මුහුදු කොල්ලකාරය A/L ඉවර කරලා ටික කාලෙකට පස්සේ එංගලන්තෙට ආව ඉගෙන ගන්න. මාත් එක්කම ඒ දවස් වල තව ඉස්කෝලේ මගේ පන්තියේ හිටපු යාළුවො දෙන්නෙකුත් ඇවිත් හිටිය. අපි තුන් දෙනාම ලංකාවෙන් පිට ආපු පලවෙනි සැරේ. ඉතින් අපිට ලන්ඩන් දැක්කම හරියට නිකන් බණ්ඩා කොළඹ ගියා වගෙ. 90% විතරම තියෙන්නේ ඩබල් ඩෙකර් බස්. ඒ මදිවට එච්චර සෙනගත් නෑ. සීට් එහෙමත් සිරාවට අලුත් පාටට තියෙනවා. ලංකාවෙ ලේලන්ඩ් වල ෆූට් බෝඩ් එකේ එක කකුලක් තියාගෙන, එක අතකින් පොත් ටිකයි අනිත් අතින් බස් එකයි අල්ලගෙන දුවිලි කකා ඉස්කෝලෙ ගියපු අපිට ඉතින් මේව නිකන් මැජික් වගෙ.
අනික ලන්ඩන් වල එක ටිකට් එකක් තියෙනව, ඒක ගත්තම දවස පුරාම බස්, ටියුබ්, ඕන එකක ඕන තරං යන්ඩ පුළුවන්. ඉතින් අපි තුන් දෙනාගේ වැඩේම සති අන්තෙට ඔය ටිකට් අරන් ලන්ඩන් පුරා රවුං ගහන එක. ඔහොම යද්දී තව එකක් අපිට මීටර් උනා. ඒ තමයි ඕන වෙලාවක, ඕන තැනක බය නැතුව කුණු හරුප කියන්ඩ පුළුවන් කියල. මොකෝ මුන්ට තේරෙන එකක්යැ?ඉතින් අපෙත් වැඩේ බස් එකේ කෝච්චියේ යන ගමන් බය නැතුව කුණු හරුප කියන එක. දවසක් අපි තුන් දෙනා බස් එකකට නැග්ග කොහේ හරි යන්ඩ. පහල ඉඩ තිබ්බේ නැති නිසා ගියා උඩ තට්ටුවට. එකෙත් ටිකක් සෙනග. මම ඉන්දියන් කාරයෙක් හිටපු සීට් එකක වාඩි උනා. යාළුවො දෙන්න මට ඉස්සරහ සීට් එකේ.දැන් ඉතින් අපි කයිය ගගහ යනව.
මම අහල තියෙනව හොල්මනක් දැක්කම කුණුහරුපෙන් බැන්නොත් හොල්මන දුවනව කියල. ඒ වෙලාවෙ අපි කතා කරපු ඒව ඇහුවනන් හොල්මන් නෙවෙයි පන පිටින් ඉන්න එවුනුත් දුවනව. එත් ඉතින් අපිට පාන් ය? මොකෙක්ටවත් තේරෙන්නෙ නෑනෙ. ඔහොම අපි කතා කර කර ටික දුරක් බස් එක යද්දී මට එහා පැත්තෙ හිටපු ඉන්දියන් කාරයට කෝල් එකක් ආව. මිනිහ ආන්සර් කරා මෙහෙම,
" හෙලෝ?, ආ ඔව් ඔව්, මම අනිද්දට එනව. හරි හරි වෙලාවෙ වෙනසක් නෑ "
අපි තුන් දෙනා පහලට බැස්ස වේගෙට තව පොඩ්ඩෙන් එකා පිට එකා වැටෙනව.......
Subscribe to:
Post Comments (Atom)
මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!
මගේ සගයෝ
බ්ලොග් රෝල
-
-
-
-
-
Closed !5 years ago
-
ත්‍රිකෝණය - 45 years ago
-
පිට වූ හඬ පටය.....5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
අමුතු මිනිස්සු 15 years ago
-
ගෙජ්ජි මල්ල්6 years ago
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!6 years ago
-
ආදරණීය ජීවිතය6 years ago
-
-
-
නිවිති එක්ක දෙල් කිරට...7 years ago
-
ආයිබො(න්) ඩෙනිස්7 years ago
-
-
නයින් ලෙවන් - 9117 years ago
-
පරීක්ෂාව7 years ago
-
-
-
122. හදවත් සැත්කම8 years ago
-
කාක්... කාක්..කාක්..8 years ago
-
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
-
-
-
කෑම කියා අප වහ කනවාද?9 years ago
-
හිමි පෙම සහ අහිමි පෙම9 years ago
-
-
දයාබර අම්මා...9 years ago
-
අම්මාවරුනේ......9 years ago
-
Cara Mengobati Stroke dengan Jus Kulit Manggis10 years ago
-
ආවාට තිබුනත් පින්න මලේ10 years ago
-
අභිනව අස්ගිරි මහනාහිමි පත්වන අන්දම10 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය )10 years ago
-
෴පෙම්වතිය මැරිලා෴10 years ago
-
-
ශ්‍රී වික්‍රම රාජසිංහ10 years ago
-
-
වෙනසට එරෙහිව- ටයිටන් විප්ලවය 611 years ago
-
එක දවසක් හැන්දෑවක – පරණ කතාවක්11 years ago
-
තොරොක්කෝව11 years ago
-
-
-
කොස් !!!!!12 years ago
-
.NET Framework12 years ago
-
උණ විකාරෙට ලියන කවි12 years ago
-
නික්ම යෑම ....12 years ago
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.12 years ago
-
චාරයක් නැති ඡායාරූප12 years ago
-
අපිට පිස්සු ඕයි !!!12 years ago
-
තොටත් සාදු මටත් සාදු12 years ago
-
T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි12 years ago
-
අදින් පසු...12 years ago
-
-
හෝමෝපෝබියාව13 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
2012 නව වසර....!!!13 years ago
-
මාලුකට්ටා සහ චාටර්මාලි13 years ago
-
සුබ නව වසරක් වේවා13 years ago
-
-
ඔයාගේ පාටිය කවද්ද?14 years ago
-
~~තවත් කඩඉමක්~~14 years ago
-
දීවී-පාර්ශික වෙළඳ ගිවිසුම..14 years ago
-
දුවේ හර්ෂණී .......15 years ago
-
-
-
-
-
-
ගොඩක් බලපුවා
-
මතකද එක පාරක් සල්ලි දීල ගල් බලන්න ගියපු හැටි ගැන ලිව්ව? ඒක බලල නැත්තං මෙතනින් ගිහින් බලන්න. ඒ වගේ පාප මිත්රයොං ගෙන් මට ඉතින් අඩුවක් නෑනෙ. ...
-
මේ දවස් වල උදේට පත්තරේ බැලුවම කියවන ප්‍රවෘති වලට කටින් හිනා වෙන්නද වෙන කොහෙන් හරි හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. මේ දවස් ටිකේ යුරෝපෙ කැළඹ...
-
පහුගිය දවසක මුහුදු කොල්ලකාරය එයාගේ සගයෝ ටික බෝට්ටුවක හම්බවෙච්ච හැටි මම කිව්වනෙ. ඒක කියවල පොඩි කුමාරිහාමි මෙන්න මෙහෙම නිගමනයකුත් දීල තිබ්බ...
-
හිමෙන් වැහුණු ගිරි ශිඛර .... නිල්ම නිල් පාට වලාකුළු නැති අහස... ඒ නිල් අහස යට , ඒ ගිරි ශිඛර වලින් වටවුනු විසල් විල්, “මෙතනට අඩු ශාරුක් කා...
-
ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවෙ. පහුගිය ටිකේ අම්බානක වැඩ තිබ්බ නිසා මුකුත් ලියන්නවත්, කියවන්නවත් හම්බුනේ නෑ. ප්‍රංශ සවාරිය කියල පටන් ගත්තට මේ ල...
-
මුණු පොතේ තිබුණු ' පට්ට කෑල්ලක් සහ සාමාන්‍ය කෙල්ලක් අතර වෙනස' යන ඇනලිසිස් එක දැක මට මෙය ලියන්නට සිත් විය. අපි පොඩි කාලේ කෑලි හිට...
-
මේ සාහිත්‍ය මාසෙනෙ. ඉතින් හැමෝම පොත් ගැන ලියනව. ඉතින් සාහිත්‍ය මාසෙ ඉවර වෙන්න දවසක් හරි තියල මගේ සත දෙකත් ඕකට දැම්මෙ නැත්තන් නිකන් හරි නෑ වග...
හික් හික්!! හොද වෙලාවට ඌට කුණුහරුපෙන් බැන්නෙ නැත්තෙ. නැත්තං උඹලා ඉවරයි.
ReplyDeleteඔන්න සහෝ අපි උඹේ බ්ලොග් එක අපේ බ්ලොග් ලිස්ට් එකට දැම්මා. තවම මේක සින්ඩි වලට දැම්මෙ නැද්ද?
plz remove the word verification
ඌ ඒ හිටපු විදිහටම සද්ද නොකර හිටියනං තව ටිකකින් උටත් මොනවා හරි කියනවා. හික් හික්. මගේ බ්ලොග් එකේ මංගල කොමෙන්ට් එක පුසන්ගෙන්!!! එල එල. word verification අයින් කරන්නන් සහෝ. තාම මේකේ ගැජට් වලට පුරුදු වෙනව.
ReplyDeleteපට්ට කතාව සහෝ.....
ReplyDeleteදිගටම ලියන්න ඔය උඩ ඉන්න හොරු සැට් එකේ වගේ කතා ටිකක් කියවන්න ලැබෙයි එහෙනම් ඉදිරියට....පට්ට....
මටත් ඔය වගේ වැඩ අනන්ත වෙලා තියෙනව පිට රට වලදි. අනික අපි කතාවට අදාල එකාටත් සිංහලෙන් බැනල චා වෙලා තියෙනව
ReplyDelete@හසී - තව ලොට් එකක් තියෙනව. හෙම්නි සීරුවේ ඒවත් දාන්න ඉන්නෙ.
ReplyDelete@රංග - ඔව් ඔව්, අර ෆිජි කෙල්ල ගැන කතාව එහෙම පට්ට. ලොල්.
දිගටම ලියමු එහෙනම්!
ReplyDeleteහික්ස්.. පට්ට සීන් එක..
ReplyDeleteදිගටම ලියන්න.. සුබපැතුම්..
ඒ කියන්නේ පොරවල් වගේ කුණුහරුප කිව්වට තාම හිතේ ලජ්ජා බය තියෙනව නේද?
ReplyDeleteඅනික හොඳ ඬෙලාවට අරමුණක් නැති ගමණක් ගියේ, නැත්තං ඉතිං අතරමං තමයි!
කසු - අපොයි ඔව්. අපි හොඳට ලැජ්ජ බය ඇතුව හැදිච්ච කොල්ලො.;)
ReplyDeleteතාරක - බොහොම ඉස්තුතියි සහෝ මේ පැත්තේ ආවට.
ReplyDeleteචතුවා - ඉස්තුතියි දිරි ගැන්වීමට. මෙහෙම කට්ටිය කියවනවනන් ලියන්නන්කො ගමකට. හිකිස්!
ඒ පොරත් පිරිමියෙක් හින්ද හොදයි නැත්තන් රෙදි ගැලඋනා වගේ තමයි..
ReplyDelete@නෙලාන් - ගෑනු කෙනෙක් හිටියනං එච්චර වෙලා ඒව අහගෙන ඉඳගෙන ඉන්නේ නෑ. ;)
ReplyDeleteපාසලුයි මමයි පිටරට ගිය වෙලාවෙත් ඔහොම්මමයි. පාසල්ගෙ කටේ තිබුනෙම කුනුහරප විතරමයි. මම ඒ දවස් වල එලියට බැස්සහම පාසල් එක්ක කතා කරන්නේ නැහැ. මොකද පාසල් හිනාවෙවී උත්තර දෙන්නේ අමු කුනුහරපෙන්. එහෙ ඉන්න මිනිස්සුන්ට ඕවා තෙරෙන්නෙ නති උනාට අහන් ඉන්න මගේ කන් රත් වෙනවා.
ReplyDeleteela ela macho
ReplyDeleteවිකාර නොකර ලන්ඩන් ගැන විස්තර ටිකක් කියහංකො
ReplyDeleteහික් හික් පට්ට. මේ පැත්තට ගොඩ වැදුනේ රංග අයියගේ බ්ලොග් එකෙන්
ReplyDelete@බුද්ධි - ඉදිරි පොස්ට් වලදී ටික ටික කියන්නං
ReplyDelete@පිස්සා - ඉස්තුතියි ආවට. මේ ටිකේ ලංකාවේ නේද? හොඳට කාපන් මචන්. හික් හික්
ReplyDelete