Tuesday 1 February 2011

ලන්ඩන් වල කැත කතා...

මුහුදු කොල්ලකාරය A/L  ඉවර කරලා ටික කාලෙකට පස්සේ එංගලන්තෙට ආව ඉගෙන ගන්න. මාත් එක්කම ඒ දවස් වල තව ඉස්කෝලේ මගේ පන්තියේ හිටපු යාළුවො දෙන්නෙකුත් ඇවිත් හිටිය. අපි තුන් දෙනාම ලංකාවෙන් පිට ආපු පලවෙනි සැරේ. ඉතින් අපිට ලන්ඩන් දැක්කම හරියට නිකන් බණ්ඩා කොළඹ ගියා වගෙ. 90% විතරම තියෙන්නේ ඩබල් ඩෙකර් බස්. ඒ මදිවට එච්චර සෙනගත් නෑ. සීට් එහෙමත් සිරාවට අලුත් පාටට තියෙනවා. ලංකාවෙ ලේලන්ඩ් වල ෆූට් බෝඩ් එකේ එක කකුලක් තියාගෙන, එක අතකින් පොත් ටිකයි අනිත් අතින් බස් එකයි අල්ලගෙන දුවිලි කකා ඉස්කෝලෙ ගියපු අපිට ඉතින් මේව නිකන් මැජික් වගෙ.

අනික ලන්ඩන් වල එක ටිකට් එකක් තියෙනව, ඒක ගත්තම දවස පුරාම බස්, ටියුබ්, ඕන එකක ඕන තරං යන්ඩ පුළුවන්. ඉතින් අපි තුන් දෙනාගේ වැඩේම සති අන්තෙට ඔය ටිකට් අරන් ලන්ඩන් පුරා රවුං ගහන එක. ඔහොම යද්දී තව එකක් අපිට මීටර් උනා. ඒ තමයි ඕන වෙලාවක, ඕන තැනක බය නැතුව කුණු හරුප කියන්ඩ පුළුවන් කියල. මොකෝ මුන්ට තේරෙන එකක්යැ?ඉතින් අපෙත් වැඩේ බස් එකේ කෝච්චියේ යන ගමන් බය නැතුව කුණු හරුප කියන එක. දවසක් අපි තුන් දෙනා බස් එකකට නැග්ග කොහේ හරි යන්ඩ. පහල ඉඩ තිබ්බේ නැති නිසා ගියා උඩ තට්ටුවට. එකෙත් ටිකක් සෙනග. මම ඉන්දියන් කාරයෙක් හිටපු සීට් එකක වාඩි උනා. යාළුවො දෙන්න මට ඉස්සරහ සීට් එකේ.දැන් ඉතින් අපි කයිය ගගහ යනව.

මම අහල තියෙනව හොල්මනක් දැක්කම කුණුහරුපෙන් බැන්නොත් හොල්මන දුවනව කියල. ඒ වෙලාවෙ අපි කතා කරපු ඒව ඇහුවනන් හොල්මන් නෙවෙයි පන පිටින් ඉන්න එවුනුත් දුවනව. එත් ඉතින් අපිට පාන් ය? මොකෙක්ටවත් තේරෙන්නෙ නෑනෙ. ඔහොම අපි කතා කර කර ටික දුරක් බස් එක යද්දී මට එහා පැත්තෙ හිටපු ඉන්දියන් කාරයට කෝල් එකක් ආව.  මිනිහ ආන්සර් කරා මෙහෙම,

" හෙලෝ?, ආ ඔව් ඔව්, මම අනිද්දට එනව. හරි හරි වෙලාවෙ වෙනසක් නෑ "
අපි තුන් දෙනා පහලට බැස්ස වේගෙට තව පොඩ්ඩෙන් එකා පිට එකා වැටෙනව.......

18 comments:

  1. හික් හික්!! හොද වෙලාවට ඌට කුණුහරුපෙන් බැන්නෙ නැත්තෙ. නැත්තං උඹලා ඉවරයි.

    ඔන්න සහෝ අපි උඹේ බ්ලොග් එක අපේ බ්ලොග් ලිස්ට් එකට දැම්මා. තවම මේක සින්ඩි වලට දැම්මෙ නැද්ද?

    plz remove the word verification

    ReplyDelete
  2. ඌ ඒ හිටපු විදිහටම සද්ද නොකර හිටියනං තව ටිකකින් උටත් මොනවා හරි කියනවා. හික් හික්. මගේ බ්ලොග් එකේ මංගල කොමෙන්ට් එක පුසන්ගෙන්!!! එල එල. word verification අයින් කරන්නන් සහෝ. තාම මේකේ ගැජට් වලට පුරුදු වෙනව.

    ReplyDelete
  3. පට්ට කතාව සහෝ.....

    දිගටම ලියන්න ඔය උඩ ඉන්න හොරු සැට් එකේ වගේ කතා ටිකක් කියවන්න ලැබෙයි එහෙනම් ඉදිරියට....පට්ට....

    ReplyDelete
  4. මටත් ඔය වගේ වැඩ අනන්ත වෙලා තියෙනව පිට රට වලදි. අනික අපි කතාවට අදාල එකාටත් සිංහලෙන් බැනල චා වෙලා තියෙනව

    ReplyDelete
  5. @හසී - තව ලොට් එකක් තියෙනව. හෙම්නි සීරුවේ ඒවත් දාන්න ඉන්නෙ.

    @රංග - ඔව් ඔව්, අර ෆිජි කෙල්ල ගැන කතාව එහෙම පට්ට. ලොල්.

    ReplyDelete
  6. දිගටම ලියමු එහෙනම්!

    ReplyDelete
  7. හික්ස්.. පට්ට සීන් එක..
    දිගටම ලියන්න.. සුබපැතුම්..

    ReplyDelete
  8. ඒ කියන්නේ පොරවල් වගේ කුණුහරුප කිව්වට තාම හිතේ ලජ්ජා බය තියෙනව නේද?

    අනික හොඳ ඬෙලාවට අරමුණක් නැති ගමණක් ගියේ, නැත්තං ඉතිං අතරමං තමයි!

    ReplyDelete
  9. කසු - අපොයි ඔව්. අපි හොඳට ලැජ්ජ බය ඇතුව හැදිච්ච කොල්ලො.;)

    ReplyDelete
  10. තාරක - බොහොම ඉස්තුතියි සහෝ මේ පැත්තේ ආවට.

    චතුවා - ඉස්තුතියි දිරි ගැන්වීමට. මෙහෙම කට්ටිය කියවනවනන් ලියන්නන්කො ගමකට. හිකිස්!

    ReplyDelete
  11. ඒ පොරත් පිරිමියෙක් හින්ද හොදයි නැත්තන් රෙදි ගැලඋනා වගේ තමයි..

    ReplyDelete
  12. @නෙලාන් - ගෑනු කෙනෙක් හිටියනං එච්චර වෙලා ඒව අහගෙන ඉඳගෙන ඉන්නේ නෑ. ;)

    ReplyDelete
  13. පාසලුයි මමයි පිටරට ගිය වෙලාවෙත් ඔහොම්මමයි. පාසල්ගෙ කටේ තිබුනෙම කුනුහරප විතරමයි. මම ඒ දවස් වල එලියට බැස්සහම පාසල් එක්ක කතා කරන්නේ නැහැ. මොකද පාසල් හිනාවෙවී උත්තර දෙන්නේ අමු කුනුහරපෙන්. එහෙ ඉන්න මිනිස්සුන්ට ඕවා තෙරෙන්නෙ නති උනාට අහන් ඉන්න මගේ කන් රත් වෙනවා.

    ReplyDelete
  14. විකාර නොකර ලන්ඩන් ගැන විස්තර ටිකක් කියහංකො

    ReplyDelete
  15. හික් හික් පට්ට. මේ පැත්තට ගොඩ වැදුනේ රංග අයියගේ බ්ලොග් එකෙන්

    ReplyDelete
  16. @බුද්ධි - ඉදිරි පොස්ට් වලදී ටික ටික කියන්නං

    ReplyDelete
  17. @පිස්සා - ඉස්තුතියි ආවට. මේ ටිකේ ලංකාවේ නේද? හොඳට කාපන් මචන්. හික් හික්

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!