Friday 16 September 2011

දුම්රියපලේදී හමුවූ ඇය...


උමං දුම්රිය ස්ථානයෙන් එලියට පැමිණි මම ප්‍රධාන දුම්රිය ස්ථානය කරා ඇදුනෙමි. මා නැගිය යුතු දුම්රියට තව පැයක පමණ කාලයක් ඇත. වෙලාව සවස් කාලය වූ බැවින් ප්‍රධාන දුම්රිය ස්ථානය අතුරු සිදුරු නැතිව පිරි ඇත. නා නා ප්‍රකාරයේ මිනිස්සු කඩි මුඩියේ එහෙ මෙහෙ දුවති. ශීත ඍතුව පැමිණීමට ඇත්තේ තව මාසයක් පමණ කාලයකි. එබැවින්දෝ දුම්රිය ස්ථානයේ විසල් දොරටු වලින් ඇතුලට හමා ආ සීත සුළඟ ඇතුලත සීත ගතිය දැඩි කලේය. මට මහත් බඩගින්නක් දැනුනි. අද උදේ පටන් හරි හමන් යමක් බඩට වැටුනේ නැත. ප්‍රශ්නය කෑම නැති කම නොව තියෙන ඒවා කන්නට අප්පිරිය වීමය. සීරියල් කෑම නං දැන් තිත්තය. නොයෙක් නොයෙක් වෙළඳ නාම. නොයෙක් නොයෙක් රස ඇති සිරියල් අරන් බැලුවද හිතට හරියන එකක් හම්බ උනේම නැත. පෑන් කේක්, වොෆල්ස් මට දැන් අරහන්ය. ජීවිත කාලෙම උදේට ලුණු ඇඹුල් ඇති, උණු උණු බතක් එළවලු ව්‍යංජන සමග කා පුරුදු මට සුද්දගේ රටේ පැණි රස, බඩට නොදැනෙන කෑම අල්ලන්නේ නැති වීම පුදුමයක් නොවේ. හීතල කිරෙන් පෙඟුනු සිරියල් බෝල් එක අරන් සීතලේ කන්නට සැරසෙන මට මතක් වෙන්නේ රතු හාලේ බතුත්, කරවල හොද්දත් ලුණු මිරිසකිනුත් සැදි දුම් දමන බත් පිගානකි. එහෙමත් නැත්තන් ඉඳි ආප්පත්, සැර පොල්සම්බලෙකුත්, පරිප්පු හොද්දකුත් ය. අවුරුද්ද දවසට කිරිබත්, මිරිසට ඉවූ මාළු හොදිත් සමග කන හැටි මට මතකයට නැගේ. ඒ රස දැනුදු මගේ රස නහර කම්පිත කරවයි. අලුත් අවුරුද්දට ගෙදර හිටි කාලයක් මතක නැත. ඊළඟ අවුරුද්දේවත් අලුත් අවුරුද්ද දවසට ලංකාවට යා යුතුය. කැවුම්, අති රස, අලුවා බඩ පැලෙනකන් කෑ හැක.
"Oops ! sorry ....I'm so sorry.."
මම නැවතත් පියවි ලොවට පැමිණියේ හදිස්සියේ දුවද්දී ඇඟේ හැපුණු කෙල්ලක සමාව ඉල්ලන හඬිනි.
"It 's ok ! No worries. "
මම මදහසක් පාමින් ඇයට කීවෙමි. කෝල සිනහවක් පෑ ඈ දුම්රිය වේදිකාවන් ඇති පැත්තට දිව ගියාය. ගෙදර කෑම සිහි වීමෙන් මගේ බඩගින්න තවත් වැඩියෙන් දැනෙන්නට විය.
මගී පර්යන්තයේ බොහෝ දෙනෙක් හිටගෙන උඩ බලාගෙන සිටිති. ඔවුන් බලා ඉන්නේ ඉහලින් සවිකොට ඇති පුළුල් තිර දෙසය. තමන් යාමට නියමිත දුම්රිය පිටත් වන වේදිකාව දර්ශනය වනතුරු ඔව්හු බලා සිටිති. මා යායුතු දුම්රියට තවමත් වේදිකාවක් ලැබී නොමැත. ඇරත් එය පිටත් වීමට තව බොහෝ වෙලාවක් ඇත. මම කන්නට යමක් ගැනීමට දුම්රියපල සිසාරා ඇවිදින්නට වීමි. දුම්රියපලක් වුවද ප්‍රධාන මද්‍යස්ථානයක් බැවින් මෙය ගුවන් තොටුපලකට ටිකක් සමානය. වෙනසකට ඇත්තේ නා නා විධ බදු රහිත සාප්පු වෙනුවට අවන්හල් සහ සුළු කෑම කඩවල් බහුල වීමයි. බඩ ගින්නට අනෙක් හේතුව දවල්ටත් හරි හැටි යමක් බඩට නොවැටිමයි. කාර්යාලයේ කැන්ටිමේ ඇත්තේ තම්බපු එළවලු, තැම්බූ අල, තැම්බූ මාළු වැනි දැය. අඩුම ගානේ ඒවාට ලුණු ටිකක්වත් දමා නැත. අවශ්‍ය පමණට දමාගන්නට ලුණු වෙනම තබා ඇත. එහෙත් එහෙම ලුණු දැමු විට උයන විට එක්කරන රසේ පළාතෙන් වත් නොයයි. " මචන් මුන්ගේ ලිප්වල තම්බන බට්න් එක විතරයි වැඩ කරනව ඇත්තෙ. " කාර්යාලයේ වැඩ කරන ලාංකික මිතුරෙකු වරක් පවසනු මට මතකය. නීරස තම්බපු අල වෙනුවට මම සීතල සැන්ඩ්විච් කෑල්ලක් කා සැනසුනෙමි. කාර්යාලයේ කැන්ටිම මතක් වෙද්දී මට නැගෙන්නේ තරහකි.

කන්නට යමක් ගන්නට සොයමින් මගේ දෙපා දුම්රිය පලේ සැරිසරන්නට විය. නා නා විධ කෑම ජාති, නොයෙක් නොයෙක් විදුලි ආලෝක මැද්දේ විසිතුරු විදුරු රාක්ක වල ප්‍රදර්ශනයට තබා ඇත. ඒවායේ පැහැයත්, සුවඳත්, අසුරා ඇති විදිහත් දකිද්දී කටට කෙල උනන්නේ නිතැනිනි. "යකෝ, කර දඬු දික් වෙලත් උඹේ තාම පොත්තට රැවටෙන කාලෙ ගිහින් නෑනෙ". ලස්සන කෙල්ලෙකු ගැන මා කියූ දෙයකට මිතුරෙකු මට කියූ වදනක් මට සිහිවේ. මේ කෑමත් ඒ කෙල්ලන් වගේ දෝ හෝ යි මට වරෙක සිතේ. ඒවායේ පෙනුමත් සුවඳත් අපුරුය. සමහර විටක, රසත් ඒ වගේ වන්නට ඇත. නමුත් ඒවා ලෙඩ වලට අතවනයි. තෙල් බේරෙන, චීස් පිරුණු නොයෙකුත් විසිතුරු අකාරයෙන් සැරසුණු කෑම දෙස බලමින් මම නැවතත් ඇවිද්දෙමි. දැන් නම් කුමක් හෝ ගත යුතුය. පැය දෙකහමාරක ගමනක් ඇති නිසා, ඊට පෙර කෑවොත් දුම්රියේ දී නිදා ගත හැක.

අවසානයේ හිත හදාගත් මම හිතට ඇල්ලු පේස්ට්‍රි වර්ග තුනකින් ඇනවුම් කලෙමි. මුදල් ගෙවා පාර්සලයත් රැගෙන මම වාඩි වන්නට තැනක් සෙව්වෙමි. මගී පර්යන්තය තවත් සෙනගින් පිරි ඇත. වාඩි වන්නට තැනක් ද නැත. දුම්රිය එනතෙක් හිටගෙන ඉන්නට සිදුවන සේය. මම අයිපොඩය සාක්කුවෙන් ගෙන සිංහල ප්ලේ ලිස්ට් එක තෙරුවෙමි. මෙසේ දුම්රියක් හෝ ගුවන් යානයක් එනතුරු බලා හිඳිද්දී, ගීත වලට සවන් දීමට මම කවදත් ප්‍රිය කරමි. ඉයර් ෆෝන් දෙක කනේ ගසාගත් මම ගීත වලට සවන් දෙමින් කෑම කන්නට පටන් ගතිමි. "තුක් විතරක්!". පලවෙනි කෑල්ල කද්දීම මට එසේ කිය උනේ නිතැනිනි. පෙස්ට්‍රියේ මෙලෝ රහක් නැත. ගානත් වැඩි නිසා, සහ පෙනුමත් හොඳ නිසා මා සිතුවේ එය රස ඇති කියාය. ඇත්තය, අපි හැමදාම පොත්තට රැවටෙන කොල්ලෝය. කෑමේ රස ගැන නොසිතා මම ගීතයටත්, අවට සිදුවන දේ ගැනත් සිත යොමු කරන්නට තැත් කලෙමි. " සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ ......" ගීතය මගේ සවන් පිනද්දී, මම දුම්රියපළේ හනි හනික යන ජේත්තු කාර ලියන් දෙස නෙත් හෙලුවෙමි. සමහරු, මෙලෝ සිහියක් නැතිව විකාරයෙන් මෙන් දුවති, තව සමහරු කිටි කිටියේ තද වූ කොට සායවල් නිසා ඈත් කරන්නට අමාරු දෙපා ළගින් ළගින් තියමින් උස අඩි සපත්තු වලින් අමාරුවෙන් ඇවිදිති. මේ සීතලේ කොටට ඇඳන් තව කොන්දත් කඩා ගන්නට යන හේතුව තේරුම් ගන්නනට මම තැත් කලෙමි.

මගේ සිරි නැරඹීම අවසන් වුයේ, කවුරුන් හෝ මගේ ළඟ සිටින බව දැනිමෙනි. මලු දෙකක් අත් දෙකින් උස්සා 
ගත් චීන කෙල්ලක් මගේ ළඟ සිටගෙන මට යමක් කීමට තැත් කරයි. මම වහා ඉයර් ෆෝන් දෙක ගැලෙව්වෙමි.
"Yes ?"
මා ඇසුවේ ඇය කොපමණ වෙලාවක් එසේ සිටින්නට ඇති දැයි සිතන ගමන්ය.
"Can you do me a help please?"
චීන උච්චාරණයකින් ඈ ඇසුවාය.
"Yeah, tell me"
මා එසේ ඇසුවේ ඇයට අවශ්‍ය උදව්ව කුමක් දැයි සිතෙන් නිශ්චය කරන්නට තැත් කරමිනි.
"Can you buy me a coffee?"
පාරක්, දුම්රියක් පිලිබඳ තොරතුරු ඇසීමක් බලාපොරොත්තු උන මම මෙයින් විපිළිසර වීමි.
"Sorry ?"
මා නැවත ඇසුවේ, මට ඉල්ලු දෙය වැරදියට ඇසුනේ නැති බවටත්, ඇති වූ විමතිය පහ කරගන්නටත්ය.
"Can you buy me a coffee please? From any of these shops is ok"
මම මොහොතකට ගොළු වීමි. මෙවර මම ඇය හොඳින් නිරීක්ෂණය කලෙමි. බැලූ බැල්මට ඇය සිගන්නියක සේ නොපෙනේ. ඇරත් සිගන්නන් ඉල්ලන්නේ සල්ලි හෝ, කෑම ගන්නට සල්ලිය. කෙලින්ම කෑම එකක් අරන් දෙන්නට කියන්නේ කලාතුරකිනි. එයත් කෑම කඩයක් කිට්ටුව නැති විටය. මක්නිසාදයත් එවිට සල්ලි දෙන බව දන්නා නිසාය. එහෙත් මැය ඊට වෙනස් ය. ඇගේ මුහුණේ තිබු විඩාබර බවත්, දෙනෙතේ තිබු ආයාචනයත්, අත් දෙකේ තිබුණු කඩමලු වලින් පිරි ඉරුනු මලු දෙකත්, එහෙත් ඇඳගෙන සිටි පැල්ලම් නොවැටුණු පිරිසිදු ගවුමත් මේ නම් ටිකකට කලින් මටත් දැනුනු මනුෂ්‍ය අවශ්‍යතාවය සපුරා ගන්නට මුදල් නැති නිසා ලැජ්ජාව පසෙකින් තබා කරන අවංක ඉල්ලීමක් බව මට සක්සුදක් සේ පැහැදිලි කළේය . කකා හිටි කෑම උගුරේ හිරවෙන්නට යද්දී මම අමාරුවෙන් වචන ගැට ගැසුවෙමි.
"Ok, come with me "
එතැන තිබු කඩයකට ගිය මම ඇයට කැමති කෝපි එකක් ඉල්ලන්නට කිව්වෙමි. එයට බිල ගෙවන අතරේ, ඇගේ දෑස් සාප්පුවේ වීදුරු රාක්ක වල තබා තිබු අනේක විද රස මසවුළු සිසාරා දිව යනු මම දුටුවෙමි.
"Would you like something to eat?"
මා ඇසුවේ එයට පිළිතුර දැනගෙනය. ඇය අවිහිංසක සිනහවක් පෑවා විනා කිසිත් නොකිවාය.
"Here, take this"
මම වෙනම ඇසුරුම් වල දමා තිබු, ටික වෙලාවකට කලින් මිලදී ගත් කෑම ඈට දෙමින් කීවෙමි.
"It's fresh, I just bought them from that shop"
ඇගේ මුහුණේ ඇති වූ ප්‍රීතිමත් සිනහව 
මගේ කුසගින්න නිවාලන්නට සමත් විය. කෝපි එකත්, කෑම පාර්සලයත් ගත් ඇය, මට ඉස්තුති කොට ඇගේ කිලිටි මලු දෙකත් ඔසවාගෙන යන්නට ගියාය. මම ඇය ඈතට යනතෙක් බලා සිටියෙමි. ඈ උදේට කුමක් කන්නට ඇත්ද? දහවලට කුමක් කන්නට ඇත්ද? හෙට කවුරුන් ඈට කෑම අරන් දෙනු ඇත්ද?
අනේක විධ ප්‍රශ්න මගේ පපුව හිර කරද්දී, මම දුම්රිය වේදිකාවට යන්නට හැරුනෙමි. ඈ කතා කලවිට ගැලවූ අයිපොඩයේ තාමත් ගීත වැයේ. මම ඉයර් ෆෝන් දෙක ගෙන නැවතත් කනේ ගසාගත්තෙමි.

"දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා "
"දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා "
කපුගේ ගේ හඬින් මගේ සවන් පිරි යන්නට විය.............


ප/ලි 
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

image: http://www.dudleymall.co.uk/loclrail/birmcov.htm

44 comments:

  1. පේන්නෙ නං වික්ටෝරියාවල වගේ.. මොනාවුනත් උඹ හොද පිනක් කරලා තියෙනවා..

    අනේ පවු, උඹට ලුණු ඇඹුල් ඇතිව කෑම ටිකක් කන්න ඕනනං වරෙං අපේ ගෙදර.. මං හොද කෑම වේලක් හදලා දෙඤ්ඤං.. මටත් පිනක් කරගන්න පුළුවන්නේ.. :))

    ReplyDelete
  2. @ බුරා,
    තව යාළුවො දෙතුන් දෙනෙක් ඉන්නව එවන්නද?

    ReplyDelete
  3. බතට මාළු බඩගින්න කියන්නේ ඕකනේ . ඔයා ලුණු ඇඹුල් ඇතුව කෑම සොයද්දී අර කෙල්ල බඩට මොනවා හරි දාගන්න හොයනවා . බොහොම සංවේදී කතාවක් . ඊ ළඟ පාර යද්දී මිරිස් තුනපහ ටිකක් ගෙනිහින් මොනවා හරි උයාගන්න බලන්න . නැද්ද ඉන්දියන් කඩ හෙම

    ReplyDelete
  4. ඔය වගේ කෑම වේලක් පොඩ්ඩිට අරන් දුන්නත් ලැබෙන්නේ ඔය පිනමයි...)

    හැබැයි මුහුදුට රහ නොදැනුන ඒ කෑම අර ගෑනු ලමයා ආසාවෙන් කෑව හන්දා, නන්දා මාලිනීගේ මට මෙන්න මේ සින්දුවත් මතක් උනා.
    'මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි...'

    බලාගන ගියාම මුහුදු කොල්ලකාරයෝ කරන්නේ කොල්ලකෑම් විතරක් නෙමේ නේද?...:)

    @Observer,

    ඔය කියන්නේ මං ගැන වෙන්ටැති....:D

    ReplyDelete
  5. ඔය වගේ මිනිස්සු ලංකාවෙත් ඉන්නවා. මම හැමදාම දකිනවා අම්ම කෙනෙක් පොඩි අවුරුදු එකාමාරක විතර පොඩි එකෙක්ව වඩාගෙන පාරේ අයිනේ වාඩි වෙලා ඉන්නවා.. සමහර විට ඒ දෙන්නා මහ දවල්ට එහෙම ඉන්නවා ඇති. මොකද හවස මං යද්දිත් ඒ දෙන්න එහෙම්මයි...!

    ReplyDelete
  6. oh..ලොකු පින්කමක්!

    ReplyDelete
  7. බුරා - හප්පා, ඔහොම කතා ඇහුවත් බඩ පිරෙනව. මම මේ ඔහෙ එන ගමන් :)).

    මේක ඇත්තට උනේ යුස්ටන් වල.

    ReplyDelete
  8. observer - අද එහෙ ලොකු දානයක් ලු :)

    ReplyDelete
  9. Bindi - අපිට තියෙන දේවල් කොච්චරද, ඒවයෙ අගේ කොච්චරද කියල වැටහෙන්නෙ ඔය වෙලාවට තමයි. මිරිස් තුනපහ දාල උයනව. හැබැයි ඒව උයල රහ බලද්දී හරියට සුද්දගෙ කෑම වගේ. හික්!! ඉන්දියන්, ලංකාවේ කඩවල් වලිනුත් ගෙනත් කනව. හැබැයි ඒව වැඩිය කන්ඩ බෑ. මොකෝ හොදි වෙනුවට තියෙන්නෙ තෙල්.

    ReplyDelete
  10. පොඩ්ඩි - අපි ඉඳල හිටල ඔය වගේ පින් අතේ වැඩත් කරනව. පොඩ්ඩි මේ පැත්තෙ එන වෙලාවක කියන්ට. අපිට තව පින් රැස් කරගන්ට :)

    ReplyDelete
  11. prasanna86k - ලංකාවෙ ඔය වගේ චරිත කොච්චර නං ඉන්නවද. සමහර වෙලාවට ඒවගේ අත්දැකීම් ලැබුවම දවස් කීපයක් යනකන් හිතේ සතුටින් කන්නත් අමාරුයි.

    ReplyDelete
  12. ඉන්දික - ඒක තමයි මටත් හිතුනෙ

    ReplyDelete
  13. කෑම ගැන නම් මටත් ඔය සෙතේමයි බන්... දැන් නම් මට වච්චයි මෙහේ කෑම. කරුමේ කියන්නෙ මම ඉන්න හරියේ සිංහල රෙස්ටුරන්ට් එකක් වත් නෑ... නැත්තම් එහෙමවත් සැට් වෙන්න තිබ්බ.

    සිද්දිය ගැන කියනවනම් කාගෙ උනත් කුසගින්නක් නිවීම ලොකු පිනක් තමයි... ඈ බන් උබ ඉන්නෙ කොයි දේශෙද ???

    ReplyDelete
  14. @ පොඩි කුමාරිහාමි,
    නැහැ බොලේ, පොමියන්ගෙ රටේ අනාත වෙලා ඉන්න අහිංසකයො ටිකක් ගැන මතක් වුනේ, කුමාරිහාමිලට කෑම හිඟයක් තියනවෑ ?

    @ මුහුදු ###,
    බුරා අනුන්ගෙ දානෙක වෙන්නැති කෑම බෙදන්න සෙට් වෙන්නෙ ෂුවර් එකටම හෙහ්...හෙහ්..හෙහ්...

    ReplyDelete
  15. පවුබං ඒ චීන කෙල්ල මහේ බඩ පපුව දාලා ගියා .. උඹ ඒකිට කෑම අරං දීලා වෙන මොකවත් කොල්ල කාගත්තේ එහෙම නෑ නේද ?

    විහිලුවක් කලාට අමනාප වෙන්න එපා ..

    ReplyDelete
  16. සඳරු ඔකඳ නොවී බඩ පපුව දාලා නැවතුනා ඇති... :P
    බත් නොකා ඉන්නේ කොහොමද? මටනම් දවසට සැරයක්වත් බත් නැතිව ඉන්න බෑ...

    ReplyDelete
  17. පිස්සා පලාමල්ල - මම හිතුව ඔයා පැත්තෙ සැහෙන්ඩ ලංකාවෙ කඩ ඇතිය කියල. මම ඉන්නෙ රැජිනි ගේ රටේ මචෝ :)

    ReplyDelete
  18. observer - අපිට ඉතින් කෑම කිව්වොත් ඕන දෙයක් නෙව. හික් හික් :))

    ReplyDelete
  19. සඳරු - මොනවට අමනාප වෙන්නද? උඹ පරිස්සන් වෙලා හිටහන්කො මම ලංකාවට එන දවසට :))

    ReplyDelete
  20. මන්තරකාරි - මටත් ඉස්සර එහෙමයි. දැන් නං පුරුදු වෙලා සතියක් විතර අද්දහැකි

    ReplyDelete
  21. මේ ළඟදි දවසක එක පාරට ඉස්සරහින් ආව මනුස්සයෙක් මාව නතර කලා. අර කිව්වත් වගේ මොකක් හරි එකක් කනේ ගහගෙන අපි යන්නේ මනෝ ලෝකවලනේ.. මම භය වෙලා නතර වුනේ මොකක්ද වෙන්නේ කියලා හිතාගනන් බැරිව. ඒ මනුස්සයා හරිම වැදගත් විදියට මගෙන් ඇහුවේ කන්න අරන් දෙන්න පුළුවන්ද කියල.....හිතාගන්නත් බෑ. ඒ වගේ කෙනෙක් එහෙම අහයි කියලා. පස්සේ කෑම අරන් දීලා මම සල්ලි කීයක් හරි දෙන්නද කියලා ඇහුවම බොහොම වැදගත් විදියට එපා කීවා.
    ඔය සිදුවීම වෙලා දවස් කීපයක් වුනත් තවමත් මා සසල වෙනවා...

    ReplyDelete
  22. අනේ මන්දා.. ලංකාවෙ කෑම කීවාට ගෙදර කෑම තරම් රස නෑ වෙන කිසිම තැනක කෑම..

    ReplyDelete
  23. Il mondo di una povera pazza - මම හිතන්නෙ සල්ලි නැතුව ඇත්තටම බඩගින්නට කෑම ටිකක් ඉල්ලන නිසාත්, මේව තුන් වෙනි ලෝකෙ රටවල් නොවෙන නිසාත් තමයි මම හිතන්නෙ අපි වඩාත් සසල වෙන්නෙ. බොරු කාරයන්ට අහු නොවී, හැබෑවටම උදව් අවශ්‍ය මිනිස්සුන්ට උදව් කරන්න ලැබෙන එක හොඳ දෙයක්.

    ReplyDelete
  24. RoshanHerath - මටත් එහෙම තමා. ඉස්සර ගෙදර ඉන්දැද්දී කෑවෙම කඩචෝරු. යමක් නැති වෙන්න ඕනෙ ඒකෙ අගේ තේරෙන්න.

    ReplyDelete
  25. හ්ම්ම්ම්......................

    ReplyDelete
  26. ඇත්තට ලුණු රහක් මිරිස් රහක් නැතුව කොහොම කනවද මන්ද ඔය කෑම

    ReplyDelete
  27. නිශ් - හ්ම්ම් හ්ම්ම්......

    ReplyDelete
  28. පිණිබිඳු - රෝමයට ගිය විට රෝමන්කාරයකු සේ සිටිය යුතුලු!

    ReplyDelete
  29. // රෝමයට ගිය විට රෝමන්කාරයකු සේ සිටිය යුතුලු //

    එතකොට ඇන්ටාර්ක්ටිකාවට ගියාම පෙන්ගුයින් කෙනෙක් වගේ සිටිය යුතුද..!!??

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. "ඇගේ මුහුණේ ඇති වූ ප්‍රීතිමත් සිනහව මගේ කුසගින්න නිවාලන්නට සමත් විය"
    උබ එල පිනක් කරන් තියෙනව මචෝ. ඇහුවට තරහ වෙන්න එපා, ඔය කෝපි එකක් අරන් දෙන්න කියන එකේ තව තේරුම් එහෙම තියෙනවද දන්නෙත් නෑ. උබත් ඒ වෙලාවෙ බඩගින්නෙ හිටපු හින්ද මීටර් නොවෙන්න ඇති. හික් :)

    ReplyDelete
  32. බුරා - ඉන්නට පුළුවන් නම් සිටියාට කම් නැත! :)

    ReplyDelete
  33. ගුණේ - අනේ බොල! හික් හික්.! නෑ නෑ, මේ කෙල්ල ඇත්තටම බඩගිනි වෙලා තමා. අපිට බඩගින්නෙ හිටියත් එහෙම නොතේරී තියෙනවයැ?

    ReplyDelete
  34. මගේ බඩගින්න තවත් උග්‍ර වුනා.
    henryblogwalker the Dude

    ReplyDelete
  35. මේක තියෙන කෑම ජාති ටික දැකල දැන් සෑහෙන්න බඩගිනියි...

    ReplyDelete
  36. සංවේදී සටහනක් ....... කොල්ලකාරයා ලුණු ඇඹුල් හොයනකොට චීන කෙල්ල බ්ඩට දාගන්න මොනවහරි හොයනව. ජීවිතේ හරිම පුදුමයි.

    ReplyDelete
  37. අද තමා ඔන්න මේ පැත්තෙ ආවෙ. මුහුදු කොල්ලකාරය කිව්වට ඒතරම් දරුණු පාටක් පේන්න නෑ වගේ..බොහොම සංවේදී හිතක් තියෙන බව තමා පෙනුනෙ. පරණ පොස්ට් කියවීම සඳහා සමු ගනිමි.අද සිට ඔබේ බ්ලොගයටත් පැමිණෙමි...

    ReplyDelete
  38. Dude - මටත් ඕක ලියද්දි බඩගිනි උනා :)

    ReplyDelete
  39. තාරක - උයන්න පුළුවනි නං ගොඩ දාගන්න පුළුවන්. :)

    ReplyDelete
  40. නවම් - ජිවිතේ ප්‍රභන්දයකට වඩා පුදුමයි සමහර වෙලාවට.

    ReplyDelete
  41. රෝස කුමාරි - සාදරෙන් පිළිගන්නව කොල්ලකාරයින්ගේ නැවට. අපෝ අපි හරි අහිංසක කෂ්ටිය! :)

    ReplyDelete
  42. මේ දවස් වල මම උඹගේ නැවේ වටිනා කියන දේවල් තියෙනවද කියලා බලනවා කොල්ලකන්න. එහෙම හොයාගෙන යද්දි තමා මේ දැරිවි ගැන දැනගත්තෙ.

    ටික දොහක් යනකල් මේ නැවේ කරක්ගමන්නයි හිතාගෙන ඉන්නෙ මමම තාම හරියට මේකෙ කියෝලා තියෙන්නෙ ලිපි 3ක් විතර.

    දැන් කෙරෝලක ඉදලා පටන් ගන්න යන්නෙ

    ReplyDelete
  43. බුද්ධි - නැවේ ඔක්කොම අහුමුලු වල හොයල බලන්ඩ. නොහිතපු දේවල් හම්බවෙන්ඩ පුළුවන්.:D

    ReplyDelete
  44. එල කොල්ලෙක් සහෝදරයා.....මම බ්ලොග් ලෝකෙට අලුත්....වැරදි කියල දීලා අපිටත් උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්
    www.aksharaya.blogspot.com

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!