Tuesday 13 September 2011

මචං මෙහෙත් ජුස් ල ඉන්නවනෙ..!!

අපි ගොඩ දෙනෙක් ඉස්සර ආසාවෙන් බලපු කොමඩි එකක් තමයි මම හිතන්නෙ 'Mind your language'. එක එක රටවල් වලට අයිති ශිෂ්‍යයො ටිකක් හවස පන්තියක ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි වෙන ඉල ඇදෙන සීන් තමයි ඕකෙ තිබ්බෙ. ජාතින් අතර තියෙන විවිධත්වය තුලින් හාස්‍ය රසය නියමෙට මතු කරපු වැඩසටහනක් තමයි ඒක. සමහර වෙලාවට වෙන රටවල් වලට ගියාම සංස්කෘතික, භාෂා වෙනස්කම් නිසා අහන්න දකින්න වෙන අත් දැකීම් ගොඩක් වෙලාවට ඔය වැඩසටහනේ වෙන වැඩ වගේ. ඕකෙ මට මතකයි චරිතයක් තිබ්බ 'සුලි' කියල චීන කෙල්ලෙක්. ඒ කෙල්ලට කොච්චර කරත් 'ර'යන්න කියන්න බෑ. ඒ වෙනුවට කියවෙන්නෙම 'ල'යන්න. මම හිතන්නෙ ජපානෙ අයටත් ඔය ලෙඩේ තියෙනව.

මට එක පාරක් රාජකාරි වැඩකට ඔය ඔලිඳ තියෙන දේශේට යන්ඩ උනා. පලවෙනි දවසේ මීටින් එකකට අපේ පාට්නර් කොම්පැනියෙන් ඇවිත් හිටිය සහිඩ් කියල පොරක්. මිනිහට එදා මීටීම මැද්දෙ යන්ඩ උනා. ඉතින් මම මීටීම ඉවර වෙලා පාට්නර් ගෙන් ඇවිත් හිටපු තව පොරකට කිව්වා 'Ask Zahid to come tomorrow ' කියල. මොකද පහු වෙනිද මීටිමට මිනිහ අත්‍යවශ්‍යම නිසා. ඒ පාර පොර මට කියනව " Mr. Jahid will come " කියල. මම මේ ජහිඩ් ව දන්නෙ නෑ. මම වැඩ කරල තියෙන්නෙ සහිඩ් එක්ක. අනික මිනිහ සීනියර් ලෙවෙල් මැනේජර් කෙනෙක්. ඉතින් මිනිහ මීටිමට ඉන්ඩම ඕනෙ. මම ආයෙ කිව්ව " No no I want Mr. Zahid to come . I don 't know Jahid " කියල. මු ආයෙම කියනව " No no Mr. Jahid will come ". කියල . දැන් මටත් මල! මම කියනව සහිඩ්ට එන්ඩ කියන්ඩ කියල, පොර කියනව ජහිඩ් එයි කියල. ටික වෙලාවකින් තමයි මට ප්‍රශ්නෙ මීටර් උනේ. මෙගොල්ලොන්ගේ උච්චාරණයේ Z අකුරක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ J. හරියට අර සුලි ගේ ලයන්න වගේ! කොටින්ම ඒ රටේ සහිඩ් ල නෑ, ඉන්නෙ ජහිඩ් ල. සිග් සැග් මැෂින් නෑ , තියෙන්නෙ ජිග් ජැග් මැෂින්! සත්තයි! තව එතකොට zip ෆයිල් නෑ. තියෙන්නෙ ජිප් ෆයිල්! ඔය උච්චාරණ නිසා මීටින් මැද්දෙ හිනාව තද කරගන්ඩ ගිහින් හුස්ම හිර උන වාර අනන්තයි.

දැන් ඔය ඔලිඳ තියෙන දේශේ මුස්ලිම් රටක් නෙ. වෙන වෙන ජාතිනුත් ඉන්නව. නමුත් වැඩිය ඉන්නෙ මුස්ලිම් අය. දැන් ඔය මුස්ලිම් අයයි, යුදෙව් ජාතිකයොයි අතර එච්චර ඇයි හොඳය්යක් නෑනෙ. දවසක් වැඩ ඉවර වෙලා මමයි තව යාළුවෙකුයි ඒ රටේ කස්ටමර් ගේ කොම්පැනියෙ මැනේජර් කෙනෙක් එක්ක පොරගෙ වාහනේ එනව. එන ගමන් මිනිහ ඉතින් හෝ ගාල විස්තර කියවනව. මගදී මිනිහ කියපි " My house is also on this road. Actually it is very close to our national Jew " කියල. 
මම එතකොටයි දන්නෙ ඒ රටේ යුදෙව්වොත් ඉන්නව කියල. සාමාන්යෙන් යුදෙව්වන්ගේ ආගමික මධ්‍යස්ථානයට කියන්නෙ සෙනගොග් කියල. නමුත් ඉතින් මේ ගොල්ලොන්ගේ ඉංග්‍රීසි දන්නා නිසා මේ කිව්වේ රටේ තියෙන යුදෙව්වන්ගේ ප්‍රධාන පල්ලිය ගැන බව හිතාගන්න මට අමාරු උනේ නෑ. මම හැබයි පොරගෙන් යුදෙව්වො ගැන ප්‍රශ්න අහන්න ගියෙ නෑ. මොකෝ පොර කොහොම ගනියි ද කියල දන්නෙ නැති නිසා. පොර ඉතින් මාවයි යාළුවයි හෝටලෙන් දාල ගියා. මම තාම කල්පනා කරනව අපි ලෝකේ රටවල් ගැන දන්නෙ කොච්චර පොඩ්ඩද, ඒ පොඩ්ඩත් කොච්චර වැරදිද කියල. ඉතින් මම ඇතුලට යන ගමන් යාලුවට කිව්ව "මචන් මෙහෙ ජුස් ල ඉන්නව කියල මම දැනන් හිටියෙ නෑනෙ" කියල.
මිනිහත් පුදුමෙන් වගේ මගේ දිහා බැලුව.
"උඹට කව්ද කිව්වෙ මෙහෙ ජුස් ල ඉන්නව කියල?"
"ඇයි බන් දැන් අරු එන ගමන් කිව්වෙ. My house is close to the national jew කියල. ඌ කිව්වෙ මේන් සෙනගොග් එක ගැන මගේ හිතේ"
"උඹට පිස්සුද බන් ?" ඒ පාර මගේ යාලුව බඩ අල්ලන් හිනා වෙනව....!!
"මොකෝ බොල හිනාවෙන්නෙ..!!??? "
"යකෝ ජූ කියල ඌ කිව්වෙ සූ! සූ!. Zoo එකට!! "

බලද්දි මේ යකා ඉන්නෙ සත්තු වත්ත එහා පැත්තෙ!




image: http://www.waterstones.com/waterstonesweb/products/francoise+pascal/mind+your+language+-+please21/8140030/

29 comments:

  1. Mind your language එකේ සුලීට 'ර'යන්න කියන්න බෑ 'ල'යන්න කියවෙනවා, 'ල'යන්න කියන්න බෑ 'ර'යන්න කියවෙනවා.. දවසක් ගුරා කියනවා ලයන් කියන්න කියලා, මේකි කියන්නෙම රයන් කියලා.. බැරිම තැන මූ කියනවා රයන් කියන්න කියලා, ඒ පාර මේකි ලයන් කියනවා.. ජොලිගුඩ් :))

    ඔය 'ජ' හා 'zස' උච්චාරනේ කෙස් එක නේපාලෙත් තියෙනවා.. එයාලා 'ජ' වෙනුවට යොදන්නෙ 'zස' (උදා: juni=සුනි).. ඉස්සර කාලෙ දවසක් යාළුවෙක් මට කිවුවා ගzසිනි ෆිල්ම් එක බලන්න නියමයි කියලා.. මං ඉතිං හොයලා බැලුවා මොකක්ද බොලේ මේ ගzසිනි කියලා.. බලනකොට අර අමීර් ඛාන් ගේ ගජිනි ෆිල්ම් එක..

    ReplyDelete
  2. පට්ට සීන් එක , මයින්ඩ් යුවර් ලැන්වේජ් නම් මගේත් ප්‍රියතම කථාවක් . ඒකේ ඉන්න ගොඩක් උන්ට තමන්ගේ ම උච්චාර ක්‍රමනේ තියෙන්නෙ . ග්‍රික කාරය හස් , ජපනා හැම එකක්ම ඉවර කරන්නෙ ඕ වලින් , ,.....

    ReplyDelete
  3. පන්ජාබියෙක් කෝච්චියේ ටිකට් චෙක් කොරනව. මු සුද්දෙක්ගේ ටිකට් එක බලල කියනව "you are travelling two jones with a one jone ticket" කියල, සුද්ද කියනව "I am travelling alone, theres no two Johns" කියල. දෙන්න එක්ක ටිකක් දුර ආර්ගියුමන්ට් එක යනකොට තමා තේරුනේ පන්ජාබි ටිකට් ඉන්ස්පෙක්ටර් කියන්නෙ මගිය එක කලාපෙකට වලංගු ටිකට් එකකින් කලාප දෙකක් දුර ගමන් කරලා වැරද්දක් කරන බවත්, මගියගේ නම ජෝන් හින්ද මගිය හිතල තියෙන්නෙ චෝදනාව එක ටිකට් එකක්කින් දෙන්නෙක් ගමන් කරනව කියල බවත්

    ReplyDelete
  4. ගමකට කතා කල හැකි මාතෘකාවක් . ඇයි සිංගප්පුරු ...මැලේසියන් කට්ටියගේ ලා ..නා භාෂාව . යුදෙව්වෝ ගැන කියද්දී මතක් වුනේ . ලඟදි මම දැනගත්තේ ඉස්රායල් ජාතිකයින්ට මැලේසියාවේ විසා නොදෙන බව

    ReplyDelete
  5. හපොයි පොඩ්ඩයිනේ බයිට් වෙලා තියෙන්නෙ.... ජූ එක ගිය දුර...

    ReplyDelete
  6. Mind Your Language කියන්නේ මමත් හරි ආසාවෙන් බලපු කොමඩි එකක්. British comedy සහ British comedians ලා ඉතින් ලෝක ප්‍රසිද්ධයිනේ . ඔය පැත්තේ පදිංචි හැමෝමත් එහෙමද දන්නෙත් නෑ ….:D:D:D

    චීන අයගේ ඉංග්‍රීසි අහන්ට චීනෙටම යන්ට ඕනි. Eight කියන්ටම බෑ. මායි, අන්ශුයි දෙන්නා Beijing ගිහිං අටවෙනි තට්ටුවක් හොයාගන්ට විඳපු දුක මතක් වෙනකොට ආයම පලාතේ යන්ට හිතෙන්නේ නෑ.

    ලංකාවේ සමහර ගම් පලාත්වල ඉන්න අයට 'එෆ්' සද්ද කරන්ට බෑ කියලා දන්නවද? 'ෆ' කියලා අකුරක් අපේ හෝඩියේ නැති හන්දා වෙන්ටති. 'ඕෆ්' වෙනුවට 'ඕස්' කියන කෙනෙක් මම දැකලා තියනවා.

    “Some Mothers Do Ave Em “ සහ “keeping Up Appearances” බලපු අය මෙතන ඉන්නවද?...:)))

    ReplyDelete
  7. මෙන්න මේකත් මතක්වුනා.. පොඩි සර්ච් එකක් දාලා හොයාගත්තා... :))

    A dustman is going along a street picking up the wheelie bins and emptying them into his dustcart lorry. He gets to one house where the bin hasn't been left out so he has a quick look for it, goes round the back but still can't see it so he knocks on the door. There's no answer so he knocks again.

    Eventually a Japanese bloke answers..."Harro", says the chappy.
    "Alright mate, where's ya bin?" asks the dustman.

    "I bin on toilet" replies the Japanese bloke, looking perplexed.

    Realising the Japanese fellow has misunderstood, the binman smiles and says "No mate, where's ya dust bin?"

    "I dust bin on toilet I told you" says the Japanese man.

    "Mate" says the dustman... "you're misunderstanding me....Where's your wheelie bin?"

    "OK, OK", says the Japanese bloke, "I wheelie bin having sex with my wife's sister!!!"

    ReplyDelete
  8. චීන ඉන්දියන් අයත් එක්ක වැඩ කරද්දිත් ඔය ප්‍රශ්න තමා.. වැඩියම චීන. 3 - 4 පාරක් ඇහුවම ත්මා තේරෙන්නේ කියපු දේ...

    ReplyDelete
  9. බුරා - ඔව්මයි. මට පස්සෙ මතක් උනේ. කෙල්ලට දෙකම පැටලෙනවනේ. Jally Good !!! :)). මම දන්න විදිහට ඕකෙ හිටපු රන්ජිත් සිං චරිතේ නිරුපනය කරන්නෙ ලංකාවෙ කෙනෙක්. නම ඇල්බර්ට් මෝසෙස්. අඩේ අර කතාව නං සිරා!. මටත් මේ ඔය වගේ එකක් දිව අග තියෙනවා මතක් වෙන්නෙ නෑ. ඒක නෙවෙයි, දන්නවද ඔය පින්තුරෙ ඉන්න කෙනාව? ;)

    ReplyDelete
  10. buwa - ග්‍රීක් කාරයට මිස්ටර් බ්‍රවුන් ක්‍රිකට් ගැන කියල දෙනව මතකද? මට තාම මතක් වෙද්දී හිනා යනව

    ReplyDelete
  11. obsever - කිව්වමයි මතක් උනේ. අර රටෙත් zones නෑ. තියෙන්නෙ ජෝන්ස්. :)

    ReplyDelete
  12. bindi - මමත් ඒ වගක් දැනන් උන්නෙ නෑ. අප්පේ සිංගප්පුරු ඉංග්‍රීසිත් අහල බලන්ඩ වටිනව. හැම එකම ඉවර වෙන්නෙ 'ලා' වලින්.

    ReplyDelete
  13. prasanna86k - යාලුව තේරුන් කරලා දුන්නෙ නැත්තන් මම තාම හිතන් ඉන්නෙ එහෙ යුදෙව්වො ඉන්නව කියල.

    ReplyDelete
  14. පොඩ්ඩි - ඔව් ඔව්. මෙහෙ හැමෝම එහෙම තමා ;) . british comedy ගොඩක් වෙලාවට අනිත් ඒවට වැඩ ගව් ගානක් දුරින් ඉන්නව කියල මමත් පෞද්ගලිකව හිතනව. අපි ගොඩක් අය ඔය Friends කතා මාලාව බලල බඩ අල්ලන් හිනා වෙනවනෙ. මට ඕක බලන අතරෙ එක පාරක් Mind your language මුළු සීරීස් ටිකම හම්බුනා. ඒ ටික ඔක්කොම බලල ආයෙ friends බලන්න ගත්තම හිතුන අනේ මේවට මම හිනා උනාද කියල. තව මාසයක් විතර ගිය friends එකේ ජෝක්ස් වලට හිනා වෙනද පුරුදු වෙන්න. :)). ලංකාවෙ සමහර අයට 'ෆ' සද්ද කරන්න බෑ තමා. 'ඕෆ්' එකට කියන්නෙ 'ඕප්'. 'ෆ' යන්න පස්සෙ හෝඩියට එකතු උන නිසා වෙන්නැති.

    ReplyDelete
  15. පිස්සා - අපෝ ඔව්. සමහර වචන උච්චාරණය කරන්නෙ සම්පුර්ණ වෙනස් විදිහට. ආයෙ ආයෙ අහන්ඩ වෙනව. රසල් පීටර්ස් ගේ ස්ටෑන්ඩ් අප් කොමඩි අහල තියෙනවද? මිනිහ ඔය චීන උච්චාරණයෙන් මරු ජෝක්ස් දානව.

    ReplyDelete
  16. @ පොඩි කුමාරිහාමි,
    “Keeping Up Appearances” එපිසෝඩ් ඔක්කොම තියෙන DVD සෙට් එක මා ගාව තියෙනව

    ReplyDelete
  17. Mind your Language කියන්නේ මගේ all time favorite ගණයට වැටෙන එකක්. පට්ට.. මම ඔක්කොම එපිසෝඩ් තියන DVD සෙට් එකක් ලංකාවෙන් ගත්ත 2000 ට. එක ලංකාවේ දාල ඇවිත් යු ටියුබ් එකේ කාපු කට්ටක්..ශික්..

    පිල්ලොන්ට එෆ් කියන්න බෑ.. මැනිලා වල ඉන්න උන් නෙවෙයි නම්. උන් කියන්නේ ප් ෆ්‍රෙන්ඩ් කියන එක කියන්නේ ප්රෙන්ඩ් කියල.. වෑ කියන්නත් බෑ.. උන් කියන්නේ බෑ ඒ කියන්නේ වෑන් කියන එකට බෑන් කියල.. මුල්ම කාලේ මුන්ගේ ඉංග්‍රීසි ටික අල්ලගන්න පට්ටම ගේමක් දෙන්න උනා, එක මදිවට මේල් ෆීමේල් එකත් මුන් මාරු කරන්නේ කිසි ගානක් නැතුව. අප්පෝ රැජින එහෙම අහගෙන හිටියනම් ඒ ටිකම ඇති ස්වර්ගස්ථ වෙන්න.

    ReplyDelete
  18. හී හී..ඩැනියේල් නේද..!!?? මට අදුරගන්ටත් බැරිවුනා නෙවැ එකපාරටම..

    excuse please, no more higher.. you giving me naughty thoughts..!! :D

    ReplyDelete
  19. Xander - ඉන්න රැජින විතරක් නෙවෙයි. වලවල් වල ඉන්න අයත් පෙරලෙනව මේව අහල.

    ReplyDelete
  20. බුරා - ලොල් ! හරියට හරි! මට අර පස්සෙ ආපු ස්විඩිෂ් එක්කෙනාට වඩා ඩැනියෙල් තමයි හොඳ. අනේ මේ ඇත්ති ගේ දැන් කාලේ ෆොටෝ එකක් දැකල මගේ පපුව හෝස් ගාල ගියා!

    ReplyDelete
  21. කෂ්ටියටම තැන්කූ කිව්වා මතක් කලාට.
    මේං බානවා
    Mind your Language
    Last of the Summer Wine
    Faulty Towers

    ReplyDelete
  22. @Observer,

    අනේ කොහෙන්ද ගත්තේ කියලා, කියල එවන්ට...:)))

    ReplyDelete
  23. Siribiris - අම්මෝ සිරී දැක්ක කල් ! :)). අනේ අපිටත් බාන්ඩ ලින්ක් එක දාන්ඩ!

    ReplyDelete
  24. පොඩ්ඩි - මුකලානේ හොයල බලන්ට. ඒකෙ තියෙනව. ඔය ටයිටල් එක ටයිප් කරද්දි මොකද්ද දන්නවද එන ඔටෝ සජෙෂන් එක? Keeping up with the Kardashians! අනේ ඉතින් මේ ලෝකෙට ගිය කල!

    ReplyDelete
  25. මූකලානේ කිවුවෙ ඇමේසන් මූකලානෙ වෙන්ටෑ..

    ReplyDelete
  26. හික්ස්...මරු කතා ටික මචං!

    ReplyDelete
  27. බෑවෙ නං btjunkie එකෙන්. ඒකෙ ඔය හොයා ගන්ට අමාරු ඔක්කොම දේවල් තියනවා.

    ReplyDelete
  28. මෙයාලා Al Jazeera කියන්නෙ කොහොමද?
    Al Jajeera වෙන්න ඇති නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
  29. ඇත්තම කියනවා නම් විවිද අයගෙ උච්චාරන දෝශ හිනාවට ලක් කිරීම කියන කරුන උඩ මේ වැඩ සටහන නවත්වපු බව තමයි මම් අහල තියන්නේ. විශාල විදෙස් ප්‍රජාවක් ඉන්න කොස්මොපොලිටන් නගර වල මේක විහිලුවක්ම වෙන්නේ නෑ.
    අපිත් සාජන්ට් නල්ලතම්බි, නයිනගෙ සූදුව කියන නාට්ය ( විකට ජවනිකා පෙල ) වල දෙමල අයට විහිලු කරපු එකට සන්තෝෂ හිතිලා එවකට රජ කල ජූනියස් රිචඩ් රජ්ජුරුවෝ තමන්ගෙ නමින් තියන අරමුදලෙන් පවා මුදල් දුන්නා මතක නේ. ඒත් අද ඒ දෙමල අය සිංහල කතා කරන විහිලු සෙට් එක කවුරුත් කියන්නැත්තෙ ඇයි ( අපි සින්හල මුනියා නෙවෙයි.... වාල්දිය .... ) ? මන් හිතන්නෙ මිනිස්සු ලවා කතා කරවලා ඒකෙන් දෙමල කියල අඳුරගන අම්බානකට නෙලපු අපකීර්තිමත් ඉතිහාසයක් අප සතු නිසා.
    ඒ වගේම යුරෝපයෙත් රෑට අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චි වල ගුටි කාලා මැරුන විදේශිකයො ගොඩයි. ඒත් ඒවා මානව හිමිකම් වලට අයිති නෑ. ඒවා කරන්නෙ මානසික ලෙඩ්ඩු කියලා ඒගොල්ලො ශේප් වෙනවා.
    විදේශිකයන්ට ගහන රැල්ල ආවාට පස්සෙ තමයි මිනිස්සුන්ට විදෙස් බාසා ඌරුවට හිනාවෙන එක එච්චර හරි නෑ කියලා හිතට ආවේ. දැන් ඒ ඌරුවෙන් ම පුවත් කියවන සමහට විදෙස් නාලිකාත් තියනවා.
    කාට හරි රිදෙනවා නම්කොච්චර හොඳ විහිලුවක් උනත් ඉතින් නොකර ඉන්න එක තමා හොඳ.
    කොහොම වුනත් දැන් සමාජෙත් කුහකයි උඩින් ඔය කතා ගෙනාවට යටින් ගෝත්‍රවාදියි. ගෝත්‍රවාදී වෙන්නේ බහුතරයටත් වඩා සුලුතරය. දුර්වලයට සමාජෙ අනුකම්පාව දක්වන ගතිය නිසා ඒක හරිය කියලා වැඩෙනවා. ඒක එච්චර හරි නෑ.
    ජර්මනිය ලෝකකුස්ලාන ( 98) දී ක්‍රොයේශියාවට පැරදිච්ච වෙලාවේ පිටරැටියෝ පාරට බැහැලා විනෝද උනේ ෆුට්බෝල් වල ට ආසාවට නෙවෙයි, ඒක ත් ඉතින් ජාතිවාදේ තමයි.

    ReplyDelete

මුහුදු කොල්ලකරුවන්ගේ අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ වටිනා කියන දේ නැතිවීම සම්බන්ධයෙන් අප වගකියනු නොලැබේ!