්ඩි

    මගෙ පොස්ට් 'පිබිදෙන' එව්වද? හපොයි! හෙහ් හෙහ් හෙහ්!!!

    ReplyDelete
  18. @පුබුදු,

    නමේ අනිත් කෑල්ලත් එයාට කියන්ටද.?? :D

    ReplyDelete
  19. ප්‍රදීප් සංජය දිනපු දවසේ ගියේ නැද්ද ? මටනම් ඒක ටීවී එකේ බලලත් ඇස්වලට කදුළු ආව මචන් ....

    ReplyDelete
  20. @ බුරා

    කියල දාපන් බන් දසනායක කියල. හැබැයි ක්‍රිකට් ගහපු වගක් කියන්න එපා.

    @රොබින්

    නෑ, අපරාදෙ මම ගියෙ වෙනත් දවසක. ටිකට් වලට පුදුම පොරයක් තියෙන්නෙ. අපිට ඕන දවස් වලට ගන්න බෑ.
    මටත් ඕක ටීවී එකේ දැක්කම කියාගන්න බැරි සතුටක් දැනුනෙ

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!